ඉන්දු - ප්‍රංශ සබඳතා ඉහල නැංවිමකට
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙම සතියේ සිදුවු ප්‍රංශ චාරිකාව දෙරටේ ද්විපාර්ශ්වික සම්බන්ධතා සහ වසර 20 ක් පමණ ඉපැරැණි 1998 වසර අත්සන් තබන ලද දෙපාර්ශ්වයේ ඒ 'උපායමාර්ගික හවුල්කාරත්වය' ශක්තිමත් කරගැනිමටත් අතිශය හේතුදායිවි ඇත. ජම්මු සහ කාශ්මිරයේ සිදුවේගෙන යන දේශපාලනමය පරිවර්තන මධ්‍යයේ එය ඉන්දිය අභ්‍යන්තර ප්‍රශ්ණයක් ලෙසින් ප්‍රංශය දැක්වු ප්‍රකාශණයෙන් සහ ප්‍රංශය එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේහි එම විෂයට ඉන්දියාවට දැක්වු සහයෝගත් නවදිල්ලිය දිරිමත් කිරිමට අතිශය ආධාරකාරිව ඇත.
අග්‍රාමාත්‍ය වරයා, ඉන්දු - ප්‍රංශ සම්බන්ධතා 'නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය' යන අතිශය ශක්තිමත් පදනම යටතේ සහ දශක ගණනාවක සිට පවත්වාගෙන ගිය සහයෝගිතා මත රඳා තිබෙන බව අවධානය කොට ඇත. හවුල්කාරත්වය සහ කුශලතා සංවර්ධනය, සිවිල් ගුවන් සේවා, පුවත් තාක්ෂණය සහ අභ්‍යාවකාස යන අංශයන්හි ගෙන යන සහයෝගිතා තවදුරටත් ශක්තිමත් කරගැනිමකටවු මාර්ග සිතියමටත් දෙරටම සැලකිල්ල දැක්විම මුලපුරා. ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගිතා සබඳතාවේ 'අතිශය ශක්තිමත් කුළුණ' ලෙසින් පෙන්වා දෙන මොදි මහතා, සැප්තැම්බර් මස ඉන්දියාවය සපයන ප්‍රථම ‘Rafael’ ප්‍රහාරක ගුවන් යානා රැසටත් සුබපැතුම් පුදකොට ඇත. ද්විපාර්ශ්වක හවුල්කාරත්වයට අතිශය වැදගත් තැන්ක් පිරිනමමින් නායකියින් දෙදෙනා, ත්‍රස්තවාදය සහ මුලධර්මවාදය යන ගෝලිය අභියෝගවල්ගැන සැලකිල්ල දක්වමින් 'සුරක්ෂාව සහ ත්‍රස්තවාද මර්දන යන අංශයන්හි වඩාත් පුළුල්වු පිලිවෙත් අනුගමනය කරගෙන සහයෝගය (Financial Action Task Force), (FATF) කින් කටයුතු කරිමට' කැමැත්ත පලකොට ඇත. මුල්‍ය ක්‍රියාකාරි කාර්‍යසාදක බලකාය කවයේහි ඉන්දියාව සහ ප්‍රංශය ගෙනයන සාමුහික ප්‍රයත්නයකින් පාකිස්තානය ණය අපසු නොගෙවන රටක් ලෙසින් හංවඩු ගසමින් එම සංවිධානයේ කළු නාම ලයිස්තවට එක්කරදිමට සමත්විය. 2019 වසර සිට එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ 2462 නීති වගන්තිය යටතේ ත්‍රස්තවාදයට මුල්‍යය සපයා දෙන්නවුන්ට එරහිව කටයුතු කිරිමේ යෝජනාවටද ඉන්දියාව සහ ප්‍රංහය සහයෝගයෙන් කටයුතු කොට ඇත. නයකයන් දෙදෙනා එම සන්දර්භය යටතේ 2019 වසර නොවැම්බර් මස මෙලබොර්න්හි පවත්වන ලද ත්‍රස්තවාදයට මුල්‍ය සපයා දෙන අයට එරහි සටන සම්බන්ධ ජාත්‍යන්තර සමුළුවට අතිශය පිලිගැනිමට ලක්කොටදිම සිදුව ඇත.
