ඔ ඉ සි ඩි ආර්ථික සමික්ෂණය පවසන්නේ ඉන්දියාවේ වර්ධනය අඛණ්ඩව සිදුවන බවයි

අගනගර නවදිල්ලියේහි, පසුගිය සතියේ ප්‍රකාශයට පත්කොට තිබුනු ඔ ඉ සි ඩි (OECD) හෙවත් ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන සංවිධානයේ(Organization for Economic Cooperation & Development) ආර්ථික සමික්ෂණය යටතේ ඉන්දිය ආර්ථික වර්ධන කතාන්තරය අඛණ්ඩව ශක්තිමත්ව සහ තිරසාර මාර්ගයකට පිවිසි තිබෙන බව පෙන්වාදි ඇත. කෙසේ නමුදු, පසුබිමේහි පෞද්ගලික සමාගම්වල ඉතාමත්ම මඳ ආයෝජන සහ කාර්මික උද්පාදනයටද එම සමික්ෂණ වාර්තාවෙන් අතිසය සැලකිල්ල ලක්කොටදි තිබුනි. අනිත් අතට, ඉන්දිය ආර්ථික වර්ධන කතාන්තරය මුළුමණින්ම පාරිභෝගිකත්වය යටතේ රඳ ඇත. අයබදු පිලිවෙත් සරල කිරිම, ව්‍යාපාර කටයුතු වඩාත් පහසුවකින් කරගෙන යාමට ඉඩදිම සහ අධෝව්‍යූහ පහසුකම් ඉහල නැංවිම් වැනි ප්‍රතිසංස්කරණ පිලිවෙත් වලට පිංසිදුවන්නට සෑහෙන්න පසුබැස්මකට මැදිවුනු ඉන්දිය ආර්ථික වර්ධන රිද්මය නැවත වරක් ඒ විධියෙන් නිවරදි දිසාවකට යොමුකරවිමට මාර්ගය පෑදුනි. කෙසේ නමුදු, ගුණාත්මක අතින් ඉහල රැකියා පිරිනැමිම් සහ ග්‍රාමිය ආර්ථික පසුබිම ඉහල නංවාගැනිම් රටට දැනුනුත් අභියෝගයක ලෙසින් මුහුණදිමට සිදුව ඇත.

ආර්ථික සංවර්ධන ක්ෂේත්‍රයෙන් දුර්වල ප්‍රදර්ශණ පෙන්නුම් කරවන ප්‍රාන්ත රාජ්‍යයන් සහ සමෘද්ධිමත් ප්‍රාන්ත රාජ්‍යයන් අතර මනා අන්තර් සම්බන්ධිකරණයක් නොතිබිමකින් රටතුලම පුළුල් විධියේ පරතරයක් සහ අසමාන්‍යතා දක්නට ලැබෙන බව එම සමික්ෂණ වාර්තාවෙන් තවදුරටත් සැළකිල්ල ලක්තරවමින් එයින් සාමාජයේහි ආර්ථිකමය අසමබරතාවයක් මතුකොට ඇතිබවයි. එම ආර්ථික සමික්ෂණ වාර්තාව ප්‍රකාශයට පත්කරවමින් ඔ ඉ සි ඩි (OECD) සංවිධානයේ, ප්‍රධාන ආර්ථික විශේෂඥ, Laurence Boone, “ඉන්දියාව ගෝලිය ආර්ථික පසුබිමේහි දැන් ස්ථාවර ආර්ථික වර්ධනයකින් යුත් රටක් ලෙසින් සහතික කරගැනිමට හැකිවි තිබෙන බව” පෙන්වාදි ඇත. ඉන්දියාවට ආර්ථික වර්ධක රිද්මය නැවත පණගන්වා ගැනිමට චක්‍රාකාර සහ ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණවල් ඉදිරියට ගෙනයායුතු බව ඔහු තවදුරටත් පෙන්වාදි ඇත.

ඔ ඉ සි ඩි (OECD) සංවිධානයේ, ආර්ථික සමීක්ෂණ වාර්තාව යටතේ 2020 වසර සියට 6.2 න්ද අනතුරුව 2021 වසර සියයට 6.4 න්ද වර්ධනයවිමක් සිදුකෙරිය හැකිබව අනාවැකි පලකොට ඇත. 2019 වසරේ සියයට 5.8 ක් ලෙසින් රඳවා තැබිමේ ප්‍රයත්නය අපනයනයේහි සහ ආයෝජනයන්හි ක්ෂණික ප්‍රතිසංස්කරණයක් පවත්වාගැනිමකින් පමණක් ඉටුකර ගතහැකි බව එම සමික්ෂණයෙන් තවදුරටත් පෙන්වාදි ඇත. ෆෙඩරල්වාදය ගැන නව ආකල්ප දැක්විම්, මුල්‍යය අන්තර්ගත මුලපිරුම්, අක්‍රිය සංස්ථාසහ සම්පත් ප්‍රශ්න, බැංකු බංකලොත්තු නිති, GST අයබදුකරණය ක්‍රියාත්මක තත්වයකට පත්කොටගැනිම, සමාගම් අයබදු සම්බන්ධ ප්‍රතිසංස්කරණ පිලිවෙත් වැනි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ගැනත් සැලකිල්ල දැක්විය යයතු බව එම සමික්ෂණ වාර්තාව යටතේ තවදුරටත් අවධාරණ කොට ඇත.

