ඉන්දියාව කොමොරොස් සහ සියෙරා ලියොන් සමගින් පවත්වාගෙන යන සබඳතා ශක්තිමත් කරගනියි

අෆ්‍රිකානු මහාද්විපය සමග සබඳතා තර කරනු වස් ඉන්දිය උප ජනාධිපති වෙන්කියා නායිඩු මහතා මෑතදි කොමොරොස් සහ සියෙරා ලියොන් යන රාජ්‍යවලට චාරිකා කළේය. සාගර කලාපිය අසල්වාසි රාජ්‍යක් හැටියට ඉන්දියාව තම ප්‍රගතිය පිළිබඳ අත්දැකිම් කොමොරොස් රාජ්‍යය සමග බෙදා ගැනිමට සුදානමින් සිටි. ඉන්දියාව කොමොරොස් දිවයිනේ ත්ථිරසිර සංවර්ධන සහකරුවෙකු ලෙසින් කටයුතු කිරිමට කැමැත්ත කළ කර ඇත.

උප ජනාධිපති වෙන්කියා නායිඩු මහතා ජනාධිපති අජ්ලි අසෝමනි සමග සාකච්ඡාවක් පැවැත්විය. නායක දෙපොල අතර විවිධ අවස්ථා පිඵිබඳ සාකච්ඡා පැවැත්වුණි. නවීකරණය කළ හැකි බලශක්ති සහ සනිපාරක්ෂාව සම්බන්ධ ආර්ථික සහයෝග ද ඔවුන්ගේ සාකච්ඡාවට ඇතුලත් විය. ප්‍රවෘත්ති තාක්ෂණය; සහ සාගර ආරක්ෂාව ද සාක්ච්ඡාවට ඇතුලත් විය.

අරක්ෂක කටයුතු පිළිබඳ අවබෝධාත්මක ගිවිසුමක් ද අත්සන් කරනු ලැබිය. දෙරට අතර සංචාරය කිරිම සඳහා රාජතාන්ත්‍රික හා නිලධාරි මට්ටමේ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා වීසා බලපත්‍ර අවශ්‍ය නොවනු ඇත.

මොරොනි නම් ස්ථානයේ හි මෙගාවොට් 18ක විදුලි බලාගාරයක් පිහිටුවිම හා ඇමරිකානු ඩොලාර් මිලියන 41;6 කවෘත්තිය පුහුණු කේන්ද්‍රයක් ද පිහිටුවිමේ ඉන්දියා ආධාරය නිසා දෙරට අතර සම්බන්ධතාවය තව තව ශක්තිමත් බවට පත් විය.

ඉන්දියාව ඩොලාර් මිලියනයක් වටින ඖෂධ ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1000ක සහල් ඩොලාර් මිලියන 1ක නෞකා ප්‍රවාහන උපකරණ සහ සතුරු නෞකා පළවා හැරිය හැකි නෞකා ද එරටට පරිත්‍යාග කර ඇත. ඒ හැරෙන විට අධිවේගි සතුරු නෞකා ලුහු බඳින නෞකා ද සැපයිම සඳහා ඉන්දියාව ඩොලාර් මිලියන 20ක ආධාරයක් නිවේදනයට පත් කර ඇත. රටවල් දෙකම විද්‍යා භාරති හා ආරෝග්‍ය භාරතී නමින් ටෙලි අධ්‍යාපන හා ටෙලී ඖෂධ ක්‍රමයක් ප්‍රියාත්මක කිරිමට එකඟ වි සිටිති.

ඉන්දියාව හා කොමොරොස් රාජ්‍යය අන්තර්ජාතික කටයුතුවල ඒකාබද්ධ වි ක්‍රියා කරන අතර මෑතදි ලෝක ප්‍රජාව මූණ පාන විවිධ ප්‍රශ්න සාකච්ඡා කිරිමේදි කොමොරොසය ඉන්දියාවට සහයෝග ලබා දි ඇත. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරිම හා ආක්ෂක මණ්ඩලය සංශෝධනය කොට ඉ්නිදායාවට නිත්‍ය සාමාජිකත්වය ලබා දිම සඳහා ද කොමොරොස් රාජ්‍යය විශේෂ සහයෝග ලබා දී ඇත.

