ඉන්දු - රුසියා බලශක්ති සහයෝගිතාවේ නව සිමාන්ත

ඉන්දු - රුසියා සම්බන්ධතා කථාන්තරය අතිශය පුළුල් පරාසයකින්යුත් ගැඹුරු මිත්‍රත්වය හා සහයෝගිතාවෙයෙන්යුත් එකකි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ව්ලැඩිවොස්ටොක්හි (Vladivostok) පැවැත්විමට යන නැගෙනහිර ආර්ථික මණ්ඩල හමුවට (Eastern Economic Forum meeting) සහ ඉන්දු - රුසියා වාර්ෂික ශිඛර සමුළුවට (India-Russia Annual Summit) සහභාගිවිමට යන මත්තේදිම විශේෂයෙන්ම දෙපාර්ශ්වයේ බලශක්ති සහයෝගිතා වලට නව අංශ ඇතුලත් කරගෙන එය තවදුරටත් ශක්තිමත් කරගැනිමට දෙරටම වැඩිදුරටත් එකඟත්වයට පත්විය. පසුගිය සතියේ සිදුවුනු ඉන්දිය පෙට්‍රෝලියම් සහ ස්වාභාවික ගැස් කටයතු අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ සාර්ථක රුසියා චාරිකාව අනතුරුව මෝදි - ව්ලැඩිමිර් පුටින්ගේ මෙම හමුවේ වේදිකාව ගොඩනගා ගැනිමට හැකිවිය. ඉන්දු - රුසියා සාම්ප්‍රදායි සහ න්‍යෂ්ටික බලශක්ති සහයෝගිතාවය ශීත යුද සමයතෙක් දිවයන අතරට එම ඓතිහාසික සහයෝගිතාවය නව දිසාවන්හි යොමුකර ගැනිමට දෙරටම දැන් එකඟවි සිටිති.

වර්තමාන ඉන්දු - රුසියා බලශක්ති සහයෝගිතා ප්‍රතිපත්තිය එක වාක්‍යයකින් සරලව පැහැදිළි කරනවානම් “පුළුල්වු පදනමක යටතේ” නව වෙළඳ පොලවල් සොයාගැනිමේ විකල්පවල් ගවේෂණය කරමින් අවදානම්ශිළි තත්වයන් පහත දමාගැනිම ඉලක්ක කරයි. ඉන්දියාව අනිත් අතට වෙනත් රටවල් වල බලශක්තියට ගැතිවිම් වලින් මිදිමකට සහ අස්ථාවර මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම් වලින් මිදිමකටත් උත්සාහ දරමින් සටියි. රුසියාවටත් මේ දිනවල සම්බාධ වලට මැදිවිමට සිදුවි ඇත. මෙයින් විශේෂයෙන්ම රුසියානු බලශක්ති අපනයනයට අතිශයෙන් බලපෑම් එල්ලවි ඇත. ආසියාව එරටේ බලශක්ති සැපයුම් කේන්ද්‍රස්ථානයක් ලෙසින් ගොඩනගා ගැනිමට රුසියාව දැන් මානබලමින් සිටියි. ප්‍රධාන් මහතාගේ රුසියා චාරිකාව අතරතුරදිත් බලශක්ති ක්ෂේත්‍රයේ අන්න්‍යෝන්‍ය යැපිම් ගැන සැහෙන්න අවධානයට ලක්කොටදිම සිදුවිය.

ඉන්දිය පෙට්‍රෝලියම් සහ ස්වාභාවික ගෑස් කටයුතු අමාත්‍ය වරයාගේ රුසියා සංචාරයට ජ්‍යෙෂ්ඨ රජයේ බලධාරින් සහ අතිශය ඉහල මට්ටමේ කාර්මික නියෝජිත කණ්ඩායමකුත් සම්බන්ධවි තිබුනු අතරට ඔවුන් රුසියන් රජයේ බලධාරින් සහ පෞද්ගලික අංශවල නියෝජිතයින් සමගිනුත් සාකච්ජා පැවැත්වුවෝය. රුසියන් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය යූරි ටෘත්නෙව් (Yury Trutnev) සහ බලශක්ති කටයතු අමාත්‍ය ඇලැක්සැන්ඩර් නොවැක් (Alexander Novak) සමගින් පවත්වන ලද හමුවෙන් තේල සහ ගැස් ක්ෂේත්‍රයේ සහයෝගිතා, රුසියාවේ ඈත සිමාන්ත කලාප වල තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු මෙන්ම බලශක්ති ක්ෂේත්‍රයට දියත් කරගෙන යන ආයෝජන ඉහලනංවා ගැනිමටත් දෙරටම වැඩිදුරටත් එකඟත්වය පලකොට ඇත.

