ඇෆ්ගනිස්තාන් ජනාධිපතිවරණ

ඇෆ්ගනිස්තානයේහි පැවැත්වුනු ජනාධිපතිවරණයේ ප්‍රාථමික ජන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරිමත් සමගින් දිගු යුද්ධයකට මැදිවුනු එරටේ ප්‍රජාතන්ත්‍රවාදි ආයතන තවදුරටත් ශක්තිමත් කරගැනිමට අතිසය වැදගත් මංසන්දියක් පසුකර ගැනිමට මාර්ගය පෑදුනි. එම ජනාධිපති වරණයේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කරමින් ඇෆ්ගිනිස්තානයේ ස්වාධින මැතිවරණ කොමිසම, නිලයේහි හොබවන ජනාධිපති අස්සරාෆ් ගානි මහාතාට සියයට 50.46 ක ප්‍රතිසතයක ජන්ද සංක්‍යාවකින් ජයග්‍රහණය අත්කරගැනිමට හැකිවු බවයැයි පෙන්වාදි ඇත. ගානි මහතාට එරහිව නැගිසිටිය පුර්ව විදේශ අමාත්‍ය, ආචර්‍ය. අබ්ඩුල්ලාහ් අබ්‍ඩුල්ලාහ්, ලක්ෂ 200,000 කට වඩා ඡන්ද සංඛ්‍යාවකින් පරාජයට පරාජයට මැදිවිය.

තලිබානුන්ගෙන් එල්ලවන සිත්පිත් නැති හිංසන ක්‍රියා මධ්‍යයේ සිවිල් පාලනයක් ගොඩනගා ගැනිමට රට ප්‍රයත්නයන්හි නිරතවි සිටින සමයක ඊට විශාල සහයෝගයක් ලබාදිමට ඉදිරිපත්වුනු ඇෆ්ගනිස්තානයේ ස්වාධින මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය කිසිදු අත්‍රමිකතාවයකින් තොරව පවත්වා ගැනිමට තවදුරටත් ප්‍රයත්නයන්හි නිරිත විය. ඡන්ද ප්‍රතිඵල ගණන් කිරිමේ කාර්‍යන් මධ්‍යයේ විශේෂයෙන්ම බයෝමැට්‍රික් පරික්ෂණ වලින් අසමාර්ථවිමින් ඡන්දදායකයින් විශාල පිරිසකගේ ඡන්ද අවලංගුකොට දෙමිමද සිදුවිය. ස්වාධින මැතිවරණ කොමිසම තමන් වෙත ලැබුනු තවත් පැමිණිළි ගණනාවකට තම සැලකිල්ල දැක්විමටත් ප්‍රතිඥාදි ඇත.

කෙසේ නමුදු, එම කාර්‍යයට සතියක් හෝ මාසයක් පමන කාලයක් ගතවිය හැකි බව නිරික්ෂකයින් පෙන්වා දෙති. ප්‍රාථමික ඡන්ද ප්‍රතිඵල අවශානයේදි අස්රාෆ් ගානි මහතාට අනිකුත් අපෙක්ෂකයින්ට වඩා සියට පනහක ඡන්ද සංඛයාවකින් තරමක ඉදිරියෙන් සිටිමට හැකිවිය. ඉදිරියෙන් සිටින අපෙක්ෂකයින්ට දැන් ඉදිරි දිනයන්හි ජනාධිපතිවරණයේ දෙවන තරඟ වටයට සහභාගිවිමට සිදුවනු ඇත. මෙය තරමක දිගු කාර්‍යක් ලෙසට දක්නට ලැබෙන අතරට මෙම දැවැන්ත ප්‍රජාතාන්ත්‍රිය කාර්‍යයේ පසුබිමේහි කිසිදු අනවශ්‍ය සිදුවිම් සිදුනොවිමකට වගබලාගෙන එය ඉදිරියට ගෙනයාමට සිදුව ඇත.

ඇෆ්ගිනිස්තානයේ එම මැතිවරණ කාර්‍ය සිදුකරගෙන යන විධිය දැස බලන විට සැබැවින්ම එය අගයකිරිමකට ලක්කරදියයුතු කාර්‍යකි. කෙසේ නමුදු ජාත්‍යන්තර නායකයෝ මේ දක්වා ඊට කිසිදු සෘජු ප්‍රතිචාර නොදක්වමින් ජනාධිපතිවරණයේ අවශාන වටයේ ප්‍රතිළයකෙත් බලා සිටිති. මෙහිදි ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කිසිදු ප්‍රමාදයකින් තොරව අවශාන ඡන්ද ප්‍රතිඵලයට පෙරදිම අස්රාෆ් ගානි මහතාට තම සුභපැතුම් පුදකොට ඇත. සමිප මිත්‍ර රාජ්‍යයක මෙන්ම අසල්වැසියෙකු ලෙසටත් ඇෆ්ගනුන්විසින් ගෙනයන, ඇෆ්ගනුන්ගේ සහ ඇෆ්ගනුන් මෙහෙයවන එක්සත්, ස්වෛරිය, ප්‍රජාතාන්ත්‍රිය, සමාද්ධිමත් සහ සාමකාමි ඇෆ්ගනිස්තානයක් ගොඩනගා ගැනිමේ සෑම දෙයක්ම අන්තර්ගතවු සාම පියිවරයකට ඉන්දියාව දක්වන කැපවිම් මෝදි මහතා නැවත තහවුරු කොට ඇත. උපායමාර්ගික ක්ෂේත්‍රයේ ඉන්දිය සමිප මිත්‍ර රාජ්‍යයක් වන ඇෆ්ගනිස්තානය සමගින් එරටේ සංවර්ධන කටයුතු ගැන සහතික වෙමින් සුරක්ෂා පසුබිම යහපත් අතට හරවා ගැනිම් සහ කලාපයේ ත්‍රස්තවාද මර්දන කාර්‍යන් වලටත් වඩාත් සහයෝගයකින් කිටයුතු කිරිමට ඉදිරිපත්වන බව මෝදි මහතා තවදුරටත් ප්‍රකාශ කොට ඇත.

