හව්දි මෝදි - එක් අනපේක්ෂිත සිදුවිමක්
එකසත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ සහ 50,000 ක පමන ඉන්දිය සම්භව්‍ය ඇමරිකානු ජනතාවගේ සහභාගිත්වයෙන් ටෙක්සාසයේ (Texas), හුස්ටන්හි (Houston) පවත්වනු ලැබු “හව්දි - මෝදි” (Howdy Modi) රැළියක් සමගින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ අතිශය ඉහල මට්ටමේ එක්සත් ජනපද චාරිකාව ආරඹ විය.
අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතා මෙයට කලින් 2014 වසර නිව්යෝර්කයේ (New York) මැදිසන් ස්කවෙයර් ගර්ඩෙන්හි (Madison Square Gardens) සහ 2015 වසර සැන් හොසේහි (San Jose) ඉන්දිය ඇමරිකානු සමාජය අමතා තිබුනු නමුදු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාත් සහභාගිත්වය යටතේ හුස්ටන් සිද්ධිය අතිශය වැදගත් තැනක් ගෙනදිමට සමත්විය. ඉන්දිය - එකසත් ජනපද හවුල්කාරත්වයට (India- US partnership) සහයෝගය දක්වන ඩෙමොක්‍රටික් (Democrat) කණ්ඩායමේ කොංග්‍රස් සභික (Congressmen), ස්ටෙනි හොයර් (Steny Hoyer) ඇතුළුව කොංග්‍රස් සහ සෙනත් සභිකයින් (Senators) විශාළ පිරිසක් පක්ෂ බේදයකින් තොරව එම වැදගත් සිද්ධියට සහභාගිවි සිටිය දක්නට ලැබුනි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එම මහජන රැළියට සහභාගිවිම සඳහා පැමිණිය එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාව අතිශය උණුසුමින් පිලිරැගෙන එම මහජන රැළිය “විශාළතම ප්‍රජාතන්ත්‍රවාදි රටවල් දෙකේ හෘදය ස්පන්දනය” නියෝජනය කෙරෙන බවයැයි පෙන්වාදි ඇත. “මාගේ මිත්‍ර..., ඉන්දිය මිත්‍ර..., ශ්‍රේෂ්ථ අමෙරිකානු ජනාධිපතිවරයා” යන්නැන් ට්‍රම්ප් මහතාව අමතමින් අග්‍රාමාත්‍ය මෝදි, ජනාධිපති වරයාගේ නායකත්වයට සහ ඇමරිකාව ප්‍රබල රාජ්‍යයක් ලෙසට ගොඩනගා ගැනිමට ඔහු දරනලද ප්‍රයත්නයටද අතිශය පැසසුම පිරිනැමිම සිදුකොට ඇත.
එය “අතිශය ඓතිහාසික සිදුවිමක්” ලෙසින් පෙන්වා දෙන ජනාධිපති ට්‍රම්ප්, එක විධියකින් එය ඉන්දියාව සහ එක්සත් ජනපදය ඒකාබද්ධ කරවු මහ සැණකෙළියක් ලෙසින් තවදුරටත් පෙන්වාදි ඇත. ඔහු අග්‍රාමාත්‍ය මෝදිගේ නායකත්වයට සහ මිලියන 300 ක පමන පිරිසක් දරිද්‍රතාවෙන් මුදවා ගැනිමට හැකිවි තිබිමේ සිද්ධියටද අතිශය පිලිගැනිම සිදුකොට ඇත. “එක්සත් ජනපදයේ මිලියන සතරක් පමන අතිශය විශාල ඉන්දිය ඇමරිකානු සමාජයෙන් ඖසධ, නව ව්‍යාපාර සහ දහස් ගණන් රැකියා පිරිනැමිම් වැනි ඇමරිකාවට පිරිනැමෙන කොටස්දායකත්වයටද අතිශය පිලිගැනිමට ලක්කොටදෙමින් ජනාධිපති ට්‍රම්ප්, ඔවුන් අතිශය කාර්‍යශිලි පිරිසක්” ලෙසින් තවදුරටත් හඳුන්වාදිම සිදුකොට ඇත. ඉන්දු - එක්සත් ජනපද සම්බන්ධතාවය දැන් පෙර නොවු විරු විධියෙන් ඉහල නැංවි තිබෙන බව සඳහන් කල ඔහු; බලශක්ති සහයෝගිතා, සුරක්ෂාව සහ ආරක්ෂක සහයෝගිතා සහ අභ්‍යාවකාශ සහයෝගිතා ඊට ඇතුලත්වන බව තවදුරටත් පැහැදිලිකොට ඇත. එම රැලියට සහභාගිවුනු පිරිස ක්ෂණික නැගිට ඔල්වරසන් හඬ නගමින් ඔහුගේ එම ප්‍රකාශයට සතුට පලකිරිම සිදුකොට ඇත. මූලධර්මවාදයට සහ ත්‍රස්තවාදයට එරහිව සහයෝගයකින් කටයුතු කිරිමේ අවශ්‍යතාවයටත් ඔහු දැඩි සැළකිල්ල දැක්විම සිදුකොට ඇත. ජනාධිපති ට්‍රම්ප් ඉන්දිය සමාගම් එක්සත් ජනපදයේ දියත්කරගෙන යන ආයෝජනයන්ටත් අතිශය කෘතඥතාවය පලකර සිටියේය.
