තලිබාන් - එක්සත් ජනපද සාකච්ජා නැවත ආරඹකරගෙන යන මධ්‍යයේදිත් ඉදිරිපිට දැඩි අභියෝගවල් 

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා, 'ව ස්තූති පූජාව' නිමිත්තැන් බග්‍රාම් ගුවන්හමුදා කඳවුරේහි පවත්වන ලද වැඩසටහනකට සහභාගි වෙමින් එක්සත් ජනපදය අතරමැද ඇනහිටුනු තලිබාන් - එක්සත් ජනපද සාම සාක්චජා නැවත ආරඹ කිරිමට අපෙක්ෂා කරනා බවත් ප්‍රකාශ කල දිනයට හරියට දිනකින් අනතුරුව පසුගිය බදාදා එම ගුවන් හමුදා කඳවුර අසලින්ම පිහිටා තිබුනු සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක අතිසය බිහිසුණු තලිබාන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවිය. කාබුලයේ NATO හමුදා කඳවුරකට එල්ලවුනු ප්‍රහාරයකින් අනතුරුව එක්සත් ජනපද ජනාධිපති වරයා එක්සත් ජනපදය සහ තලිබානුන් අතර ගෙනගිය සාම සාකච්ජා අත්හිටුවා දමා තිබියදි මෙන්ම තලිබානුන්ගේ දේශපාලන කටයුතු සාමාජිකයින් පිරිසක් එක්සත් ජනපද ජනාධිපති වරයා සමගින් පෞද්ගලික හමුවිමක් පවත්වා ගැනිම සඳහා එක්සත් ජනපද සංචාරයකට සුදානම් වි සිටියදි එල්ලවුනු එම බෝම්බ ප්‍රහාරය නැවත වරක් එම සාම ගණුනුවට මැදිවිමට සිදුවි තිබෙන දුෂ්කරතා දෘෂ්‍යවි ඇත. සැප්තැම්බර් මස මැදිවිමට සිදුවුනු පසුබැස්මෙන් පසුව වුවද දෙපාර්ශ්වය අතර පවත්වාගෙන යන සංවාදය අත්නොහිටුවමින් සටන් විරාමයකට අවශාන නිගමනය බැසගන්නාතෙක් ඊට ද්වාරය විවෘතව තබාගැනිමේ තම අපෙක්ෂා තලිබානුවෝ නිරන්තරව විදහා දැක්විම සිදුව ඇත. දෙපාර්ශ්වයේ ගනුදෙනු පසුබැස්මකට මැදිවෙත්දිත් තලිබානුවෝ තම ඉලක්කය සපුරාගැනිම සඳහා පෙයිජිං, මොස්කව් සහ ඉස්ලාමාබාදයටත් ගොඩවි කරුණු විමසිම සිදුකොට ඇත. 

ප්‍රමාදයකට මැදිවිමට සිදුවෙත්දිත් එක්සත් ජනපදය සහ තලිබානුන් අතර නැවත ආරඹ කරගත් සාකච්ජා කිසිදු බාධකයකින් තොරව ඉදිරියට ගෙනයාමට සිදුවුනු යැයි තලිබාන් නිලප්‍රකාශක සුහේල් සාහින් ප්‍රකාශකොට ඇත. තලිබානුවෝ ඇෆ්ගනිස්තානයේ නම 'ඉස්ලාමිය ජනරජය' (Islamic Republic) වෙනුවට 'ඉස්ලාමිය එමිරේටය' (Islamic Emirate) යන්නෙන් වෙනස් කරගැනිම තම ඉච්ජාව නැවත නැවත හුවා දැක්වුවාය. එම කාරණය ගැන තම දැඩි නොසෑහිම පලකරන වර්තමාන ඇෆ්ගන් ජනාධිපති අස්සරාෆ් ගානි මහතා (President Ashraf Ghani), එවැනි පියවරකින් ඇෆ්ගනිස්තාන් රජයේ මුලික හැඳුනුමට මුළුමණින්ම පටහැනි වන අතරට එම විෂය සම්බන්ධයෙන් කිසිදු සාකච්ජා අපෙක්ෂා නොකරන බව තරයේ තවදුරටත් ප්‍රකාශයට පත්කොට ඇත. 

