දකුණු චින සාගරය : විභවය වන නව ජ්වලනාංකයක්
චිනය දකුණු චින සාගරයේ රතු - රේඛාව ඉක්මවාගොස් ඉන්නොනැවති ජාත්‍යන්තර න්‍යාමයන්ද උල්ලංගණය කරමින් වියේට්නාමයේ විශේෂ ආර්ථික කලාපයට (Exclusive Economic Zone), (EEZ) කඩාවැදි ඇත. චින නිරික්ෂණ නව්කා වියේට්නාම් වෙරළබඩ ප්‍රදේශය සිට සාගර සැතපුම් 60 ක පමන ඈතකින් සාගරය අවට ගැවසි සිටිය බව වියේට්නාමය තවදුරටත් චෝදනා එල්ලකොට ඇත. මුහුණට මුහුණලා සිදුවුනු එම ගැටුම ගැන කරුණ දැක්වු වියේට්නාමය එයින් වියේට්නාම් ආර්ථික සුරක්ෂාවටද තර්ජන එල්ලකෙරුනු බව යැයි සඳහන් කොට ඇත. මෙයින් දෙරටේ සම්බන්ධතාවයට පහරක් එල්ලවි ඇත.
අඩුමතරමින් චින නිරික්ෂණ නව්කා සතරක් වියේට්නාමයේ ෆුකි (PhuQuy) දිවයින අග්නිදිගින් කි.මි. 102 ක පමන ඈතකින් සහ වියේට්නාමයේ දකුණ, ෆන් ටියේට් (PhanThiet) නගරයට කි.මි. 185 ක පමන ඈතින් වියේට්නාම් විශේෂ ආර්ථික කලාප ප්‍රදේශ නිරික්ෂණ සිදුකොට තිබුනු බව වාර්තා මගින් තවදුරටත් පෙන්වාදි ඇත.
වියේට්නාමයේ එම විශේෂ ආර්ථික කලාපය එරටේ වෙරළ සිට සාගර සැතපුම් 200 ක (කි.මි.370 එසේ නැත්නම් සැතපුම්. 230) පමන දුරකින් පිහිටා තිබෙන ඇත. ජාත්‍යන්තර සම්මුතීන් යටතේ සම්පත් ගවේෂණ කිරිමට ඊට සමීප රටට ඉඩ සලස්වාදි ඇත. දකුණු චින සාගරය අවට සාමය සහ ස්ථිවරත්වය අපෙක්ෂා කරන රටවල් ගණනාවක්ම දකුණු චින සාගරයේ එම කලාපයෙන් තම නව්කා ක්ෂණිකව ඉවත්කොට ගන්නා ලෙසින් චිනයෙන් ඉල්ලා සිටිති.
වියේට්නාම් වෙරළබඩ ප්‍රදේශ අවට චින නව්කා සමිපවිම හැනොයි පරිපාලනයේ සාගර ශක්තියට එරහිව පෙයිජිං පරිපාලනය තම ඒකාධිකාරත්වය හුවා දැක්විමට දෙරු ප්‍රයත්නයක් ලෙසින්ද පෙන්නුම් කොට ඇත. මෙවැනි පසුබිමක යටතේ වියේට්නාම් තෙල් සහ ගෑස් ගවේෂණ කාර්‍යන්ට මෙන්ම රුසියන් පෙට්‍රෝලියම් සමාගමක් වන ‘Rosneft’ සමගින් ගෙනයන ඒකාබද්ධ ගවේෂණ කාර්‍යන්ටද අතිශය බාධා එල්ලවිම් සිදුව ඇත. චිනය සහ වියේට්නාමය අතරට මෙයට කලිනුත් බලශක්ති සම්පත් වලින් සමෘද්ධි චින සාගරයේ එම අතිශය කාර්‍යශීලි සාගර තීරය සහ නිව්කා ගමනාගමන මාර්ගය යටතේ ආරවුල් ඇතිකරගෙන තිබුනු අතරට වියේට්නාමයේ විශේෂ ආර්ථික කලාපය අවට නිරික්ෂණ කාර්‍යන්හි නිරතිවිමේ සිද්ධියත් සමගින්ම එම ආරවුල්ල තවදුරටත් උස්සන්නවි ගියේය. චිනය සහ වියේට්නාමය අතර එම ප්‍රශ්ණය තුලින් පසුගිය මස කිහිපය අතරතුර නොකඩවාම වාචික හුවමාරු සිදුව ඇත. සමහරවිට මෙය චීන ජනාධිපති ෂි ජින්පිංගේ චින ආධිපත්‍යයක් ගැනවු සිහිනය අංගසම්පුර්ණ කරගැනිමකට දෙරු ප්‍රයත්නයක් ලෙසිනුත් දක්නට ලැබුනි. කොමියුනිස්ට් ජනරජය ගොඩනගා හරියටම වසර 70 පිරුනු මොහොතේදිම මෙම සිද්ධිය සිදුවිමත් අහම්බෙන් නොවුනු දෙයක් ලෙසිනුත් දක්නට ලැබේ. පෙයිජිං පරිපාලනය වියේට්නාම් වෙරළ ප්‍රදේශ අවට විශාල සාගර කලාපයක් තම ඒකාධිකාරත්වය හුවා දක්වාගෙන යන අතරට එම සාගර කලාපයේ අයිතිවාසිකම් පානා හැනොයි පරිපාලනයත් තම සාගර ප්‍රදේශ තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු සඳහා ඉන්දියාව සහ රුසියාව යන රටවල් දෙකට ඉඩ ලබාදි ඇත.
