FATF මගින් කරන ලද අනතුරු ඇඟවිමකින් පසුව පාකිස්තානය අනතුරු ලැස්තුවට පත් වේ.

සීමා පාලන රේඛාව ඉක්මවා පාකිස්තානය විසින් යුද විරාමය උල්ලංඝණය කිරිම නිසා පාකිස්තාන පාලන යටතේ පවතින කාශ්මිරයේ පාකිස්තානය විසින් ත්‍රස්තවාදින් පත් කර එවන කේන්ද්‍රයක් සහ ඉදිරිපෙලේ පාකිස්තානි කඳවුරු කිහිපයකට ප්‍රහාර එල්ල කිරිමට ඉන්දියාව ඉලක්ක කර ඇත. ඉන්දියා හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාරවලදි පාකිස්තාන සෙබලුන් කීපදෙනෙක්ම මරුමුවට පත් වු බව ඉන්දියා හමුදාපති ජෙනරාල් බිපින් රාවට් මහතා ප්‍රකාශ කළේය.

ජම්මු කාශ්මිරයෙන් වගන්ති 370 ඉවත් කර ගැනිමෙන් පසුව පාකිස්තානය කිහිප වරක්ම යුද විරාමය උල්ලංඝනය කර ඇත. ජම්මු කාශ්මිර ප්‍රශ්නයට ජාත්‍යන්තර ප්‍රජාව සම්බන්ධ කර ගැනිමට නොහැකි විම නිසා පාකිස්තානය යුද විරාමය උල්ලංණඝණය කිරිම හා සීමා හරහා ත්‍රස්තවාදින් පත් කර එවිම වැනි ක්‍රියාවලට යෙදි සිටි. කෙසේ වුවද ඔවුන්ගේ සෑම අත්සාහයක්ම ඉන්දියා ආරක්ෂක හමුදාව විසින් ව්‍යර්ථ බවට පත් කර ඇත.

මේ අතර FATF හෙවත් මූල්‍යමය කාර්යසාධක බලකාය (Financial Action Task Force) පැරිසියෙදී පවත්වන ලද සාකච්ඡාවේදි පාකිස්තානය 2020 පෙබරවාරි මාසය දක්වා අනතුරුදායක ලැයිස්තුවට ඇතුලත් කර තැබිය යුතු බවට සම්මත කරගෙන ඇත. ත්‍රස්තවාදින්ට මූල්‍යමය ආධාර කිරිම හා මුදල් එහා මෙහා ප්‍රවාහණය කිරිම කාර්යක්ෂම ලෙස නවතා දැමිම සඳහා පාකිස්තානයට මාස 4ක කාල සිමාවක් ලබා දි ඇත. මෙම කාල සිමාවද ලබන වසරේ පෙබරවාරි මාසය වන විට පාකිස්තානය සිය වගකිම් සම්ප්‍රර්ණ වශයෙන් ඉටු කළ යුතු බවට අනතුරු ඇගවිම් කිරිමකින් පසුව මෙම කාල සිමාව ප්‍රදානය කර ඇත. මුල්‍යමය කාර්යසාධක බලකායට අනුව පාකිස්තානය නිර්දිෂ්ථ කාල සිමාව ඇතුලත තම වගකිම් ඉටු කිරිමට අසමත් වුවහොත් පාකිස්තානය කලු ලැයිස්තුවට අන්තර්ගත කිරිමත් සමගම පාකිස්තානය සමග පවත්නා මුල්‍යමය හා වාණිජ්‍ය සම්බන්ධතා සහමුලින්ම කපා දමන බවට ඉඟී කොට ඇත.

පාකිස්තානය ගෝලිය මට්ටමෙන් ක්‍රියා නොකරන බවට මුල්‍යමය කාර්යසාධක බලකාය පෙන්වා දි ඇත. පාකිස්තානය ප්‍රමාණවත් ලෙසට කිසිදු පියවරක් රැගෙන නොමැති බවත් යෝජනා 27න් යෝජනා 5ක් පමණක් මේ දක්වා පාකිස්තානය ඉටු කර ඇති බවත් එම බලකාය වැඩිදුරටත් සඳහන් කර ඇත. ඉන්දියාවට කිහිප සැරයක්ම ප්‍රහාර රල්ල කළ ලස්කාර් ඒ ටයේබා හා ජෛස් එ මුහම්මද් කල්ලියට මුදල් ලබා දිම පාකිස්තානය නවතා දමා නැත.

