කර්තාර්පුරයේ වැදගත්කම

සික් බැතිමත්තො සෑම දිනකම බෙදුනු ඉන්දියාවේ ප්‍රජාවට නිදහසේ තම සිද්ධස්ථානවල් වැඳපුදා ගැනිමට අවශ්ථාව ගෙනදේවයි යාඥාවන්හි නිරතවන විටදි ප්‍රාර්ථනා තරති. කර්තාර්පුරය එයින් අතිසය වැදගත් සිද්ධස්ථානය වේ.රවි ගංගාව අද්දර ජාත්‍යන්තර දේශසිමාවට හුදු කි.මි. සතරක ඈතින් ඉන්දියාව සිට පැහැදිළිව ඇසින් දැකගත හැකි වන විධියෙන් පිහිටා ඇති එම සිද්ධස්ථානයට ගුරු නන්ක දෙව් තුමන් වසර දහ අටක් ගතකල ස්ථාන සහ අවශන් හුස්ම හෙලු තැනද වේ.ඉන්දියාව සිට එම සිද්ධස්ථානය යාකරවන විධියෙන් කොරිදොවක් නිර්මාණය කරගැනිමෙන් දහසක් පමන ඉන්දිය බැතිමතුන්ට දැන් දෛනිකව එම සිද්ධස්ථානය වැඳපුදා ගැනිමට අවශ්ථාව ගෙනදි ඇත. මෙයින් මිලියනයක පමන බැතිමතුන්ට චෛතසික සහ අධ්‍යාත්මික ප්‍රමෝදයක් ලබාදිමට මාර්ගය ගෙනදි ඇත.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතින් ඉන්දියාව පැත්තැන් ගුර්ඩාස්පුරයේ ඩේරා බාබා නනක්හි පිහිටා තිබුනු කර්තාර්පුර් සහිබ් කොරිදෝවේ අන්තර්සම්බන්ධිකරණ විමසුම් ආරක්ෂක මුරපොළ විවෘත කෙරුනි. වන්දනාකරුවන්ට දැන් ඉතාමත් පහසුවෙන් ඩර්බාර් සහිබ් ගුරුද්වාරයට පිවිසිය හැකි බව අග්‍රාමාත්‍ය වරයා තවදුරටත් ප්‍රකාශකොට ඇත. ඩර්බාර් සහිබ් සිද්ධස්ථානයට ප්‍රවේශවුනු අතිසය ඉහල මට්ටමේ ප්‍රථම ඉන්දිය වන්දනා නඩයට (jatha) පුර්ව ඉන්දිය අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං, හර්සිම්රත් කවුර් බඩල් සහ හර්දිප් සිං පුරි යන සම්භාවනිය පිරිසත් ඇතුලත් වුවෝය.

ගුරු නනක් තුමන්ගේ 550 වන ජන්ම සංවත්රයෙන් සැමදෙනාටම එතුමන් විසින් පිරිනැමු පණිවිඩය නැවත සිහිපත් කරගැනිමකට ලැබුනු අවශ්ථාවක ලෙසින් පෙන්වා දියිහැකිය.අතිශය දිගු චාරිකාවල් වලින් අනතුරුව දශක දෙකක් පමන දිගු කලක් ජිවත්වුනු කර්තාර්පුරය එතුමන්ගේ ජිවිතයේ ඉතාමත් වැදගත් කොටස ලෙසිනුත් පෙන්වා දියහැකිය. අවිද්‍යාව සහ මෝහයෙන් ඉවත්විම්, අභිනිෂ්ක්‍රමණය බැහැර කිරිම් සහ පුදපූජා සහ වත්පිලිවෙත් වල නිශ්ඵලත්වය එතුමන්ගේ ඉගෙන්විම් මගින් අවධාරණය කොට තිබුනි. එතුමන්ගේ එම ඉගෙන්විම් ආගම් බේදයකින් තොරව සෑම බැතිමත්තෙකුගේම හදවතේ කාවැදුනි.

