බග්ඩාඩිගේ මරණයත් සමගින් අරාබි ලෝකයේ නව කාල පරිච්ජේදයක් උදා වේද ? 

තමන් “ ISIS කලිෆ් (Caliph) තුමන් ” ලෙසින් කියාගත් අබු බකර් අල්-බග්ඩාඩිගේ (Abu Bakr al-Baghdadi) මරණය ඉරාකයේ මුළු මොසුල් නගරයේ වීථි පුරා ප්‍රීතිඝෝෂා පැනැගුමට හේතුවිය. ඔහු 2014 වසර ගණන් යුගයේදි “ඉරාක සහ සිරියා ඉස්ලාමිය රාජ්‍යයක්” (Islamic State of Iraq and Syria) ගොඩනගා ගැනිමේ ප්‍රයත්නයකට නිරතවිය. කෙසේ නමුදු, ඔහුගේ ඒ කතාන්තරය පුරාම දක්නට ලැබුනේ සතුරන්ව මරා දෙමිම්, නරසංහාර, සාමුහික ස්ත්‍රි දුෂණ, වීථිවල හිංසාත්මක කාර්‍යන්හි නිරතවිම, මහජන සම්පත් විනාශ කිරිම, පැහැරගෙන යැම්, කප්පම් ඉල්ලිම් සහ වෙනත් දේවල් හැර වෙනත් දේවල් දක්නට නොලැබුනි. ඔහුගේ අමානුෂික මෙලේච්ජ ක්‍රියා මගින් දහසක් පමන පිරිසක් මරණයට පත්වුනු අතරට ලක්ෂ 300,000 ක පමන පිරිසකට මෝසුල් නගරය අත්හැර දමා යාමට තුඩුදුනි.

අල් - බග්ඩාඩි ISIS,ත්‍රස්තවාද සංවිධානයේ ප්‍රධානියාවු අතර පසුගිය වසර ගණනාවක පුරාම ඔහු විවිධාකාර අවතාර වලින් පෙනි සිටිය සිරියාව සහ ඉරාකයේ විශාළ භූමි කොටසක් ඔහුගේ අණසක යටතේ පැවතුනු අතරට එය එකසත් රාජධානියට හා සමාන වේ. අබු - බකර් අල් - බග්ඩාඩි සිරියාවේ ශිෂ්ඨාචාරය විනාශකොට දෙමිමට ප්‍රයත්නයකටද නිරත විය. ඔහු වසර සිරියාවේ Palmyra නගරය මුළුමණින්ම විනාශකොට දමමින් 2017 වසර ඓතිහාසික al-Nuri mosque ඉස්ලාම් පල්ලිය පුපුරුවා දෙමුවේය. 2014 වසර සිට එම ප්‍ර දේශය ඔහුගේ අණසක යටතේවු බලපාලන ප්‍ර දේහයක් ලෙසින් ප්‍රකාශයට පත්තොට ඇත. කෙසේ නමුදු පසුගිය වකවානුව පුරාම ඉරාකය සහ සිරියාවේ එක්සත් ජනපදය ප්‍රධානත්වයෙන් යුත් බලකාය යටතේ මෙහෙයෙවු ප්‍රහාර මගින් ඔහුගේ බලය ක්‍රමිකව බිඬ වැටිමකට තුඩු දුන්නේය.

බොහෝ දෙනෙකුට එම ත්‍රස්තවාදියාගේ මරණය ගැනවු වාර්තාව අදහා ගැනිමට දුෂ්කර කරුණක්වු අතරට ඊට හේතුව මෙයට පෙරත් වාර ගණනාවක් ඔහුගේ ඝාතනය ගැනවු වාර්තා පලවි තිබිම නිසාය. එකසත් ජනපද ජනාධිපති ට්‍රම්ප් මහතා පෞද්ගලිකව එම වාර්තාව සනාත කරමින් “ ඔහු බියගුළු සුණඛයෙක් ලෙසින් මිය ගියයැයි ” ප්‍රකාශ කොට තිබිම නිසාම එය ව්‍යාජ වාර්තාවක ලෙසින් බැහැර කිරිමටද නොහැක. ඔහුව උමග හිරකරවා ගැනිමට හැකිවු බවත් ඔහු එම මොහොතේ පුරුවන ද්‍රව්‍ය ශරිරයේහි දවටාගෙන සිටිය බව යැයි ජනාධිපති ට්‍රම්ප් කල ප්‍රකාශයෙන් තවදුරටත් දැක්වුනි.