මෑතදි නිමාවට පත්වු 'වරුන' නාවික හමුදා සහ 'ගරුඬ' ගුවන් හමුදා අභ්‍යාසයෙන් දෙපාර්ශ්වයේ සුරක්ෂා සහයෝගිතා විදහා දැක්විම සිදුව ඇත. වර්ධනවේගෙන යන ඉන්දු - පැසිෆික් කලාපිය පසුබිමේ වැදගත්කම ගැන අතිශය සැලකිල්ල දක්වමින් ඉන්දියාව සහ ප්‍රං්හය නිදහස් නව්කා ගමනා ගමනයට මෙන්ම සාගර සහ සයිබර් සුරක්ෂාව යන අංහයන්හි වඩාත් සහයෝගයකින් කටයතු කිරිමට සහ සයිබර් සුරක්ෂාව සහ ඩිජිටල් තාක්ෂණයට අදාල මාර්ග සිතියමක් ගොඩනගා ගැනිමටත් එකඟත්වයට පත්ව ඇත. ඉන්දියාව සහ ප්‍රංශය නවීන පරිගණකමය සංවර්ධන මධ්‍යස්ථානයන් අතර ගිවිසුමක් අත්සන් තබමින් “කෘතිම බුද්ධිය” සහ “exascale” වැනි පරිගණකමය සංවර්ධන කාර්‍යන්හි සහයෝගයකින් කටයුතු කිරිමට එකඟත්වය පත්වි සිටිති. ජාත්‍යන්තර සුර්‍ය සන්ධානය වැනි බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතා සහ ආයෝජන තවදුරටත් ඉහල නංවා ගැනිමට තවදුරටත් එකඟත්වයට පත්වි සිටිති.
ඉහල මට්ටමින් සහ වෙළඳ සහ ආයෝජන ප්‍රශ්න ගැන සැලකිල්ල දැක්විමට මුල්‍ය සංවාද පවත්වා ගැනිමටත් දෙරටම එකඟත්වයට පත්ව ඇත. සිවල් සම්බන්ධතා යටතේ 2021-22 වසර අතරතුර ‘Namaste France’ වැඩසටහන නැවත වරක් ක්‍රියාත්මක කරගැනිමට අපෙක්ෂා කරති. සිසුන් හුවමාරු වැඩසටහන් තවදුරටත් ඉහල නංවා ගැනිමට ඉන්දියාව හා ප්‍රංශය බලාපොරොත්තු වෙති. 2022 වසර සිදුවිමට නියමිත ඉන්දියමිනිස් සහිත අභ්‍යාවකාස මෙහෙවරයේ සෞඛ්‍ය සේවා අංශයට ප්‍රංශය තම සහයෝගය ලබාදිමට අපෙක්ෂා කරයි. අග්‍රාමාත්‍ය මෝදි මෙම චාරිකාව අතරතුර පැරිසියේහි ඉන්දිය සම්භව්‍ය ජනතාව ඇමතිම සිදුකොට ඇත.
කලාපිය ප්‍රශ්ණ ගැන සැලකිල්ල දක්වමින ඉන්දියාව සහ ප්‍රංශය ඉරාන න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් ඒකාබද්ධ පුළුල්වු ක්‍රියාකාරි සැළසුමක් යටතේ කටයුතු කිරිමට තවදුරටත් එකඟත්වයට පත්වි ඇත. එය සංවාදාත්මකව විසඳා ගැනිමටත් දිරිගන්වයි. G7 ශිඛර සමුළුවට සහභාගිවන ලෙසින් ජනාධිපති මැක්‍රොන් විසින් කල ආරාධනය පිට මෝදි මහතා මෙම චාරිකවට නිරත විය. මෙයින් මෝදි මහතාට G7 කන්ඩායමේ නායකිය්න සමගින් සාකච්ජා කිරිමටත් මාර්ගය පෑදුනි. ඉන්දියාව සහ ප්‍රංශය පුළුල්වු, දිරිගන්වන සහ බහු පැතිකඩවලින්යුත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යයි.
පිටපත: JNU විශ්වවිද්‍යාලයේ යුරෝපා කටයුතු අධ්‍යන මධ්‍යස්ථානයේ සභාපති, මහාචාර්‍ය. උම්මු සල්මා බාවා ගෙන්
Comments
Post a Comment