ආර්ථිකය ව්‍යාප්ත විමේ මාවතක බව අග්‍රාමාත්‍ය වරයා ප්‍රකාශ කරයි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට අනුව ඉන්දිය ආර්ථිකය ව්‍යාප්තවිමේ මාවතක පිවිසි තිබෙන බවයි. දේශිය ජතික දළ නිෂ්පාදනයේ වර්ධන වේගය තරමකින් පසුබැස්මකට මැදිවි සිටින සමයක වුවද ඉදිරි වසර පහ අතරතුර ඉන්දිය ආර්ථිකය අමෙරිකානු ඩොලර් ත්‍රිලියන පහකින් පුළුල්කර ගැනීමේ ඉලක්කයට රජය කැපවි කටයුතු කරගෙන යන බව අග්‍රාමාත්‍ය වරයා තවදුරටත් තහවුරු කලේය.

රජයේ ආර්ථික පිලිවෙත් ගැන නැවත නැවත කරුණු පැහැදිලි කරමින් අග්‍රාමාත්‍ය වරයා, ආර්ථිකය නැවත නගා සිටුවාගැනිමට පසුගිය වසර කිහිපය අතර පියවරවල් ගණනාවක් රැගත් බවත් ඉදිරි වසර වලදි ඒවායේ ප්‍රතිඵල දැකගතහැකි බව යැයි තවදුරටත් සඳහන් කලේය. ASSOCHAM හෙවත් ඉන්දිය කාර්මික සභා සංවිධානය (Associated Chambers of Indian Industry), ප්‍රතිස්ථාපනයකොට හරියටම වසර 100 පිරිම නිමිත්තැන් පවත්වන ලද වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍ය මෝදි, දේශිය ආර්ථිකය සංකෝචනයක මැදිවි තිබෙන බවත් යන රාවය මුළුමණින්ම බැහැර කලේය.

කෙසේ නමුදු සැබෑ තත්වය දෙස හැරි බලනවිට පසුගිය කාර්තුව අතරතුර දේශිය ජාතික දළ නිෂ්පාදන වර්ධන රිද්මයේහි තරමකින් සංකෝචනයක් පෙන්නුම් කොට තිබිමක් පැහැදිළිව දක්නට ලැබුනි. ගෝලිය ආර්ථික පසුබැස්ම මධ්‍යයේ එවැනි පසුබිමක් මතුවිය. පසුබිමේහි එක්සත් ජනපදය සහ චිනය අතරත් වෙළඳ යුද්ධයක් මතුවිය. ඉන්දිය ආර්ථිකයටත් එයින් එල්ලවුනු බලපැම් වලින් ගැලවිමට නොහැකිවුවාය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ගොඩනගාගත් ආර්ථිකයට විශේෂයෙන්ම නරක ණය යටතේ තරමකින් පහර එල්ලවි ඇත.

මහජන බැංකු ආයතනයන්ට විශේෂයෙන් අක්‍රිය සම්පත් (Non Performing Assets), (NPAs) මගින් තරම මන්දගාමිත්වයකින් ගමන් කිරිමට සිදුව ඇත. බැංකු කාර්මික අංශයන්ට ණය ලබාදිමට විශාළ මහන්සියක් රැගෙන යන මධ්‍යයේ දේශිය ආර්ථික ව්‍යාප්තකරණයට අනිසි විධියෙන් බලපෑම් එල්ලවිය. රජය මේ නිසාම මහජන බැංකු සංස්ථා ශක්තිමත් කරගැනිමේ කාර්‍යට ප්‍රමුඛත්වය දීගෙන යන බව දැක්වු බව යැයි අග්‍රාමාත්‍ය වරයා කල ප්‍රකාශය නිතැතින් නිවරදිය. දැන් මහජන බැංකු ආයතන ගණනාවක් ඉන්දිය සංචිත බැංකුවේ (Reserve Bank of India)නිරික්ෂණ යටතේ කටයුතු කරගෙන යන බව ඔහු තවදුරටත් පැහිදිලිකොට ඇත.

NDA රජය පසුගිය වසර පහ අතරතුර මහජන බැංකු ආයතන ශක්තිමත් කරගැනිමට පියවරවල් ගණනාවක් රැගෙන තිබුනු අතර එයින් එම බැංකු ආයතනයන්ටද අනිත් බැංකු සමගින් තරඟකාරිත්වයකින් සේවා පිරිනැමිමට මාර්ගය පෑදුනි.

ASSOCHAM මණ්ඩලය අමතමින් නරක ණයෙන් බැංකු ආයතනයන්ට එල්ලවෙන හානිය ගැන තවදුරටත් පැහැදිළි කල අග්‍රාමාත්‍ය මෝදි, එය තරමකින් අවදානම්ශිළි යැයි පෙන්වාදි ඇත. විශේෂයෙන්ම පෞද්ගලික සමාගම් ගණනාවක් ණය රැගෙන ණය ආපසු ගෙවිම් මගහැරිම් තුලින් බැංකු සහ ආර්ථික කාර්‍යන් අක්‍රිය කිරිමටත් තුඩුදි තිබෙන බව එතුමන් තවදුරටත් පෙන්වාදි ඇත.

