ඉන්දිය විදේශ ඇමති දෙරටේ බැඳුම ශක්තිමත් කරගැනිම සඳහා ශ්‍රී ලංකාවට චාරිකා කරයි
ඉන්දිය විදේශ ඇමති ආචාර්‍ය.එස්.ජයිශංකර් මහතා, අළුතින් තෝරා පත්කොටගත් ශ්‍රී ලංකාවේ සත්වන විධායක ජනාධිපතිවරයා වන වන ගෝඨාභය රාජපක්ෂ මහතාව බැහැදැකිමට කොලඹ නගරයට චාරිකාවකට නිරත විය. ඔහු එම චාරිකාව අතරතුර ඉන්දිය අග්‍රාමාත්‍ය වරයා විසින් ඉන්දියාවට සංචාරයකට පැමිණෙන ලෙසින් කල ආරාධනයත් රාජපක්ෂ මහතාට පැළිගෙන්විය. අළුතින් තේරිපත්වුනු නව ජනාධිපති වරයා එම ඇරයුම පිලිරැගෙන ඇත. එම චාරිකාව දැන් 2019 වසර නොවැම්බර් මස 29 දා සිදුකෙරේ. එය එතුමන්ගේ ප්‍රථම නිල විදේශ චාරිකාව වේ. ඉන්දියාව රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය අත්කරගත් විගසම තම විදේශ ඇමති වරයා දිවයිනට පිටත්කොට යෙවිමෙන්ම ශ්‍රී ලංකාවේ නව පරිපාලනය සමගින් වඩාත් සහයෝගයකින් කටයුතු කිරිමේ අපේක්ෂාව සහ අන්‍යෝන්‍ය වාසිදාසි දෙපාර්ශ්වයේ ද්විපාර්ශ්වික සබඳතා තර කරගැනිමට දක්වන සූදානමද නවදිල්ලිය විදහා දක්වා දැක්විය. ඉන්දියාව හැරුනුවිට, එක්සත් ජනපදය, පාකිස්තානය, ඉරානය සහ චීනයත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සුපැතුම් පුදකොට ඇත. යුරොපා හවුල එම ජනවරමට තරමක ප්‍රවේශම්ශිලි ප්‍රතිචාරයක් දක්වමින් දිවයිනේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් සිදුකොට තිබුනු කැපවිම් වලට ගෞරවය දක්වන ලෙසින් අළුතින් තේරිපත්වුනු ජනාධිපතිවරයාගෙන් තවදුරටත් ඉල්ලා සිටියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එම තීරණාත්මක මැතිවරණමය විජයග්‍රහනයෙන් ඉදිරියේදි දිවයිනේ පාර්ලිමේන්තුව තුල ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ (Sri Lanka Podujana Perumuna), (SLPP)ශක්තිය තහවුරුවි යාහැකිය. ගෝඨාභය මහතාගේ සහෝදර මෙන්ම පුර්ව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, රටේ අග්‍රාමාත්‍ය ධුරයේහි හොබවිය හැකිබව අපෙක්ෂා කරයි. මෙවැනි පසුබිමක ඉන්දිය සාගර කලාපිය අවශ්‍යතා ගැන මෙන්ම පශ්චාද් යුද පසුබිමේහි දවයිනේ ජනවාර්ගික ප්‍රතිසන්ධාන කාර්‍යන් ගැනත් නවදිල්ලියේ සැලකිලි වලට සවන්දි නොතිබුනු රජයක් සමගින් ගනුදෙනු පවත්වා ගැනිමට සිදුව ඇත. කෙසේ නමුදු, එවක ශ්‍රී ලංකාවේ ආරක්ෂක කටයුතු ලේකම්ධුරයේහි හොබවි සිටිය ගෝඨාභය රාජපක්ෂ මහතා, ඊලාම් යුද IV (Eelam War IV) යුගයේ ඉන්දියාව සමගින් සමිපව කටයුතු කොට තිබුන බව සිහිපත් කලයුතුවේ. ශ්‍රී ලංකාවට එම යාන්ත්‍රන යටතේ LTTE බෙදුනුවාදින්ව මුළුමණින්ම අන්තපරාජයට පත්කොට දෙමිමට හැකිවුවාය. ශ්‍රී ලංකාව එය අතිසය සාර්ථක යාන්ත්‍රන ලෙසින් පිලිරැගෙන එම යාන්ත්‍රන ඉදිරියේදි තම ජාතික සුරක්ෂා අවශ්‍යතා වලට යොදවා ගැනිමකට මෙන්ම ඉන්දිය සාගර කලාපයට මැදිවිමට සිදුවන නව සාම්ප්‍රදායි නොවන තර්ජන ගැනත් සළකා බලමින් ඉන්දියාව සමගින් වමඩාත් සමිපව කටයුතු කිරිමටත් තිරණය කොට ඇත.
SLPP පෙරමුණේ මැතිවරණ ප්‍රතිඥා ප්‍රකාශන වලත් එම දැක්ම විදහා දැක්විය. කලාපිය සුරක්ෂාව සහතික කරගැනිමට ඉන්දියාව සමගින් සමිපව කටයුතු කිරිමේ කැමැත්ත පලකරමින් SAARC සහ BIMSTEC යන සංවිධාන ට අයත් සාමාජික රටවල් සමගින් වඩාත් සහයෝගයෙන් කටයුතු කිරිමේ අපෙක්ෂා විදහා දැක්වුවාය. SLPP පෙරමුණ මුලසිට එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ඉසදිරිපත් කොට තිබුනු දිවයිනේ සමාදාන යෝජනාවට සහ පැහැදිලිකිරිම් සම්බන්ධ ප්‍රශ්ණය පිලිගැනිම බැහැරකොට තිබුනි. ඉන්දියාව එක්සත් ජාතින්ගේ සංවිධානයේහි පසුගිය වසර පහ අතරතුර ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වුවාය. මෙම සන්දර්භය යටතේ දෙරටම මෙම අතිසය සංකිර්ණ ප්‍රශ්ණයට වඩාත් පරිණත බවකතින් ක්‍රියාකල යුතුව ඇත.