සාකච්ජා සැප්තැම්බර් මස අතරමැද බිඬ වැටිමට පෙර ප්‍රශ්ණ ගණනාවක් විසඳා ගැනිමට හැකිවුනු බව ප්‍රකාශ කල තලිබානුවෝ දෙපර්ශ්වය අතර දැනු මුහුණදිමට සිදුවි තිබෙන ප්‍රධානතම ප්‍රශ්ණය එක්සත් ජනපදය සහ ඇෆ්ගන් රජය අතර සටන් විරාමයක් ගැන පවත්වාගෙන යන සාකච්ජා බවත් වදුරටත් පැහැදිළිකොට ඇත. කාබුල් පරිපාලනයත් එක්සත් ජනපදය සමගින් පවත්වාගෙන යන සාකච්ජා නොකඩවාම ගෙනයන මධ්‍යයෙදි එක්සත් ජනපදය සහ තලිබානුන් අතර ගෙනයන සාකච්ජා වලටත් අභියෝගවල් ගණනාවකට මැදිවිමට සිදුව ඇත.

කාබුල් පරිපාලනය (Kabul government) සම්බන්ධ තලිබානුන්ගේ ආකල්පයත් එක්සත් ජනපද - තලිබාන් සාකච්ජා වලට ප්‍රශ්න ලෙසින් මතුව ඇත. තලිබානුවෝ යලියලි එම ප්‍රශ්ණය මතුතිරිමට මුලපුරා ඇත. මෙම වසර සැප්තැම්බර් මස 28 දා ජනාධිපතිවරණයක් පැවැත්වුවද මේ දක්වා එම මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කොට නොමැත. ජනාධිපති ගිලානිට එරහි ආචාර්‍ය. අබ්ඩුල්ලාහ් අබ්ඩුල්ලාහ් මැතිවරණය ගැන මෙන්ම ජන්ද ප්‍රතිඵල නිකුත් කිරිමේ ප්‍රමාදත්වය ගැන විරෝධතා දැක්විම ආරඹකර ඇත. මෙවැනි පසුබිමක වරින්වර සිදුකෙරෙන හිංසා සිදුවිම් මුළු ඇෆ්ගන් සාමයට මෙන්ම ස්ථාවරත්වටද සහ එක්සත් ජනපද - තලිබාන් ගනුදෙනු වලටත් අභියෝගවල් ලෙසට මැදිවිමට සිදුව ඇත.

වර්තමාන ගානි රජයට මහජනාවගේ සහයෝගය නොලැබුනානම් නිතැතින් තලිබානුන්ගේ ග්‍රහනයට හසුවියනු ඇත. මෙවැනි පසුබිමක තමන් ඇෆ්ගිනිස්තානයේ සැබෑ නියෝජිතයින් ලෙසින් පෙනිසිටිමට තලිබානුන්ටද අවශ්ථා මගහැරි යයි. කෙසේ නමුදු තමන් ඇෆ්ගන් ජනතාවගේ සහයෝගය දිනාගැනිමට නිරන්තර ප්‍රයත්නයන්හි නිරතවි සිටියි. ජාත්‍යන්තර සමාජයේ රටවල් ගණනාවක් දැනුනුත් ඇෆගනිස්තානයේ පරිපාලන ව්‍යූහයේහි තලිබානුන්ගේ සහභාගිත්වයේ ඇති ප්‍රායෝගිත්වයට සැළකිල්ල දැක්විම ආරඹකර ඇත. 

