තස්කන්ත්හි පැවැත්වුනු එස් සි ඕ කවුන්සිලයට අයත් රටවල් රැසේ ආණ්ඩුවල ප්‍රධානින්ගේ කවුන්සිලයේ හමුව

එස් සි ඕ (SCO) හෙවත් සංහයි සහයෝගිතා සංවිධානයට (Shanghai Cooperation Organization’s) අයත් රටවල් රැසේ ආණ්ඩු ප්‍රධානින්ගේ කාවුන්සිලයේ (Council of Heads of Government), (CHG), 18 වන හමුව උජ්බෙකිස්තානයේ (Uzbekistan), තස්තන්ත් (Tashkent) නගරයේහි පසුගිය සතියේ පැවැත්විය. ඉන්දියාව 2017 වසරදි Eurasia-focused සංවිධානයට බැඳුනි. මෙය ඉන්දියාව එස් සි ඕ හෙවත් සංහයි සහයෝගිතා සංවිධානයට අයත් රටවල් රැසේ ආණ්ඩු ප්‍රධානින්ගේ කාවුන්සිලයේ හමුවට සහභාගිවන තුන්වන අවහ්ථාව වේ. එම කවුන්සිලයේ ප්‍රථම හමුව රුසියාවේ සොචි නගරයේහි පැවැත්වුනු අතරට දෙවැන්න තජිකිස්තානයේ, ඩුසන්බේහි පවත්වනු ලැබිය.

එස් සි ඕ සංවිධානයට සාමාජික රටවල් අටක් වෙති. ඉන්දියාව, කජක්ස්ථානය, චිනය, පාකිස්තානය, රුසියාව, තිජික්ෂ්ථානය සහ උජ්බෙකිස්තානය එම රටවල් කණ්ඩායම වේ. ඊට අමතරව එම කවයට නිරික්ෂක (observers) සාමාජික රටවල් සතරක් සහ සංවාදාත්මක හවුල්කරුවන් (dialogue partners) සයක් එක්වි සිටිති. එම කවයේහි රාජ්‍ය ප්‍රධානින්ගේ කවුන්සිලය යම් යම් තීරන ගැනිමේ බලය සතු උච්ජතම කණ්ඩායම වන අතරට රාජ්‍ය කවුන්සිලයේ ප්‍රධානින්ගේ මණ්ඩලය උච්ජතම බලතල සතු දෙවැනි කණ්ඩායම වේ. එම කවයට සම්බන්ධ රටවල් රැසේ ප්‍රධානියෝ වාර්ෂිකව හමු වෙති. එම හමුවෙන් කවයේ වාර්ෂික අයවැය, බහුපාර්ශ්වික සහයෝගිතා සම්බන්ධ උපායමමාර්ගික සහ සංවිධානය විසින් ප්‍රමුඛත්වය ලබාදීගෙන යන කරුණු ගැනත් සාකච්ජා කිරිම සිදුකරති. මෙ හමුවිම් මගින් ආර්ථික සහ වෙනත් සහයෝගිතා ගැනත් සැළකිල්ල දැක්විම සිදුකරති.

තස්තන්ත්හි මෑතදි පැවැත්වුනු ආණ්ඩු ප්‍රධානින්ගේ කවුන්සිලයේ හමුවට ඉන්දිය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිත මෙන්ම ආරක්ෂක කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා සහභාගි විය. මෙම හමුවේත් අනිකුත් හමුවිම් වලදි මෙන්ම ලෝකයේ අනිකුත් රටවල් වලට සමාන විධියෙන්ම එස් සි ඕ සාමාජික රටවල් රැසත් ත්‍රස්තවාදයටම තම අවධානය ලක්කොටදි ඇත. ඉන්දිය ආරක්ෂක කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතාත්, සෑම විධියේ ජාතයන්තර නීතියක් සහ යාන්ත්‍රනයක්ම ශක්තිමත් කරගනිමින් ඒවා ත්‍රස්තවාද මර්ධන කාර්‍යයන්ට ගැලපෙන විධියෙන් සකස්කරගෙන විධිමත්ව ඒවා ක්‍රියාත්මක කරගැනිමට ප්‍රයත්න දරන ලෙසින් එස් සි ඕ සාමාජික රටවල් කන්ඩායමින් ඉල්ලා ඇත. “ත්‍රස්තවාදයෙන් නොකඩවාම අපේ සාමාජිය සහ සංවර්ධන කටයතු වලට බාධා එල්ලකරවන බවත්, මේ නිසාම මෙම උමතුවට මුහුණදිමිට සෑම එස් සි ඕ සාමාජික රටක්ම සහයෝගයෙන් කටයුතු කලයුතු බව” ඔහු තවදුරටත් සඳහන් කොට ඇත. මෙම ත්‍රස්තවාදය හැරුනුවිට දේශගුණ විපර්යාසය, දරිද්‍රතාවය, ඌණ සංවර්ධනය සහ සාමාජිය විෂමතා වැනි අභියෝගයන්ටද මැදිවිමට සිදුවන බව ඔහු තවදුරටත් සඳහන් කලේය.

