පාකිස්තානයේ දේශපාලන තත්වය එලෙසින්ම පවති

කාශ්මිර ප්‍රශ්නය තවදුරටත් සාකච්ජා කිරිම දැන් ජාත්‍යන්තර ප්‍රජාව විසින් වසා දැමු බවට පිළිගැනිමට පාකිස්තානයට තවමත් නොහැකි වි ඇත. මෙතෙක් කල් ජම්මු කාශ්මිරයට විශේෂ තත්වයක් ලබා දෙමින් පනවා තිබු වගන්ති 370 ඉන්දීය කේන්ද්‍රිය රජය විසින් ඉවත් කර ගැනිමෙන් පසුවත් එම තත්වය යළි ක්‍රියාත්මක් කරවිම සඳහා ජාත්‍යන්තර සහයෝග ලබා ගැනිමට පාකිස්තානය ව්‍යර්ථ උත්සාහයක යෙදි සිටි. කෙසේ වුවද මේ පිළිබඳව නව දිල්ලිය ඉන්දියාවේ ස්වෛරිභාවයේ නාමයෙන් ව්‍යවස්ථානුකුලව එම විශේෂ තත්වය ඉවත් කර ගනු ලැබු බවට ලෝකයාට පැහැදිලි කර දි ඇත.

තමන් දිගින් දිගට තනි වු බවට දැන දැනත් පාකිස්තාන නායකයෝ ඕනකමින්ම කාශ්මිර ප්‍රශ්නය හුවාදැක්විමට උත්සාහයේ යෙදි සිටි. කාශ්මිර ප්‍රශ්නය මත පන්දියාවට පක්ෂපාතිත්වය දක්වන රටවලට මිසයිල ප්‍රහාර එල්ල කරන බවට ගිලිගිට් සහ පාකිස්තාන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වන අලි අමින් ගන්ඩපුර් තර්ජනය කර සිටි.

කට වාචල්‍යෙයකු ද වන ගන්ඩපුර් පාකිස්තානි රූපවාහිනි සේවය අමතා, “ කාශ්මිර ප්‍රශ්නය අලලා ඉන්දියාව හා පාකිස්තානය අතර මතභේද උග්‍ර වි යුද්ධයක් වැනි තත්වයක් උදා වු විටදි ඉන්දියාව පැත්ත ගන්නා රටවලට එරෙහිව මිසයිල ප්‍රහාර එල්ල කරන බවට” තර්ජනය කර ඇත. ගන්ඩපුර් එක්තරා කෛරාටික දේශපාලඥයෙක් වන අතර ඔහු පාතාල ලෝකයේ අය සමග සෙවනය කරන පාකිස්තානයේ දුම්රිය කටයුතු ඇමති සෙයිඛ් රෂිඩ්ගේ අනුගාමිකයා වේ.

හැට හැවිරිදි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙවැනි තර්ජනකාරි උදවිය තම අමාත්‍ය මණ්ඩලයට පත් කර ගැනිම දුර්භාග්‍යයට හේතුවකි. ගන්ඩපුර් සහ රෂිඩ් වැනි අදුරදර්ශි පුද්ගලයන් නිසා නව පාකිස්තානයක් ගොඩ නැංවිමේ සිහිනය සුන්බුන් වි ගොස් ඇත.

අභ්‍යන්තරික වශයෙන් පාකිස්තානය තීව්‍ර කලබලවලට මුණ දිමට සිදු වි තිබෙන මෙම වකවානුවතුල ඉම්රාන් ඛාන් රජය ඒවා යටපත් කිරිමේ අදහසින් ඉන්දියාව සමග පවතින මතභේදය හුවාදැක්විමට උත්සාහ දරමින් සිටි. ගත වු මාස තුනක් තිස්සේ පාකිස්තානය රාජතාන්ත්‍රික වශයෙන් යම් යම් ක්‍රියා මාර්ග ගැනිමට තැත් කළ නමුදු එය අසඵල් විය.

