සතරමං සන්ධියක සිරවුනු ඉරාකය

ඉරකයේ තරුණයෝ දූෂණය, රැකියාවිරහිතභාවය සහ රටේ අභ්‍යන්තර ප්‍රශ්ණ වලට ඉරන සහ ඇමරිකාන් ඇඟිලි ගැසිම් වැනි කරුණු වලට එරහිව පසුගිය මාස දෙකක තිස්සේ විරෝධතා පලකරගෙන ගියෝය. නජාබ් (Najaf), කර්බාලා (Karbala), බස්රා (Basra) සහ බැග්ඩෑඩ් (Baghdad) ඇතුළුව ඉරාකයේ නගර ගණනාවක පැතිරිගිය එම රාජ්‍ය විරෝධි ව්‍යාපාර පසුව දැවැන්ත මහජන රැළිවලට හැරි අනතුරුව ක්‍රමිකව එය නොහික්මුණු සිවිල් උද්ඝෝෂනයක් ලෙසට හැරිගියේය. ඉරාන විප්ලවකාරි භටයින්ට (Iranian Revolutionary Guards Corps), (IRGC) වඩාත් සමිප පොපියුලර් මොබිලයිසේෂන් ෆෝර්ස් බලකාය (Popular Mobilisation Forces) (PMF) සහ විරෝධතකරුවන් අතරට සිදුවුනු ගැටුම් මගින් අඩුම තරමින් පුද්ගලයින් 400 ක් පමන පිරිසක් ජිවිතක්ෂයට පත්වි ගිය බවත් වාර්තාවි ඇත.

වර්තමාන රජයට ලබාදිගෙන යන සහයෝගය ඉවත්කොට ගැනිමට සළකා බලාගෙන යන බව අතිසය බලගතු සියටි නිකායට අයත් මුස්ලිම් පූජක අයටොල්ලාහ් අලි අල්-සිස්තානි පාර්ලිමේන්තුවට පිරමනලද කථාවත් සමගින් අග්‍රාමාත්‍ය අධෙල් අබ්ඩුල් - මහ්දිගේ ඉල්ලා අසිවිමද සිදුවිය. ඉරාක පාර්ලිමේන්තුව දින දෙකකින් අනුතරුව අග්‍රාමාත්‍ය වරයාගේ එම ඉල්ලා අස්විමේ ඉල්ලිම පිළිරැගෙන අළුතින් අග්‍රාමාත්‍ය වරයෙකු තෝරාපත්කොට ගන්නා ලෙසින් ජනාධිපති තුමන්ගෙන ඉල්ලා සිටියේය. එම පරිවර්තන ගැන ගණනකටවත් නොරැගත් විරෝධතාකරුවෝ දැන් අගනගරයේ තහ්රිර් ස්ක්ව්‍යාර් (Tahrir Square) චතුරශ්‍රයතෙක් තම විරෝධතා කටයුතු ව්‍යාප්තකොට ඇත.

ඉරාක තරුණයින්ට මෙවැනි දැඩි පිලිවෙතක් අනුගමනය කිරිමකට තුඩුදුන් මුලික කරුණ ඔවුන්ට මැදිවිමට සිදුවි තිබෙන ආර්ථිකමය දුෂ්කරතා සහ දූෂණවේ. 2003 වසර සිදුවුනු එක්සත් ජනපද ආක්‍රමණය සමගින්ම ඉරාකයට නොකඩවාම කණ්ඩායම්වාදි ගැටුම් සහ සිවිල් යුද්ධයකට මැදිවිමට සිදුවුවාය. නොකඩවාම මැතිවරණ පැවැත්වුවද දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනගාගැනිමට නොහැකිවුවාය. ඉරාකයට ජාත්‍යන්තර වෙළඳපොලට වැඩියෙන්ම තෙල් අපනයන කරන රට බවට පත්විමට හැකිවෙත්දිත් රටේ ආර්ථිකය නැවත ගොඩනගා ගැනිමට එරටට නොහැකිවුවාය. මෙයට මුලික කාරණය දේශපාලන කවයේ ප්‍රචලිත මුල්‍ය සහ සම්පත් හසුරුවිම් ක්ෂේත්‍රයේ සහ දුෂනය වේ.

අරාබි කරයේ මතුවුනු ”අරාබි වසන්ත”(Arab Spring) ව්‍යාපාරයෙන් අරබිකරයට මැදිවිමට සිදුවුනු ප්‍රශ්ණ තවදුරටත් අයහපත් අතට හැරියාමට තුඩුදි ඇත. 2013-14 යන වසර අතරතුර මුළු ඉරකාය පුරාම ඩයිඑස් (Dae’sh) හෙවත් අයි එස් අයි එස් (ISIS) ත්‍රස්තවාද ව්‍යාපරය ව්‍යාප්තවි ගොස් 2014 වසර ජූනි මස වනවිට ඉරාකයෙන් අඩක් “කාලිෆ් වරයාගේ අණසක ප්‍රදේශයක්” (Caliphate) ලෙසට ප්‍රකාශයට පත්වි ගියාය. අර්බුදකාරි පසුබිම් මධ්‍යයේ මෝසුල් නගරය ත්‍රස්තවාදින් අතින් ගිලිහියාම් සහ ඩයිඑස් වරු පරාජයට පත්ව ගියද ඉරාකයට නැවත ගොඩඒමට හෝ ඉරාකින්ට නැවත හිස එසුවා ගැනිමට හෝ බැරිවුවෝය. 

