යු.එන් 74

1948 සිට ඉන්දියාව ඔක්තොම්බර් 24 වන දින එක්සත් ජාතින්ගේ දිනය සමරයි. ඉන්දියාව 1945 ජුනි 26 වන දින සැන් ෆ්‍රැන්සිස්කෝ සම්මේලනයෙදි 50 වන සාමිජිකයා ලෙසින් එක්සත් ජාතින්ගේ ප්‍රඥාප්තියට අත්සන් කළේය. නිත්‍ය සාමාජික රටවල් 5 ඇතුළු නිත්‍ය සාමාජික රටවල් විසින් අත්සන් කිරිමෙන් අනතුරුව එක්සත් ජාතින්ගේ ප්‍රඤාපතිය 1945 ඔක්තොම්බර් 24 වන දිනයේ සිට ක්‍රියාත්මක වන්නට විය.

1947 ඔක්තොම්බර් 31 වැනිදා පවත්වන ලද සමුළුවේදි ඔක්තොම්බර් 24 වන දිනය එක්සත් ජාතින්ගේ දිනය හැටියට සැමරිමට මහා සභාව විසින යෝජනාවක් සම්මත කර ගන්නා ලදි. මෙහි පරමාර්ථය වනුයේ අන්තර්ජාතික වශයෙන් මෙම විශ්විය සංවිධානයට සහයෝග ලබා ගැනිම සඳහා එක්සත් ජාතින්ගේ පරමාර්ථ හා ලබා ගත් ජයග්‍රහණයන් ලෝකයා ඉදිරියේ හුවා දැක්විමයි.

ඉන්දියාව 1947 අගෝස්තු 15 වැනි දින බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගත්තේය. ඒ නිසා ඉන් මාස දෙකකට පසුව එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් සම්මත කර ගන්නා ලද යෝජනාවට සහයෝග දැක්විමට ඉන්දියාවට අවස්ථාව ලැබි තිබුණි.

වසර 72ක් ඇතුලත මෙම සංවිධානය ලබා ගත් ජයල්‍රහණයන් අතර යටත් විජිත වාදය අවසන් කර දැමිම; මූලික මානව හිමිකම් හා නිදහස ආරක්ෂා කිරිම සහ සැමෝටම ස්වෛර්භාවය සහතික කිරිම යන මෙම තුන විශාල ජයග්‍රහණයන් විය. ඉන්දියාව මෙම කාරණා තුනේහිම විශේෂ සහයෝග ලබා දි ඇත.

යටත් විජිතවාදි පාලනයෙන් නිදහස ලබා ගත් රටවල් අතුරින් ඉන්දියාව යටත් විජිතවාදි පාලන අවසන් කර දැමිය යුතු බවට ඉල්ලමින් 1960 දෙසෙම්බර් මාසයේදි එක්සත් ජාතින්ගේ මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි. මේ නිසා සංවිධානය මනාසේ ක්‍රියාත්මක කරවිම සඳහා පරිවර්තන දෙකක් කිරිමට සභාවට සිදු විය. සිය අපේක්ෂාවන්ට වඩාත් සරිලන පරිදි අලුතින් නිදහස ලබා ගත් සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් එම යෝජනාවට මුලිකත්වය දැරිය.