සාර්ථක Essar steel විසඳුම උදාහරණයක් ලෙසට ගෙනහැර දැක්වු එතුමන් එයින් බැංකු වලටත් අසිමිත සහනයක් ගෙනදුන් බව යැයි පෙන්වාදි ඇත. රජය රැගත් පියවරවල් යටතේ ප්‍රතිඵල ගණනාවක් දිනාගැනිමට හැකිවුනු බව එකත්මන් තවදුරටත් පැහැදිලි කොට ඇත. “ 2014 වසර අප බලයේහි හොබවුනු අවශ්ථාවේදි ආර්ථිකය මුළුමණින්ම බංකොලොත්තුවකට හා සමාන තත්වයක ඇදවැටි තිබුනු බවත්, ප්‍රථමයෙන් ආර්ථික පසුබිම ස්ථාවර කරගනිමින් අනතුරුව එය නිවරදි දිසාවට යොමු කරවු බව ප්‍රකාශ කල අග්‍රාමාත්‍ය මෝදි මහතා, රජය කාර්මික අංශය විසින් දිගු කලක සිට ඉල්ලා තිබුනු ඉල්ලිම් ගණනාවකුත් සපුරා දුන් බව ” තවදුරටත් පැහැදිළි කොට ඇත.

ඉන්දිය කාර්මික අංශවල අවශ්‍යතා ගැන සැළකිල්ල දක්වමින් සමාගම් අයබදු පහත දෙමු බව එතුමන් තවදුරටත් ප්‍රකාශකොට ඇත. ආර්ථිකයේ විවෘතත්වය විදහා දැක්විමටත් රජය පියවැවල් ගණනාවක් රැගත් බව එතුමන් පෙන්වාදි ඇත. භාණ්ඩ සහ සේව අයබදුකරණය (goods and services tax), (GST) ක්‍රියාත්මක කරගැනිමේ ඉලක්කයත් ආර්ථිකයේ මෙන්ම අයබදු ක්ෂේත්‍රයේහි විවෘතත්වය විදහා දැක්විමටම බව මෝදි මහතා පෙන්වාදි ඇත.

2014 වසර වඩාත් පහසුවෙන් ව්‍යාපාර කිරිමේ ශ්‍රේණිකරණයේහි රටවල් 190 ක අතරින් ඉන්දිය තැන 142 වන තැනේ රැඳී තුබුනු බව පෙන්වා දුනු අග්‍රාමාත්‍ය මෝදි දැන් 63 වන ස්ථානයේහි වැජඹිමට ඉන්දියාවට දැන් හැකිවුනු බව යැයි තවදුරටත් පැහැදිළි කොට ඇත. විවෘතත්වය සහ ආයෝජන මිත්‍රශිළිත්වය ඊට මුලික කාරන වන බව එත්මන් තවදුරටත් පෙන්වාදි ඇත. කාර්මික අංශ වල ඉල්ලිම් යටතේ කම්කරු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණයටත් දැන් සැළික්ල්ල දක්වාගෙන යන බව මෝදි මහතා තවදුරටත් පෙන්වාදි ඇත.

බැංකු සේවාවේ අභිවෘද්ධිය උදෙසා බැංකු බංකලෝත්තු නිතින්නුත් රජය සකස්කරගෙන යන බව එතුමන් තවදුරටත් පෙන්වාදි ඇත. එයින් ආර්ථික ප්‍රගතියට අතිසය කාර්‍යභාරයක් ඉටුකෙරෙනු ඇතැයි එතුමන් තවදුරටත් පෙන්වාදි ඇත.

ඉන්දිය ආර්ථිකය අමෙරිකානු ඩොලර් ත්‍රිලියන පහකට හරවා ගැනිමේ ඉලක්ක අතේ දුරකින් බව අග්‍රාමාත්‍ය මෝදි ප්‍රකාශ කොට ඇත. එය දිනාගත හැකි ඉලක්කයක් යැයි සඳහන් කල එතුමන් රජය ඊට අදාල පියිවරවල් රැගෙන තුබෙන බව තවදුරටත් පෙන්වාදි ඇත. “ස්වාච්ජ් භාරත්” එසේ නැත්නම් ඉන්දියාව පිරිසිදු කරගැනිමේ ඉලක්කය රජයට මුහුණදිමට සිදුව ඇති සැබෑ පරික්ෂණය බව එත්මන් පෙන්වාදි ඇත.

පිටපත: the New Indian Express දෛනිකයේ ජ්‍යෙෂ්ථ.විශේෂ වාර්තාකාර, මනිෂ් ආනන්ද්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