ජපානයේ පැවැත්වුනු G-20 විදේශ අමාත්‍යවරුන්ගේ හමුව

පිටපත: නවෝදය ටයිම්ස් පුවත් ආයතනයේ, රාජ්‍යතාන්ත්‍රික කටයුතු විග්‍රහක, රන්ජිත් කුමාර් 

G-20 මුළු ලෝකයේම අතිසය සංවර්ධිත සහ සංවර්ධනවේගෙන යන රටවල් 20 ක් ආර්ථික කවයකි. යුරෝපා හවුල ඇතුළුව රටවල් 19 ක් ඊට ඇතුලත්වෙති. මෙම වසර ජූනි මස ඔසාකාහි පවත්වන ලද එම කවයේ 14 වන ශිඛර එහමුවෙන් අනතුරුව ජපානයේ අනුග්‍රහය යටතේ නගොයාහි විදේශ අමාත්‍ය කණ්ඩායමේ තවත් හමුවකුත් පවත්වාගැනිමට හැකිවිය. විදේශ තටයුතු අමාත්‍ය ආචාර්‍ය.එස්.ජයිශංකර් මහතා ඉන්දියාව වෙනුවෙන් ඊට නියෝජනය කලේය. සමකාලින ජාතයන්තර පසුබිම ගැන මෙන්ම ගෝලිය ආර්ථික පසුබැස්මක හා සමාන රිද්මය ගැනත් සැකලකිල්ල දක්වන ලද මෙය විදේශ අමාත්‍ය පිරිසගේ සංවෘත සැසියකි.

එම විදේශ අමාත්‍ය පිරිසගේ හමුවෙන් පසුව ජපන් විදේශ අමාත්‍ය මෙන්ම G-20 විදේශ අමාත්‍ය හමුවේ සභාපති , ටොසෙමිත්සු මොටෙගි (Toshemitsu Motegi) මහතා, G-20 විදේශ අමාත්‍ය පිරිස ලෝක වෙලඳ සංවිධානය ක්ෂණිකව ප්‍රතිසංස්කරණයකට ලක්කොටදිමේ අවශ්‍යතාවට එකඟත්වය දැක්වු බවත් එවැනි පියවරකින් පමනක් සමකාලින ගෝලිය ප්‍රශ්න විසඳා ගතහැකි බවයැයි තවදුරටත් සඳහන් කොට ඇත. සාමාජික රටවල් අර්බුද විසඳා ගැනිමේ යාන්ත්‍රනය තවදුරටත් යහපත් අතට හරවා ගැනිමේ අවශ්‍යතාවයටත් සැලකිල්ල දක්වා ඇත. ඔසාකාහි පැවැත්වුනු රාජ්‍ය නායකයින්ගේ හමුවේදි එම විෂයට පුළුල් විධියෙන් සැලකිල්ල දැක්විම සිදුව තිබුනි. ආසියා පැසිෆික් නිදහස් වෙලඳ ගිවිසුම සම්බන්ධ ගනුදෙනු ඉදිරියට ගෙනයාමට එකඟත්වය පලකරමින් සාමාජික රටවල් ඉන්දියාව ඇතුළු රටවල් 16 ක් ඊට අනුමැතිය දැක්වු බවයැයි මොටෙගි මහතා තවදුරටත් පැහැදිළිකොට ඇත. විදේශ අමාත්‍ය පිරිස එම හමුවේදි එම විෂය සම්බන්ධ ඔවුනොවුන්ගේ රටවල් වල පිලිවෙත් නිලමට්ටමින් ඉද්රිපත් කරමින් කිසිදු විෂයක සම්බන්ධයෙන් වුවද සම්මුති අපෙක්ෂා කොට නොතිබුනි.

ඉන්දියාවට 2022 වසරදි එනම් ඉදිරි වසර තුනකින් අනතුරුව G-20 ශිඛර හමුව පවත්වාගැනිමේ ගෞරවය පෑදි ඇත. G-20 සාමාජික රටවල් G-20 කණ්ඩායෙම් න්‍යාය පත්‍ර ඉදිරියට ගෙනයාම සහ ගෝලිය ආර්ථිකය ඉදිරියට ගෙනයාමේ කාර්‍යභාරයට ඉන්දියාවෙන් සිදුකෙරෙන අතිසය වැදගත් කොටස්දායකත්වය ගැනත් බොහෝ සැලකිල්ලකින් පසුවෙති. 

1999, වසර ගණන් වලදි ගොඩනගාගත් G-20 කව ප්‍රථමයෙන් මුදල් අමාත්‍ය මට්ටමින් අනතුරුව මහා බැංකු අදිපතිවරුන් මට්ටමින් සහ 2008 වසර සිට රාජ්‍ය නායකයින්ගේ මට්ටමින් ඉහල නංවාගනිමින් 2008 වසර මැදිවිමට සිදුවුනු ගෝලිය මුල්‍ය අර්බුද ගණනාවකට ප්‍රතිචාර දැක්විමට හැකිවිය. එතැන් පටන් එම කවය ජාත්‍යන්තර ආර්ථික සහයෝගිතා සම්බන්ධ ගෝලිය වේදිකාවක් බවට පත්වි ගියේය. G-20 සාමාජික රටවල් රැස සමස්ත ගෝලිය ජාතික දළ උද්පානයේ සියයට 85 කින් සහ මුළු ගෝලිය වෙලඳමෙන් සියයට 75 ක්ද අනතුරුව මුළු ගෝලිය ජනගහනයෙන් තුනෙන් දෙකක නියෝජනය සිදුකරළයි. නවදිල්ලිය මේ දක්වා පවත්වන ලද සෑම සමුළුවකටම සහභාගි වෙමින් 17 වන G-20 ශිඛර සමුළුව ඉන්දියාවේ පවත්වත්වා ගැනිමට සුදානම් වේ.

