බ්‍රිතාන්‍යය අතුරුමැතිවරණයකට : දළ විශ්ලේෂණයක්

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා, පාර්ලමේන්තුවේහි තම බ්‍රැක්සිට් (Brexit) සැළසුම සම්බන්ධයෙන් බහුතරබාවය දිනාගැනිමට තරමක ඉක්මණින් මැතිවරණයක් පවත්වාගැනිමට මානබලයි. මැතිවරණය දෙසැම්බර් 12 දා පැවැත්විමට යන බව ප්‍රකාශ කොට ඇත. බ්‍රිතාන්‍යයේහි පසුගිය වසර පහේ මැතිවරණ සතරකට මුහුණදිමට සිදුවිය. 2016 බ්‍රැක්සිට් ජනමතවිමසුමත් සමගින් බ්‍රිතාන්‍යයට මැදිවිමට සිදුවුනු ඒ අතිසය දුෂ්කර පිඩාකාරි දේශපාලනමය අවුලෙන් මිදියහැකි එකම මාර්ගය එයම බව ඔහු තවදුරටත් පැහැදිළි කොට ඇත. අන්තිමට වරට පවත්වන ලද අතුරු මැතිවරණය එවක අග්‍රාමාත්‍ය තෙරේසා මෙයි මහත්මියගේ පාලන යුගයේ 2017 වසරදිය. කෙසේ නමුදු Democratic Unionist Party (DUP) පක්ෂය සමගින් සන්ධාන රජයක් පවත්වාගෙන ගිය ඇයට එම මැතිවරණයත් සමගින් පාර්ලිමේන්තුවේහි බහුතරබාවය රඳවා ගැනිමට අසමත්වුවාය. බහුතරබවත් නොමැති නිසා ඇයට බලයෙන් ඉවත්විමට සිදුවිය.

මැතිවරණ ව්‍යාපාර කටයතු දැන් තුන්වන සතියට පිවිසි ඇත. පුර්ව ජනමත විමසුම් වලට අනුව Labour party පක්ෂයට එරහිව Conservatives කණ්ඩායමට අංක 19 න් ඉදිරියෙන් සිටිමට සමත්වි තිබෙන බවය. වර්තමාන පසුබිම යටතේ දේශපාලන පක්ෂ කණ්ඩායම් අතරේ ජනප්‍රියත්වය දෙස බලන විට Conservatives කණ්ඩායම සියයට 47 ද, Labour පක්ෂය සියයට 28 න්ද සහ Liberal Democrats කණ්ඩායම සියයට 12 න්ද ඒකාධිකාරිත්වය රඳවාගෙන සිටිති. බ්‍රැක්සිට් සැළසුමට බර කණ්ඩායම සියයට 3 න් පසුබැස්මකට මැදිවි සිටියි. පසුබිම දෙස බලන විට සෑම පක්ෂයම ඔවුනොවුන්ගේ මැතිවරණ ප්‍රකාශවල් මගින් බ්‍රැක්සිට් විෂයට ප්‍රමුඛත්වය දි තිබෙන විධිය විවෘතව දක්නට ලැබුනි. Conservatives කණ්ඩායම ට් සැළසුම කොහොම විධියෙන් හෝ ඉදිරියට ගෙනගොස් ජනවාරි මස අගදිම 'වේගවත් නව බ්‍රිතාන්‍යයක්' ගොඩනගා ගැනිමේ ප්‍රතිඥාවකුත් පිරිනමා ඇත. බ්‍රැක්සිට් සැළසුම අංගසම්පුර්ණවු විගස රටට NHS, පාසැල් සහ පොලිස් වැනි අංශයන්හි ආයෝජන දියත්කරගත හැකි බව පක්ෂය තවදුරටත් ප්‍රකාශ කරයි. 

