ඉන්දු - එක්සත් ජනපද ත්‍රිවිධහමුදා අභ්‍යාසය 2019

'එක්සත් ජනපදය සමගින් ගෝලිය උපායමාර්ගික හවුල්කාරත්වයක් ගොඩනගාගැනිම' මෝදි රජයේ දෙවන නිලකාලය යටතේ ප්‍රමුඛත්වය ලබාදුන් ප්‍රධාන දෙයවේ. ඉන්දිය ආර්ථික පසුබිම යහපත් අතට හරවාගැනිම සහ ජාත්‍යන්තර වේදිකාවල ශක්තිමත් රාජ්‍යයක් ලෙසින් කටයුතු කිරිමේ තම අභිලාසය ඉටුකරගැනිමටත් ඉන්දියාව එක්සත් ජනපදය සමගින් වඩාත් සහයෝගගයකින් කටයුතු කරගෙන යයි. ආරක්ෂක ක්ෂේත්‍රය ද්විපාර්ශ්වික සම්බන්ධතාවල අතිසය වැදගත් කුළුණදවේ. දෙරටේ ද්විපාර්ශ්වික සම්බන්ධතා ඒ අයුරින් හැඩගස්වාගෙන ඉදිරියට පමුණුවා ඇත. 

ඉන්දිය - එක්සත් ජනපද ත්‍රිවිධහමුදාව යන ආරක්ෂක කණ්ඩායම් තුනේ සහභාගිත්වයෙන් ‘Tiger Triumph’ යන තේමාව යටතේ දකුණු ඉන්දිය ආන්ද්‍රප්‍රදේශ වෙරල ඔබ්බෙන් නොවැම්බර් 13 – 21 යන දිනයන්හි පවත්වාගෙන යන මෙම ත්‍රවිධහමුදා මානවිය සහයෝග සහ ඛේදවාචක ආපදා මුදවාගැනිම් අභ්‍යාසය (Assistance & Disaster Relief), (HADR) දෙරට අතර පවත්වන මෙවැනි ප්‍රථම අභ්‍යාසයක්වේ. මෙම ‘Tiger Triumph’ ත්‍රවිධහමුදා අභ්‍යාසයට US Marine Corps සහ Special Forces reconnaissance team සහ ඉන්දිය නාවික හමුදාවේ P8i long-range maritime reconnaissance සහ anti-submarine warfare aircraft යන ගුවන්යානා වරගත් යොදවාගෙන ඇත. ‘harbour phase’ යන අනිත් අභයාසය විශාඛාපත්නම්හි නොවැම්බර් 13 – 16 අතර පැවැත්වේ. එම අභ්‍යාසයේ දෙවන කොටස කකිනඩාහි නොවැම්බර් 17 – 21 අතර දිනයන්හි පැවැත්වේ. ඉන්දිය ආරක්ෂක හමුදාවට අයත් signal, medical සහ communication යන අංශ ඇතුලත් අඩුමතරමින් භටයින් 400 ක් පමන පිරිසක් මෙම අභ්‍යාස වලටසම්බන්ධවිමට නියමිතය. ඉන්දියාව සමගින් මෙවැනි යුධ අභ්‍යාසයක් මෙහෙයෙවු අනිත් රට රුසියාවවේ. 

ත්‍රවිධ හමුදා සහභාගිත්වයෙන් සිදුකරගෙන යන මෙම හමුදා අභ්‍යාසය ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර 2018 වසර සැප්තැම්බර් මස විදේශ සහ ආරක්ෂක කුටයුතු යන අමාත්‍යවරුන් දෙදෙනා අතර පැවැත්වුනු ස්මාරඹක ‘2+2’සංවාදය යටතේ තිරණයකොටගත් මුලපිරුමක් වේ. එම සංවාදය යටතේ දෙරටේ හමුදා අතර අතිශය වේගයෙන් වර්ධනවේගෙන යන හමුදා-හමුදා සම්බන්ධතා වලට ප්‍රමුඛත්වය දක්වමින් මෙවැනි පියවරක් රැගෙන ඇත. දෙරටම එම සමිප සමබන්ධතා නොකඩවාම ශක්තිමත් කරගනිමින් නවතලයක ප්‍රවේශ කරගැනිමටත එකඟ සිටිති. හමුදා අංශ දෙක සහ ආරක්ෂක කටයුතු බලධාරින්ව හුවමාරු කරගැනිමේ වැඩසටහනුත් ඊට ඇතුලත්කොට ඇත. 2019 වසර සැප්තැම්බර් මස ටෙක්ෂාහ්හි සිදුවුනු ‘Howdy Modi’ වැඩසටහන අතරතුර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සිදුකෙරුනු ඒ ඓතිහාසික හමුව මධ්‍යෙයේදිත් නායකයින් දෙදෙනා මෙම වැඩසටහන් වලට අතිසය සැලකිල්ල දැක්විම සිදුකොට ඇත. 

