රාජ්‍ය සභාව 250 වන සැසිවාරය සනිටුහන් කරයි

රාජ්‍ය සභාව (Rajya Sabha) හෙවත් ඉන්දිය පාර්ලිමේන්තු ඉහල මන්ත්‍රන සභාව තම 250 වන සැසිවාරය සනිටුහන් කරන මොහොතක ඉන්දිය දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙනයාමේ මාර්ගයේහි එම සභාවෙන් සිදුකෙරුනු ඒ ගෞරාන්විත කාර්‍යභාරය සිහිපත් කිරිමත් අතිශසය වැදගත්වේ. වසර 1952 ගණ්නවලදි එය ගොඩනගාගත්දා සිට ජාතික අවශ්‍යතා ශක්තිමත් කරගැනිමට එම සභාවෙන් සිදුකෙරුනු කොටස්දායකත්වය කිසිසේත්ම බැහැර කලනොහැකි කරුණකි. 1952 වසර සම්මත කරගත් හින්දු විවාහ සහ දික්කසාද නීති පනත (Hindu Marriage and Divorce Bill) සිට 2019 වසරේ මුස්ලිම් කාන්තා (විවාහ ආරක්ෂණ අයිතිවාසිකම්) නීති පනත (Muslim Women (Protection of Rights on Marriage) Bill) සහ 2019 වසරේ ජම්මු සහ කාශ්මිර ප්‍රතිසංවිධාන නීති පනත (Jammu and Kashmir Reorganisation Bill) තෙක් ඉන්දිය ඒ ශ්‍රීවිභූතිය සහ අතිසය උදාර ඉන්දිය දේශපාලන ඉතිහාසයට රාජ්‍ය සභාව අතිසය ස්මරණිය මතක සටහන් ගොන්නක් එක්කොට ඇත. 

ඉන්දිය පාර්ලිමේන්තු ඉහල මන්ත්‍රන සභාවට ජාතික අවශ්‍යතා සපුරාදිමට අභියෝගවල් සහ ප්‍රශ්න ගණනාවකට මුහුන දෙමින් අද දිනයතෙක් ඉදිරියට පියවර නගාගෙන යාමට හැකිවි තිබුනු බව රාජ්‍ය සභාවේ සභාපති මෙන්ම ඉන්දිය උප ජනාධිපති එම්. වෙන්කයියා නයිදු මහතා කල ප්‍රකාශය නිතැතින් නිවරදිය. “කෙසේනමුදු, අපේ අපෙක්ෂා ඉටුකරගැනිමට අප අතින් මගහැරි ගිය අගනා කාලය සහ වාසින් නැවත දිනාගැනිමට රාජ්‍ය සභාව කිසිදු බාධකයකින් පවත්වාගෙන යාම යන කරුණු ගැන සැලකිල්ල දක්වමින් අපට තව දිගු ගමනකට යායුතුව තිබෙන බව ” උප ජනාධිපති වරයා තවදුරටත් සඳහන් කොට ඇත. 

රාජ්‍ය සභාව හෙවත් මෙම පාර්ලිමේන්තු ඉහල මන්ත්‍රන සභාව ප්‍රථම වරට වසර 1952, මැයි මස 13 දා, පවත්වනු ලැබිය. සභාවට 2019 වසර, අගොස්තු මස 7 දා තෙක් සැසිවාර 5,466 ක් පවත්වා ගැනිමට හැකිවිය. රජ්‍ය සභාවට මෙම වකවානුව අතරතුර නීති පනත් 3,817 ක් සම්මත කරගැනිමට හැකිවුනු අතරට ඊට ව්‍යවස්ථාදායානු සංශෝදන නිති පනත් 108 කුත් ඇතුලත්වි ඇත. මෙම සභාව ගොඩනගාගත්දා සිට කාන්තාවන් 208 ට ඇතුළුව සහ යෝජනාකොට පත්කරගත් සුවිශේෂ සම්භාවනිය පිරිස් 137 ක් සමගින් අඩුම තරමින් පුද්ගලයින් 2,282 ට වඩා පිරිසකට එම උච්ජතම සභාවේ සාමාජිකයින් ලෙසින් කටයුතු කිරිමට වාසනාව ගෙනදුනි. මෙය 1950 වසර සිට ගමන ඇරැඹුනු පාර්ලිමෙන්තුවේ අතිසය වැදගත් ගමනක් ලෙසින් දැකගත හැකිය.

