ආරක්ෂක කටයුතු අමාත්‍යවරයාගේ ජපන් සංචාරයෙන් සම්බන්ධතා ශක්තිමත් කරලයි

ආරක්ෂක කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් මස 2 දා සිට 3 දා අතරට ජපන් චාරිකාවකට නිරතවු අතර ඔහු අනතුරුව සැප්තැම්බර් 5 දා සිට 6 දා කොරියානු ජනරජයට චාරිකාවකට නිරතවිය. ඉන්දු - පැසිෆික් කලාපිය භෞගෝලිය උපායමාර්ග ක්ෂේත්‍රයේ කැලැඹිලි පසුබිම දැස බලන විට එම චාරිකා දෙකම අතිශය වැදගත්වේ. ඉන්දිය ආරක්ෂක කටයුතු අමාත්‍ය වරයා සහ ජපානය සහ කොරියානු ජනරජය යන රටවල් දෙකේ ආරක්ෂක කටයුතු අමාත්‍යවරුන් සමගින් පවත්වන ලද සාකච්ජාවන්හි ඉන්දු - පැසිෆික් කලාපිය සාමය සහ ස්ථාවරත්වය ගැන හැරුනුවිට ද්විපාර්ශ්වික සහ කලාපිය ප්‍රශ්ණ වලටත් ගැඹුරින් සළකා බැලිම සිදුකොට ඇත.
සිං මහතාගේ සහ ජපන් ආරක්ෂක කටයුතු අමාත්‍ය ටකෙෂි ඉවයාගේ සම මුලසුන යටතේ 'වාර්ෂික ආරක්ෂක අමාත්‍ය මට්ටමේ සංවාදය' (Annual Defence Ministerial Dialogue) පැවැත්වුනි. එම සංවාදය යටතේ ඉන්දු - ජපන් විශේෂ උපායමාර්ගික සහ ගෝලිය හවුල්කාරත්වය (India-Japan Special Strategic and Global Partnership) තවදුරටත් ශක්තිමත් කරගැනිම ඉලක්ක කරයි. නායකයන් දෙදෙනා දෙරට අතර පවත්වාගෙන යන ද්විපාර්ශ්වික ආරක්ෂක සහ සුරක්ෂා ක්ෂේත්‍රයේ ගනුදෙනු තවදුරටත් ඉහල නංවාගැනිම ගැනත් පුළුල් විධියෙන් සාකච්ජා කලෝය. සිං මහතාට ජපන් අග්‍රාමාත්‍ය අබේ ෂින්ජෝ මුණගැසිමටද අවශ්ථාව ලැබුනි. එම හුමවිම් මගින් ඉන්දු - ජපන් ආරක්ෂක සහයෝගිතා පසුබිම විදහා දැක්වුනු අතර එම සමිප සම්බන්ධතා ඒකාබද්ධ හමුදාමය උපකරණ සංවර්ධනය යන තත්වයතෙක් ඉහලනංවා ගැනිමට දෙරට තීරණය කොට ඇත.
