ට්‍රම්ප් තුර්කිය සිරියාවට එරහිව සිදුකරන ලද ආකක්‍රමණය ගැන ජාත්‍යන්තර මට්ටමේ අප්‍රසාද පලකරයි
එකසත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුර්කියට එරහිව සම්බාධ පැනවිමට රැගත් තීරණය මුළු මැදිපෙරදිග කලාපය අවට නොසන්සුන් තත්වයක් උදාකරලීමට තුඩු දුන්නේය. එක්සත් ජනපදය සිරියාවේ කුර්ඩිස් වැසියන්ට සහයෝගය දැක්විමට ලබාදුන් හමුදාමය සහයෝගය ඉවත්කොට ගැනිමත් සමගින් හරියටම දිනකින් පසුව කුර්ඩිස් බහුල සිරියානු ප්‍රජාතන්ත්‍රවාදි බලකායෙන් (Syrian Democratic Forces), (SDF) තොරවු මිත්‍රශීලි ආරක්ෂිත කලාපයක් (buffer zone) ගොඩනගා ගැනිමේ ඉලක්කයකින් උතුරු සිරියාව ආක්‍රමණය කිරිමට තුර්කිය ගත් තීරණයට එකසත් ජනපද ජනාධිපති වරයාගේ දැඩි අප්‍රසාදය නිකුත්ව ඇත. තුර්කි ජනාධිපති රැසෙප් ටය්යිප් ඇර්ඩගොන්, SDF බලවේගය තුර්කියේ PKK හෙවත් 'කුර්ඩිස් කම්කරු පාර්ටි' (Kurdish Workers Party) බලවේගයට වඩාත් බර “ත්‍රස්තවාදින් පිරිසක්” ලෙසින් වැඩිදුරටත් හඳුන්වාදි ඇත. තුර්කි ජනාධිපති වරයා සිරියානු කුර්ඩ්ස් වැසියන් පසුපස ලුහු බඳිමින් තම රටේ කුර්ඩිස් වැසියන්ගේ බලපෑම් පහත දෙමාගැනිමට ප්‍රයත්නයක නිරතවි සිටියි.
අනපේක්ෂිත විධියෙන් සිරියාවෙන් තම සන්නද්ධ බලකාය ඉවත්තොට ගැනිමට ජනාධිපති ටුම්ප් රැගත් තීරණය එක විධියකින් සිරියාවෙන් ISIS ත්‍රස්තවාදින්ව මුළුමණින්ම ඉවත්කොට දෙමිමමට මුලිකත්වය රැගෙන කටයුතු කල සිරියාව සහ ඉරාකය යන රටවල් දෙකේ කුර්ඩ්ස් වැසියන්ට පාවාදිමක් සිදුකොට තිබුනු විධියක් පෙන්නුම් කරලයි. 2019 වසර මාර්තු මස ISIS මුලධර්මවාදින්ව මුළුමණින් පරාජයටපත්කොට දෙමිමට හැකිවු බව යම් යම් වාර්තා පැවසුවද සැබෑව සිදුවුයේ ත්‍රස්තවාදින්ට නැවත ඒකාරාසිවිමට අවශ්ථාව ලබාදි තිබුනු විධියකුත් දක්නට ලැබේ.
