චාන්සෙලොර් මාර්කෙල්ගේ ඉන්දියා සංචාරයෙන් දෙරටේ සම්බන්ධතා තව වර්ධනය වේ.

ජරමාන් චාන්සෙලොර් අන්ජෙලා මාර්කෙල් නවදිල්දියේ පැවැත්වු 5වන අන්තර් රාජ්‍ය විමර්ෂණ සමුළුවේ අගමැති නරෙන්ද්‍ර මොදි මහතා සමග ඒකාබද්ධ ලෙස සභාපතිත්වය දැරුවාය. විදේශිය රටවල් සමග ජර්මනිය පවත්වාගෙන යන ඉහල පෙළේ සම්බන්ධතාවයේ ඉන්දියාවද එක් රටක් වේ. මර්කෙල් මහත්මියගේ මෙය සිව්වන ඉන්දියා චාරිකාව වේ. එතුමිය සමග අමාත්‍යවරුන් 12 දෙනෙක් සහ විශාල වෙළඳ නියෝජිත පිරිසක්ද පැමිණ සිටියාහ. මර්කෙල් මහත්මිය ජනාධිපති කොවින්ද් මහතා හමු වු අතර කොවින්ද් මහතා ජර්මනිය සමග ඉන්දියාවේ බලවත් ආර්ථික සම්බන්ධතාවය ගැන එතුමියට පැහැදිලි කළේය. යුරෝපා රටවල් සමග පවතින ඉන්දියාවේ පුළුල් වෙළඳාම හා ආයෝජනය සඳහා ජර්මනියේ සහයෝගය ලබා ගැනිමට ඉන්දියාව අදහස් කරයි. යුරෝපිය හවුල තුල ජර්මනිය ඉන්දියාවේ විශාලතම වෙළඳ සහකරු වෙයි. ඒ සඳහා ඇති කර ගැනිමට නියමිත ගිවිසුම පදනම් කරගෙන පමණක් සාකච්ඡා සිදු විය හැකි බවට ඉන්දියා ජනාධිපතිවරයා ඉගියක් කොට ඇත.

ආන්තර් රාජ්‍ය සහයෝගිතා සාකච්ඡාවේදි ජනාධිපති මරකෙල් මහත්මිය හා අගමැති නරෙන්ද්‍ර මොදි මහතා රටවල් දෙක අතර උපායමය සම්බන්ධතාවයට පොදු වටිනාකම් හා ප්‍රතිපත්ති මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය මුල් වන බවට එකහෙලාම අනුමත කළහ. ඒ සමගම නිදහස් හා සාධාරණ වෙළඳාම, අන්‍යෝන්‍ය විශ්වාසය හා ගරු කිරිම ජාත්‍යන්තර නීතිය මත රඳා පැවතිය යුතු බවට ද ඔවුන් පිළිගත්හ. මර්කෙල් මහත්මිය හුදෙක් ඉන්දියාව සඳහා මිත්‍රයෙකු පමණක් නොව ඈ ගෝලිය නායිකාවක්ද වන බව මොදි මහතා විස්තරය කළේය. මෙවර ඇති කරගනු ලැබු ගිවිසුම්වල විශේෂයෙන් රටවල් දෙක අතර පවතින මිත්‍රත්වය මුල් තැන රැගෙන ඇත. ඉකුත් වසර 11ක අත්දැකිම් අනුව මෙවර ඩිජිටල් පරිවර්තනය, වෙළඳාම් ක්ෂේත්‍ර පුළුල් කිරිම හා කෘත්‍රිම රහස් තොරතුරු බෙදා ගැනිම පිළිබඳ ගිවිසුම්ද අත්සන් කරනු ලැබිය.

