වැඩිවේගෙන යන ඉම්රාන්ගේ කරදර

පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දින දෙකක චීන චාරිකාවකට නිරතවිය. පාකිස්තානයේ හමුදාපති ජෙනරාල් ඛමාර් ජවේද් බජ්වාත් චින හමුදාපති ජෙනරලාල් ඡං යෞජියාව සහ චින මහජන විමුක්ති බලකායේ (PLA), ජ්‍යෙෂ්ඨ බලධාරින් පිරිසව හමුවිමට ඛාන් මහතාගේ සංචාරයට හරියටම දිනකට පෙර පෙයිජිං නගරයට සේන්දුවිය. ජෙනරාල් බජ්වා චින ජනාධිපති ෂි ජින්පිංග් සහ අග්‍රාමාත්‍ය ලි කකියංග් අතර පැවැත්වු සාකච්ජාවට සම්බන්ධ විය. මෙම වසරක පමන කාලය අතරතුර සිදුවුනු මෙය ඉම්රාන් කාන්ගේ සතරවන චින චාරිකාවද වේ.

එම හමුවෙන් ඒකාබද්ධ ප්‍රකාශණයක් පිරිනැමු රටවල් දෙක, “ නවයුගයේ හවුල් අනාගතයේ පොදු අවශ්‍යතා යටතේවු ”, “ සෑම දේශගුණයකටම ඔරොත්තු දෙන පාකිස්තාන් - චින උපායමාර්ග සහයෝගාත්මක හවුල්කාරත්වය තවදුරටත් ශක්තිමත් කරගැනිම” එම හමුවේ ඉලක්කය ලෙසින් තවදුරටත් පෙන්වාදි ඇත.

බළාපොරොත්තු වුනු විධියෙන්ම එම ප්‍රකාශණයේ ඡේදයක ජම්මු සහ කාශ්මිරයේ පසුබිමත් ඇතුලත් කොට ඇත. එකසත් ජාතින්ගේ සංවිධානයේ යෝජනාවට පාකිස්තානයේ සැළකිල්ලට සෑහිම පලකරමින් ඉන්දියාව සමගින් ප්‍රශ්ණය ද්විපාර්ශ්විකව විසඳා ගන්නා ලෙසින් පෙයිජිං පරිපාලනය පාකිස්තානයට පැහැදිළි පණිවිඩයක් නිකුත්කොට ඇත.

ඉමරාන් මහතාගේ එමම චාරිකාව චීන ජනාධිපති වරයාගේ ඉන්දිය චාරිකාවට හරියටම දිනකට කලින් සිදුවිය. ඒ අතරම මුල්‍ය කාර්‍යසාදක බලකාය (Financial Action Task Force), (FATF), තමන් විසින් පිරිනමා තිබුනු කොන්දේශි නියමාකාරව ක්‍රියාත්මක නොකිරිම හේතුවෙන් තම 'අළුපාත' (grey) ලයිස්තුව තුලින් පාකිස්තානයේ නම දැන් තම 'කළුපාත' (black) ලයිස්තුවට ඇතුලත් කරගැනිම සඳහා සාකච්ජාවන්හි නිරතවි යන මධ්‍යයේ මෙම චාරිකාව සිදුව ඇත. ඛාන් මහතා සහ ජෙනරාල්.බජ්වා චින නායකයින් සමගින් පවත්වන ලද සාකච්ජාවන්හි කාශ්මිරය ඈඳාගෙන තිබිම අනපෙක්ෂිත දෙයකුත් නොවුනු අතරට දෙරටම එකම පීල්ලේ යන පැහැදිළි පණිවිඩයක් එයින් විදහාලිමක් සිදුව ඇත. කෙසේ නමුදු, පසුබිමේහි අතිශය වැදගත් දෙය, දකුණු ඉන්දිය මාමල්ලපුරම්හි (Mamallapuram) මෑතදි සිදුවනු ජනාධිපති ෂිගේ සහ අග්‍රාමාත්‍ය මෝදිගේ හමුවේදි චින නායකයා එම ප්‍රශ්ණය ගැන කිසිදු වචනයක්වත් සඳහන් කොට නොතිබිමවේ.

ඒ අතරම, එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ සැසියේහි ඛාන් මහතා පිරිනමන ලද කථාවට සහ ඔහුගේ චින සංචාරය ගැනද පාකිස්තානය තුලම නොසෑහෙන විධියේ මිශ්‍ර ප්‍රතිචාර පළවි ඇත. පාකිස්තානයේ මාධ්‍යවේදින්ගේ සෑම තක්සේරුවක්ම වඩාත් යථාර්තවාදි බවක් දක්නට ලැබුනි. ඛාන් මහතා මොනයම් විධියෙන්හෝ පාකිස්තානය තුල තම දේශපාලනමය බලපෑම් හුවා දැක්විමට ප්‍රයත්න දෙරුවද ජම්මු සහ කාහ්මිරයට අදාල ඉන්දිය ව්‍යවස්ථාදායානු නීති වගන්ති අංක 370 සහ 35 A ඉවත්කොට දෙමිමේ පියවරයට එරහිව ගෙන යන ජාත්‍යන්තර බලපෑම් මුළුමනින්ම අසාර්ථක බවත් යන හැඟිමක් ඔවුන් අතරද දැන් පහලව ඇත.