මෙවැනි මැතිවරණ උණුසම මැද තම ප්‍රතිචාර දැක්වු Labour පක්ෂයේ නායක Jeremy Corbyn මහතා, 'මාස සයක තුලදි බ්‍රැක්සිට් අවුල විසඳා ගනිමන් මහජනතාවට අවශාන නිර්ණයක් පිරිනමන බව' යැයි සඳහන් කොට ඇත. පක්ෂයේ නව ගනුනෙුව යටතේ, "ස්ථාවර සහ පුළුල්වු UK-wide customs union හවුලක් සහ සමීප හවුල්කරුවන් යටතේ Single Market " වෙළඳපොලක් ගොඩනගා ගැනිමට සැළසුම් කරයි. කෙසේ නමුදු මැතිවරණයෙන් ජයග්‍රහණය අත්කොට ගැනිමට හැකිවුවහොත් “යුරෝපා හවුලෙන් ඉවත්වෙනවාද එසේනැත්නම් රැඳි සිටිනවාද යන්න ගැන ප්‍රමුඛත්වය ලබානොදෙන බව” කොර්බින් මහතා සඳහන් කොට ඇත. මෙවැනි අනිෂ්ථිර ප්‍රකාශ මගින් පක්ෂයට සෑහෙන්න හානි සිදුව ඇත. බ්‍රිතාන්‍ය ඡන්දදායකයින්ට සැබැව අවශ්‍යව ඇත්තේ හැකි ඉක්මණින්ම මෙම දේශපාලනමය අවුලෙන් මිදි රටේ සාමාජිය - ආර්ථික පසුබිම නැවත නිවරදි දිසාවකට යොමුකරවා ගැනිමය. පසුබිමේහි Liberal Democrats, කණ්ඩායම යුරෝපා හවුලේ ඇලි සිටිමකට වඩාත් කැමැත්ත දක්වමින් පක්ෂය බලය පිරිනැමුවහොත් නීති වගන්ති අංක 50 අවලංගුකොට දමන බවයයැයි පෙන්වාදි ඇත.

පසුබිමේහි ඉන්දියාවඅනිත් අතට 'කාශ්මිරය මානවිය අර්බුදයකට මැදිවි තිබෙන බවත්' යන Labour පක්ෂයේ ප්‍රකාශයට ප්‍රමුඛත්ව ලබාදි ඇත. එය සත්‍යය නොවන බවත් ප්‍රකාශ කරමින් ඉන්දියාවට ස්වෛරිය රටක් ලෙසින් තම අභ්‍යන්තර ප්‍රශ්ණ නිවරදි කරගැනිමට අයිතියක් තිබෙන බව යැයි පවසා ඇත. නීති වගන්ති අංක 370 අවලංගු කොට දෙමිමේ කාරණයට මුළු රටේ අනුමැතියද පිරිනැමුනු බව තවදුරටත් සඳහන් කොට ඇත. 

කාශ්මිරය බ්‍රිතාන්‍ය මැතිවරණයට දැන් අනවශ්‍ය ප්‍රශ්ණයක් ලෙසට මතුව ඇත. 

බ්‍රිතාන්‍ය ප්‍රශ්ණය දැන්මම විසඳා ගතහැකි දෙයක් ලෙසට දක්නට නොලැබේ. බ්‍රැක්සිට් ප්‍රහ්ණය දැන් හිඟන්නාගේ තුවලයක් බවට පත්වි ඇත. එයින් බ්‍රිතාන්‍ය සාමාජිය - ආර්ථික වර්ධනයටද සැහෙන්න තුඩුදි ඇත. රටත් අනිෂ්ථිරතාවයකට මැදිව ඇත. මේ නිසාම දැන් අතුරු මැතිවරණයක් පවත්වා ගැනිමට තිරණය කොට ඇත. කෙසේ නමුදු කිසිදු දේශපාලන කණ්ඩායමකටවත් බහුතරබාවය දිනාගැනිමට නොහැකිවිමකින් මෙම අවුලෙන් ගොඩඒම ඒ තරම්ම පහසු නොවේ. 

පිටපත : යුරෝපා උපායමාර්ග කටයුතු විශ්ලේෂක, ආචාර්‍ය. සංගමිත්‍රා සර්මා

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