ඉන්දියාව ඉන්දිය සාගර කලාපිය සහ වරාය අධෝව්‍යුහ පහසුකම් සංවර්ධන සහ වරයාවල් නිරික්ෂණ කටයුතු ගැනත් නවදිල්ලියේ සුරක්ෂා ක්ෂේත්‍රයට අදාල කරුණු ගැන සැළකිල්ල දක්වමින් කටයුතු කිරිමක් ගැන ශ්‍රී ලංකාවේ නව රජයෙන් අපෙක්ෂා කරයි. ශ්‍රී ලංකාව චීන තීර සහ මහාමාර්ග මුලපිරුමේ ( Belt and Road Initiative), (BRI) එක් අතිසය වැදගත් හවුල්කරුවෙක් වේ. SLPP පෙරමුණ සිරිසේන රජය විසින් 2017 වසර දිවයිනේ හම්බන්තොට වරයා වසර 99 ට ලීසට දීමට රැගත් තීරණයට එක්හෙලාම විරුද්ධවුනු අතරට නැවත බලයට පත්වුවහොත් එම ගිවිසුම ගැන නැවත සළකා බලන බවයැයි තවදුරටත් ප්‍රකාශ කොටද ඇත.
SLPP පෙරමුණ ගාල්ල, කන්කසන්තුරයි සහ ත්‍රිකුණාමලය යන වරාය සහ මත්තල සහ කටුණායක යන ගුවන්තොටුපොලවල් දෙකත් ඇතුලත් කරගනිමින් “ ජාතික ආර්ථික ප්‍රාණවත් කිරිමේ ” (national economic revival) වැඩසටහනක් ක්‍රියාත්මක කරගැනිමේ ප්‍රතිඥාවකුත් පිරිනමා ඇත. ශ්‍රී ලංකාව තම එම දැක්ම සැබෑ කරගැනිමට අසල්වාසි ආසියානු රටවල් කිසිසේත්ම බැහැර කල නොහැකිය. ඉන්දියාවටත් එම දැක්මෙන් නව රජය සමගින් කටයුතු කිරිමට අගනා වාසියක් ලැබි ඇත.
චීනය අළුතින් තේරිපත්වුනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපැතුම් පුදකරමින් ද්විපාර්ශ්වික ප්‍රශ්ණ මගහරවා ගනිමින්ම තීර සහ මහාමාර්ග මුලපිරුම් ව්‍යාපෘති යටතේ අනිකුත් වැඩසටහන් ඉදිරියට ගෙනයමේ අපෙක්ෂා විදහා දක්වා තිබුනාය. චීනයෙන් ලැබුනු ණය සමගින්ම දිවයිනේ සංවර්ධන සහ උපායමාර්ගික ක්ෂේත්‍රයෙත් චීනය ශ්‍රීලංකාවේ අතිසය වැදගත් හවුල්කරුවෙක් වන හෙයින් චින - ශ්‍රි ලංකා සබඳතාවන්හි කිසිදු වෙනසක් ගෙනිදිමක් ගැන බළාපොරොත් තැබිය නොහැකිය. ඉන්දියාව අනිත් අතට චීන තීර සහ මහාමාර්ග මුලපිරුමට ඒ තරම්ම සැලකිල්ලක් නොදක්වන ගමන්ම යම් යම් ප්‍රශ්න හේතුවෙන් නොකඩවාම ඊට විරෝධය දැක්විම සිදුකොට ඇත.
ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ප්‍රතිඵලය මහජනතාව එක්සත් සමගි රජය විසින් 2015 වසර සිට පසුගිය වසර පහ පුරාම රැගෙන තිබුනි පිලිවෙත් වලට සෑහිමක් ගෙන නොදීම විදහා දැක්වුනි. දිවයිනේ දේශපාලන, ආර්ථික, සුරක්ෂා සහ විදේශ පිලිවෙත් වලද නිතැතින් යම් යම් වෙනස්කම් ගෙනදිමට ඉඩගෙනදිය හැකිය. ශ්‍රී ලංකාවේ ගොඩනැගිමට යන නව රජය ඉන්දියාවට නව වාසින් ගෙනදෙන සමගින්ම අභියෝගවල් ගොන්නකුත් ඉදිරියෙන් තබා ඇත. ශ්‍රි ලංකාවේ නව නායකත්වය යටතේ ප්‍රශ්ණ ගණනාවකුත් රඳා ඇත. ලබන සතියේදි සිදුවිමට යන ශ්‍රි ලංකා ජනාධිපති වරයාගේ යෝජිත ඉන්දිය චාරිකාවෙන් අසල්වැසි සමිප රටවල් දෙකේ ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපිය සහයෝගිතා ක්ෂේත්‍රයෙත් නව බළාපොරොත්තුන් ගොන්නක් ගැන අපෙක්ෂා කරයි.
පිටපත: ශ්‍රී ලංකා උපායමාර්ග සම්බන්ධ විශ්ලේෂක, ආචාර්‍ය. එම්.සමථ
Comments
Post a Comment