නොකඩවාම ඉහල නැගිගෙන එන රජ්‍ය සභාවේ වගකිම් සහ කාර්‍යභාර මෙන්ම කිසිදු භාධාවකින් තොරව එය ඉදිරියට ගෙනයාමත් දැන් අභියෝගයක් ලෙසට මුහුණදිමට සිදුව ඇත. ඉන්දිය පාර්ලිමේන්තු පද්ධතියේහි සභා දෙකකින් යුක්තවේ. ජනාධිපති වරයාගේ සහ අග්‍රාමාත්‍ය වරයාගෙත්ත් අනුදෙනුම සහ උපදේශ යටතේ පාර්ලිමේන්තු ලොක් සභාව (Lok Sabha) හෙවත් ඉන්දිය පාර්ලිමේන්තු පහල මන්ත්‍රන සභාව වසර පහෙන් පහ විසුරවා දමමින් අළුතින් නැවත තෝරාපත්කොට ගනියි. කෙසේ නමුදු රාජ්‍ය සභා සාමජිකයින්ට ජීවිතාන්තය තෙක් සභාවේ සාමාජිකත්වය දරාගෙන සිටිමට ඉඩගෙනදි ඇත. 

මේ දැන් පැවැතිවෙන රාජ්‍ය සභාවේ 250 වන සැසිවාරය අමතමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කල ප්‍රකාශය සැබැවින් නිවරදිය. අග්‍රාමාත්‍ය වරයාට අනුව රාජ්‍ය සභාව විවිධාකරත්වයෙන්යුත් ඉන්දියාව නියෝජනය කරවන අතරට අනිත් අතින් රටේ ෆෙඩරල් ව්‍යූහය එයින් විදහා දැක්වෙන බවය. රටේ ව්‍යවස්ථාදායානු අංගයක් වන එය දේශිය සාමාජිය - ආර්ථික පරිවර්තනයේ අතිසය වැදගත් කොටසක් වේ. රාජ්‍ය සභාව පසුගිය දශක සයක පමන දිගුකලක පුරාම රට ගොඩනැගීමේ ගමනේහි කාර්‍යභාරයන් රාසියක් සිදුකොට ඇත. දරිද්‍රතා මුලිනුපුටා දෙමිම් හෝ අෂාරක්ෂරතාවයට එරහිව නැගිසිටිම, ලෙඩරෝග, රැකියාවිරහිතභාවය, සංචාරක, සාමාජිය, දේශපාලන, ආර්ථික ප්‍රශ්න හෝ දේශගුණ විපර්යාසයට විසඳුම් සෙවිම් සහ පරිසර ප්‍රදුෂණ තත්වය අයහපත් අතට හැරියාම වැනි විෂයන්ට හෝ වේවා එම උච්ජතම සභාව දැක්වු සැලකිලි වලට අප කිසිසෙත්ම සුළුපටු ලෙසින් බැහැර කල නොහැකිය. 

පාර්ලිමේන්තු රාජ්‍ය සභාවට මෑතදිත්, භාණ්ඩ සහ සේවා අයබදුකරණය (Goods and Services Tax), ත්‍රිත්ව තලාග් මුස්ලිම් දික්කසාද චාරිත්‍රය (Triple Talaq,), ඉන්දිය සමාජයේ ඉහල කුල වලට අයත් නමදු ආර්ථික අතින් දුර්වල සාමාජිය කණ්ඩායම් වලට රජයේ රැකියා සියයට දහයකින් අරක්ෂනයක් ලබාදිම සහ ව්‍යවස්ථා නිති වගන්ති 370 අවලංගු කොට දෙමිම් වැනි අතිය සංවේදිය කරුණු ගණනාවක් සම්මත කරගැනිමට හැකිවිය. අග්‍රාමාත්‍ය වරයා පාර්ලිමේන්තු රාජ්‍ය සභාවේහි ව්‍යවස්ථා නිති වගන්ති 370 ගැන දැක්වු ප්‍රතාශය ලක්කොටදියයුතු කරුණක් වේ. ජම්මු සහ කාශ්මිරයට විශේෂ වාසින් පිරිනැමෙන ව්‍යවස්ථා නීති වගන්ති 370 රාජ්‍ය සභාවේහි ප්‍රථම වරට හඳුන්වා දුන්නේ එවක එම සභාවේ ප්‍රථම ප්‍රධානියාවු ගොපාලස්වාම් අයියංගර් විසින් යැයි අග්‍රාමාත්‍ය වරයා සිහිපත් කලේය. දශක ගණනාවකින් අනුතරුව එම සභාව තුලම එම නීතිය අවලංගුකොට දෙමු බව එතුමන් තවදුරටත් පෙන්වා දි ඇත. 