එක්සත් ජජනපද - චින තීරුබදු යුද්ධය අතරමැද සිදුවුනු නගොයා (Nagoya) විදේශ අමාත්‍ය හමුව යටතේඔසාකාහි (Osaka) ජුනී මස පවත්වන ලද ශිඛර සමුළුවේදි රැගත් තීරණ කුමන විධියෙන් ක්‍රියාත්මක කරගතයුතුද යන්න ගැන සාකච්ජා කොට ඇත. බලශක්ති සුරක්ෂා, මුල්‍ය ස්ථාවරත්වය, ඛේදවාචකයෙන් විනාශයට පත්වුනු අධෝව්‍යුහ පහසුකම් නැවත යථාතත්වයට පත්කොට ගැනිම්, බහුපාර්ශ්විකවාදය ප්‍රතිසංස්කරණ කරගැනිම, WTO ප්‍රතිසංස්කරණය, ත්‍රස්තවාද මර්දනය, පලායන ආර්ථික අපරාධකරුවන් ආපසු ගෙන්වා ගැනිම, ආහාර සුරක්ෂා, තාක්ෂණ ප්‍රජාතන්ත්‍රවාදකරණය සහ සාමාජිය සුරක්ෂා වැඩසටහන් වැනි ඉන්දියාවටද අතිසය වැදගත් විෂයන් ගණනාවක් සාකච්ජාවන්හි ඇතුලත්ව ඇත. එක්සත් ජනපද රාජ්‍යෙලේකම් වරයාගේ නොසහභාගිත්වය මධ්‍යයේදිත් යම් යම් සාජික රටවල් නැගිගෙන එන අරක්ෂණවාදයට සහ ඒකපාර්ශ්වික සම්බාධ ගැනත් සැලකිල්ල දැක්විම සිදුකොට ඇත.

එම හමුවේදි තිරසාර සංවර්ධන වැඩසටහන් වල ප්‍රගතියට භෞගෝලියදේශපාලනමය සහ වෙලඳ නොසන්සුන්තා යටතේ එල්ලවන බලපෑම් සාකච්ජා කොට ඇත. සාමාජික රටවල් වලට විශේෂයෙන්ම ලෝක වෙලඳ සංවිධානයේ ප්‍රතිසංස්කරණයක් ගැනවු අපේක්ෂා මෙම හමුවෙන් ඇතිකර ගැනිමටත් මාර්ගය පෑදුනි.

ඉන්දිය විදේශ අමාත්‍ය වරයාට මෙම G-20 ශිඛර හුමව අතරවාරයේදි චීනය, ජපානය, කොරියා ජනරජය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, සිංගප්පුරුව, ඔස්ට්‍රේලියාව, චිලි සහ ප්‍රංශය යන රටවල් රැසේ විදේශ අමාත්‍යවරුන් පිරිස සමගින් සතුටු සාමිච්ජියන්හි නිරතවිමටද අවස්ථාව ගෙනදුන්නේය. 

ආචාර්‍ය. ජයිශංකර් ප්‍රංශ විදේශ අමාත්‍ය වරයා සමගින් පවත්වන ලද සාච්ජා මගින් ඉන්දු - පැසිෆික් උපායමාර්ග භෞමිය පිහිටිමේ (Indo-Pacific strategic landscape) වැදගත්කම ගැන පුළුල්විධියෙන් සැලකිල්ල දැක්විම සිදුව ඇත. ඉන්දිය විදේශ අමාත්‍යවරයා සහ ස්පාඤ්ඤ විදේශ අමාත්‍යවරයා අතර පවත්වන ලද සාකච්ජාවෙන් ඉන්දිය - යුරෝපා හුවලේ සම්බන්ධතාවල අනාගතය ගැන සැලකිල්ල දැක්විම සිදුව ඇත. එතුම්න චිලි (Chile) රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයා සමගින් පවත්වන ලද සාකච්ජාවේදි දෙරටේ සහයෝගිතා පුළුල්කරගැනිම් ගැන සාකච්ජාතොට ඇත. ආචාර්‍ය.ජයිශංකර් සහ ඔස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍යතුමිය වන මරිසේ පැයිනේ (Marise Paine) සමගින් පවත්වන ලද සාකච්ජාවේදි ඔස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍ය ස්කොට් මොරිසන්ගේ (Scott Morrison) යෝජිත ඉන්දිය චාරිකාව ගැන සැලකිල්ල දැක්විම සිදුකොට ඇත. 

ඉන්දියාවට G-20 ශිඛර හමුවෙන් ජාතික සහ ජාත්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන් ඇය දරන පිලිවෙත් ගැන ලෝකයාට දැනුවත් කිරිමේ වේදිකාව ලෙසට යොදවා ගැනිමටත් මාර්ගය පෑදුනි.

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