චීනය; මෙලේසියාව හා තුර්කිය විසින් පාකිස්තානයට තවත් කාලයක් ලබා දිය යුතු බවට ඉල්ලා සිටිම නිසා පාකිස්තානය කලු ලැයිස්තුවට ඇතුලත් නොවි බේරි ගොස් ඇත. කිසියම් රටක් කලු ලැයිස්තුවට ඇතුලත් කිරිමට රටවල් 39ක සාමාජික සහිත සංවිධානයක් වන මුල්‍යමය කාර්යසාධක බලකායයෙන් ලැයිස්තුගත කිරිමෙන් රටක් බේරා ගැනිම සඳහා අවම වශයෙන් ඡන්ද 3ක්වත් අවශ්‍ය වේ. කාර්යසාධක ලබකාය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගයට අනුව කලු ලැයිස්තුවට (black list) ඇතුලත් කරනු ලැබු කිසිම රටකට මූල්‍ය අරමුදලෙන් (IMF) හෝ ලෝක බැංකුවෙන් (World Bank) හෝ යුරෝපා හවුලෙන් (European Union) හෝ වෙනත් ජාත්‍යන්තර මුල්‍ය ආයතනවලින් මුදල ණයට ගැනිම කළ නොහැක. පාකිස්තානය බේරාගත් රටවල් තුන මූල්‍යමය කාර්යසාධක බලකායේ ආඥා ඉටු කරවිම සඳහා කටයුතු කරන බවට ප්‍රතිඥා දි ඇත. බලකායේ වර්තමාන සභාපති චිනය ද පාකිස්තානය හැකි ඉක්මණින්ම ගෝලිය මට්ටමෙන් කාර්යසාධක බලකායේ අණ ක්‍රියාත්මක කළ යුතු බවට අනතුරු ඇගවිම් කර ඇත. ලබන පෙබරවාරි මාසය දක්වා පාකිස්තානය සෑහෙන ආකාරයකින් සිය වගකිම් ඉටු කිරිමට අසමත් වුවහොත් අනිවාර්ය වශයෙන්ම පාකිස්තානය කලු ලයිස්තුවට පතිත කෙරෙනු ඇත.

පාකිස්තානය 2018 සිට දුඹුරු ලැයිස්තුවට ඇතුලත් කරනු ලැබු අතර ත්‍රසිතවාදින්ට මුල්‍යමය ආධාර සැපයිම සඳක් දුරට අඩු වි ගොස් ඇත. එදින පටන් බලකාය පාකිස්තානයේ ක්‍රියාදාමන් ගැන විපරම් කරගෙන යයි.

ත්‍රස්තවාදින්ට මුදල් සැපයිම පාලනය කරන බවට පාකිස්තානය කිපවරක්ම සිත් දිනා ගැනිම සඳහා බලකායට දැණුවත් කරමින් සිටි. පාකිස්තාන විදේශ ඇමැති සාහ් මහමුද් කුරෙෂි විවිධ ජාත්‍යන්තර සමුළුවල ඒ බව ඒත්තු ගැන්විමට උත්සාමයේ යෙදි සිටි. ජාත්‍යන්තර ප්‍රජාව පාකිස්තානය විසින් ත්‍රස්තවාදින්ට මුදල් සැපයිම හා විවිධ ත්‍රස්තවාදි සංවිධානවලට මුල්‍යමය ආධාර ලබා දිම නතර කරවිම සඳහා වෙහෙස දරමින් සිටි.

සීමා හරහා කෙරෙන ත්‍රස්තවාදි ප්‍රහාරවලට ඉන්දියාව නිරතුරුවම ඉලක්කය බවට පත් වි ඇත. ඒ නිසා පාකිස්තානයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට ඉන්දියාව කළ ඉල්ලිම්වලට එක්සත් ජනපදය ඇතුළු බොහෝ රටවල් සිය සහයෝග පළ කර ඇත. පාකිස්තානය විසින් ත්‍රස්තවාදින්ට මුදල ආධාර ලබා දිම නතර කළද ජෛයිස් ඒ මුහම්මද් ක (Jiash-e Mohammad) ල්ලි නායක මසුර් අජාද්ට (Masood Azhar) තම බැංකු ගිණුමුවලින් මුදල් ලබා ගැනිමට අනුමැතිය ඇත. මෙයින් පැහැදිලි වන්නේ පාකිස්තානය ලෝකයාට බොරු කියා හදවතින් ත්‍රස්තවාදින්ට උදව් කරන බවයි.

දැන් පාකිස්තානය විසින් කාර්ය සාධක බලකායේ නිරුදේශයන් නිසි ආකාරව ක්‍රියාත්මක කරනු ඇද්දැයි මුළු ලොවම බලා සිටි. පාකිස්තානය ඇත්ත වශයෙන්ම දුඹුරු ලැයිස්තුවෙන් මිදීමට අවශ්‍ය කරන්නේ නම් මෙය පාකිස්තානය සඳහා හොඳම අවස්ථාව වේ.

පිටපත: දේශපාලන විචාරක අශොක් හන්ඩු

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

නව රජය ගොවියන්ගේ සුබසාධනයට සැළකිල්ල යොමු කරයි

ඉන්දියාව සහ ඕමානය උපායමාර්ගික සබඳතා ශක්තිමත් කරගනිති