ඉන්දියාව සහ ඕමානය උපායමාර්ගික සබඳතා ශක්තිමත් කරගනිති


විශාල මෙන්ම බලපුළුවන්කාරකම් වලින් යුත් අනිකුත් අසල්වැසියන් හා සසඳා බලනවිට ඕමානය (Oman) ජාත්‍යන්තර සමාජය අතරට ඒ තරම්ම සැළකිල්ලට මැදිනොවුනු රාජ්‍යක් වුවද උපායමාර්ගික පිහිටිම අතින් අතිසය වැදගත් පර්සියානු ගල්ෆ් මුඛයේහි පිහිටා ඇති එය වඩාත් ව්‍යාප්තවුනු ඉන්දිය අසල්වැසියන් අතරින් එක් ඉතාමත් වැදගත් රටක් වේ. දිගු කලක් අභ්‍යන්තර ප්‍රශ්ණ වලට සහ ආර්ථික දුෂ්කරතා වලට මැදිවුනු ඔමානය සුල්තාන් කබුස්ගේ (Sultan Qaboos) නායකත්ව යටතේ ක්ෂණික පරිවර්තනයක් සිදුවිය. සුල්තාන් වරයා වසර 1970 සිට ඕමානය පාලනය කලේය. සුල්තාන් වරයාට තෙල් වලින් උපයාගත් ධනය පුරවැසියන්ගේ සුබසාදනයට සහ ආර්ථික සංවර්ධනයට යොදවා ගනිමින් ඕමානය සමෘද්ධිමත් රාජ්‍යයක් ලෙසට හරවා ගැනිමට හැකිවිය. සුල්තාන් කබුස්ගේ නායකත්වය යටතේ ඕමානයට අසල්වැසියන් සමගින් අතිසය සමබරතාවයකින් යුත් සබඳතා පවත්වාගෙන යාමටත් හැකිවි ඇත. ඕමානයටත් ඒ අයුරින් කලාපිය අතිසය වැදගත් රාජ්‍යයක් ලෙසින් විශාල කාර්‍යභාරයක් ඉටුකිරිමට අවස්ථා ගෙනදි ඇත. කලාපිය නොසන්සුන්තා නිශ්ක්‍රිය කොට දෙමිම් සහ පිටුපසින් රාජ්‍යතාන්ත්‍රික ගණුදෙනු පැවැත්විම් වැනි පියවරවල් යටතේ ඕමානයටත් කලාපිය නොසන්සුන්තා පහත දමාගැනිමට විශාල කාර්‍යභාරයක් ඉටුකරදිමට හැකිවුවාය.

ඕමානයේ වැදගත්කම ගැන නිසි දැනුමක් සහිත ඉන්දියාව දශකගණනාවක සිට ඕමානය සමගින් අතිසය ශක්තිමත් ද්විපාර්ශ්වික සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ගොස් ඇත. දෙපාර්ශ්වයේ ද්විපාර්ශ්වික සබඳතාවන්හි දේශපාලන, රාජ්‍යතාන්ත්‍රික, වානිජ යන අංශ ඇතුලත්ව ඇත. ඕමානය සමගින් පවත්වාගෙන යන උපායමාර්ගික සබඳතා දෙස බලනවිට විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ රාජ්‍යතාන්ත්‍රික පලිවෙත් යටතේ ඊටද ප්‍රමුඛත්වය ලබාදිම සිදුවිය. අග්‍රාමාතය නරේන්ද්‍ර මෝදි මහතා බලයේහි හොබවු විගස වසර 2014, ජූනිමස ඉන්දියාවට පැමිණිය ප්‍රථම විදේශ සම්භාවණිය පුද්ගලයා ඕමාන් විදේශ අමාතය යුසුෆ් බින් අලවි (Yusuf bin Alawi) මහතා විය. එවක ඉන්දිය විදේශ අමාත්‍ය සුස්මා ස්වරාජ් මහත්මිය 2015 වසර පෙබරවාරි මස ඕමානයට චාරිකාවකට නිරතවුවාය. අනතුරුව 2019 වසර මෙයි මස එවක ඉන්දිය ආරක්ෂක අමාත්‍ය මනොහාර් පර්රිකාර්ගේ මස්කට් (Muscat) චාරිකාව සිදුවිය.

අනතුරුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 2018 වසර බෙපරවාරි මස දෙපාර්ශ්වයේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනිම සඳහා ඕමානයට චාරිකාවකට නිරත විය. අග්‍රාමාත්‍ය මෝදි එම චාරිකාවේදි කබුස් සුල්තාන්වද හමුවිය. දෙදෙනාගේ සාකච්ජා යටතේ ද්විපාර්හ්වික අතින් වැදගත් ප්‍රශ්න ගැන හැරුනු විට අන්න්‍යෝන්‍ය අවශ්‍යතා යටතේ වැදගත් කලාපිය සහ ජාත්‍යන්තර ප්‍රශ්ණ ගණනාවකට සැලිකිල්ල දැක්විම සිදුකොට ඇත. වෙළඳාම් සහ ආයෝජන යටතේ වානිජමය සබඳතා ඉහලනංවාගැනිම සහ ත්‍රස්තවාදයෙන් එල්ලවන පොදු අභියෝගවල් වලට මුහුණදිමේ සුරක්ෂා සහයෝගිතා ශක්තිමත් කරගැනිම සහ නැගිගෙන එන මූලධර්ම මගින් සිදුකෙරෙන හානි ගැන සැලකිල්ල දැක්විම යන විෂයන්ටත් දෙදෙනාගේ සාකච්ජි යටතේ සැලකිල්ල දැක්විම සිදුවිය. ඉන්දියාව සහ ඕමානය සමුද්‍රාසන්න සුරක්ෂා අංශයටත් අතිසය සැලකිල්ල යොමුකරවමින් ඉන්දිය සාගරයේ මුරසංචාර කාර්‍යන්හි නියුක්ත ඉන්දිය නාවුක හමුදා නවුකා වලට විවිධ පවත්වාගෙන යාමේ අවශ්‍යතා වලට උපායමාර්ගික අතින් අතිසය වැදගත් ඩුකම් පොර්ත් (Duqm Port) වරායට නැඟුරම් බෑමට අනුමැතිය දිම වැනි කරුණු අදාල අවබෝධාත්මක එකඟතා දෙකකටත් අත්සන් තබා ඇත.

