ඉන්දු - එකස්ත් ජනපද ද්විපාර්ශ්වික හමුව 

සමකාලින රාජ්‍යතාන්ත්‍රික කවය දෙස බලන විට ජාත්‍යන්තර නායකයන් අතර අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි හා සමකල හැකි පුද්ගලයෙක් දක්නට නොමැත. එතුමන් ගිය ගිය හැම තැනකදිම ලෝක නායකයන්, නීති සම්පාදකයින් සහ මහජනතාවද ඉන්දියාව සමගින් තව තව සමිපකරවිමට ඔහුට හැකිවි ඇත.

හුස්ටන්හි මේ දැන් නිමාවට පත්වුනු දැවැන්ත මහජන රැළියෙන් එතුමන්ගේ එම කෞශල්‍යතාවය තවදුරටත් විදහා දැක්වුනි. ට්‍රමප් මහතා ධවල මන්දිරයට ප්‍රවේශවිමෙන් අනතුරුව ඔහුට සය වටාවක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණගැසිමට හැකිවි ඇත. ඉන්දු - එක්සත් ජනපද සම්බන්ධතා පසුබිමේහි එය අතිශය වැදගත් කරුණක් ලෙසින් පෙන්වාදිම වඩාත් නිවරදිය.

මෑතදිත් මෝදි මහතා සහ ජනාධිපති ට්‍රම්ප් එක්සත් ජාතින්ගේ සංවිධානයේ වාර්ෂික සැසියට සහභාගිවිමට යන අතරතුර නිව්යෝර්ක්හිදි පසුගිය සඳුදින හමුවුවෝය. නොකඩවාම ශක්තිමත්වේගෙන යන ඉන්දු - එක්සත් ජනපද ද්විපාර්හ්වික හමුවිම් වලට ජාත්‍යන්තර සමාජයේ නොමඳ සැළකිල්ල යොමුවිම සිදුව ඇත. නිව්යෝර්ක්හිදි සිදුවුනු හමුව අතිශය කෙටි හමුවක් වුවද නායකයින් දෙදෙනා අතිශය වැදගත් විෂයන් ගණනාවකට නොමඳ සැළකිල්ල දැක්විම සිදුකොට ඇත.

මෝදි මහතාගේ සහ ට්‍රම්ප් මහතාගේ සුහදත්වය විවිධාකරත්වයකින් විහිදා දැක්වුනි. ටෙක්ෂාසයේ හුස්ටන්හි මේ දැන් සිදුවනු ඒ අනිත් ඓතිහාසික හමුවේදිත් දෙදෙනාගේ කායික හැසිරිම් තුලින්ද දෙදෙනාගේ සමිප සුහදතාවය තවදුරටත් විදහා දැක්වුනි. එකසත් ජාතින්ගේ මහ සැසිය අතරතුරදි සිදුවුනු හමුවෙනුත් ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර තිබෙන අන්‍යෝන්‍ය මිත්‍රත්වය, ආකර්ශණය සහ අවබෝධතාවය නැවතවරක් තහවුරු කොට ඇත. අග්‍රාමාත්‍ය මෝදිගේ කාර්‍යභාරය සහ ඔහුගේ නායකත්වයෙන් ඉන්දියාවට දිනාගැනිමට හැකිවුනු ප්‍රගතින් ගැන නිවරදි අවබෝධයක් සහිත ජනාධිපිත ට්‍රම්ප්, 'ඔහු සමකාලින ඉන්දිය පියා ලෙසින්' තවදුරටත් හඳුන්වාදිම සිදුකොට ඇත.

රාජ්‍යතාන්ත්‍රික කවයේහි නායකයන් දෙදෙනා අතින් සිදුකෙරුනු කාර්‍යභාරය එකිනෙකා අතර පවතින සුහදතාවය යටතේ රටවල් දෙක අතර පවත්වාගෙන යන සහයෝගිතා සහ සුහදත්වය ශක්තිමත් කරගැනිමටද අතිශය හේතුදායිවි ඇත. මෙවැනි පසුබිමක මෝදි මහතාගේ සහ ට්‍රම්ප් මහතාගේ අතිශය සමිප සුහදතාවය කිසිසේත් සුළුපටු කරුණක් ලෙසින් බැහැර කලද නොහැකිය.