පාකිස්තානයේහි වරක් ඔසමා බින් ලාඩෙන්ට එරහිව ආරක්ෂක මෙහෙයුමක් මෙහෙයෙවු US Special Delta Force විශේෂ බලකායම අබු බකර් අල් - බග්ඩාඩි මරා දෙමිමට යොදවාගෙන තිබුනි. එක්සත් ජනපදය එම ත්‍රස්තවාදියාගේ හිස ගෙනදෙන්නෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 25 ක මුලය්‍යමය ත්‍යාගයක් පිරිනැමිටත් ඉදිරිපතිවි සිටියි.

බග්ඩාඩිගේ මරණයත් සමගින්ම ජාත්‍යන්තර සමාජය අතර දැන් ගෝලිය ත්‍රස්තවාදයේ නව පසුබිම ගැන තකුතුහලයක් මතුව ඇත. ඔසමා බින්ගේ මරණයත් සමගින් ලෝකයා අතර එවැනි හා හැඟිමක් ඇතුවුනි. එහෙත් ඔසමාගෙන් පසුවත් ත්‍රස්තවාදය අඩුවියැමක් සිදු නොවුනි. ත්‍රස්තවාදය පහත වැටිමක වෙනුවට ඔසමාගේ මරණයත් සමගින්ම Al Qaeda වෙනුවට Al-Nusrah සහ ISIS වැනි නව ත්‍රස්තවාද සංවිධාන හතු ලෙස ව්‍යාප්තවි යැම සිදුවුවෝය.

Al Qaedaව ක්‍රමිකව දුර්වලවි යාමත් සමගින් ISIS කණ්ඩායම සිඝ්‍රව වර්ධනවි ගියේය. එම කණ්ඩායමේ සාමාජිකයෝ ලෝකය පුරාම විවිධාකර ත්‍රස්තවාද කාර්‍යන් සිදුකොට ඇත. ඔවුන්ට පක්ෂපාති සාමාජිකයෝ නොකඩවාම වර්ධනවි ගියෝය. කෙසේ නමුදු ජාතයන්තර සමාජයට විශාළ ISIS ත්‍රස්තවාදින් පිරිසක් අත් අඩංගුවට රැගෙනිමටත් හැකිවුවෝය. විශේෂයෙන්ම සිරියාව සහ ඉරාකයෙන් විශාළ ISIS සාමාජිකයින් පිරිසක් අත් අඩංගුවට ගැනිමට හැකිවි ඇත. අත් අඩංගුවට රැගත් ත්‍රස්තවාදින් අතරට යුරෝපා වැසියනුත් ඇතුලත්ව ඇත. ඔවුන් ISIS සිද්ධාන්තයට මැදිවි එවැනි මාර්ගයන්හි පිවිසියෝය. විශාල පිරිසක් ඒ ඒ රටවල් වලට පිටත්කොට යෙවු අතර ඔවුන්ව පුනරුත්ථාපනය කිරිම දැන් විශාල ප්‍රශ්ණයක් බවට පත්ව ඇත.

දැන් කලයුත්තේ බග්ඩාඩිගේ කතාන්තරය මුළුමණින්ම අවශන්කොට දෙමිම වේ. ඒ අතරම ත්‍රස්තවාදයට එරහිව ගෙනයන ජාත්‍යන්තර සමාජයේ යුද්ධයත් අඛණ්ඩව ගෙනයායුතුව ඇත. කෙසේ නමුදු, බටහිර ආසියාව අවට දේශපාලනමය අස්ථාවරත්වය තිබෙනතෙක් ISIS සිද්ධාන්තය මුළුමණින්ම සිඳියාහැකියැයි බළපොරොත්තු තැබිය නොහැක.

ඉන්දියාවට අනුව, ISIS ත්‍රස්තවාදයට එරහිව ගෙනයන සටන නොකඩවාම ඉදිරියට ගෙනයා යුතු වනබවය. ලෝකයාට ISIS ත්‍රස්තවාදින් විසින් සිදුකල මෙලේච්ජ ක්‍රියා කිසිසේත්ම අමතක නොවේ. මේ නිසාම එය නැවත වරක් මතුවිමට කිස්සේත්ම ඉඩ නොදිය යුතුය. විශාළ දේශපාගනමය අස්ථාවරත්වයන්ට මැදිවිමට සිදුවුනු අරාබි ලෝකයේ දේශපාලන පසුබිමේහි අන්තර් විස්වාසයක් ගොඩනගා ගැනිමද අතිශය වැදගත්වේ.

පිටපත: බටහිර ආසියා විශ්ලේෂක, ආචාර්‍ය. ෆස්සුර් රෙහමාන් සිද්දික්කි

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