රෆාලේ ප්‍රහාරක ගුවන්යානා ඉන්දිය ගුවන්හමුදාවට නියුක්ත කරගනියි

ඉන්දියාව විසින් ප්‍රංශයෙන් මිලදිගත් න්‍යෂ්ටික ප්‍රහාර මෙහෙයුම් හැකියාව සතු අතිශය බලගතු රෆාලේ (Rafale) ප්‍රහාරක ගුවන්යානා තිස් හයෙන් ප්‍රථම ගුවන්යානාව ඉන්දිය ආරක්ෂක කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා අතින් ප්‍රංශයේ මැරිග්නැක් (Merignac) ගුවන් හමුදා කඳවුරේහි ඊයේ නිලමට්ටමින් අතිශය උතසවාකාරයෙන් ඉන්දිය ගුවන් හමුදාවට (Indian Air Force), (IAF) නියුක්ත කිරිම සිදුව ඇත. මෙම අතිශය වැදගත් සිද්ධියත් සමගින් ඉන්දිය ගුවන් හමුදාවට දැන් ගුවන් ප්‍රහාර ක්ෂේත්‍රයේ හැකියා සහ නවතම තාක්ෂණ විදහා දැක්විමටත් මං සැළසි ඇත. හමුදා ශක්තිය සතු සෑම රටක්ම සාම්ප්‍රදායි හෝ වේවා, උපායමාර්ගිය අතින් හෝ සම්ප්‍රදායි නොවන යුද වලදිත් ඉදිරියෙන් සිටිමටම ප්‍රයත්න දරති.

එකසත් ජාතින්ගේ සංවිධානය පවා නොතකමින් ඉන්දිය අසල්වැසිතම රාජ්‍යෙයේ නායකයෝ නොකඩවාම ඉන්දියාවට එරහිව න්‍යෂ්ටිකමය තර්ජන එල්ලකරගෙන යත්දි රෆාලේ (Rafale) ප්‍රහාරක ගුවන්යානා නියුක්ත කරමින් ඉන්දියාවට තම ගුවන් හමුදා ප්‍රහාරාත්මක හැකියා තවදුරටත් දිරිමත් කොට ඇත. සිදුවිය හැකි අනවශ්‍ය තර්ජන ගැන සළකා බලමින් ඉන්දියාවටද නවින අවිආයුධ මිලදි ගැනිමේ තම වැඩසටහන් පුළුල් කරගනිමින් ඉහල නැගිගෙන එන ගෝලිය හමුදා සහ නව හමුදාමය තාක්ෂණ වලට ගැලපෙන විධියෙන් තම හමුදා ශක්තිය ඉහල නංවා ගැනිමට සිදුව ඇත. මෙම සන්දර්භය යටතේ න්‍යෂ්ටික හැකියා සතු බහුකාර්‍ය ප්‍රහාරක ගුවන්යානා මිලදි ගැනිමේ අවශ්‍යතාවයට ඉන්දියාවද නැඹුරුවි ගියාය.

ඉන්දිය ගුවන් හමුදාව (IAF) රෆාලේ (Rafale) ප්‍රහාරක ගුවන්යානාවට සැළකිල්ල දැක්විමට පෙර ප්‍රථමයෙන්ම රටවල් සතරකට අයත් සතරවන පරම්පරාවේ නවින ප්‍රහාරක ගුවන්යානා ගණනාවකට අත්හදා බැලිම සිදුකොට ඇත. ඉන්දිය ගුවන්හමුදාව මෙම අදියරය යටතේ 600 ක පරාමිටිය සමගින් පරික්ෂණයෙන් සමත්විමට ලකුණු 590 ක් පිරිනැමිමේ ක්‍රමවේදයක් යොදවා ගත්තේය. එම ලකුණු සංඛ්‍යාවට ඉහලින් තම හැකියා ප්‍රදර්ශණ කරමින් රෆාලේ ප්‍රහාරක ගුවන්යානයට ඉන්දිය ගුව්න හමුදාවේ අවධානය ලක්කර ගැනිමට හැකිවුවාය. මෙය මධ්‍යම බහුකාර්‍ය ප්‍රහාරක ගුවන් යානාවක් (Medium Multi-Role Combat Aircraft), (MMRCA) වන හෙයින් රෆාලේ (Rafale) ප්‍රහාරක ගුවන්යානාවටද දැන් මෙතෙක් රට සහ රටේ ගුවන් සිමා සුරක්ෂා කාර්‍යන්හි නිරතවි සිටිය රුසියන් Sukhoi Su-30MKI සහ MiG 29, ප්‍රංශ Mirage-2000 මෙන්ම මුළුමනින්ම දේශිය HAL Tejas ප්‍රහාරක ගුවන්යානා සමගින් සම්බන්ධවිමට අවහ්ථාව ගෙනදි ඇත.