එස් සි ඕ (SCO) කණ්ඩායමට ආර්ථිකමය ක්ෂේත්‍රයේ හැකියා ගොන්නක් සතුව ඇත. එස් සි ඕ කණ්ඩායම මුළු ලෝක ජනගහණයෙන් 42 % ක නියෝජනයක් සිදුකරලන අතරට ජාතික දළ උද්පාදනයෙන් 20 % ක් සහ භූමි ප්‍රදේශ වලිනුත් 22 % ක් එහි ඇතුලත් වේ. ඉන්දිය ආරක්ෂක කටයුතු අමාත්‍ය වරයා, එම හමුව අමතමින් ඉන්දියාවේ දැන් ව්‍යාපාර මිත්‍රශිලි පසුබිමක් ගොඩනගා තිබෙන බව ප්‍රකාශ කලේය. ලෝකයා අතර වඩාත් පහසුවෙන් ව්‍යාපාර කිරිමේ තක්සේරුවෙත් ඉන්දිය ස්ථානය (Ease of Doing Business) අඛණ්ඩව ඉදිරියට පිවිසි තිබෙන බව ඔහු තවදුරටත් පෙන්වාදි ඇත. ඔහු ‘Make in India’ වැඩසටහන යටතේ ඉනිදියාවේහි තම ආයෝජන දියත් කිරිමට ඉදිරිපත්වන ලෙසින් එස් සි ඕ කණ්ඩායමේ රටවල් වලට ආරාධනා කර ඇත.

චීනය හැරුනුවිට එස් සි ඕ කලාපයට ආර්ථිකමය අතින් කොටස්දායකත්වය දක්වන දෙවන විශාළ රට ඉන්දියාව වේ. සම්පත් සිතියම්කරණය, කෘෂකර්මාන්ත අධ්‍යාපනය, චන්ද්‍රිකා දියත්කිරිම, ඖසධ නිෂ්පාදන අපකාරණ, තෙලෙඖසධ, වෙදකම් සංචාරක ව්‍යාපාරය සහ සත්කාරක සහ මුල්‍ය සේවා යන අංශයට අදාල කුශලතා ගොඩනැගිම සහ කුශලතා සංවර්ධනය යන ක්ෂේත්‍රයෙන් තමන් ලද අත්දැකිම් බෙදාහදා ගැනිමට ඉන්දියාව සූදානම් බව ඉන්දිය ආරක්ෂක කටයුතු අමාත්‍ය වරයා තවදුරටත් පෙන්වාදි ඇත.

ගෝලියකරණයෙන් සංවර්ධනයට SCO සාමාජික රටවල් රැසින් අගනා වාසින් සැළසි තිබෙන බව ඔහු තවදුරටත් පෙන්වාදි ඇත. කෙසේ නමුදු එම පසුබිමනුත් SCO සාමාජික රටවල් රැසට වියවිධාකර අභියෝගවල් වලට මැදිවිමට සිදුවි තිබෙන බව ඔහු තවදුරටත් පෙන්වාදි ඇත. මෙවැනි පසුබිමක සහයෝගයෙන් කටයුතු කිරිම අතිශයෙන් අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වාදි ඇත. කොන්කිරිම් සහ ආරක්ෂණ වැනි පිලිවෙත් සංවර්ධිත රටවල් අතරට අතිශය බහුල බව ඔහු තවදුරටත් පෙන්වාදි ඇත. “ඒකියවාදයෙන් හෝ ආරක්ෂණවාදයෙන්ද ලෝකයාට කිසිදු සෙතක් නොවුනු බව” රාජ්නාත් සිං මහතා තවදුරටත් පෙන්වා දුන්නේය. විවෘතත්වය, න්‍යාමයන් යටතේවු, විවාත, සැම දෙයක්ම අන්තර්ගතවු සහ අසාධාරනයෙන් තොරවු බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ලෝක වෙළඳ සංවිධානය යටතේ කේන්ද්‍රිය වියයුතු බව ඔහු තවදුරටත් පෙන්වාදි ඇත. ඒ අතරම ආර්ථික සහයෝගිතා මිනිසාගේ අනාගතයට මෙන්ම යහජිවනයටද අදාල දෙය බව ඔහු තවදුරටත් පෙන්වාදි ඇත. “ආර්ථික සංවර්ධනයම මිනිසාගේ සුභසාදනය සහතික කරවන බව” පෙන්වා දෙන ඔහු, “අපේ සෑම ප්‍රතිපත්තියකින්ම ඔවුන්ට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව” යැයි තවදුරටත් පැහැදිලිකොට ඇත.

එස් සි ඕ (SCO) සාමාජික රටවල් වල ආණ්ඩු ප්‍රධානින්ගේ මණ්ඩලයේ මීළඟ හමුව ඉන්දියාවේ 2020 වසර පැවැත්විමට නියමිතය.

පිටපත: මධ්‍ය ආසියා සහ සි අයි එස් රටවල් කන්ඩායමේ උපායමය කටයුතු විශ්ලේෂක, ආචාර්‍ය. අථර් ජෆර් ගෙන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