ඉරාකයට 2018 වසර මෙයි මස තවත් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ගැනිමට හැකිවුවාය. ඉරාක වැසියෝ එම මැතිවරණය ගැන විශාල බළාපොරොත්තුවක් ඇතිකරගත්තද මුළු රටපුරාම පැතිරිගිය රැකියාවාරහිතභාවය, අවිචාරාත්මක දේශපාලන රටාව සහ බෙදිනුවාදය යන රෝගයෙන් මිදිමට අසමත්වුවාය. බෙදිමකින්යුත් ඡන්ද ප්‍රතිඵල තුලිනුත් එම ප්‍රශ්න තවදුරටත් අවුලකොට ඇත. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වාගෙන මාස පහකින් පසුව බොහෝ දුෂ්කරතා මැද අවශානයේදි රජයක් ගොඩනගා ගැනිමට හැකිවුනි. අධෙල් අබ්ඩුල් - මෙහෙදි මහතා 2018 වසර ඔක්ටෝබර් මස අග්‍රාමාත්‍ය වරයා ලෙසින් තෝරාපත්කොට ගත්තද ඔහුට කිසිසේත්ම මහජනතාවගේ විශ්වාසය දිනාගැනිමට අසමත්විය. 

ඉරකායේ තරුණයන් අතර මතුවි ඇති අනිත් ප්‍රශ්ණය ඉරාකයේ අභ්‍යන්තර ප්‍රශ්ණ වලට ඉරාන ඇඟිලි ගැසිම් වේ. 2003 වසර සිදුවුනු සද්දාම් හුසේන් රෙජිමය බිඬවැටිමත් සමගින්ම අතිසය ශක්තිමත් ඉරාන දේශපාලනමය සහ හමුදාමය බලපෑම් ඉරාකයට එල්ලවිම ආරඹවිය. IRGC හෙවත් ඉරාන විප්ලවකාරි බලකාය අතින් පුහුණු ලද සියා මුස්ලිම් සමාජයට අයත් PMF බලකාය ඩයිඑස් ත්‍රස්තවාදින් පරාජයට පත්කිරිමේ කාර්‍යයේහි අතිශය වැදගත් කාර්‍යභාරයක් ඉටුකොට ඇත. 2018 වසර මෙයි මස පවත්වන ලද පාර්ලමේන්තු මැතිවරණයෙන් අනතුරුව වුවද රජයක් ගොඩනගා ගැනිමට ප්‍රමිදත්වයකට මැදිවමට හේතුවුයේ ඉරාන මැදිහත්විම නිසා බව සමහරක් පිරිසගේ සැකයක් වි ඇත. 

ඇමරිකාව සහ සව්දි අරාබියාව වැනි ගල්ෆ් කලාපිය අසල්වැසි රටවල් රැසේ රජපවුල් වලින්ද බලඩෑඩයට බලපෑම් එල්ලවි ඇත. ඉරනයේ නව පරම්පරාව එම බලවේගවල් දෙකටම ඔවුන්ගේ මැදිහ්තවිම් ගැ නොසෑහිම් පලකර සිටිති. 

ඉරාකයට විශාල තෙල් සංචිතයක් සතුව ඇත. ගෝලිය විශාල මට්ටමින් තෙල් අපනයන කරන රටවල් අතරට ඉරකායත් ඇතුලත්වේ. සව්දි අරාබියාවෙන් අනතුරුව විශාල විධියෙන් ඉන්දියාට තෙල් සපයන අනිත් දෙවන රට ඉරාකය වේ. 2018-19 යන වසර අතරතුර ඉන්දියාව US$ බිලියන 22.3ක් පමන වටිනා තෙල් තොගයක් ඉරකයෙන් ආනයන කොට ඇත. එම තෙල් තොගය ඉන්දියාව විසින් ආනයන කරන මුළු තෙල් තොගයෙන් 13 % ක් පමන ඇතුලත්වේ. මෙවැනි පසුබිමක ඉන්දියාව ගොලිය තෙල් සැපයුම් පසුබිම ගැන නිවරදි විමසුක යටතේ ඉරාකි අභ්‍යන්තර අවුල්ට අත ගැසියයුතුව ඇත. 



පුබිමේහි ඉරාකි බලධාරින්ට නිවරදි විධියෙන් ප්‍රශ්ණ හසුරුවා ගැනිමට නොහැකිවිමකින් ඉරාකයේ වර්තමාන අවුල තයවදුරටත් දික්ගැස්සි යාමට මුලපුරා ඇත. ඉරාකය දැන් සැබැව අතිසය තිරණාත්මක මං සන්ධියකට මැදිවිමට සිදුව ඇත. මෙම අවුලෙන් මිදිමකට නිවරදි මාර්ග සිතියමක් සමගින් යාන්ත්‍රනයක් ගොඩනගා ගැනිමටද සිදුව ඇත. ඉරාක අස්ථාවරත්වයෙන් මුළු මැදිපෙරදිග කලාපයටම බලපෑම් එල්ලව ඇත. ඉන්දියාවට අනුව ඉරාකට මෙවැනි පසුබිමක, ප්‍රථමයෙන්ම ඉරාකි තරුණයන්ගේ දුකගැණවිලි වලට මුහුණදියයුත බවයි. එවැනි ආකල්පයකින් පමනක් ඉරාකයට ඔවුන්ගේ පුරවැසියන්ට නැවත වරක් සාමය සහ ආරක්ෂාව ලබාදිය හැකිය.



පිටපත: බටහිර ආසියා උපායමාර්ගික කටයුතු විශ්ලේෂක, ආචාර්‍ය. මොහම්මද්.මුද්දස්සිර් කුවාමර්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

නව රජය ගොවියන්ගේ සුබසාධනයට සැළකිල්ල යොමු කරයි

ඉන්දියාව සහ ඕමානය උපායමාර්ගික සබඳතා ශක්තිමත් කරගනිති