ඉන්දියාව සහ චීනය අතිශය ඉහල මට්ටමේ ආර්ථික සහ වෙළඳ සංවාද යාන්ත්‍රනයක් ගොඩනගා ගැනිමට සැළසුම් කරති.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ෂි ජින්පිං (XI Jinping) අතර මාමල්ලපුරම්හි පවත්වන ලද අනියමිත ශිඛර සමුළුවේදි ඉන්දියාව සහ චීනය අතර අතිශය ඉහල මට්ටමේ ආර්ථික සහ වෙළඳ සංවාද යාන්ත්‍රනයක් ගොඩනගා ගැනිමට එකඟවි ඇත. මෙය දෙපාර්ශ්වයේ දේශසිමා ප්‍රශ්ණ විසඳා ගැනිම සඳහා චිනය සහ ඉන්දියාව අතර ගොඩනගා ගන්නා ලද විශේෂ නියෝජිත මට්ටමේ යාන්‍ත්‍රනයට අතිසය සමානය. ඉන්දිය මුදල් කටයතු අමාත්‍ය නිර්මලා සිතාරමන් මහත්මිය සහ චින උප ජනාධිපති හු චුන් හුවා (Hu Chun Hua) යන දෙදෙනාගේ සම සභාපතිත්වය යටතේ එම යාන්ත්‍රනය ක්‍රියාත්මක කිරිමට සැළසුම් යෙදෙවා ඇත. 

පසුගිය දින කිහිපයතට ඉහතදි අවශන්වුනු අනියමිත ශිඛර සමුළුවේ ඉලක්කය දෙපාර්ශ්වයේ නායකයින් අතරට නිරන්තරව ඉහල මට්ටමේ සාකච්ජා සහ මුවිම් පවත්වා ගැනිමකට වේ. ගොඩනගා ගත් එම යාන්ත්‍රනයෙන් $ බිලියන50 කින් පෙයිජිං පරිපාලනයට වඩාත් වාසිවන විධියෙන් ඉහල නැගිගෙන එන වෙළඳ පරතරයට ක්ෂණික විසඳුම් සොයා ගැනිමට තවදුරටත් අපෙක්ෂා කරයි. කෙසේ නමුදු, මේ දක්වා මෙම යාන්ත්‍රනයට අදාල අංගසම්පුර්ණ විස්තරයත් පිරිනමා නොමැති හෙයින් දැන් අධ්‍යනයක නිරතවි සිටින අතර ඉන්දිය කාර්මික අංශයට එයින් වාසි ගෙනදෙයිද යන්න ගැනත් සළකා බලාගෙන යයි. 

මෙවැනි ප්‍රශ්ණ ලෝක වෙළඳ සංවිධානය (World Trade Organisation) වැනි බහුපාර්ශ්වික ජාත්‍යන්තර සංවිධාන සහ වේදිකාවලත් විසඳා ගැනිමට නොහැකි හෙයින් ඉන්දියාව සහ චිනය වැනි රටවල් වලට මෙවැනි ද්විපාර්ශ්වික යාන්ත්‍රන ගොඩනගා ගැනිමට සිදුව ඇත. ලෝ වෙළඳ සංවිධානයේ ප්‍රශ්ණ විසඳා ගැනිමේ ඒකකයේහි දැන් හුදු විනිසුරුවරුන් තිදෙනෙක් පමණක් සීමාව ඇත. එම ඒකකය ක්‍රියාත්මක කරගෙන යාමට අඩුම තරමින් විනිසුරුවරුන් තිදෙනෙක්වත් අවශ්‍යෙවේ. එම ඒකකයේ විනිසුරුවරුන් දෙදෙනෙක් 2019 වසර දෙසැම්බර් මස විශ්‍රාම ගැනිමත් සමගින් එය මුළුමණින්ම කඩා වැටිමකට මාර්ගය පෑදි ගියාය. 

විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රියාකාරි කමිටුවක් යටතේ ඉන්දියාව සහ චිනය යන රටවල් දෙක අතර පවතින $ බිලියන 56 කට වඩා විටිනා වෙළඳ ප්‍රශ්ණය ගැන පුළුල් විස්තරයක් පිරිනමමින් එයින් මුළුමණින්ම ඉන්දියාවට අවාසිවි තිබෙන බව සඳහන් කොට ඇත. ඒ අතරම ඉන්දිය භාණ්ඩ සහ සේවාවෙන් චීනයට ඒ තරම්ම ප්‍රශ්ණ එල්ල නොවන බව එම වාර්තාව යටතේ තවදුරටත් සඳහන් කොට ඇත. මිල අඩු සහ ගුණාත්මක අතින් බාල භාණ්ඩ ගොඩගැසිම සහ අව්‍යජ ආයෝජන පිලවෙත් යටතේ දෙපාර්ශ්වයේ වෙළඳ ගනුදෙනු වලට ප්‍රශ්ණ එල්ලවි තිබෙන බව එම වාර්තාවෙන් තවදුරටත් පෙන්වාදි ඇත. චීන Huawei සමාගම දැන් ඉන්දියාවේ 5G සේවාව දියත් කිරිමට සැළසුම් කරගෙන යන නමුදු සුරක්ෂාව ගැන සළකා බලනවිට එය සෑහෙන්න සැළකියයුතු ප්‍රශ්නයක් වේ. නවදිල්ලියේ, චින අධ්‍යයන ආයතනය (Institute of Chinese Studies) අනුග්‍රහයෙන් 'චින ඩිජිටල් සේද මාර්ගය' (China’s Digital Silk Road) යන තේමාව යටතේ මෑතදි සංවිධාන කරනලද සමුළුවෙන් ප්‍රකාශයට පත්කරන ලද දත්තා වලට අනුව, ගෝලිය පණිවිඩ සම්බන්ධතා ක්ෂේත්‍රයෙන් 42 % ක කොටස්දායකත්වය රැකගෙන සිටින Huawei සහ ZTE යන සමාගම් දෙකට smartphones ක්ෂේත්‍රයෙන් ඉන්දිය වෙළඳ පොලේ 66% ක ඒකාධිකාරත්වය රැකගෙන සිටිමට සමත්වි ඇතැයි තවදුරටත් පැහැදිළි කොට ඇත. $ බිලියන10 ක පමන ආයයෝජනයක් එයින් ඉන්දියාව වෙනුවෙන් දියත්කොට ඇත. 

කලාපිය පුළුල්වු ආර්ථික හවුල්කාරත්වයක් (Regional Comprehensive Economic Partnership), (RCEP), ගැන ගනුදෙනු පවත්වාගෙන යන සමයක මෙම නව වෙලඳ කටයුතු යාන්ත්‍රනය කොයි කාලේ ක්‍රියාත්මක කරගැනිමට හැකිවේද යන්න තවමත් අපහැදිළිය. ඉන්දියාව මේ සෑම ගනුදෙනුවකින්ම මිල අඩු චින භාණ්ඩ ඉන්දිය වෙලඳපොළට කඩාවැදිම, තාක්ෂණික හුවමාරු වැඩසටහන් වලින් තොරවු ආයෝජන සහ e-වානිජය සඳහා දත්කතා ස්වදේශකරණ අවශ්‍යතා යන වෂයන්ට අවධාය ලක්කොටදිම සිදුකර ඇත. චිනයට දැනටමත් ඉන්දිය පුවත්තාක්ෂණ වෙළඳපොලේහි (Indian IT) තම ඒකාධිකාරත්වය ගොඩනගා ගැනිමට සමත්වි ඇත. 