තුර්කිය දේශසිමා දිගේ ඇමරිකානු භටයින් හිස්වියාමත් සමගින් එයින් නිසි වාසිය රැගෙන පසුගිය සතියේ ඊසානදිග සිරියාවට ආක්‍රමණයක් දියත්කොට ඇත. තම රටේ ජීවත්වන මිලියන 3.6 ක් පමන අතිශය විශාළ සිරියානු සරණාගතයින් පිරිසව කි.මි. 30 ක පමන සිරියාව තුල නැවත පදිංචි කරවිමට සුරක්ෂිත ප්‍රදේශයක් (safe zone) ගොඩනගා ගැනිම ජචනාධිපති ඇරැඩොගන්ගේ (Erdogan) මෙම ආක්‍රමණයෙන් ඉලක්කය වේ. පසුබිමේහි සරණාගතයින්ව සුරක්ෂිත ප්‍රදේශයක නැවත පදිංචි කරවිමට ඉඩ සළසාදිම උතුම් කාර්‍යක් වන නමුදු තුර්කිය විසින් ක්‍රියාත්මක කොට තිබුනු විධිය තරමකින් විවාදාත්මක සහ දඩබ්බර විධියක් දත්නට ලැබුනි. මේ නිසාම එම ක්‍රියාවට එරහිව නොමඳ ජාත්‍යන්තර අප්‍රසාදය සහ නොසෑහිමද පලවිය. සමහර රටවල් ඊට දැඩි ලෙසින් නින්දාවට ලක්කොටදිම සිදුකොට ඇත.
ජනාධිපති ට්‍රමප්, එම ආක්‍රමණය සිදුවු විගස තුර්කිය NATO සාමාජික රටක් වුවද එරටට එරහිව සම්බාධ ගණනාවක් ප්‍රකාශයට පත්කරමින් ඊට එරහිව නොසෑහිම පලකර සිටියේය. තුර්කයෙන් ආනයන කරන වානේ භාණ්ඩ වලට එරරහිව 50 % ක අයබද්දක් ප්‍රකාශයට පත්තිරිම, US $ බිලියන 100 වෙළඳ ගනුදෙනු මුළුමනින්ම නිශ්ක්‍රියකොට දෙමිම යන කරුණු එම සංවාදවලට ඇතුලත්ව ඇත. එක්සත් ජනපද අධිකරණ කටයුතු දෙපාර්තමේන්තුවත් තරමකින් ඔබ්බට ගොස් නීතිවිරෝධි ලෙසින් ඉරානය සමගින් මුල්‍ය ගනුදෙනු කිරිමේ චෝදනා යටතේ ප්‍රධාන පෙලේ තුර්කි බැංකුවක් වන Halkbank බැංකුවට එරහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට සූදානම් වේ. ට්‍රම්ප පරිපාලනය තුර්කි ආරක්ෂක කටයුතු අමාත්‍යාංශය, බලශක්ති සහ ස්වදේශ කටයුතු යන අමාත්‍යංස තුනට එරහිව නීතිමය ක්‍රියාමාර්ග රැගෙන ඇත. “තුර්කි නායකයෝ මෙම බිහිසුණු සහ විනාශකාරි පිලිවෙත නොකඩවාම ඉදිරියට ගෙනයාමට පෙළඹුණහොත් ත්‍රමිකව එරටේ ආර්ථිකය විනාශ කර දමන බවයැයි ” ප්‍රකාශ කරමින් ජනාධිපති ට්‍රම්ප් තවදුරටත් ඇන්කරාවට තර්ජන එල්ලකර ඇත. මැදපෙරදිග චාරිකාවකට නිරතවන එක්සත් ජනපද උපජනාධිපති වරයාත්, “තුර්කිය ක්ෂණික සටන් විරාමයකට එළඹ ගැනිමට සූදානම් නොවුවහොත් නිතැතින් අනිසි විපාක විඳින්නට සිදුවන බවයැයි” සඳහන් කොට ඇත. එක්සත් ජනපද නීති සම්පාදකයෝ පක්ෂ බේදයකින් තොරව තුර්කියට එරහිව තව තව සම්බාධ ලෙනවිය යුතයැයි ප්‍රකාශ කොට ඇත.