මෙවැනි පසුබිමක පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නොකඩවාම කොතරම් ප්‍රයත්නයක නිරතවි සිටියද අමෙරිකානු ජනාධිපති වරයා දැන් කාශ්මිර ප්‍රශ්ණයට සැළකිල්ල දක්වාවියැයි බළාපොරොත්තු තැබිය නොහැක. එය නිරික්ෂකයින්ගේ මෙන්ම ජාත්‍යන්තර විග්‍රහකයින්ගෙත් අදහස වෙති. කෙසේ නමුදු මෙයට කලින් ට්‍රම්ප් මහතා සය වටාවක් මාධ්‍ය හමුවිම් වලදි ඉන්දියාව සහ පාකිස්තානය අතරේ කාශ්මිර ප්‍රශ්නයට මැදිහිත්විමේ අපෙක්ෂාව පළකර සිටියේය. කෙසේ නමුදු ඔහුගේ මුවින් මේ දැන් නිකුත්වුනු ප්‍රකාශ දෙස බලනවිට ඉන්දියාව කැමැතිවුවහොත් පමණක් ඔහු එවැන්නකට සුදානම් බවය.

නිව්යෝර්ක්හි සිදුවුනු මෝදි - ට්‍රම්ප් හමුවෙන් ඉන්දියාව ලද විශාළතම වාසිය මෙතෙක් දෙරට අතර තිබුනු වෙළඳ පරතරය අහොසිකොට දෙමිමට හැකිවිමය. දෙරටම නුදුරු දිනකදිම එම නව වෙළඳ පිලිවෙත් ප්‍රකාශයට පත්කිරිමට සුදානම් වෙති. වෙළඳ පරතරයෙන් දෙරටේ උපායමය හවුල්කාරත්වයට මැදිවිමට සිදුවියහැකි බාධකාවල් මගහරවා දෙමිමට ඉන්දියාව සහ එක්සත් ජනපදය තවදුරටත් බළාපොරොත්තු පලකරති.

මෙම හමුවිම් යටතේ ඉන්දියාවට දිනාගැනිමට හැකිවු අනිත් වැදගත් දෙය, ඉන්දිය අග්‍රාමාත්‍ය වරයාගේ පිලිවෙත්, ආකල්ප සහ අන්තර් දේශසිමා ත්‍රස්තවාදය මැදලිමට ඉන්දියාවට තිබෙන හැකියාව ගැනත් අමෙරිකාවට විශ්වාසය ඇතිකරදිමට හැකිවිමය. ජනාධිපති ට්‍රම්ප් මෝදි මහතා සමගින් පැවැත්වු සාකච්ජාවෙන් අනතුරුව ජනමාධ්‍ය ඇසි ප්‍රශ්ණ වලට තම ප්‍රතචාර දක්වමින් පාකිස්තානය විසින් ගෙනයන අන්තර්දේශසිමා ත්‍රස්තවාදයට මැදපවත්වා ගැනිමට අග්‍රාමාත්‍ය මෝදිට හැකියාව තිබෙන බව ප්‍රකාශ කොට ඇත. මෙයින් ජම්මු සහ කාශ්මිරයට අදාල ව්‍යවස්ථාදායානු නීති වගන්ති අංක 370 සහ නීති වගන්ති අංක 35 A මෙන්ම කාශ්මිර ප්‍රශ්ණය සම්බන්ධයෙන්ද මෝදි රජය හසුරුවාගෙන යන විධිය වොෂින්ටනයේ කිසිදු එරහිවිමක් නොතිබිමද හැඟවිය.

එක්සත් ජනපදයට අනිත් අතට මෙවැනි පසුබිමක එම විෂයට ඔයට වඩා විවෘතව සහයෝගය දැක්විමද සිදුකල නොහැකිය. මුළු ඇෆ්ගනිස්තානය පුරාම ඇමරිකානු භටයන් නියුක්තකර තිබියදිත් එරටට නිරන්තරව හිංසාවන්ට මැදිවිමට සිදුවේ. ඇමරිකාවට පසුබිම වෙනස්කර දෙමිමට නිතැතින් පාකිස්තාන් සහයෝගය අවශ්‍යව ඇත. ජනාධිපති ට්‍රම්ප් අග්‍රාමාත්‍ය මෝදි කාශ්මිරයට සාමය සහ සංවර්ධනය ලබාදිමට දරන ප්‍රයත්නයටත් තම අතිශය පිලිගැනිම පිරිනමා ඇත. ජනාධිපති ට්‍රම්ප් තම එම හමුවිම් වලදි එක වටාවකදිවත් කාශ්මිරය ගාවා ගැනිම සිදුකොට නොතිබුනි.

මෝදි - ට්‍රම්ප් සංවාදය නිතැතින්ම අතිවිශේෂ එකක්වු අතරම දෙදෙනාගේ රාජ්‍යතාන්ත්‍රික කෞශල්‍යය තවදුරටත් විදහලිම සිදුව ඇත.

පිටපත: JNU වශ්ව විද්‍යාලයේ ඇමරිකානු අධ්‍යයන මධ්‍යස්ධථානයේ, උපකුලපති සහ සභාපති,මහචාර්‍ය. චින්තමනි මහපත්‍ර

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