අතිශය නවින මාරාන්ති රෆාලේ ප්‍රහාරක ගුවන්යානයට ගුවන් ආරක්ෂාව, ගුවන් ප්‍රහාර මෙහෙයුම් වලට සහයෝගය දැක්විම, ඈත ආකාසය අවට විනිවද පියාසර කිරිම, ගුවනින් ගොඩබිම් විමසුම් කටයුතු සහ න්‍යෂ්ටික හැකියාව වැනි ශ්‍රමතා ගණනාවක් සතුව ඇත. රෆාලේ ප්‍රහාරක ගුවන්යානා ඉන්දිය ගුවන් හමුදාවට ‘Game Changerයක්’ ලෙසින් හඳුන්වා දෙන නිරික්ෂකයින් විශේෂයෙන්ම අසල්වාසිතම රාජ්‍යයෙන් හැරුනුවිට කිසිදු සතුරු ගුවන්යානයකට වුවද ඉන්දිය ගුවන් අවකාශය අවට අනවසරයෙන් පිවිසිමටද ඉඩ නොලැබෙන බව තවදුරටත් පැහැදිළිකොට ඇත. කෙසේනමුදු සාමයට කැපවි කටයුතු කරන ඉන්දියාව අවිආයුධ ගොඩගැසිම බැහැර කරයි. රෆාගේ ප්‍රහාරාත්මක ගුයවන්යානව ඉන්දිය ගුවන්හමුදාවට නියුක්ත කරමින් ආරක්ෂක කටයුතු අමාත්‍ය වරයා කල කතාවෙන්ම එම කාරණය තවදුරටත් තහවුරු කොට ඇත. රෆාලේ ප්‍රහාරක යානාවෙන් ඉන්දිය ගුවන් ප්‍රහාර ශක්තිය තවදුරටත් ශක්තිමත් වන නමුදු එය කිසිදු රටකට ප්‍රහාර එල්ල කිරිම සඳහා යොදවාගන්නා දෙයක්ද නොවන බව පැහැදිළි කොට ඇත. හමුදා ශක්තිය යුද මගහරවා ගැනිමට යොදවා ගන්නා දෙයක මිසක යුද්ධය නොකඩවාම පවත්වා ගැනිම සඳහා යොදවා ගන්නා දෙයක් නොවන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කොට ඇත. හමුදා ශක්තිය අනවශ්‍ය සිදුවිම් මගහරවා ගැනිම සඳහා යොදවා ගන්න දෙයක් බව ඔහු තවදුරටත් පැහිදිළි කොට ඇත. ඉදිරියේදි සිදුවිය හැකි ඔනෑම ගැටුමක වුවද ගුවන් හමුදාවට නිතැතින් විශාල කාර්‍යභාරයක් ඉටුකිරිමට සිදුවනු ඇත. අර්ථවත් විධියෙන් සටන් කිරිම, දුරෂ්ත ප්‍රදේශ වලට ප්‍රවේශවිම, නිරවද්‍ය අවිආයුධ සැපයුම යන මේ සෑම අංශයකින්ම ගුවන්හමුදාවට විශාල කාරයභාරයක් ඉටුකලහැකිය.

අනික ගුවන් හුමදාව යොදවාගෙන රටේ ඕනෑම දේශපාලනමය අභිමතාර්ථයක් ඉටුකරගත හැකිය. මෙම වසර පෙබරවාරි මස සිදුකල බලකොට් ත්‍රස්තවාද පුහුණු කඳවුරට එල්ල කල ගුවන් ප්‍රහාරය නිදසුනක් වන අතරට එයින් දේශපාලනමය ඉලක්ක ඉටුකර ගැනිමට හැකිවිය. මෙයින් ඉන්දිය ගුවන්හමුදා ශක්තියේ විශ්වසනියත්වය තවදුරටත් තහවුරු කරගැනිමට අවශ්ථාව ගෙනදි ඇත.

නවින ගුවන්යානා මගින් පැරැණි යල්පැනගිය ප්‍රහාරක ගුවන්යාන ඉවත් කොට දෙමිමටත් ඉන්දිය ගුවන්හමුදාවට අවශ්ථාව ගෙනදි ඇත. යල් පැනගිය ප්‍රහාරක ගුවන්යානා මිලදි ගත නොහැකිය. ඒවා ගුවන් ප්‍රහාර සඳහා යොදවා ගැනිමත් තරමකින් අවදානම්ශිළිය. නවින ප්‍රහාරක ගුවන්යානා මිලදි ගැනිමත් අතිශය වැය අධික කාර්‍යයකි.රට තුල ප්‍රහාරක ගුවන්යානා නිපදවිම් කාර්‍යත් ඒ තරම්ම පහසු කාර්‍යක්ද නොවේ. අනික ඊට අදාළ දේශපාලනමය තීරණ ගැනිම සඳහාත් දිගු කාලයක් මිඩඟු කිරිමට සිදුවේ.

ඉන්දිය රජය මාස 36 ක පමන කෙටිකාල සිමාවක තුලින් රෆාලේ ප්‍රහාරක ගුවන්යානා 36 ක් මිලදි ගැනිමට රැගත් තිරණය නිතැතින් අතිශය වැදගත් ඉදිරි පිම්මකි. මෙයින් ඉන්දිය ගුවන්හමුදා ශක්තියට නිතැතින් විශාළ දිරිගෙන්විමක් සිදුවනු ඇත. මෙයින් ඉන්දිය ගුව්න හමුදාවට ඉදිරියේදි ඕනෑම වර්ගයේ අර්බුදයකට වුවද නොබියව එදිතරව මුහුණදිමට හැකිවනු ඇත.

පිටපත: ආරක්ෂක කටයුතු විශ්ලේෂක, උත්තම් කුමාර් බිස්වාස්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