ජනාධිපති ඇර්ඩොගන් සිරියාව ආක්‍රමණය කරමින් ඇමරිකන් විරෝධි කණ්ඩායමක් ගොඩනගා ගැනිමට මාන බැලු නමුදු ඉරාන න්‍යෂ්ටික ගිවිසුම හේතුවෙන් ඇමරිකාව සමගින් තරමකින් නොක්කාඩුවි සිටිය යුරෝපා හවුල කෙසේ නමුදු මෙම ප්‍රශ්ණයේදි තම දැඩි අප්‍රසාදය පලකරමින් ජනාධිපති ට්‍රම්ට සහයෝගය දක්වා ඇත. යුරෝපා හවුල කුර්ඩ්ස් වරුන්ට තම සහයෝගය පලකරමින් ඇන්කරාවේ (Ankara) ආක්‍රමණික පිලිවෙතට තම දැඩි නොසෑහිම පලකර සිටියේය. තුර්කි ජනාධිපති වරයා මෙහිදි තම දැඩි පිලිවෙත පලකරමින් තමන්ට එරහියව සම්බාධ පෙනවුවහොත් තම රටේ ජිවත්වන ඒ සමගින් යුරෝපයට ප්‍රවේශවිමට ප්‍රයත්න දරන සිරියානු සරණාගතයින්ට ඔවුන්ගේ අපෙක්ෂා ඉටුකරගැනිමට තුර්කි - යුරෝපා දේශසිමාව විවෘත කර දමන බව යැයි තර්ජන කොට ඇත. මෙම පසුපිම මධ්‍යයේ, තුර්කි ආක්‍රමණ විඳගැනිමට අසමත්වුනු කුර්ඩ්ස් සටන්කාමියෝ දැන් තරමකින් ආපස්සට හැරි මෙතෙක් සටන්කරමින් සිටිය සිරියානු ජනාධිපති බෂාර් අල්-අස්සාද්ගේ (Bashar al-Assad) ආරක්ෂක හමුදාව සමගින් තාක්ෂණික සටන් විරාමයක් ඇතිකරගැනිමට තීරණය කොට ඇත.
ජනාධිපති ඇර්ඩොගන් මෙවැනි බාහිර බලපෑම් වලට කිසිදු ගණක් නොරැගෙන තම ඉලක්කය සපුරා ගැනිමට තුර්කි හමුදාමය මෙහෙයුම නොකඩවාම ඉදිරියට ගෙනයාමට ප්‍රතිඥා දි ඇත. කෙසේ නමුදු ඔහුටද විපක්ෂයේ මෙන්ම අභ්‍යන්තර බලවේගවල් වලට මැදිවිමට සුදව ඇත. ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ට අනිත් අතට මෙම ප්‍රශ්ණයේදි ජාත්‍යන්තර මට්ටමින් මෙන්ම ඇමරිකානුන්ගේත් නොමඳ සහයෝගය පිරිනැමි ඇත. ඒ අතරම ඇර්ඩොගන්ගේ මෙම ක්‍රියාවට කලාපිය අරාබි සහ අරාබි නොවන රටවල් වලිනනුත් නොසෑහිම සහ කේන්තිය පලව ඇත.
මෙවැනි පසුබිමකින් දැන් තුර්කියට ජාත්‍යන්තර මට්ටමේ කොන්වි යෑමකට මැදිවි සිටියි. ජනාධිපති ට්‍රම්ප්මුත් ඇන්කරාවට එරහිව ගෙනයන සම්බාධ කරකිරිම අරඹා ඇත.
ඉන්දියාව තුර්කිය විසින් ඊසානදිග සිරියාවට එරහිව සිදුකල ඒකපාක්ෂික ආක්‍රමණයට දැඩි කණස්සල්ල පලකමින් පසුබිම ගැන නිරන්තර විමසුමකින් පසුවේ. තුර්කියේ ආක්‍රමණකාරි හමුදාමය පිලවෙතින් කලාපිය ත්‍රස්තවාදි මර්දන සටන නිශ්ක්‍රිය කරවිමටද මංපෑදි ඇත. අනිත් පැත්තැන් මෙයින් විශාළ මානවිය සහ සිවිල් විනශයක් සිදුවිමක් ගැනද සැක කරයි.
පිටපත: JNU විශ්වවිද්‍යාලයේ බටහිර ආසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ (CWAS), මහචාර්‍ය.පි.ආර්. කුමාරස්වාමි
Comments
Post a Comment