ජපානය සමගින් ලද අත්දැකිම් ගැන සළකා බලනවිට මෙවැනි යාන්ත්‍රනයකින් කොපමන ඵලදායි වේද යන්න ගැන සැකසහිතය. ඉන්දිය කාර්මික ප්‍රතිපත්ති සහ ප්‍රවර්ධන (Department of Industrial Policy & Promotion), (DIPP), වානිජ සහ කාර්මික කටයුතු අමාත්‍යාංශය (Ministry of Commerce & Industry) සහ ඉන්දිය රජයත් ඒකාබද්ධව 2014 වසර ජපානය සමගින් ‘Japan Plus’, යන විශේෂ පරිපාලන කණ්ඩායමක් ගොඩනගාගෙන ආයෝජන කටයුතු මනා සංවිධානාත්මකව සහ වේගවත්ව ක්‍රියාත්මක කරගෙන යාමට ප්‍රයත්නයන්හි නිරතවිය. කෙසේනමුදු, එයින් වාසිදායි යමක් ඉටුකරගැනිමට සමත්වු බවත් දක්නට නොලැබුනි. එම වැඩසටහනත් සෑහෙන්න මන්දගාමි බවකින් ක්‍රියාත්මකවියාම සිදුකෙරේ. යෝජිත 'Chennai- Bengaluru Industrial Corridor' වැඩසටහනත් ප්‍රාරඹක මට්ටමින්ම පවතියි. ඉන්දිය ප්‍රාන්ත රාජ්‍ය 9 ක ජපන් කාර්මික (Japan Industrial Township projects) නගර 12 ක් ගොඩනගාගැනිමේ ව්‍යාපෘතිය පමනක් තරමකින් හෝ ඉදිරියට ගෙනයාමට හැකිවි ඇත. ඉන්දු - ජපන් අත්හදා බැලිම් දෙස බලන විට නව චින - ඉන්දිය වෙළඳ සංවාද යාන්ත්‍රනයෙන් අළුතින් යමක් කරගැනිමට හැකිවේද යන්න ගැන සළකා බැගිමට සිදුව ඇත. 

මේ අතර චින - එක්සත් ජනපද වෙළඳ ගනුදෙනු සහ එයින් මතුව ඇති ප්‍රශ්ණ ගැන සළකා බලනවිට මේ දැක් සළකා බලාගෙන යන ඉන්දු - චින ද්විපාර්ශ්වික යාන්ත්‍රනය ගැනත් සෑහෙන්න සැලකිල්ල දැක්විමට සිදුව ඇත. එකසත් ජනපදය පාදු විඳගෙන හෝ චිනයට එරහිව නැගි සිටිමට ප්‍රයත්න දරාගෙන යයි. ඉන්දියාවටත් මෙවැනි පසුබිමක තම අවශ්‍යතා වලට ප්‍රමුඛත්වය ලබාදෙමින් ප්‍රතිපත්ති සකසා ගතයුතුව ඇත. යෝජිත යාන්ත්‍රනය ගැන සළකාබලන විට පෙයිජිං වෙළඳ පිලිවෙත් වලට එරහිව නැගි සිටිමට ඉන්දියාවට අවශ්ථාව ගෙනදි ඇත. මෙම සන්දර්භය යටතේ සළකා බලනවිට 'ආර්ථික සහ වෙළඳ සංවාද' යාන්ත්‍රනය (Economic and Trade Dialogue’ mechanism) දෙරටටම වාසිදායි එකක් ලෙසින් පෙන්වාදිම වඩාත් ගැලපෙන බව චිනයේ අදහසවේ. මෙය වරත්මාන වෙළඳ ප්‍රශ්ණ මගහරවා ගැනිමේ මාර්ගයක්ද එසේ නැත්නම් ආර්ථික ක්ෂේත්‍රයේ වෙනත් ප්‍රදේශ ගැන ගනුදෙනු පවත්වා ගැනිම සඳහා යාදවා ගැනිමට යන එකක්ද යන්න ගැනත් සළකා බලැලිය යුතුව ඇත. 




පිටපත: චින උපායමාර්ග කටයුතු විශ්ලේෂක, ආචාර්‍ය. රාජ්දිප් පකනටි

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

නව රජය ගොවියන්ගේ සුබසාධනයට සැළකිල්ල යොමු කරයි

ඉන්දියාව සහ ඕමානය උපායමාර්ගික සබඳතා ශක්තිමත් කරගනිති