පාකිස්තානය යළි පහත් මට්ටමකට වැටේ

පාකිස්තානයේ ජනාධිපත්වරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළුව එරටේ අනිකුත් පරිපාලන බලධාරියෝත්, පෙර සිදුනොවුවිරු විධියෙන් මුළුමණින්ම ඉන්දිය අභ්‍යන්තර ප්‍රශ්ණ වලට විවිධාකාර ප්‍රකාශණ දැක්විම් සිදුකොට ඇත. ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයේ සාමාජිකයින් පස්දෙනෙකුගෙන්යුත් විනිසුරු මඩුල්ල 2019 වසර නොවැම්බර් මස 9 දා ඒකමතික සම්මුතියක යටතේ උත්තර්ප්‍රදේශ් ප්‍රාන්තයේ සියවස් ගණනාවක් ඉපැරැණි තරමක විවාදාත්මක මෙන්ම මතභේදාත්මක අයෝධ්‍යා භූමියේහි රාම් මන්දිරයක් ගොඩනැගිමේ යෝජනාවට අදාල නඩු විමසුමේ අවශාන තීන්දුව ප්‍රකාශයට පත්කරවිය. සමාජයේ සෑම කොටසකින්ම එම ඓතිහාසික තීන්දුවට පුළුල්විධියෙන් පිලිගැනිමක් පිරිනැමුනි. එම විනිසුරුමඩුල්ල එයින් නොනැවති, මුස්ලිම් පල්ලියක් ගොඩනගාගැනිම සඳහා අයෝධ්‍යා ප්‍රදේශය තුලින්ම අක්කර පහක භූමි කැබැල්ලක් මුස්ලිම් බැතිමතුන්ට ලැබෙන්නට සලස්වන ලෙසින් මධ්‍ය රජයට සහ ප්‍රාන්ත රාජ්‍යයට තවදුරටත් නිර්දේශකොට ඇත. අනතුරුව විවාදාත්මක ඉඩම මාස තුනකින් ගොඩනගා ගන්නා භාරකාර මණ්ඩලයක යටතේ මධ්‍ය රජය යටතේ රඳවා තැබිමට තවදුරටත් විධිවිධාන යොදවා ඇත.

මතභේදාත්මක එම ඉතාමත් කුඩා අයෝධ්‍යා ඉඩම සම්බන්ධයෙන් නිකුත්කොට තිබුනු අවශාන නඩු තීන්දුවට ඊට අදාල සෑම කණ්ඩායමකගෙන්ම පිලිගැනිම පිරිනැමුනි. එම ඓතිහාසික නඩු විමසුමේ අවශාන තීන්දුව නිකුත්වුනු විගස එදින සන්ධ්‍යාවේ ජාතිය අමතමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, සමජයේ සෑම ජනකොටසකින් සහ ආගම් බේදයකින් තොරව, මුළු ජාතියම ශ්‍රේෂ්ඨාධිකරනයේ එම තීන්දුව ඉතසිත බාර රැගෙනිමෙන්ම ඒ අතිසය ඉපැරැණි ඉන්දිය ආචාර විධින්, සංස්කෘතිය, සමුප්‍රදායවල් යටතේ පැවතුනු සහෝදරත්වය සහ සමගියද විදහා දැක්වුනු බව සඳහන් කොට ඇත.

කෙසේ නමුදු, එම තරමක මතභේදාත්මක අයෝධ්‍යා ඉඩම ගැන පිරිනමන ලද ඒ ඓතිහාසික තීන්දුවෙන් නොසෑහිමට පත්වුනු අසල්වැසි පාකිස්තානය නොකඩවාම ඊට එරහිව විවිධාකර අනවශ්‍ය විවේචන එල්ලකිරිම සිදුකොට ඇත. නවදිල්ලිය අප්‍රමාදව ඊට ප්‍රතිචාර දැක්වු අතරට ඉස්ලාමාදයේ දුෂ්ථ ක්‍රියා වලට දැඩි විවේචන එල්ල කලාය. ප්‍රකාශණයක් නිකුත් කරමින් ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය, 'ඉන්දිය අභ්‍යන්තර කටයුතු ගැන නිවරද දැනුමක් නොමැති පාකිස්තානය නිරන්තරව ඒවාට වවේචන කරමින් වෛරය පතුරුවිමට ප්‍රයත්න දරන බවත් එය අතිසය නින්දනිය බව' තවදුරටත් සඳහන්කොට ඇත. පාකිස්තානයේ විදේශ කටයුතු කාර්‍යාලයේ සහ විදේශ කටයුතු අමාත්‍ය ෂාහ් මෙහ්මුද් ඛුරේෂිගේ ප්‍රකාශණ වලට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය, ඉන්දිය සිවිල් කරුණු වලට අදාල ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයේ තින්දුවට එරහිව පාකිස්තානය විසින් පලකොට තිබුනු විවේචන කිසිසේත් පිලගත නොහැකි බවත් එය නීතියානුකූල සහ සෑම ආගමකට සමාන ගෟරවය දක්වමින් සිදුකරන ලද තීන්දුවක් මෙන්ම අනිත් අතට එය මුළු මණින්ම ඉන්දිය අභ්‍යන්තර ප්‍රශ්නයක් බවත් පාකිස්තානයට එවැනි ආචාර විධින් නොතිබෙන බවද යයි තවදුරටත් සඳහන්කොට ඇත.

