ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ සත්වන ජනාධිපතිවරයා ලෙසින් තේරිපත්වේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය මේ ගෙවුනු සෙනසුරාදා සිදුවිය. මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 52.25 % පමන ඡන්ද ප්‍රමාණයක් දිනාගනිමින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ (SLPP) අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතා දිවයිනේ සත්වන ජනාධිපති වරයා ලෙසින් තේරිපත්විය. ශ්‍රී ලංකානේ අනුරාධපුර නගරයේහි තමන් දිවුරුම් දිමට යන බවයැයි එතුමන් තවදුරටත් ප්‍රකාශකොට ඇත. ඉන්දිය අග්‍රාමාත්‍ය වරයා ඇතුළුව ගෝලිය නායකයින් විශාළ පිරිසක් එතුමාගේ එම ජයග්‍රහණයට සුභපැතුම් පුදකොට ඇත.

අග්‍රාමාත්‍ය මෝදි මහතාගේ පණිවිඩයෙන් ඉනුද - ශ්‍රී ලංකා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනිමට අළුතින් තේරිපත්වුනු නව ජනාධිපති වරයා සමගින් වඩාත් සමිපව කැපවි කටයුතු කිරිමේ අපෙක්ෂාව හුවා දැක්විය. රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ සාමය, සමාද්ධිය සහ එසේම සහෝදරත්වය, සංස්කෘතිකමය, ඓතිහාසිකමය සහ ශිෂ්ඨාචාරාත්මක අගයන් පදනම්වුනු ඒ ඉන්දු - ශ්‍රි ලංකා සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරගැනිමකට අවශ්ථාව ගෙනදේවායි යැයි ප්‍රාර්ථනා කරමින් මෝදි මහතා තම එම පණිවිඩයෙන් ඉන්දිය මහජනතාවගේ සුභපැතුම එතුමාට පුදකලේය. අළුතින් ගොඩනගාගන්නා දිවයිනේ නව රජය සගින් නවදිල්ලිය කැපවිමකින් වඩාත් සමිපව කටයුතු කිරිමට සූදානම් බව අග්‍රාමාත්‍ය වරයාගේ එම පණිවිඩයෙන් තවදුරටත් තහවුරු කොට ඇත. රාජපක්ෂ මහතා, ඉන්දිය අග්‍රාමාත්‍ය වරයාගේ එම සුභපැතුම් පණිවිඩයට තම ප්‍රතිචාර දක්වමින් සංවර්ධනය සහ සුරක්ෂාව ගැන සලකා බලමින් තමනුත් ඉන්දියාව සමගින් වඩාත් සමිපව කටයුතු කරගෙන යාමට සුදානම් යැයි පෙන්වාදි ඇත.