ඉන්දු - ඕමාන් සබඳතා පෙර නොසිදුවිරු විධියෙන් ඉහල නැංවිගෙන එන මධ්‍යයේ ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්‍ය.එස්. ජයිශංකර් මහතාත් මෙම සතියේ මුල ඕමාන් චාරිකාවකට නිරතවිය. ඉන්දිය විදේශ අමාත්‍ය වරයා එම චාරිකාව අතරතුර ඕමාන් විදේශ අමාත්‍ය යුසුෆ් බින් අලාවි හමුවි අන්න්‍යෝන්‍ය අවශ්‍යතා වලට අදාල කරුණු ගණනාවකට සැලකිල්ල දැක්විම සිදුකොට ඇත. සමුද්‍රාසන්න භාණ්ඩ ප්‍රවාහන සහයෝගිතා ගැනත් දෙදෙනාගේ සාකච්ජා යටතේ අතිසය සැලකිල්ල යොමුකෙරුනි. ඉන්දිය විදේශ අමාත්‍ය වරයා ඕමානයේ ජිවත්වන ඉන්දිය ප්‍රජාව හමුවි සතුටු සාමිච්ජියකට නිරත විය.

අඩුමතරමින් 780,000 ක පමන ඉන්දියානුවන් පිරිසක් ඕමානයේ ජිවත්වන අතරට එය ඕමානයේ ජිවත්වන විශාළතම විදේශ ඩයිස්පොරාව වේ. ඕමාන් ආර්ථික සංවර්ධන කාර්‍යන්හි එම පිරිසගෙන් සිදුකෙරෙන කාර්‍යභාරය අතසිවිශාලය.

ඉන්දියාව ඕමානයේ අතිසය වැදගත් වානිජමය හවුල්කරුවෙක් වේ. 2018-19 වසර අතරතුර දෙපාර්ශ්වයේ ද්විපාර්ශ්වික වෙලඳාම් වල අගය අමෙරිකානු US$ බිලියන5 න් ඉක්මවායාමක් විදහා දක්වයි. ඕමානයෙන් වැඩියෙන්ම බලශක්ති සහ පොහොර ආනයන කරන රටත් ඉන්දියාව වේ.

ඕමානය ගල්ෆ් කලාපයේ ඉන්දිය අතිසය වැදගත් උපායමාර්ගික හවුල්කරුවෙක් ලෙසින් පිලිගන්නා බවත් පෙන්වා දෙන ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය, මෑතදි සිදුවුනු ආචාර්‍ය.එස්.ජයිශංකර් මහතාගේ ඕමාන් චාරිකාවෙන් “ද්විපාර්ශ්වික, කලාපිය සහ ගෝලිය ප්‍රශ්ණ ගණනාවක සම්බන්ධයෙන් ඉන්දියාවට ඕමාන් නායකයින් සමගින් සාකච්ජා කිරිමට මර්ගය පාදා ගැනිමට හැකිවුනු අතරට ඕමානය සහ ගලිෆ් කලාපය සමගින් ඉන්දියාව පවත්වාගෙන යන ගණුදෙනු නොකඩවාම ඉදිරියට ගෙනයාමටත් අවශ්ථාව ගෙනදුන් බව” තවදුරටත් පෙන්වාදි ඇත. “ දෙරට අතර සිදුකෙරුනු අතිසය ඉහල මට්ටමේ යාම් ඒම් මගින් ඕමානය සමගින් ඉන්දියාව පවත්වාගෙන යන රාජ්‍යතාන්ත්‍රික සහ දේශපාලනමය සබඳකම් තවදුරටත් පුළුල්කරගැනිමටත් මාර්ගය පෑදුනු බව ” සඳහන් කරන එම ප්‍රකාශයෙන් එයින් “ ගල්ෆ් කලාපය සමගින් ඉන්දියාව ගෙනයන ගණුදෙනු සහ පුළුල්වු අසල්වැසි සංකල්පයේ ඉලක්ක සඵල කරගැනිමට” හැකිවුයැයි තවදුරටත් පෙන්වාදි ඇත.

ඉන්දිය විදේශ අමාත්‍යවරයාගේ ඕමාන් චාරිකාවෙන් මස්කත් පරිපාලනයට නවදිල්ලිය දක්වන සැලකිල්ල සහ ගල්ෆ් කලාපය සමගින් ඉන්දියාව පවත්වාගෙන යන දේශපාලනමය සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා වල වර්ධනයද විදහා දැක්විමක් සිදුව ඇත.

පිටපත: බටහිර ආසියා උපායමාර්ගික කටයුතු විශ්ලේෂක, ආචාර්‍ය. මොහම්මද්.මුද්දස්සිර් ක්වමාර්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