සිං මහතාගේ මෙම චාරිකාව අතරතුර දිගු කලක් ප්‍රමාදවි තිබුනු දිය සහ ගොඩබිම් යන දෙකේම පියාසර කලහැකි US-2 amphibious යානා දෙකක් ඉන්දියාවට සපයාදිමේ ජපන් සැලසුම වේගවත් කරගැනිම ගැනත් සාච්ජා කරගැනිමට හැකිවිය. මෙම හමුවිම් මධ්‍යයේ දෙපාර්ශ්වයේ ද්විපාර්ශ්වික සම්බන්ධතා වලට අදාල සෑම ප්‍රශ්ණයකටම සැලකිල්ල දැක්විම සිදුවිය. අනතුරුව ඉන්දු - පැසිෆික් කලාපය අවට වර්ධනවේගෙන එන චීන හමුදාමය බලපෑම් ගැනත් එම සාකච්ජා මගින් සැළකිල්ල දැක්විම සිදුවිය. මෙවැනි පසුබිම් මගහරවා දෙමීමට එක්සත් ජනපදය, ජපානය සහ ඉන්දියාව වාර්ෂික මලබාර් නාවික හමුදා අභ්‍යාසය (Malabar maritime exercise) යන තේමාවෙන් නාවික හමුදා අභ්‍යාසයක් පවත්වාගෙන යන අතරට රටවල් තුනේ නාවික හමුදා මෙහෙයුම් තිවුර කරගැනිම එයින් ඉලක්ක කරයි. "Malabar" යන තේමාවෙන් වාර්ෂිකව පවත්වාගෙන එම ත්‍රෛපාර්ශ්වික නාවික හමුදා සරඹ පුහුණු වැඩසටහන මෙම වසර සැප්තැම්බර් අග සිට ඔක්ටෝබර් මස මුල්භාගයේදි පැවැත්විමට නියමිතය. කාශ්මිර ප්‍රශ්ණය යටතේ ඉන්දියාව සහ පාකිස්තානය අතර මතුවි තිබෙන නොසන්සුන්තාවය මධ්‍යයේ සිදුවුනු මෙම චාරිකාව දෙරටටම අතිශය වැදගත්වේ. පාකිස්තානය මෙම විෂය සම්බන්ධයෙන් ලෝකයාව මුලාවට පත්කිරිමට දරාගෙන යන ප්‍රයත්න ඛන්දනය කරදෙමිමටද මෙම චාරිකාවෙන් මාර්ගය පෑදුනි.
ඉන්දිය ආරක්ෂක කටයුතු අමාත්‍ය වරයා ජපන් ආරක්ෂක කටයුතු අමාත්‍ය වරයා සමගින් පවත්වන ලද සාකච්ජාවේදි ජම්මු සහ කාශ්මිර ප්‍රාන්තයට පිරිනමාගෙන ගිය විශේෂ වරප්‍රසාද අහෝසිකොට දෙමිමට රැගත් තීරණය ගැනද සාකච්ජා පැවැත්විය. එය එක අතකින් මෙම චාරිකාව ජම්මු සහ කාහ්මිරය ගැන ලෝකයාට නිවරදි පසුබිම ගැන පැහැදිලිකිරිමට දෙරු රාජ්‍යතාන්ත්‍රිකමය ප්‍රයත්නයක් ලෙසින් පෙන්වාදිම වඩාත් නිවරදිය. අනතුරුව දකුණු චීන මහසාගරය අවට චින හමුදාමය බලපෑම් සහ ඉන්දු - පැසිෆික් කලාපය අවට නිදහස් නවුකා ගමනාගමන අයිතිය ගැන හුවා දැක්විම සිදුව ඇත.