අග්‍රාමාත්‍ය මෝදි මහතාත් අතිශය ප්‍රබෝදමත් කථාවකින් ඉන්දියාව සම්බන්ධයෙන් වන තම දැක්ම පිරිනමමින් “අප අපව අභියෝග කරවමින් අපව පරිවර්තන කරගෙන යන බව...” යැයි පෙන්වාදි ඇත. පසුගිය වසර පහ අතරතුර මිලියන 110 ක් පමන වැසිකිලි ගොඩනගාගෙන ග්‍රාමිය සනිපාරක්ෂා තත්වය 38 % ක සිට 99 % න් ඉහල නංවා ගනු ලැබු බව ප්‍රකාශ කල ඔහු මිලියන 150 ක පමන පිරිසකට ආහාර පිසන ගෑස් සපයා දුන් බවත්, ගෑස් පහසුකම් ලබාගත් පිරිසගේ සංඛ්‍යාව දැන් 55 % සිට 99 % න් ඉහල නැංවුනු බවත් රටේ බැංකු ගිනුම් සතු පුද්ගලයන්ගේ සංඛයාවත් සියට සියකින් ඉහල නැංවුනු බව තවදුරටත් සඳහන් කොට ඇත. Digital India වැඩසටහනිනුත් ඉතාමත් පහසුවෙන් දත්තා ලබා ගැනිමට හැකිවු අතරට එයින් ව්‍යාපාර කටයුතු වඩාත් සරල සහ පහසු කොට තිබෙන බව ඔහු තවදුරටත් පැහැදිළි කොට ඇත. ඉන්දිය ආර්ථිකය ඉතාමත් පහතින්යුත් උද්ධමනයක් සහිත ඉන්දිය ආර්ථිකයේ මුල්‍ය ශේෂයත් සෑහෙන්න පහතින් දක්නට ලැබෙන බවත් එය ඉහල වර්ධන දිසාවකට පියවර තබාගෙන යන බව මෝදි මහතා සඳහන්කොට ඇත. අධෝව්‍යුහ පහසුකම්, ආයෝජනය සහ අපනයන යන අංශයන්ට සැළකිල්ල දක්වමින් ඉන්දියාව දැන් අමෙරිකානු ඩොලර් ත්‍රිලියන පහක ආර්ථිකයකට ඉලක්ක කරගෙන යන බව මෝදි මහතා තම තථාවෙන් තවදුරටත් පැහැදිළි කොට ඇත. වෙළඳ සහ ව්‍යාපාර කටයුතු පිලිවෙත් සරළ සහ පහසු කිරිමකින් ඉන්දියාව දැන් විදේශ ආයෝජිකයන්ගේ ආකර්ශණිය ගමනාන්තය බවටද පත්වි තිබෙන බව මෝදි මහතා තවදුරටත් සඳහන් කොට ඇත.
ඉන්දියාව යල් පැනගිය පිලිවෙත් ගණනාවක් අවලංගු කොට දෙමු බව මෝදි මහතා ප්‍රකාශ කර සිටියේය. ජම්මු සහ කාහ්මිරයට අදාල වසර 70 ක් පමන ඉපැරැණි එම ප්‍ර දේශයේ ජනතාව අසාධාරනයන්හි මැදිකරවු නීතිවගන්ති 370 අවලංගු කොට දමමින් මේ දක්වා බෙදුනුවාදින්ගේ සහ ත්‍රස්තවාදින්ගේ අඩ්ඩක් ලෙසින් තිබුනු එම ප්‍රදේශයට සංවර්ධනය සහ පරිවර්තනය හඳුන්වා දුන් බව ඔහු තවදුරටත් පෙන්වාදි ඇත.
ත්‍රස්තවාදයට එරහිව දැඩිව සටන් කරනා බව මෝදි මහතා ප්‍රකාශකොට ඇත. 9/11 හෝ 26/11 වේවා ඒ සෑම ප්‍රහාරයකටම පසුපසින් සිටිය අය සටින්නේ කොහේද යැයි මෝදි මහතා විමසා සිටියි.
අග්‍රාමාත්‍ය මෝදි, බහුවිධි ඉන්දිය සංස්කෘතිය සහ සාමාජිය පසුබිම ගැනත් සැලකිල්ල දක්වමින් ඉන්දිය භාෂා ගණනාවකින් ඉන්දියානුවන්ව අමතමින් අවහානයේදි "everything is fine" යැයි පවසා ඇත. එම විවිධාකාරත්වය ඉන්දිය ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික හරය යැයි පවසා සිටියේය.
මෝදි මහතා දැන් නිව්යෝර්ක්හි පැමිණි සිටින අතර 74 වන එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහසැසියටත් සහභාගිවිමට නියමිතය. එතුමන් එම හමුව අතරතුර ද්විපාර්ශ්වික මට්ටමේ හමුවිම් ගණනාවකට සහභාගිවිමටත් නියමිතය.
පිටපත: එකසත් ජනපදයේ පුර්ව ඉන්දිය තානාපති, නව්තේජ් සර්නා
Comments
Post a Comment