පාකිස්තාන නායකයා කාශ්මිර ප්‍රශ්නය රැගෙන පසුබැස සිටින බවට පැහැදිලිය. කාශ්මිර ප්‍රශ්නය රැගෙන ජාත්‍යන්තර ප්‍රජාව ඉන්දියාවේ ස්ථාවරයට විරුද්ධව ක්‍රියා නොකරනු ඇති බවට ඔහු මනාව දනි. කේන්ද්‍රිය රජයේ පාලනය යටතේ බිහි වි තිබෙන ජම්මු කාශ්මිර හා ලඩාඛ් ප්‍රාන්තිය රාජ්‍යයේ සංවර්ධන කටයුතු කිරිමේ ඉන්දියා රජයේ ආදර්ශය ලෝක ප්‍රජා නායකයින් විසින් ප්‍රශංසාවට ලක් කර ඇත. ජම්මු කාශ්මිර හා ලඩාඛ් ප්‍රාන්තයට දැන් ජාත්‍යන්තර ආයෝජන ගලා ඒමටද ඉඩ ඇත.

පාකිස්තාන පාලනය යටතේ පවත්නා කාශ්මිරයේ තත්වය ගැන විමසන විට කාශ්මිර කටයුතු පාලන භාර ඇමති ගන්ඩපුර් තමා එම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සටන් කිරිමට සුදානම් බවට පවසා ඇත. ඇමැතිවරයෙක් විසින් එවැනි ප්‍රකාශයක් කිරිම කිසිසේත් සුදුසු නැත.

මේ අතර පාකිස්තානය තුල දැඩි ආර්ථික ප්‍රශ්නයක් ඉස්මතු වෙමින් පවතින අවස්ථාවේදි දේශපාලනික වංචාවන් මත ඉම්රාන් ඛාන් අගමැති පදවියෙන් ඉල්ලා අස්විය යුතු බවට කියමින් දක්ෂිණාංශික ආගමික නායකයෙකු ද වන ජමියට් උලෙමා ඉස්ලාම් පක්ෂයේ සභාපති මෞලානා ෆජල් උල් රෙහ්මාන් ඇතුළු විරෝධින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් රටපුරා දියත් කර ඇත.

ඉම්රාන් ඛාන් විසින්ම මෞලානා ඩිජල් යනුවෙන් හැඳින්වු මෙම ආගමික නායකයා කරාච්චියේ සිට ඉම්රාන් ඛාන්ට විරුද්ධව තම පෙළපාලිය පවත්වා තිබුණි. ගුජරන්වාලා හිදි තම ආධාරකරුවන් ඇමතු මෞලානා ඉම්රාන් ඛාන් රටේ ආර්ථිකය කාබාසිනියා කර දැමු බවට චෝදනා කළේය.

නවාජ් සරිෆ්ගේ පාකිස්තාන් මුස්ලිම් ලිග් පක්ෂය හා පාකිස්තාන ජනතා පක්ෂයද මෞලානාට සහයෝග දක්වා පසුගිය විවාදාත්මක මැතිවරණයෙන් ජයගත් ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන ටෙහෙරික් ඒ ඉන්සාෆ් පක්ෂයට විරුද්ධව නැගි සිටි.

මේ අතර පාකිස්තාන රජය මෞලානාගේ පක්ෂයේ තරුණ ඒකකයක් වන අන්සාර් ඒ ඉස්ලාම් කණ්ඩායම ත්‍රස්තවාදි සංවිධානයක් ලෙස හංවඩු ගසා තහනම් කර ඇත.

මෙම පෙලපාලිය නිසා පාකිස්තාන රජය සසල බවට පත් වි තිබෙන බව පාකිස්තාන දේශපාලන විචාරක සිරිල් අල්මෙඩා ප්‍රකාශ කර ඇත. ගැටළු විසඳිමේ පළ පුරුද්දක් නොමැති පාකිස්තාන රජයට දැන් රටේ කලබලකාරි තත්වය පාලනය යටතට ගැනිම දුෂ්කර බවට පත් වි පවති.



අවාසනාවකට හෝ මෙම තත්වය පාකිස්තානයේ ඛේදවචකය බවට පත් වි ඇත.






පිටපත: AIR ප්‍රවෘත්ති විශ්ලේෂක කෞෂික් රොයි

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