ඉන්දිය ව්‍යවස්ථා නිති වගන්ති 370 සම්බන්ධයෙන් නරේන්ද්‍ර මෝදි රජය රැගත් තීරණය ට එරහිව ගෙනයන අනවශ්‍ය ව්‍යාපාර වලට එරහිව පෙයිජිං පරිපාලනය දකුණු චින මහසාගරය අවට තම ශක්තිය විදහා දැක්විමට දරන ප්‍රයත්නයන්ට එරහිව නවදිල්ලිය දැක්වු විරෝධතාවය සමගින්ම එම ඉන්දු - ජපන් ප්‍රකාශණය නිකුත්ව ඇත. ජපන් ආරක්ෂක කටයුතු අමාත්‍ය ඉවයා (Iwaya) සමගින් පවත්වන ලද ද්විපාර්ශ්විත සාකච්ජාවෙන් “ ඉන්දිය සහ පැසිෆික් සාගරය අවට සාමය සහ ස්ථාවරත්වයඉන්දු -පැසිෆික් කලාපයට මෙන්ම මුළු ලෝකයේ සමෘද්ධියටද අතිශය වැදගත් කරුණක් ලෙසින් පෙන්වා දෙමින්, ඉන්දු - පැසිෆික් කලාපය ඇතුළුව කොරියානු ආර්ධද්විපය සහ දකුණු චින සාගරය අවට සිදුවේගෙන යන පරිවර්තන ගැනත් ” සැලකිල්ල දැක්විම සිදුකොට ඇත. ඉන්දිය ආරක්ෂක කටයුතු අමාත්‍යවරයා එම කලාපිය ප්‍රශ්ණ ගැන හැරුනුවිට ජම්මු සහ කාශ්මිරයේ පසුබිම ගැනත් ඉවයා (Iwaya) මහතාට පුළුල් විධියෙන් පැහැදිළි කිරිමක් පිරිනමා ඇත. ජම්මු සහ කාශ්මිරය අඛණ්ඩ ඉන්දිය භූමි කොටසක් ලෙසින් පෙන්වාදුන් සිං මහතා, ව්‍යවස්තා වගන්ති අංක 370 අහෝසිකොට දෙමමිමකින් එම ප්‍රදේශයට සෑම අංශයකින්ම වාසි සෙලසෙන බව පෙන්වාදි ඇත. මෙම මස අග පැවැත්විමට නියමිත එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ සැසිය අතරතුර අබේ මහතා මෝදි මහතාව හමුවිමට නියමිතව ඇත. මෙම සන්දර්භය යටතේ රාජ්නාත් සිංගේ සහ ටකෙසි ඉවයාගේ එම හමුවද අතිශය වැදගත් බව දෙරටේ රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ අදහසවේ.
ඉන්දු - ජපන් විදේශ කටයුතු අමාත්‍යවරුන් දෙදෙනා විසින් නිකුත්කොට තිබුනු ඒකාබද්ධ ප්‍රකාශණයෙන් මෝදි - අබේ යන දෙදෙනා 2018 වසර ඔක්ටෝබර් මස ප්‍රකාශයට පත්කොට තිබුනු 'දැක්ම ප්‍රකාශණ' (October 2018 Vision Statement) යටතේ පෙන්වාදුන්, “නිදහස් සහ විවෘත ඉන්දු - පැසිෆික් කලාපයක්” (free and open Indo-Pacific) ගැනවු මාර්ග දිසාවටද අතිශය සැළකිල්ල දැක්විම සිදුකොට ඇත. මෙම වසර අග පැවැත්විමට යන ජපන් - ඉන්දු වාර්ෂික ශිඛර සමුළුට (Japan-India Annual Summit) පෙරදිම ඉන්දියාව සහ ජපානය දෙරටේ ප්‍රථම 2+2 සංවාදය හෙවත් විදේශ කටයුතු සහ ආරක්ෂක කටයතු අමාත්‍ය මට්ටමේ සංවාදය (Foreign and Defence Ministerial Dialogue) පවත්වා ගැනිමටත් අපෙක්ෂා කරති. මෙම හමුවිම් මගින් ඉන්දු - පැසිෆික් කලාපිය සාමය සහ සමෘද්ධිය ඉලක්ක කරයි. ජපානය සහ ඉන්දියාව මෙම හමුවිම් යටතේ ජපන් - ඉන්දියා - එක්සත් ජනපද ත්‍රෛපාර්හ්වික සාගර බිම්බ මර්දන මෙහෙවර අභ්‍යාසය (Japan-India-US trilateral mine-countermeasures exercise), (MINEX) නොකඩවාම පවත්වාගෙන යාමේ මාර්ග දිසා ගැනත් සාකච්ජා කිරිමට බළාපොරොත්තු වෙති. The MINEX අභ්‍යාස මෙහෙවරය පසුගිය වසර ජුලි මස පැවැත්වුනි.

පිටපත: ඉන්දිය පාර්ලිමේන්තු ලොක්සභාවේ පර්යේෂණ සාමාජික, මහචාරය.රාජාරාම් පන්ඩා ගෙන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