චිනයේ එවැනි හැසිරිම් මැඩපවත්වා දෙමිම් සඳහා යාන්ත්‍රන සහ ආයාතනාත්මක සැකසුම් ගණනාවක් ගොඩනගා ඇත. එම යාන්ත්‍රන සහ ආයතනාත්මක සැකසුම් දැනුනුත් නොකඩවාම ක්‍රියාත්මක කරගෙන යයි. කෙසේ නමුදු එස ප්‍රයත්නවල් මේ දක්වා සාර්ථකවු බවත් දක්නට නොමැත. ආසියාන් (ASEAN) හෙවත් අග්නිදිග ආසියානු ජාතින්ගේ සංවිධානයත් (Association of South East Asian Nations), එම දකුණු චින සාගරය අවට සාමය, ස්ථාවරත්වය සහ ඊට අදාල යාන්ත්‍රන සහ සැකසුම් ඉදිරියට ගෙනයාම සඳහාත් අතිශය ප්‍රයත්නයන්හි නිරතවි සිටියි.
2019 වසර ජුනි මස පවත්වන ලද ASEAN විදේශ අමාත්‍ය වරුන්ගේ හහමුවේදිත් දකුණු චින සාගරය අවට පෙයිජිං පරිපාලනය සිදුකරගෙන යන ව්‍යාප්තකරණයට අතිශය සැළකිල්ල දෙක්විම සිදුවිය. ඊට අදාළ දැඩි ප්‍රකාශනයකුත් ඉදිරිපත් කොට ඇත. තම යෝජිත බැංකොක් (Bangkok) හමුවේදි එම විෂයට දැඩි සැළකිල්ල යොමුකොටදීමට සැරසෙන ASEAN කවය කලාපයේ සාමයට සහ ස්ථාවරත්වටද තර්ජන එල්ල කෙරෙන අනවශ්‍ය කටයුතු වලින් ඉවත්ව සිටින ලෙසින් චිනයට බලපෑම් සිදුකිරිමට බළාපොරොත්තු වේ. සත්කාරක සහ කවයේ වර්තමාන සභාපති රාජ්‍යය වන තයිලන්තය 35 වන ASEAN ශිඛර සමුළුවේ (ASEAN Summit 35) සහ 14 වන නැගෙනහිර ආසියා ශිඛර සමුළුවේ (East Asia Summit 14) ප්‍රකාශණ ඉදිරිපත් කලයුතුව ඇත. චිනයට නීතියානුකුලව එම සම්මුතින්ට බැඳී සිටිමට පැළඹවිය යුතු අතර එසේ කලහොත් පමනක් එම ASEAN ප්‍රයත්නයන් සාර්ථක කරගැනිමට ඉඩගෙනදෙනු ඇත.
ඉන්දිය දකුණු චින සාගරය සම්බන්ධ පිලිවෙත එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාගරය සම්බන්ධ න්‍යාමයන් යටතේ රඳා ඇත. දකුණු චින සාගර නොසන්සුන්තාවය ජාත්‍යන්තර සාගර වෙළඳාම් කටයුතු වලට බලපෑම් එල්ලනොවිමක් ගැන ඉන්දියාව තවදුරටත් බළාපොරොත්තු පලකරයි. දකුණු චින සාගරය අවට වාර්ෂිකව US $ ත්‍රිලියන5 ක් පමන වටිනා වෙළඳාමයක් සිදුකෙරේ. මලක්කා තිරය (Straits of Malacca) ඉන්දිය සාගරය සහ දකුනු චින සාගරය යාකරවන මංසන්ධිය වේ. සුවෙස් ඇලට (Suez Canal) වඩා පස්ගුණයකට වඩා විශාල වෙළඳාමක් එම මාර්ගය හරහා සිදුකෙරේ.
ඉන්දියාව කලාපයේ ඉන්දුනිසියාව, සිංගප්පුරුව, වියේට්නාම් සහ පිලිපින් යන රටවල් සමගින් අතිශය ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යයි. අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මොදි මහතාගේ ‘Act East’ Policy ප්‍රතිපත්තිය යටතේද එම රටවල් රැසට අතිශය තැනක් පිරිනමා ඇත.
පිටපත: නැගෙනහිර ආසියා සහ ඉන්දිය සාගර උපායමාර්ග කටයුතු විශ්ලේෂක, මහචාර්‍ය. බාලදාස් ගොෂාල්
Comments
Post a Comment