මෙයට කලිනුත් ජුල්ෆිකර් අලිභුත්තෝ, බෙනෂිර් භුත්තෝ සහ නවාස් සැරිෆ් වැනි පාකිස්තානයේ නායාකයෝ එවැනි හා සමාන ප්‍රකාශ පිරිනැමුවද කාශ්මිරය සම්බන්ධ ඉන්දිය ආකල්ප වලට එයින් කිසිදු බලපෑම් එල්ල නොවිය. එවැනි පසුබිමක චීනය ඇතුළුව ජාත්‍යන්තර සමාජය අතර ඉන්දියාව ගැන ඔවුන්ගේ වැරදි ආකල්ප නොකඩවාම දුරුවියාම තවදුරටත් සිදුවිය. ජාත්‍යන්තර වේදිකාවන්හි තිබෙන ඉන්දිය තැන නොකඩවාම තහවුරුවිම තවදුරටත් සිදුවිය.

කාශ්මිරය සම්බන්ධයෙන් ඉන්දියාව රැගත් පිලිවෙතින් ඉම්රාන් ඛාන් ඇතුළු ඔහුගේ මුළු සගයින්ටත් පාකිස්තාන් දේශපාලන භූමියේහි දැන් ඇදගත හැකි විෂයකුත් නොමැතිවිය. මෙවැනි පසුබිමක විපක්ෂ බලවේගවල් වලින් එල්ලවන ප්‍රශ්ණ වලින් මිදිමටද ඔවුන්ට දැන් මාර්ග අහිමිවිගොස් ඇත. අළුතින් දේශපාලන භුමියට පිවිසුනු ඉම්රාන්ට දැන් හැම පැත්තැන්ම අභියෝගවල් එල්ලවි ඇත. විපක්ෂ බලවේගයේ නායකයෙක් වන බිලවාල් භුත්තෝට අනුව “ඉම්රාන් ඛාන් පාකිස්තාන් හමුදාවේ රූකඩයෙක් බවත් පාකිස්තාන් ආරක්ෂක බලකායේ අවශ්‍යතාවය යටතේ ඔහු නටන” බවය. පාකිස්තානය තුල මතුවි තිබෙන මෙවැනි අභ්‍යන්තර ප්‍රශ්ණ යටතේ මව්ලානා ෆස්ලුරු වැනි පිරිසත් එම අස්ථාවර පසුබිමින් අනිසි දේශපාලනමය වාසින් දිනාගැනිමට නොකඩවාම ප්‍රයත්නයන්හි නිරතවි සිටිති.

ඉම්රාන් ඛාන්ට දැන් උද්ධමනය, රැකියාවිරහිතතාවය සහ ආදායම සහ ආයෝජන පහත වැටිගෙන යාම වැනි ප්‍රශ්ණ වලට මැදිවිමට සිදුව ඇත. ගෝලිය වෙළඳපොල නිරික්ෂකයින්ගේ සහ උපදේශන කණ්ඩායම් වලට අනුවත් පාකිස්තානයේ ආර්ථිකය ගැන මෙන්ම වෙළඳපොල ගැනත් පාකිස්තාන් වැසියන් අතර තිබෙන විශ්වාසය මුළුමනින්ම පහත වැටිගොස් ඇති බවය. ආර්ථික වර්ධන ක්ෂේත්‍රයෙන් ඉන්දියාව ලද 62.9 අංකයට එරහිව පාකිස්තානයේ අංකය හුදු 33.8 ක් ලෙසින් පෙන්නුම්කොට ඇත. පාකිස්තානයේ ආර්ථිකය ගැන පුර්වෝකථන පිරිනමා ඇති පුද්ගලයින්ගේ 79 % ක පමන පිරිසක්ම පාකිස්තානයේ ආර්ථිකය අතිශය නකාරාත්මක දිසාවකට යොමුවිගෙන යන බවය.

පාකිස්තානයේ පසුබිම නොකඩවාම අයහපත් අතට හැරිගෙන යන මධ්‍යයේ ඉම්රාන් ඛාන් මහතාගේ ජනප්‍රියත්වයත් නොඩකඩවාම පහත වැටිගොස් ඇත. මෙවැනි පසුබිමක බිලවාල් සහ නවාස් සැරීෆ් යන දෙදෙනාම ෆස්ලුර් රෙහමාන්ගේ කටයුතු සනාථ කරමින් ඉම්රාන් ඛාන් සහ පාකිස්තාන් හමුදාව සහ ඔහු අතර ඇති සමිපත්වය ගැන තක්සේරුවකට නිරතවි සිටිති. 

පිටපත: IDSA අධ්‍යයන ආයතනයේ, දකුණු ආසියා මධ්‍යස්ථානයේ, ජ්‍යෙෂ්ඨ සාමාජික සහ සම්බන්ධිකාරක, ආචාර්‍ය. අශොක් බෙහුරියා 





Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