ඔ ඉ සි ඩි (OECD) සමික්ෂණ වාර්තාව යටතේ, බාහිර පැත්තැන් “සේවාවන්හි වෙළඳාම්” (trade in services) අංශයේ යම් යම් දැඩි පිලිවෙත් සරල කිරිමකින් ආර්ථිකය නැවත නගාගත හැකිබවයැයි පෙන්වාදි ඇත. ඔ ඉ සි ඩි (OECD) සංවිධානයට අනුව, 1990 ගණන් යුගයේ සියයට 0.5 ක් ලෙසින් තිබුනු ගෝලිය වෙළඳාම් සහ සේවා අංශයේ ඉන්දිය කොටස්දායකත්වය 2018 වසර වනවිට සියයට 2.1 ක් ලෙසින් වර්ධනය විමක් සිදුව තිබුනු බවය. පුවත් තාක්ෂන සහ ඖසධ නිෂ්පාදන යන අංශ අතිසය සිත්ගන්නා සුළු වර්ධනයක් ප්‍රදර්ශන කොට ඇත.

ඔ ඉ සි ඩි (OECD) සමික්ෂණ වාර්තාව යටතේ, ප්‍රායෝගික සහ සාමාජිය අධොව්‍යූහ මුල්‍ය අවකාස නිර්මාණය, කම්කරු නීතිරීති නවිකරණය, ආර්ථික කාර්‍යන්හි කාන්තාවන් වැඩි වැඩියෙන් සම්බන්ධ කරගැනිම, මුල්‍ය අංශය යහපත් අතට හරවාගැනිම, වානිජ අංශයන්ට එරහිව පනවාගෙන යන දැඩි නීතිරීති ලිහිල්කිරිම, ගෙවල් කුලි සම්බන්ධ නීති ක්‍රමවත් කිරිම සහ නිශ්චල සම්පත් අයිතිවාසිකම් නීති ශක්තිමත් කිරිම වැනි කරුණ ගැනත් සැලකිල්ල දැක්විම අවශ්‍යව ඇත. මෙවැනි පිලිවෙතකින් මහජනාතාවට වඩාත් පහසුවෙන් නිවාස මිලදි ගැනිමට මාර්ගය පෑදි දේශිය සාමාජිය සහ ආර්ථිකයේහි වර්ධනයක් සිදුකෙරේ.

ආදයම් අතර දක්නට ලැබෙන පරතරය, දේශිය ශ්‍රමබලකායට කාන්තාවන්ගේ සහභාගිත්වය වැනි කරුණු ගැනත් එම සමික්ෂණ වාර්තාවෙන් සැළකිල්ල දැක්විම සිදුකොට ඇත. සෞඛ්‍ය අංශයට සැලකිල්ල දක්වමින් විවෘත මලපහකිරිම් මුක්ත කිරිම, 2014 වසර ඔක්ටෝබර් මස සිට අද දින තෙක් වැසිකිලි මිලියන100 ට වඩා සංඛ්‍යාවක් ගොඩනගා සාමාජිය සුබසාදන මුලපිරුම් ගණනාවක් හඳුන්වාදි ඇත. බාල ලමා මරණ පහත දමා ගැනිම් සහ වැඩි වැඩියෙන් ගැහුණු ලමුන්ට අධ්‍යාපන ලබාදීම වැනි පියවරවල් යටතේ කාන්තාවන්ට බලය පැවරිම් වගකිමි ඉදිරියට ගෙනයාහැකිය. ආර්ථික වර්ධන ක්ෂේත්‍රයන්හි මෙවැනි අභියෝගවල් ගණනාවක් මැදිවිමට සිදුව ඇත.

ඔ ඉ සි ඩි (OECD) ආර්ථික සමික්ෂණ වාර්තාව ඉන්දිය රජයේ ප්‍රධාන ආර්ථික උපදේශක කේ. සුබ්‍රමනියම් සහ මුදල් අමාත්‍යාංසයේ ජ්‍යෙෂ්ථ බලධාරින් පිරිසක් ඉදිරිපිට පිරිනැමිම සිදුව ඇත.

එම ආර්ථික සමික්ෂණ වාර්තාව උද්ධමනය පාලන කරගැනිමට ඉන්දියාවට හැකිවිම ගැන මෙන්ම ගෝලිය ආර්ථිකයට ලබාදිගෙන යන කොටස්දායකත්වයටත් අතිසය අගයකිරිම් සිදුකොට ඇත. මැක්‍රෝ - ආර්ථික තත්වය යහපත් අතට හැරියාම, යහපාලනය, ආයෝජනය ඉහලනැංවියාම, සාමාජිය පරතර මගහරවා ගැනිම යන අංශයන්ට ඉන්දිය රජය දක්වන සැළකිලි වලටත් එම ආර්ථික සමීක්ෂණ වාර්තාවෙන් පැසසුම පිරිනැමුනි.

පිටපත: ජාතික මහජන මුල්‍ය සහ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ, මහචාර්‍ය. ආචාර්‍ය. ලේඛා එස්. චක්‍රබොර්ති

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

නව රජය ගොවියන්ගේ සුබසාධනයට සැළකිල්ල යොමු කරයි

ඉන්දියාව සහ ඕමානය උපායමාර්ගික සබඳතා ශක්තිමත් කරගනිති