රැස්විම අවසානයේ නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයට අනුව රටවල් දෙක අතර ක්ෂේත්‍ර පහකට වැඩියෙන්ම සහයෝග පුළුල් කළ යුතු බවට කරුණු 73කින් යුත් නිවේදනයක් නිකුත් කරනු ලැබිය. සනීපාරක්සාවේ පරිවර්තනයක් ඇති කරලිම, ජංගම සේවා, පරිසර සංරක්ෂණ, කෘෂිකර්මාන්තය සමග ජර්මාන් කර්මාන්තශාලා සම්බන්ධිකරණය කිරිම සහ ආරක්ෂක ජාලමය තොරතුරු බෙදා ගැනිම වැනි ගිවිසුම්ලට ප්‍රමුඛත්වය ලබා දිමට දෙපක්ෂයම එකග වුහ.

වෙළඳාම හා ආයේජන ක්ෂෙත්‍රෙය් රටවල් දෙකම ලෝක වෙළඳ සංවිධානය සමග පවතින ජාත්‍යන්තර නීතින්ට අනුව සිදු කිරිමට එකග වුහ. “මේඩ් ඉන් ඉන්දියා මිටල්ස්ටෙන්ඩ්” (Make in India Mittelstand), (MIM), ජර්මාන් ඉන්දියා ස්ටාර්ට් අප් හුවමාරු වැඩසටහන (German Indian Startup Exchange Program), (GINSEP) යන දෙක මුල් තැනට තබා ඇත. බලශක්ති ප්‍රවනතා හා බලශක්ති උත්පාදන මෙන්ම ජංගම විදුලිබල පද්ධතිය සම්බන්ධව දක්ෂතා පුහුණු වැඩසටහනන් ඒකාබද්ධ ලෙස කිරිමට දෙරට එකග වි ඇත. බලශක්ති උත්පාදන වේගවත් කිරිම පිළිබඳව මෙයට පෙර ද දෙරට අතර සාකච්ඡා වට කිහිපයක් සිදු වි තිබුණි.

දේශගුණික ප්‍රශ්නයට රටවල් දෙකම පැරිස් ප්‍රකාශණයට අනුව ක්‍රියා කරමින් තමන්ගේ ස්ථාවර සංවර්ධන කටයුතු කරගෙන යාමට දෙපක්ෂයම මුල් තැන දුන්හ. 2013 දි ඇති කරගනු ලැබු ප්‍රබල බලශක්ති ගිවිසුම 2025 දක්වා දීර්ඝ කිරිම සඳහා තවත් සාකච්ඡා වටයක් පැවැත්විමට නියමිතයි. ඉන්දු ජර්මාන් විද්‍යා හා තාක්ෂණික විද්‍යා සහයෝගිතා අංශයේ අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා ජර්මනිය ඉන්දියානු සිසුන්ට සහයෝග පිරිනැමිමට එකග වි ඇත.

උපායමය කොටස්කාර ව්‍යාපාරය ගැන අවධාරණය කරන විට විදේශිය ලේකම් මට්ටමෙන් වසරින් වසර සාකච්ඡා කිරිම සඳහා ආයතනගත කිරිමක් මාර්ග 1.5හේ උපායමය සංවාද පැවැත්විම සඳහා ආරක්ෂක අමාත්‍යාංශ මට්ටමේ ආරක්ෂක සහයෝගිතා පිළිබඳව ඒකාබද්ධ ලෙස ගෝලිය හා කලාපිය ප්‍රශ්න විසඳිමට හා සතුරන්ගේ ආක්‍රමණවලට එකට මූණ දිම ගැන ද රටවල් දෙක එකඟ වුහ. අෆ්ගනිස්තානයේ සාමකාමි පාලනය හා ඉරානයේ න්‍යෂ්ඨික අවි නිෂ්පාදන ප්‍රශ්නයටද ඒකාබද්ධ ලෙස ක්‍රියා මාර්ග ගැනිමට ඉන්දියාව හා ජර්මනිය එකග වි ඇත.




පිටපත: ජේ. එන්. යු හි යුරෝපා කටයතු අධ්‍යයනයේ සභාපති මහාචාර්ය උම්මු ශර්මා බාවා

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