රුසියාවට අනුව පසුබිමේහි විශේෂයෙන්ම කාබුල් පරිපාලනය සහ තලිබානුන් අතර බලය හුවමාරුකරගැනිමේ සක්‍යතා බැහැරකල නොහැකි දෙයක් බවය. විශේෂයෙන්ම ඉස්ලාමිය බලවේගවල් යටතේ එල්ලවේගෙන එන බලපෑම් මගින් මිදිමකට කාබුල් පරිපාලනයට දැන් සෑහෙනදුරට දුෂ්කරවි තිබෙන විධියත් දක්නට ලැබේ. ෂින්ෂියං පලාතේ පසුබිම ගැන සළකා බලමින් චීනයත්, අනතුරුව පශ්චාද් - සෝවියට් රටවල් රැසේ ව්‍යාප්තවේගෙන එන විවිධාකර ඉස්ලාමිය රාජ්‍ය සංවිධානයේ බලපෑම් සහ බාධකවල් යටතේ රුසියාවත් පසුබිම ගැන දැන් අතිසය සීරුවකින් පසුවිම ආරඹකර ඇත. මෙවැනි පසුබිමකින් මිදිමකට රුසියාව සහ චීනය කාබුල් පරිපාලනය සහ තලිබානුන් අතර බහු මහල් ගණනාකින්යුත් බලය බෙදාගැනිමේ විකල්පයකුත් යෝජනාකොට ඇත. තලිබානුන් සහ ඇෆ්ගන් රජය අතර සටන්විරාමයක් ඇතිකරගැනිමත් සමගින්ම ඇෆ්ගන් ප්‍රශ්ණයට අතගසාගෙන යන ජාත්‍යන්තර සමාජයත් ඔවුනොවුන්ගේ ගනුදෙනු ආරඹ කිරිමට සුදානම්වි සිටිති.

සාමකාමි පසුබිමක් නොමැතිවිම තුලින් සම්සතයක් ලෙසින් ගත්කල ඇෆ්ගන් ප්‍රශ්ණය හසුරුවා ගැනිම තරමකින් දුෂකරවි ඇත. යම් යම් පිරිසට අනුව මෙම ප්‍රශ්නයට විකල්ප සොයාගැනිමට නම් එක්සත් ජනපදය ඊට කැපවි කටයුතු කලයුතු බවය. පුර්ව ඇෆ්ගන් ජනාධිපති හමිද් කරසයිට අනුව තලිබානුන්ගේ විශ්වාසය දිනා ගැනිමකට වොසින්ටනය ඇෆ්ගනිස්තානයේහි ඒකපාක්ෂික සටන් විරාමයක් ප්‍රකාශයට පත්කලයුත් බවය. 

ඉන්දියාව ඇෆ්ගනිස්තානයේහි සිදුවේගෙන යන සිදුවිම් ගැන මනා සෝදිසියකින් පිසුවි සිටියයුතුවේ. නවදිල්ලිය යුද්ධයට මැදිවිගෙන යන ඇෆ්ගනිස්තානය නැවත ගොඩනගාගැනිමේ කාර්‍යට ඉතාමත් කැපවි සම්බන්ධවි සිටියි. ඉන්දියාව ඇෆ්ගනිස්තානය පුරාම ක්‍රියාත්මක කරගෙන යන සංවර්ධන වැඩසටහන් ඉදිරියට ගෙනයාමට අමෙරිකානු ඩොලර්ස් බිලියන 2 ක මුල්‍යමය ආධාරයක් සපයාදි ඇත. 

එක්සත් ජනපදය, තලිබානුවෝ සහ ඇෆ්ගන් රජය සහ ඊට සම්බන්ධ අනිකුත් රටවලුත් ඇෆ්ගනිස්තානයේ අභ්‍යන්තර අවකාසය සමබන්ධයෙන් කරගෙන යන ගනුදෙනු යටතේ එරටේ අනාගතය සහ සාමය, සුරක්ෂාව සහ ස්ථාවරත්වයද රඳා ඇත. කලාපිය මෙන්ම ඊට සැළකිල්ල දක්වන ගොලිය සමාජයත් පසුබිම ගැන මෙන්ම පරිවර්තන ගැනත් දැඩි විමසුමකින් පසුවි සිටිති.

පිටපත: the HINDU පුවත්පත් ආයතනයේ, විශේෂ වාර්තාකාර, කල්ලොල් භට්ටාචාර්‍යජි

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