සාර්ථක ජනාධිපතිවරණයකින් තොරව ඇෆ්ගනිස්තානයට මෙමම අවුලෙන් ගොඩවිය නොහැකි බව කාගෙත් විශ්වාසය වේ. 2001 වසරදි සිදුවුනු තලිබානුන්ගේ බිඬ වැටුමත් සමගින් ඇෆ්ගිනිස්තානයේහි පවත්වන ලද මෙය සතරවන ජනාධිපතිවරණය වේ. එතැන් පටන් තලිබානුන් තරමකින් දුර්වලවි ගිය බවත් දක්නට ලැබුනද ඔවුන් මුළුමණින්ම වැනසිගිය බවත් දක්නට නොලැබුනි. කාබුල්හි පසුගිය සිතියේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත්වුනු විගස උතුරු බල්ක් ප්‍රදේශයේහි (northern Balkh province) තලිබානුන් අතින් අඩුම තරමින් ආරක්ෂක භටයින් 15 ක් පමන පිරිසක් ඝාතනය විය. ෆරාහ් පලාතේත් (western Farah province), තලිබානුවෝ සාමකාර්‍යන්හි නිරතවි සිටිය පුද්ගලයින් 27 ක් ප්‍රාන ඇපකරුවන් ලෙසින් පැහැරගෙන ගොස් ඇත.

ඇෆ්ගන් වැසියන්ටත් දැන් තුවක්කු සංස්කෘතියක් වෙනුවට සිවිල් පාලනයක් ස්ථාපිත කරගැනිමේ අවශ්‍යතාවය හැඟි ගොස් ඇත. නවදිල්ලියත් මේ නිසාම තලිබානුන් අතින් සිදුකෙරෙන ලේ වැගුරුම නවතා දෙමිම සහ සාමාකාමි පසුබිමක් ගොඩනගා ගැනිමට ඇෆ්ගින්සතානය දරාගෙන යන අඛණ්ඩ ප්‍රයත්නයන්ට නොමඳ සහයෝගය දැක්විම සිදුකරගන යයි. මේ දැන් පවත්වන ලද ජනාධිපතිවරණය එම දිසාව යොමුකරවන එක් වැදගත් පියවරක් ලෙසිනුත් පෙන්වාදිය හැකිය.

ජනාධිපති අස්සරාෆ් ගානි සහ ආචාර්‍ය.අබ්ඩුල්ලාහ් අබ්ඩුල්ලාහ් යන නායකයින් දෙදෙනා ප්‍රතිවිරුද්ධ ජනකණ්ඩායම් වලින් සමන්විත ඡන්ද කොට්ඨාහ නියෝජනය කලද යුගයක සිට බලය බෙදා ගැනිමේ කාර්‍යන්හි නිරතවිය. දෙදෙනාගෙන් සජමාජිය සහ කලාපිය හැඳුනුමද පිළිබිඹුකරලති. තුන්වන ජනාධිපතිවරණයත් සමගින් දෙදෙනා වගකිමකින්යුත් රජයක් ගොඩනැගිමට ඉදිරිපත්වි ඇත. ආචාර්‍ය. අබ්ඩුල්ලාහ් අනිත් අතට ඉන්දියාවේ අධ්‍යාපනය ලත් කෙනෙක් වන අතරට අස්සරාෆ් ගානි අනිත් අතට ජාත්‍යන්තර ආයතන ගණනාවක සේවය කොට හසල අත්දැකිම් සහිත ඇෆ්ගින්සතානයේ අතිසය පරිණත සහ බුද්ධිමත් පුද්ගලයෙක් වේ. මේ නිසාම ඉදිරියේදි දෙදෙනා අතර පසුගිය අත්දෙකිම් යටතේ සාමුහික රජයක් ගොඩනගා ගැනිමේ හැකියාවද බැහැර කල නොහැකිය. ඇෆ්ගනිස්තානයට තලිබානුවෝ දැනුනුත් දෙරකඩ ඉදිරියේ බිහිසුණු අභියෝගයක ලෙසට මුහුණ දිමට සිදුව ඇත. ඕනැම කාර්‍යකට අතගැස්මිට පෙර ප්‍රථමයෙන් එම වසංගතය සිඳ දෙමිය යුතුය.

පිටපත: දේශපාලන කටයුතු විග්‍රාහක, එම්.කේ.ටික්කු

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