ශ්‍රි ලංකාවට සංවර්ධනය සහ සුරක්ෂාව යන අංශයෙන් සහයෝගය ලබාදෙමින් ඉන්දියාව දැන් දිවයිනේ අතිශය වැදගත් හවුල්කරුවෙක් බවට පත්වි සිටි. කෙසේ නමුදු, එවක මහින්ද රාජපක්ෂ රෙජිමයේ දෙවන පරිපාලන සමයේ ඉන්දු - ශ්‍රිලංකා සම්බන්ධතාවල තරමකින් පලුදුවිමක් සිදුව තිබුනු බව දක්නට ලැබේ. එම පරතරය දිවයින් රාජ්‍යයේ එවක ජාතික සමගි රජය (National Unity Government), (2015-19) සමග ගිවිසගත් අවබෝධතා යටතේ නැවත නිවරදි දිසාවකට යොමුකරගැනිමට හැකිවිය. අනතුරුව ඉන්දියාව සහ ශ්‍රීලංකාව අතර අතසන් තබන ලද අවබෝධාත්මක එකඟතා යටතේ දෙපාර්ශ්වයේ ද්විපාර්ශ්වික සම්බන්ධතා නැවතවරක් ශක්තිමත් කරගැනිමට මාර්ගය පෑදුනි. කෙසේ නමුදු, ශ්‍රී ලංකාවට මැදිවිමට සිදුවුනු අභ්‍යන්තර ආරවුල් හේතුවෙන් දෙරට අතර අත්සන් තබන ලද එම අවබෝධතා ගිවිසුම් වලින් ගිවිසුම් ගණනාවක් සැබෑව ක්‍රියාත්මක කරගැනිමට නොහැකි විය. එම ගිවිසුම් රැසේ ඉරණම සහ අනාගතය දැන් මුළුමණින්ම ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එතුමන්ගේ ප්‍රධානත්වයෙන් වන නව පරිපාලනය යටතේ රඳා ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරගෙනයන ඉන්දිය සංවර්ධන ව්‍යාපෘති වැඩසටහන් කාලරාමුවක යටතේ ක්‍රියාත්මක කරගෙන යෑමේ ප්‍රශ්ණ සහ ප්‍රමාදත්වය, ඉන්දිය සුරක්ෂා ක්ෂේත්‍රයේ සංවේදිතාවයට අදාල ප්‍රශ්ණ සහ දිවයිනේ වර්ධනවේගෙන යන චීන ගනුදෙනු, ශ්‍රි ලංකාවේ දෙමළුන්ට දක්වන අතිසය මඳ දේශපාලනමය සැළකිලි වැනි කරුණු ඉන්දු - ශ්‍රී ලංකා සම්බන්ධතා සම්බන්ධතාවන්හි ගැටළු ලෙසින් දක්නට ලැබුනි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සමගින් අළුතින් ගොඩනගා ගන්නා රජය තුල එතුමන්ගේ පවුල් සාමාජිකයින්ටද විශාල තැනක් පිරිනැමේ. දිවයිනේ ප්‍රශ්න සම්බන්ධයෙන් රාජපක්ෂ සහෝදරයින් අතරට කුමන විධියෙන් ගනුදෙනු සිදුකරගත්තද යන්න ගැනත් සලකා බැලියයුතු වේ. රාජපක්ෂ සහෝදරයින් පිරිස පෙයිජිං (Beijing) සමගින් වඩාත් සමීප කණ්ඩායමක් වේ. එයත් ඉන්දියාවට අතිසය අදාල ප්‍රශ්නයකි. එවක මහින්ද රාජපක්ෂ පරිපාලන යුගයේ දිවයිනේ ආරක්ෂක කටයුතු ලේකම් වරයා ගෝඨාභය රාජපක්ෂවිය. ඔහු ඉන්දිය සුරක්ෂා ක්ෂේත්‍රයේ අවශ්‍යතා වලට සැලකිල්ල දැක්විමට මුළුමනින්ම බැහැරකොට තිබුනි. කෙසේනමුදු, රාජපක්ෂ කණ්ඩායමට පසුව ඔවුන්ගේ එම වැරැද්ද ගැන අවබෝධයක් ඇතිකර ගැනිමට හැකිවුන අතර බලයේහි නැවත හොබවුවහොත් එම අත්වැරැද්ද නිවරදි කරගැනිමට සුදනෙම් බව ප්‍රතිඥාදි ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා 2005-2009 යන වසර අතර දිවයිනේ ජනවාර්ගික යුද සමයේ ආරක්ෂක කටයුතු ලේකම්වරයා ලෙසින් විශේෂයෙන්ම LTTE බෙදුනුවාදින්ව අන්තපරාජයට පත්කොට දෙමිමේ යුදමෙහෙයුමේහි අතිසය වැදගත් කාර්‍යභාරයක් ඉටුකල පුද්ගලයාද වේ. එතුමන් එම යුද මෙහෙයුම් අතරතුර සිංහල බෞද්ධ ජතිවාදි අන්තවාදි කණ්ඩායමට වලට සහ එවැනි කණ්ඩායම් වල ජනවාර්ගික ශුද්ධකරණ කටයුතු වලට සහයෝගය දැක්විම් සහ මානව අයිතිවාසිකම් උල්ලංගණ වැනි කරුණු ගණනාවක යටතේ ඔහුට එරහිව චෝදනා එල්ලවි ඇත. මේ නිසාම 2019 ජනාධිපතිවරණයේදි සුළුතර ජනකොටසේ විශජළ ඡන්ද සංඛ්‍යාවක් රාජපක්ෂ පක්ෂ කණ්ඩායමට ප්‍රතිවිරුද්ධ සජිත් ප්‍රේමදාස කණ්ඩායමට බෙදිගිය විධියක් පෙන්නුම්කොට තිබුනි. කසේ නමුදු, තමන් ශ්‍රී ලාංකිකයින්ගේ ජනාධිපති වරයා වන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.

ජනාධිපති නිලවරණය සහ ජයග්‍රහණයත් සමගින් තම ප්‍රථම ඇමතුම පිරිනමින් ගේඨාභය මහතා, ප්‍රථමයෙන්ම තමන් විශේෂයෙන්ම පසුගිය පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයත් සමගින් මතුවුනු දිවියිනේ ප්‍රතිරූපය නැවත හැඩගස්වා ගැනිම සහ අනුතරුව අතිසය පිඩාවකට මැදිවි තිබෙන දිවයිනේ ආර්ථිකය නැවත ගොඩනගා ගැනිමේ කාර්‍යයට ප්‍රමුඛත්වය දිමට බලාපොරොත්තු වන බවයැයි සඳහන් කොට ඇත.ඉන්දියාව පසුබිමේහි දිවයිනේ සුළුතර දෙමළ ජනතාව සම්බන්ධයෙන් කුමන විධියේ පිලිවෙතක් අනුගමනය කරයිද යන්න ගැන සෑහෙන සැළකිල්ලකින් පසුවේ. එය ඉන්දු - ශ්‍රී ලංකා සම්බන්ධතා වලත් අතිසය වැදගත් කරුණක් වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ නවදිල්ලිය යටතේ විශේෂයෙන් සුරක්ෂා ක්ෂේත්‍රයෙන් අතිසය ශක්තිමත්සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමකට නවිද්ල්ලිය සහ කොළඹ අපෙක්ෂා කරති. අන්න්‍යෝන්‍ය අවබෝධය මෙම සම්බන්ධතා ශක්තිමත් කරගැනිමට අතිසය වැදගත් කරුණ වේ. දිවයිනේ අභ්‍යන්තර ප්‍රශ්ණ දෙරටේ ද්විපාර්ශ්වික සමබන්ධතා වලට නින්තරව බාධා එල්ලකොට ඇත. රාජපක්ෂ පරිපාලනය විසින් දිවයිනේ සුළුතර ජනකොටස සමබන්ධයෙන් පිලිපදින පිලිවෙත්, සමබර විදේශ පිලිවෙත්, දේශපාලනමය, එකිනෙකා අතර පවත්වාගෙන යන ආර්ථික සහ සුරක්ෂා ක්ෂේත්‍රෙයේ සහයෝගිතා යටතේ ඉන්දු - ශ්‍රිලංකා සමබන්ධතාවේ අනාගතය රඳා ඇත.

පිටපත: IDSA, අධ්‍යයන ආයතනයේ පර්යේෂණ විශ්ලේෂක, ආචාර්‍ය.ගුල්බින් සුලතාන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