දකුණු චින සාගරය : විභවය වන නව ජ්වලනාංකයක්
චිනය දකුණු චින සාගරයේ රතු - රේඛාව ඉක්මවාගොස් ඉන්නොනැවති ජාත්‍යන්තර න්‍යාමයන්ද උල්ලංගණය කරමින් වියේට්නාමයේ විශේෂ ආර්ථික කලාපයට (Exclusive Economic Zone), (EEZ) කඩාවැදි ඇත. චින නිරික්ෂණ නව්කා වියේට්නාම් වෙරළබඩ ප්‍රදේශය සිට සාගර සැතපුම් 60 ක පමන ඈතකින් සාගරය අවට ගැවසි සිටිය බව වියේට්නාමය තවදුරටත් චෝදනා එල්ලකොට ඇත. මුහුණට මුහුණලා සිදුවුනු එම ගැටුම ගැන කරුණ දැක්වු වියේට්නාමය එයින් වියේට්නාම් ආර්ථික සුරක්ෂාවටද තර්ජන එල්ලකෙරුනු බව යැයි සඳහන් කොට ඇත. මෙයින් දෙරටේ සම්බන්ධතාවයට පහරක් එල්ලවි ඇත. අඩුමතරමින් චින නිරික්ෂණ නව්කා සතරක් වියේට්නාමයේ ෆුකි (PhuQuy) දිවයින අග්නිදිගින් කි.මි. 102 ක පමන ඈතකින් සහ වියේට්නාමයේ දකුණ, ෆන් ටියේට් (PhanThiet) නගරයට කි.මි. 185 ක පමන ඈතින් වියේට්නාම් විශේෂ ආර්ථික කලාප ප්‍රදේශ නිරික්ෂණ සිදුකොට තිබුනු බව වාර්තා මගින් තවදුරටත් පෙන්වාදි ඇත. වියේට්නාමයේ එම විශේෂ ආර්ථික කලාපය එරටේ වෙරළ සිට සාගර සැතපුම් 200 ක (කි.මි.370 එසේ නැත්නම් සැතපුම්. 230) පමන දුරකින් පිහිටා තිබෙන ඇත. ජාත්‍යන්තර සම්මුතීන් යටතේ සම්පත් ගවේෂණ කිරිමට ඊට සමීප රටට ඉඩ සලස්වාදි ඇත. දකුණු චින...