ට්‍රම්ප් ඊශ්‍රායෙලි ජනාවාස නීතිගත කරයි

එක්සත් ජනපද රාජ්‍යලේකම් මයික් පොම්පියෝ මහතා විසින් ඊශ්‍රාලය විසින් යටපත්කරගත් ප්‍රදේශවල ගොඩනගාගත් ජනාවාස සම්බන්ධයෙන් කල අනපේක්ෂිත ප්‍රකාශණය 1967 වසර ජූනි මස සිදුවුනු එම යුද්ධය සිට කිසිදු පක්ෂබේදයකින් තොරව තොරව ක්‍රියාත්මක කරගෙන ඊශ්‍රායෙලයට අදාල ඇමරිකානුන්ගේ පිලිවෙතේහි විශාල පෙරලියක් ගෙනදිමට තුදුදි ඇත. එය අඛණ්ඩව ක්‍රියාත්මක කරගෙන ගිය පිලිවෙතක් ලෙසට පෙන්වා දෙන එක්සත් ජනපද රාජ්‍යෙල්කම් වරයා, ඊශ්‍රායෙල් ජනාවාස ගොඩනැගිම ජාත්‍යන්තර න්‍යාමයන් යටතේ සිදුකොට තිබුනු දෙයක ලෙසින් තවදුරටත් පැහිදිළි කොට ඇත. සිවිල් ජනාවාස සහ බටහිර ඉවුරු ප්‍රශ්ණය ඊශ්‍රායෙලින් සහ පලස්තිනුන් විසින්ම ගනුදෙනු කරගතයුතු දෙයක් බව ඔහු තවදුරටත් පෙන්වාදි ඇත.

මේ දැන් අළුතින් ගොඩනගාගත් සිවිල් ජනාවාස ඒකකය 1967 වසර ජූනි මස සිදුවුනු යුද සමයේදි ඊශ්‍රායෙලය විසින් යටපත් කරගත් නැගෙනහිර ජෙරුසලමද ඇතුළුව සිනායි අර්ධද්විපය (Sinai Peninsula), ගෝලාන් උස්බිම් පෙදෙස (Golan Heights), ගාෂා තීරය (Gaza Strip) සහ බටහිර ඉවුර (West Bank) යන ප්‍රදේශ අවට ගොඩනගාගත් ජනාවාස වෙති. යුද්ධය අවශන්වු විගස එම ජනාවාස නිර්මාණ කාර්‍යයත් ආරඹවිය. ඊශ්‍රායෙලය ප්‍රථමයෙන් එවක ජොර්ධානයේ (Jordanian) පාලන යටතේවු නැගෙනහිර ජෙරුසලම (Jerusalem) කොටස දක්වා තම ඒකාධිකාරිත්වය පුළුල් කරගත්තාය. ප්‍රථමයෙන් ගෝලාන් උස්බිම් ප්‍රදේශ අවට තම ජනාවාස ගොඩනගා ගනිමින් ඊශ්‍රායෙලය අනතුරුව ක්‍රමිකව තමන් විසින් යටපත්කරගත් භූමි වල ජනාවාස නිර්මාණ කාර්‍යය සිදුකරගෙන ගියාය.

බටහිර ඉවුරු පෙදෙසේ නීතියානුකූලව දැනට ගොඩනගාගත් ජනාවාස ඒකක 130 ක් ලෙසින් දැක්වෙන අතරට නීතියානුකූලත්වයකින් තොරව ගොඩනගාගත් ජනාවාස ඒකක 100 ක් පමන වන බවත් 400,000 ක් පමන ඊශ්‍රායෙලින් පිරිසක් ඒවායේ ජිවත්වන බව බලධාරියෝ පෙන්වා දෙති. ඊට අමතරව 1967 වසර ජුනි මස නිර්නය කරගත් දේශසිමාවට කලිනුත් නැගෙනහිර ජෙරුසලම අසලින් පිහිටා තිබෙන යුදෙව් (Jewish) ජනාවාස ඒකකයන්හි තවත් ඊශ්‍රායෙලින් 200,000 ක් පමන පිරිසකුත් ජිවත්වි සිටින බව දත්තා මගින් අනාවරනය කරලයි. අනතුරුව ගෝලාන් උස්බිම් පෙදෙස අවටත් ජනාවාස ඒකක 32 ක් පිහිටා තිබෙන අතර ඒවායෙත් ඊශ්‍රායෙලින් 22,000 ක් පමන පිරිසක් ජිවත්වි සිටිති.

ඊශ්‍රායෙලයට අරාබි අසලවැසියන් සමගින් සිදුකරගෙන යන තම සාම ගනුදෙනුවල මෙම ජනාවාසකරණය අතිසය වැදගත් විෂයක්වේ. ඊජිප්තුවේහි 1982 වසර ගිවිසගත් Camp David Accords ගිවිසුම යටතේ ඊශ්‍රායෙලින්ට සිනායි අර්ධද්විපය (Sinai Peninsula) සහ යමිත් (Yamit) යන ජනාවාස වලින් ඉවත්වි යාමකට සිදුවුවාය. අනතුරුව 2005 වසර අගෝසතු මස ගිවිසගත් ඒකපාක්ෂික එකඟතායකින් ඊශ්‍රායෙලය ජනාවාස 21 න් වැසියන් 8,000 ක් පමන පිරිසක් ඉවත්කොට ගැනිම සිදුකොට ඇත. 1990 වසර ගිවිසගත් ඊශ්‍රායෙල් - සිරියන් ගනුදෙනුව යටතේත් ජනාවාස ප්‍රශ්ණයටම ප්‍රමුඛත්වය දැක්වුනු අතරට ඊශ්‍රියලය උපායමය අතින් අතිසය වැදගත් සිරියානු අගනගරයට යාබඩ තම Mount Hermon ප්‍රදේශය කිසිසේත්ම අත්හැර දෙමිම ප්‍රතික්ෂේප කොට තිබුනාය.