ගුරු නනක් දෙව් ජි තුමන් කර්තාර්පුර්හි එතුමන් තම ඉගෙන්විම් ප්‍රායෝගිකව පිලිපෙදිම සිදුකොට තිබුනි. එත්මන් එහි ගොවියෙක් ලෙසින් සාමාන්‍ය ගිහි ජිවිතයක් ගතකලේය. හින්දුන් සහ මුස්ලිම්, දුප්පත් සහ පොහොසත්, වෙලඳුන් මෙන්ම අනිතුත් සාමාන්‍ය වැසියොත් කිසිදු බේදයකින් තොරව ඔහු වටා රොක්වුවෝය. මෙහි ආරාම ජිවිත රටාවක් නොපැවතුනු අතරට එතුමන්ගේ ඉගෙන්විම් යටතේ සාමාජිය වගකිම් ගැන අවධාරණයට ලක්කොටදිමක් සිදුකෙරුනි. මේ නිසාම වෙළන්දෝ, ගොවියෝ මෙන්ම කලාකරුවොත් පවුල්පිටින් එතුමන් වටා රොක්විම ඇරැඹුනි. එතුමන්ගේ පණිවිඩ මගින් ලෞකික වගකිම් වලට වැඩියෙන්ම ප්‍රමුඛත්වය දැක්විම සිදුවිය. 'වැඩ කරන්න' (kirt karo), 'එතුමන්ගේ නම ජප කරන්න' (ධ්‍යානය) (nam japo) සහ 'පුඤකාර්‍යන්හි නිරත වන්න' (vand chhako) යන්න එතුමන්ගේ පණිවිඩයේ සාරය වේ.

කර්තාර්පුර්හි ගතකල ගුරු නනක් දෙව් ජි තුමන්ගේ ජවිත කාලය පුරාම් සිදුවිම් මගින් අතිසය වැදගත් වත් පිලිවෙත් ගණනාවක් අප අතර එක්වුනි. ධරම්ශාල් (dharamsal), සංගත් (sangat) සහ පංගත් (pangat) ඊට නිදසුන් වෙති. ධරම්ශාල් යනු වැඳපුදා ගැනිමේ ස්ථානය වන අතර මෙවැනි ස්ථානයන්හි ගුරුනනක් දෙව් තුමන්ගේ ඉගෙන්විම් සවන්දිම සිදුකරයි. මෙම ධරම්ශාල් ක්‍රමිකව 'ගුරුද්වාර්' ලෙසින් ප්‍රසිද්ධියට පත්විය.

'සංගත්' යනු සාමුහික ගුරුනනක් දෙව් තුමන්ගේ ඉගේන්විම් සහ ස්ලොක ගායනා කිරිම් වේ. මෙයින් කිසිදු ආගම් හෝ සාමාජිය මෙන්ම දුප්පත් සහ පොහොසත් බේදයකින් තොරව සමගිය, සමානත්වය සහ සහෝදරත්වය තහවුරු කරයි. අනතුරුව සික් ආගමික සිද්ධස්ථානයන්හි 'ලන්ගාර්' (langar) හෙවත් පොදු කුස්සි සහ 'සේවා' (seva) හෙවත් ස්වේච්ජා සේවා සම්ප්‍රදාය බිහිවුනි. මෙවැනි පින්කම් යටතේ සික් සමාජය ලෝකයා අතර අද අතිසය ජනප්‍රිය ජනකණ්ඩායමක් බවට පත්විගොස් ඇත.

කර්තාර්පුර් වන්දනා කොරිදෝව ව්‍යාපෘතිය විවෘත කිරිමකින් මානව සමාජය අතරට සමානත්වය, කරුනාව සහ දයාව මෙන්ම ඒකිය දේවත්වයක් ගැනවු ගුරු නනක් දෙව් තුමන්ගේ පණිවිඩය නැවත සිහපත් කිරිමට අපට අවස්ථාව ගෙනදි ඇත.

පිටපත: ‘The Book of Nanak’ග්‍රන්ථයේ කතෘ, මෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු ඉන්දිය රාජ්‍යතාන්ත්‍රික, නව්තෙජ්සර්නා

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