කෙසේනමුදු, රාජ්‍ය සභාවේ ශ්‍රී විභූතිය ඉහල නැංවිමේ තවත් කරුණු ගණනාවක් ඇත. වසර ගණනාවක පුරාම එම උච්ජතම සභාවට සමාජයේ විවිධාකාර කොටස් වලට අයත් සම්භාවනිය පිරිසක් එක්කර ගැනිමට හැකිවිය. ඉන්දිය ව්‍යවස්ථාවේ පියාණන් සැලකෙන ආචාර්‍ය. භීම්රාඕ ඇම්බැට්කර් තුමන්ට දෙවටාවක් මෙම රාජ්‍ය සභාවේ සාමාජිකත්වය දෙරිමට අවස්ථාව ගෙනදි ඇත. මෙම රාජ්‍ය සභාවේ සාමාජිකයින් අතරින් කලාව, සිනමාව, විද්‍යා සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රයට අයත් සම්භාවනිය ප්‍රභුන් ඇතුලත්වි තිබෙන බව අග්‍රාමාත්‍ය වරයා තවදුරටත් පැහැදිළිකොට ඇත. මෙවැනි සම්භාවනිය පිරිසකගෙන් ජාතික අවහ්‍යතා වලට අදාල විෂයන් සම්බන්ධයෙන්වු විවාදයන්හි අගනා අදහස් පිරිනැමිමට සහ මෙම උත්තරිතර සභාවේ තත්වය තවදුරටත් ඉහල නංවාගැනිමටද අතිසය ආධාරකාරිවු බව එතුමන් තවදුරටත් පෙන්වාදි ඇත.

අග්‍රාමාත්‍ය වරයා, 2003 වසර 200 වන රාජ්‍ය සභා සැසිවාරයේහි පුර්ව අග්‍රාමාත්‍ය අටල් බිහාරි වජ්පායි මහතා දැක්වු කියමනක් සහිපත් කරමින්, “ අපේ මෙම දෙවන සභාව කිසිසේතම දෙවන ශ්‍රේණියේ සභාවක් ලෙසින් නොසැලකිය යුතු බවත් මෙම සභාවේ සාමාජිකයින් අතරට විද්‍යාඥන්, වෛද්‍යවරුන්, කලාකරුවන්, විශ්වවිද්‍යාල මහාචාර්‍යවරුන් සහ සමාජයේ අනිත් විවිධ තරාතිරම් වලට අයත් ඇතුලත් බවත් , මෙම ඉහල මන්ත්‍රන සභාවෙන් දේශිය ප්‍රජතන්ත්‍රවාදි ජිවය ශක්තිමත් කරවු පමනක් නොව ජාතික ප්‍රපත්තින් වල අගයන්ට ලබාදෙන සැලකිලි තවදුරටත් ඔපවත් කරනු ලැබු බව ” යන එතුමන්ගේ ප්‍රකාශයේ අගයද සිහපත් කර දුන්නේය. 

සමකාලින මෙම ද්විසභාග වර්ග ගැන් ප්‍රශ්න මතුවෙමින් තිබියදිත් ඉන්දිය පාර්ලමෙන්තුවේ මෙම ඉහ මන්ත්‍රන සභාව අඛණ්ඩව ක්‍රියාත්මකවේගෙන යයි. මෙය මුළු ජාතියටම ගෞරවය ගෙනදෙන කාරණයක් වේ.



පිටපත: ජ්‍යෙෂ්ථ මාධ්‍යවේදි ,ශංකර් කුමාර්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