කොමොරොස් රජයේ අවශ්‍යතා අනුව එරටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් සෑම ආධාරයක්ම ලබා දිමට ඉන්දියාව සහතික වී ඇත. තම දෙවන පියවරය වශයෙන් වොන්කියා නායිඩු මහතා සියෙරා ලියොන් වෙත චාරිකා කළේය. ඉන්දියාවේ ඉහල පෙලේ නිලධාරියෙක් සියෙරා ලියොන් වෙත චාරිකා කරන මෙය ප්‍රථම අවස්ථාව වේ. පොදු අමශ්‍යතා වෙනුවෙන් රටවල් දෙකම ඉතා උණුසුම් මෙන්ම මිත්‍රත්ව සම්බන්ධතාවයක් පවත්වාගෙන යයි. මෙ සුහදතාවය අන්‍යෝන්‍ය අවබෝධය පදනම් වි පවති.

මාස තුනකට පමණ පෙර එරටේ පැවැත්වු මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදි මුහුණුවරින් පැවැත්විමට හැකි විම ගැන ඉනිදියාව සිය සතුට පළ කර ඇත. පසු ගිය වසරේ එරටේ ජනාධිපතිවරයා ලෙසින් තේරිපත් වීම ගැන නාය්ඩු මහතා ජනාධිපති බියෝ මහතාට සිය ප්‍රශංසාව පළ කළේය.

ඉන්දියාව ඉතා කිට්ටුවෙන් සියෙරා ලියොන් සමග කටයුතු කරයි. එරටේ සාමය පිහිටුවිමට හැකි විමෙන් අනතුරුව ප්‍රථම වරට එක්සත් ජාතින්ගේ ආරක්ෂක හමුදාවට අෆ්‍රිකාවේ හමුදා පත් කර එවන ලද ප්‍රථම රට සියෙරා ලියොන් වේ.

උප ජනාධිපති වෙන්කියා නායිඩු ජනාධිපත් ජුලියස් මාඩා බියෝ සමග කලාපිය මෙන්ම ගෝලිය ප්‍රශ්න ගැන සාකච්ඡා පැවැත්විය. දෙරට අතර දිර්ඝ මිත්‍ර සම්බන්ධතාවය දිගටම පවත්වාගෙන යාමට නායක දෙපොල එකගතා පළ කළහ.

ප්‍රවෘත්ති තාක්ෂණය; ආහාර ඇහිරිම්; කෘෂිකර්මාන්ත හා සංවර්ධන අදෝව්‍යුහ එරටේ වාණිජ්‍ය අංශ සමග සමව බෙදා ගැනිමට ඉන්දියාව කැමැත්ත පළ කර ඇත.

දියුණුවේ මාර්ග අනුගමණය කරමින් ඉන්දියාව සියෙරා ලියොන් සමග එරටේ විවිධ අංශ දියුණු කිරිම සඳහා ඇමරිකානු ඩොලාර් මිලියන 117.5ක ණය ආධාරයක් සියෙරා ලියොන් වෙත නිවේදනය කර ඇත. ඒ හැරෙන විට එරටේ ටොම්බුම් නම් ස්ථානයේ ස්වයංපෝෂිත උත්පාදනයක් සඳහා ඇමරිකානු ඩොලාර් මිලියන 30ක ආධාරයක් ඉන්දියාව නිවේදනයට පත් කර ඇත.

විද්‍යා භාරතී මහ ආරෝග්‍ය භාරති නමින් ටෙලී අධ්‍යාපන හා ටෙලි ඖෂධ සැපයිම සඳහා ඉන්දියාව සියෙරා ලියොන් සමග අවබෝධාත්මක ගිවිසුම් කිහිපයකටද අත්සන් කර ඇත. සිය මිත්‍රත්වය තහවුරු කිරිමක් වශයෙන් ඉන්දියාව සියෙරා ලියොන් වෙත සහල් මෙට්‍රික් ටොන් 1000ක් යැවිමට සුදානම් වි සිටි.

පිටපත: AIR ප්‍රවෘත්ති විශ්ලේෂක පදම් සිං.

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