ඉන්දිය අමාත්‍ය වරයාගේ මොස්කව් චාරිකාව ගැන සළකා බලනවිට අතිශය වැදගත් ප්‍රතිඵල ගෙනදිමට මාර්ග පෑදි ඇත. රුසියාව අනිත් අතට OPEC හෙවත් තෙල් අපනයන කරන රටවල් කණ්ඩායමේ අතිශය වැදගත් සාමාජික රටක් වේ. බොර තෙල් සැපයුම් හැරුනුවිට තෙල් මිලේ අස්ථාවරත්වයේත් රුසියාව අතේ විශාල කාර්‍යභාරයක් සතුව ඇත. පසුගිය වසර ගණනාවක තිස්සේ තෙල් මිලේ අස්ථාවරත්වයෙන් තෙල් සැපයුම්කරුවන්ට මෙන්ම තෙල් මිලදි ගන්නා රටවල් රැසටත් සෑහෙන්න පිඩා විඳින්නට සිදුවිය. ඉන්දිය තෙල් ආනයනයෙන් 4/5 ක්ම OPEC කණ්ඩායම යටතේ රඳා ඇත. භෞගෝලිය - දේශපාලනමය අස්ථාවරත්වයකට මැදිවිමට සිදුවනු OPEC කණ්ඩායම තුලින් ගෝලිය ඉන්ධන සැපයුමට පමණක් නොව ඉන්දිය බලශකති අවශ්‍යතා වලටත් අතිශයෙන් පීඩා විඳිමට සිදුව ඇත.

ඉන්දු - රුසියන් බලශක්ති කටයතු අමාත්‍යවරුන් දෙදෙනාගේ දැඩි ප්‍රයත්නයන් යටතේ ව්ලැඩිවොස්ටොක් මෝදි - පුටින් ශිඛර සමුළුවට සහ පුළුල්වු බලශක්ති සහයෝගිතා ගිවිසුමට අඩිතාලම ගොඩනගා ගැනිමට හැකිවි ඇත.

ඉන්දියාවට දෙරටේ බලශක්ති කොරිදෝවෙන් බලශක්ති සමෘද්ධි රුසියානු ඈත සිමාන්ත නැගෙනහිර කලාපය අවට ගවේෂණයන්හි නිරතිවිමට අවශ්ථාව සැළසි ඇත. මෙයින් බලශක්ති ව්‍යාපෘති වලට සිදුකරගෙන යන අන්න්‍යෝන්‍ය ආයෝජන කටයුතු ඉහල නංවාගැනිමට අතිශය ආධාරකාරි වි ඇත. රුසියාව අනිත් අතට ඉන්දිය විශාලතම තෙල් සහ ගෑස් ආයෝජන ගමනාන්තයද වේ. ONGC සහ IOCL යන ඉන්දිය මහජන තෙල් සංස්ථා දෙක රුසියාවේ සකලින් (Shakhalin), වැන්කොර් (Vancor) සහ ටාස් යුර්යක් (Taas Yuryakh) යන ප්‍රෙදේශයන්හි තෙල් උද්පාදන ගවේෂණ කාර්‍යන්හි නිර‍ෙවි සිටිති.

රුසියාවට අනිත් අතට ඉන්දිය ඉන්ධන ගවේෂණ කාර්‍යන් යටතේ සයිබේරියාව (Siberia) වැනි කලාප අවට චීනය දැන් දියත් කරගෙන යන දැවැන්ත බලශක්ති ගවේෂණ කාර්‍යන් සමතුලිත කරගැනිමට සෑහෙන්න ආධාරකාරිවි ඇත. ඉන්දිය බලශක්ති බෙදාහැරිම් කාර්‍යන්හි නිරත වන GAIL India සමාගම 2018 වසර සිට Russian Gazprom group සමාගම සමගින් දිගුකාලින LNG ස්වාභාවික ගෑස් ගනුදෙනුවකට නිරතවි සිටිති. Essar Oil සහ Nayara Energy යන සමාගම් අතිශය ක්‍රියාශිලි ලෙසින් බලශක්ති සැපයුම් කාර්‍යන්හි නිරතවි සිටියි. ඉන්දිය නගර වලට ගෑස් සැපයිමේ කටයුතුත් රුසියානු සමාගම් වලට බාරදි ඇත.

ප්‍රධාන් මහතාගේ මොස්කව් චාරිකාව සිදුවු විගසම දෙරට අතරට බලශක්ති සහයෝගිතා සම්බන්ධ ශිඛර මට්ටමේ හමුවකුත් පවත්යවා ගැනිමට හැකිවිය. 20 වන ව්ලැඩිවොස්ටොක් (Vladivostok) හමුව දෙරටේ ද්විපාර්ශ්වික බලශක්ති රාජ්‍යතාන්ත්‍රික කටයුතු නව දිසාවකට යොමුකරලිමට සහ ගෝලිය බලශක්ති පසුබිමේහි නව මාර්ගදිසා යොමුකරවිමටද අතිශය ආධාරකාරිවමික් ගැන බළාපොරොත්තු පළකරයි.

පිටපත: IRS, අධ්‍යයන ආයතනයේ, ජ්‍යෙෂ්ඨ ආර්ථික කටයුතු විශ්ලේෂක, සත්‍යජිත් මෝහන්ටි ගෙන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