ඊශ්‍රාලිය සෑම දේශපාලන පක්ෂ නායකයෙක්ම තමන් විසින් යටපත්කරගත් භුමි වල ජනාවාස පිහිටුවා ගැනිමේ කාර්‍යට ප්‍රමුඛත්වය දැක්විම සිදුකොට තිබුනි. ජනාවාස සංකිර්ණයන්හි ජිවත්වන ජනතාව නිතැතින් ඔවුන්ගේ ඡන්දදායකයින් බවට පත්ව ඇත. විශේෂයෙන්ම දක්ෂිණාංශික දේශපාලන බලවෙග්වලට සහ නායකයින්ටද ඔවුන්ගෙන් විශාල වාසි සැළසුනි.

කෙසේනමුදු, ජනාවාසකරණය ඊශ්‍රායෙල් - පලස්තින් (Israeli-Palestinian) ගනුදෙනුවලට මුහුණදිමට සිදුව ඇති විශාලතම බාධකය විය. පාසැල්, රෝහල්, රැකියා පහසුකම්, සාප්පු සංකිර්ණ සහ සුරක්ෂා විධිවිදානවල් යනාදි මේ සෑම මානවිය පහසුකමක්ම පලස්තිනුන් ජිවත්වන ජනාවාස වලින් සෑහෙන්න ඈතින් ගොඩනගා තිබිමකින් අසල්වැසි පලස්තිනුන්ට වාසි ගෙනදිම මගහැරිගොස් ඇත. කෙසේ නමුදු දැන් ක්‍රමිකව පලස්තින ගම්මාන වලටත් එවැනි පහසුකම් දැන් ක්‍රියාත්මක කොට ඇත.

අනිත් ප්‍රශ්ණය, ඊශ්‍රායලය ජනාවාස වලින් ඉවත්ව ගියද ඒවායේ ඒකාධිකාරිත්වය තමන් යටතේ නොකඩවාම රඳවා තබාගැනිම වේ. පලස්තිනුන් ජීවත්වන ප්‍රදේශ නොකඩවාම තම පාලනය යටතේ රඳවා තබා ඇත.

ජත්‍යන්තර සමාජයට අනුව ඊශ්‍රාලින්ගේ එම ජනාවාසකරණය සිවුවන ජිනිවා සම්මුතිය (Fourth Geneva Convention) උල්ලංගණය කොට තිබිමක් ලෙසටය. 2004 වසර, නිකුත්කොට තිබුනු ජාත්‍යන්තර අධිකරනයේ තින්දුවෙනුත් එම ජනාවාසකරණ සැළසුම නීතිවිරෝධි කටයුත්තක් ලෙසින් ප්‍රකාශයට පත්කොට තිබුනි.

ට්‍රම්ප් පරිපාලනයේ වර්තමාන පිලිවෙතිනුත් අර්බුදයක ලෙසට පත්වි තිබුනු එම ප්‍රශ්ණය නැවත වරක් අයහපත් අතට යොමුකරවිය. ජෙරුසළම ඊශ්‍රායෙලයේ අගනගර ලෙසින් ප්‍රකාශයට පත්කිරිම සහ ගොලාන් උස්බිම් ප්‍රදේශය ඊශ්‍රායේලුන්ගේ භූමි ප්‍රදේශ ලෙසින් ප්‍රකාශයට පත්කිරිමෙනුත් ප්‍රශ්ණ නොකඩවාම නරක අතට හැරිගියේය. මෙවැනි ප්‍රශ්ණ තුලින් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙටන්යාහු මහතාගේ ජනප්‍රියත්වයත් දැන් පහත වැටිගොස් ඇත. කෙසේ නමුදු එයින් අධෛර්‍යට පත්නොවුනු ඔහු තම ඊළඟ ඉලක්කය ජොර්ධාන් නිම්නය (Jordan Valley) ඒකාබද්ධ කරගරනිම බව ප්‍රකාශ කොට ඇත.

ඉන්දියාව පසුබිමේහි සාමකාමි සහ සුරක්ෂිත එමෙන්ම ස්වාධින පලස්තින් සහ ඊශ්‍රා යෙල් අසල්වැසියන් දෙකක් ලෙසින් ජිවත්විමක ගැන අපෙක්ෂා කරයි. කෙසේනමුදු එක්සත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ නව පිලිවෙතින් අර්බුදකාරි පසුබිමට අළුතින් තව නොසන්සුන්තා එක්කරදිමකටද තුදුදි ඇත.

පිටපත: JNU විශ්වවිද්‍යාලයේ මධ්‍ය ආසියා අධ්‍යයන මධ්‍යස්ථානයේ, මහාචාර්‍ය.පි. ආර්. කුමාරස්වාමි

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