නොබැඳි ජාතින්ගේ පළමුවන ශිඛර සමුළුව 1961 දි බෙල්ග්‍රේඩ්හිදි පවත්වනු ලැබිය. ඉන්දියාව මෙහි එක් මුලික රටක් වන අතර රටවල් 24 සිට දැන් රටවල් 122 දක්වා එම නොබැඳි ව්‍යාපාරයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත. සිසිල් යුද්ධ පැවැති සමයේ මුළු ලෝකය අන්ත දෙකක්ට බෙදි සිටි අවස්ථාවෙදී අලුතින් නිදහස ලබා ගත් රටවලට සිය ස්වෛරිභාවය ගැන ජාත්‍යන්තර සමුළුවලට කරුණු කියා පෑම සඳහා මෙම ව්‍යාපාරය මගින් විශාල සහයෝග ලබා දුන්නේය. ප්‍රධාන පෙළේ බලගතු රටවල් විසින් එක්සත් ජාතින්ගේ සංවිධානයට එල්ල කරන අභියෝගනට මුණ දිම සඳහා මෙම අලුතින් නිදහස ලබා ගත් රටවල් නොබැඳි ව්‍යාපාරය කෙරෙහි අත්‍යන්ත විශ්වාසය පළ කර සිටි.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ දෙවන සංශෝධනය සංවර්ධනය වෙමින් පවතින රටවල් 77ක කණ්ඩායම බිහි කිරිම වෙනුවෙන් 1964දි සංශෝධනය කරන ලදි. කණ්ඩායම් 77 බිහි විමත් සමගම එක්සත් ජාතින්ගේ සංවිධානයට “ සෑම ජනකොටසටම ආර්ථික හා සාමාජික දියුණුව” වෙනුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයට තම ප්‍රඥාප්තිය පරිවර්තනය කිරිමට සිදු විය. එම පරමාර්ථයන් ඉෂ්ථ කිරිම සඳහා 1965 දි එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන පිහිටුවනු ලැබිය. 1970 ජි 77 සමුළුවේ ඉන්දියාව සභාපති ධුරයට පත් විය.

දේශගුණික විපර්යාශය පිළිබඳ ස්තිර යෝජනාක්‍රමයක් 2030 දක්වා ක්‍රියාත්මක කිරිමට 2015 දි ලෝක නායකයන් විසින් යෝජනාවක් සම්මත කර ගතු අතර එම සමුළුවට ඉන්දියා අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මොද් මහතාද සහභාගි විය. ස්ථිරසාර සංවර්ධනයක් සඳහා කොටස්කරුවන් සම්බන්ධ කරවා ගනිමින් දරිද්‍රතාව තුරන් කිරිම මෙහ මුලික් පරමාර්ථය වේ.

මානව සංහාර නවතා ගැනිම සඳහා 1948 දි සම්මත කර ගන්නා ලද එක්සත් ජාතින්ගේ යෝජනාව යළි ක්‍රියාත්මක කරවිම සඳහා තවත් රටවල් ත්‍රනක් සමග එකතු වි ඉන්දියාව එම යෝජනාව සංවිධානයේ රැස්විමට ඉදිරිපත් කළේය. ලිංගික විෂමතා නැති කර දමා මානව හිමිකම් ප්‍රකාශණයට ඉන්දියාව මූලිකයා විය.

75 වන සංවත්සරය සැමරිම සඳහා තේමාව සාමාජික රටවල් විසින් ” බහුජාතිකත්වයට සාමුහික කැපවිම“ යනුවෙන් තෝරාගෙන ඇත. බලගතු රටවල් විසින් එල්ල කරන එකත්වවාදයට එරෙහිව කටුයුතු කිරිම සඳහා වැදගත් වන බැවින් එක්සත් ජාතින්ගේ මහා සභාව මෙම තේමාවට සිය සහයෝගය පළ කර ඇත.

“බහුජාතික වාදයට වන මගක් හා සවිය ලබා දෙන” ලෙසට ඉල්ලමින් පසුගිය සැත්තැම්බර් මාසයෙදි පැවැත් වු එක්ස.් ජාතින්ගේ මහා සභා සැසැවාරයෙද් ඉනිදියාවේ ප්‍රතිචාරය අගමැති නරෙන්ද්‍ර මොද් මහතා විසින පළ කරන ලදි. මෛ සංවත්සරය සැමරිමක් වඔයෙන් ඉන්දියාව සිය ජාතික අවශ්‍යතා ආරක්ෂා කර ගනිමින් බහුජාතිකත්වයතුලින් බහුධ්‍රැවිය රාමුව යටතේ වැඩසටහන් දියත් කර ඇත.


පිටපත: එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු නිත්‍ය සාමාජික අශොක් මුඛර්ජි.

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