ඉන්දිය, පන්ජාබයේ, ගුර්ඩාස්පුර් දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ඩෙරා බාබා නනක් (Dera Baba Nanak) සහ පාකිස්තානයේ, නරොවල් දිස්ත්‍රික්කයේ, කර්තාර්පුර්හි පිහිටා තිබෙන ගුරුද්වාරා ඩර්බාර් සහිබ් (Gurdwara Darbar Sahib) යන දෙරටේ ඓතිහාසික සීක් සිද්ධස්ථාන දෙක යාකරවන 'කර්තාර්පුර් කොරිදෝව' (Kartarpur Corridor) විවෘත කිරිමට යන මධ්‍යයේ පාකිස්තාය නොකඩවාම කාශ්මිරයේ තත්වය ගැන මෙන්ම අයොධ්‍යාව සමබන්ධයෙන් සිදුකල තින්දුවට එරහිව නොකඩවාම විවේචන එල්ලකරගෙන යාම අතිසය අවාසනාවන්ත දෙයක ලෙසින් තවදුරටත් දක්නට ලැබුනි. කෙසේ නමදු, ඉන්දිය දේශසිමාව තුලින් ගොඩනගා තිබුනු කර්තාර්පුර් කොරිදෝව කොටස විවෘත කරමින් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දිය සික් බැතිමතුන්ගේ අපේක්ෂා ගැන නිවරදි දැනුමකින් සහ ඊට ගෞරවය දැක්විම ගැන පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට තම ප්‍රසංසාව පුදකොට ඇත.

කෙසේ නමුදු, පාකිස්තානය තම දේශසීමා කොටසේ කර්තාර්පුර් කොරිදෝව විවෘත කිරිමේ කාර්‍යෙදි පවා ඉන්දියාව විවේචන කිරිම අමතකකොට නොතිබුනි. 2016 වසර ඉන්දිය උරි (Uri) හමුදා කඳවුරට එරහිව එල්ලවුනු ප්‍රහාරය, ජම්මු සහ කාශ්මරයට අදාල නීති වගන්ති අංක 370 අහොසිකොට දමමින් එම ප්‍රදේශය ඉන්දිය මධ්‍ය රජයේ පාලන බලප්‍රදේශයක් ලෙසට හරවාගැනිමත් සමගින් ඉන්දියාව සහ පාකිස්තානය අතරේ සම්බන්ධතවය නොකඩවාම පසුබැස්මකට මැදිවි ගියාය. කෙසේ නමුදු කර්තාර්පුර් කොරිදෝවෙන් එම පරතරය මගහරවා ගැනිමට ඉඩගෙනදි තිබුනෙද පාකිස්තානයේ අමනොඥකමින් එම අවස්ථාවද මගහැරි ගියේය.

අනිත් පැත්තට පාකිස්තාය දැන් අතිශය දුෂ්කර ආර්ථික පසුබිමක මැදිවිගෙන යන අතර අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඇතුළුව ඔහුගේ පරිපාලනයටත් දැන් අභියෝගවල් ගණනාවකට මැදිවිමට සිදුවි ඇත. මුළු රටම දැන් අවුල්ජාලයකට මැදිවි සිටියි. ඉස්ලාමාදයේහි මහා විශාල ජන රැලියක් පවත්වමින් ෆජ්ලුර් රෙහමාන්ගේ ප්‍රධානත්වයෙන්යුත් ජමියත් උලෙමා - එ - ඉස්ලාම් (Jamiat Ulema-e-Islam), (JuI), (F) සංවිධානයේ සාමාජිකයෝ පාකිස්තාන් රජයට විරෝධතා පලකරමින් ක්ෂණිකව ඉල්ලා අස්වන ලෙසින් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට අභියෝග කොට ඇත. පුර්ව අග්‍රාමාත්‍ය නවාස් සැරිෆ් ඇතුළුව ඔහුගේ පවුල් සාමාජිකයින් පිරිසත් වර්තමාන රජය PML (N) පක්ෂය මුළුමණින් බිඳ දෙමිමට ප්‍රයත්න දරාගෙන බව යැයි ප්‍රකාශ කරමින් ඉම්රාන් ඛාන් රජයට දොස්නගා ඇත.

දේශපාලන විශ්ලේෂකයින්ට අනුව, පාකිස්තාන් වැසියන්ව එරටට මැදිවිමිට සිදුවිතිබෙන අභ්‍යන්තර ප්‍රශ්ණ වලින් අවධානය ඉවත්කොට දෙමිම සඳහා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා නොකඩවාම ඉන්දිය විරෝධි පිලිවෙත අවියක ලෙසින් ඉදිරියට ගෙනයාහැකි බවය. කොසේ නමුදු, ඉන්දියාවට එරහිව ගෙනයන ත්‍රස්තවාද කටයුතු සහ ඉන්දිය අභ්‍යන්තර ප්‍රශ්න වලට සිදුකරගෙන යන අනවශ්‍ය ඇඟිලි ගැසිම් නවතා නොදමනතෙක් ඉන්දියාව සමගින් පවත්ගෙන යන සම්බන්ධතා ඉදිරියට ගෙනයා නොහැකි බව යන යථාර්තයද පාකිස්තානය අවබෝධකරගත යුතුය.

පිටපත: දේශපාලන කටයුතු විශ්ලේෂක, රත්තන් සල්දි

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