ඉන්දු - පැසිෆික් කලාපිය ස්ථාවරත්වට සහ අතිශසය වේගයේන් පරිවර්නවේගෙන යන කලාපිය භූදේශපාලනමය පරිවර්තන සහ පසුබිම ගැනත් දෙරටම පොදු ආකල්ප දරති. ඉන්දියාව සහ එක්සත් ජපදය වාර්ෂික යුද හරඹ අභ්‍යාසත් පවත්වාගෙන යයි.මලබාර් (Malabar) නාවික හමුදා යුද අභ්‍යාසයට ජපානයත් තුන්වන රටක් ලෙසින් සම්බන්ධවේ. 'Vajra Prahar' සහ 'Yudh Abhyas' යන තේමාව යටතේ දෙරට අතරට ත්‍රස්තවාද මර්දන අභ්‍යාස වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යයි. මෙවැනි ඒකාබද්ධ යුද අභ්‍යාස යටතේ දෙරටේ ආරක්ෂක හැකියා ගැන නිවරදි අවබෝධ ඇතිකරගැනිමට සහ අවශ්‍යවු විට ඒකාබද්ධ යුද මෙහෙයුම් ක්‍රියාත්මක කරගැනිම ගැනත් සැලකිල්ල දැක්විමට මාර්ගය සලසාගෙන ඇත. 

ඉන්දියාවට ගොඩබිම් සහ සාගර සිමා යන සිමා දෙකින්ම සුරක්ෂාත්මක ක්ෂේත්‍රයේ අභියොගවල් එල්ලවි ඇත. මෙවැනි අභියෝගවල් වලට මුහුණදිමට නවින තාක්ෂණ සහ නව ආරක්ෂක පුහුණුද අතිසය අවශ්‍යය. මෙයින් මිදිමට ඉන්දියාව දැන් තම අභිලාෂාත්මක ’Make in India’ වැඩසටහනින් ආරක්ෂක ආම්පන්න නිෂ්පාදන කාර්‍යයන්ද ආරඹකොට ඇත. එක්සත් ජනපදය සමගින් වඩාත් සමිපව සහ සහයෝගයකින් ආරක්ෂක ආම්පන්න නිෂිපාදන, පර්යේෂණ සහ විකල්ප ගැන ගවේෂණයන්හිත් නිරතවි සිටියි. ඉන්දු - පැසිෆික් කලාපිය අවශ්‍යතා යටතේ එක්සත් ජනපදයටත් ඉන්දියාව අකතිසය වැදගත් හවුල්කරුවෙක් ලෙසට පිලිගැනිමට සිදුව ඇත. ඉන්දිය ආරක්ෂක වෙළඳ පොලටත් එක්සත් ජනපදයට විශාල විධියෙන් වාසි සැලසි ඇත. 

ආරක්ෂක අංශයේ හවුල්කාරත්වය ඉහල නංවාගැනිම, ආරක්ෂක වැඩසටහන් හැකියා සහ ආරක්ෂක භටයින්ගේ හැකියා ගැන අන්තර්ලෝකය වැනි කරුනු ගණනාවකට සළකා බලමින් එක්සත් ජනපදය ඉන්දියාව සමගින් ආරක්ෂක අංශයේහි සමිපව කටයුතු කරගෙන යයි. ඉන්දියාව සහ එක්සත් ජනපදය 2012 ඉන්දු - එක්සත් ජනපද ආරක්ෂක තාක්ෂණ සහ වෙළඳ මුලපිරුම ගැනත් විමසුමකට ලක්කොට දෙමින් සිටිති. මෙයින් ආරක්ෂක අංශයන්හි නරත කාර්මික අංශයට පර්යේෂණ සහ සංවර්ධන කටයුතු ඉහල නංවාගැනිමටත් අවශ්ථාව ගෙනදෙනු ඇත. දෙරටම දැන් මෙම ප්‍රගතිය ගැන විමසුමකින් පසුවෙති. 

පිටපත: එකසත් ජනපද උපායමාර්ග කටයුතු විශ්ලේෂක, ආචාර්‍ය. ස්තුති බැනර්ජි

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

නව රජය ගොවියන්ගේ සුබසාධනයට සැළකිල්ල යොමු කරයි

ඉන්දියාව සහ ඕමානය උපායමාර්ගික සබඳතා ශක්තිමත් කරගනිති