ජාතිය ඉඩම් හානයවිම අවම කරගැනිමට ප්‍රතිඥා දෙයි

ඉඩම් අතිශය වැදගත් සම්පතක් වේ. ආහාර සහ පිරිසිදු ජලය සපයාදෙමින් මානව වර්ගයාගේ ජිවිකාව සහ සුවසෙත සලසාදිමේ අතිශය වැදගත් මාධ්‍යයක් ලෙසට මෙන්ම ජෛව විවිධාකාරත්වයට සහ පරිසරයටද අගනා කොටස්දායකත්වයක් ඉඩම පිරිනමයි. පාරිසාරික පද්ධතිය පවත්වාගෙන යාමටත් ඉඩම විශාළ කාර්‍යභාරයක් අසුලයි.

දශක ගණනාවක තිස්සේ සිදුවේගෙන යන ජනගහණ වර්ධනය සමගින් ඉහල නැගිගෙන යන ඉඩම් සහ පිරිසිදු ජල භාවිතයෙන් ඉඩම් ක්‍රමිකව ඛාදනයවි යාම සිදුව ඇත. කෘෂිකර්මාන්තය සහ සත්ව ගොවිපොළවල් වල උද්පාදනය, නාගරිකකරණය, වනාන්තර ශේෂවියාම, අධික ශිත සහ ග්‍රිෂ්ම දේශගුණය සහ නියඟවල් මගිනුත් පසුබිම තවදුරටත් අයහපත් අතට හැරිගොස් ඇත. හිම මුක්ත ප්‍රදේශ වලින් 70 % ක්ම මිනිසා අතින් හානි සිදුකෙරි ඇත. ඉඩම් සශ්‍රීකත්වය අහිමිවියාම සහ කාන්තාරකරණය රටවල් ගණනාවකට දැන් විශාල ආර්ථික,සාමාජිය සහ පාරිසාරික ප්‍රශ්ණයක් බවට පත්විගොස් ඇත. එම රටවල් වල සශ්‍රීක ඉඩම් දැන් ක්‍රමිකව කාන්තාර බවට පත්විගොස් ඇත. 

එම අභියෝගවල් වලට සැළකිල්ල දැක්විම සඳහා මෑතදි අගනගර නවදිල්ලියට තඩසන්න ග්‍රේටර් නොයිඩාහි රටවල් 197 කට අයත් නියෝජිතයින් 9,000 ක් පමණ පිරිසක සහභාගිත්වයෙන් අතිශය වැදගත් හමුවක් පවත්වත්වා ගැනිමට හැකිවිය. United Nations Convention to Combat Desertification (UNCCD) මණ්ඩලයේ මාර්ග දිසාව යටතේ පවත්වන ලද එම 14th Conference of Parties (COP 14) ජාත්‍යන්තර හමුව ඉන්දිය අනුග්‍රහයෙන් පවත්වන ලදි. 

ඉඩම් පරිපාලන පිලිවෙත්, වඳවේගෙන යන ඉඩම් නැවත සශ්‍රිකත්වයට හැරවිම, නියං, දේශගුන විපර්යාසය, ප්‍රතිශක්තිකරණ බලශක්ති, කාන්තාවන්ට බලය පැවරිම, ස්ත්‍රි - පුරුෂ සමතාවය, ජල සුරක්ෂාව ඇතුළුව අනිකුත් විෂයන් ගණනාවකට එම සමුළුවෙන් පුළුල් විධියෙන් සැළකිල්ල දැක්විම සිදුව ඇත. රටවල් ගණවකින් මෙම සමුළුවට සහභාගිවුනු නියෝජිතයින් අතරට අමාත්‍යවරුන්, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රධානින් සහ අන්තර් - රජයේ මණ්ඩල සහ රජයේ නොවන සංවිධානවල නියෝජිකයිනුත් ඇතුලත්ව තිබුනි. 

දින 12 ක පුරා පවත්වන ලද එම ජාත්‍යන්තර සාකච්ජා වට අවශානයේදි මෙම පෘථවි ග්‍රහයෙන් ඛාදනයවේගෙන යන ඉඩම් බේරාගැනිම සඳහා “New Delhi Declaration" යන ප්‍රකාශණයකුත් සම්මත කරගෙන ඇත. 2015 වසර දෙසැම්බර් මස එකඟත්වයට පත්වුනු Paris Agreement ගිවිසුම සබැව සඵල කරගැනිමට නම් දේශගුණ විපර්යාසයට මෙන්ම මුඩුවේගෙන යන ඉඩම් ගැනත් දිගුකාලින ඉලක්කයකින්යුත් ලෝකයා ක්‍රියාත්මක කරගෙනයාමේ අවශ්‍යතාවයට මෙම හමුවෙන් සැළකිල්ල දැක්විම සිදුවිය. 

මුඩුවේගෙන යන ඉඩම් බේරාගැනිම, කාන්තාරකරණය සහ නියං ඇතුලත් එම ප්‍රකාශණයෙන් තවත් කරුණු 35 කටද දැඩි සැළකිල්ල දැක්විම සිදුකොට ඇත. නවදිල්ලි ප්‍රකාශණයෙන් අතිශය සැළකිල්ල දැක්වු රම කරුණු 35 ඊට සහභාගිවුනු රටවල් 197 නීතියානුකුලව ක්‍රියාවට යෙදවියයුතුව ඇත.

ඊට අදාල න්‍යාය පත්‍රයක යටතේ ඉදිරි ක්‍රියාකාරි සැළසුමකුත් පිරිනමා ඇත. ඊට සහබාගිවුනු රටවල් එම කාන්තාරකරණය සහ නියං ඇතුළුව අනිකුත් ප්‍රශ්ණ ගැන ගෝගිය මට්ටමින් වඩාත් උනන්දුවකින් සැළකිල්ල දැක්විමටත් එකඟත්වයට පත්වි ඇත. 

ඊට සහභාගිවුනු රටවල් ක්‍රියාකාර සැළසුම ජාතික ඉලක්කයක් ලෙසින්, 2030 වසර වනවිටදිම තිරසාර සංවර්ධන ඉලක්කය දිනාගැනිමට “මුඩුවේගෙන යන ඉඩම් බේරාගැනිමට” (Land Degradation Neutrality) තවදුරටත් එකඟවි සිටිති. “මුඩුවේගෙන යන ඉඩම් බේරාගැනිමේ පිලිවෙතින් ඉඩම් සහ පරිසරය වැනි සම්පත් මනාව පරිපාලනකොට ඒවාගේ ගුණාත්මක තත්වය ඉහල නංවාගැනිම අපේක්ෂා කරයි. එම සමුළුවෙන් එම විෂය සම්බන්දයෙන් පුළුල් විධියෙන් සාකච්ජා කිරිම සිදුවිය. ඉඩම් ඛාදනයෙන් විහේෂයෙන්ම ග්‍රාමිය ප්‍රදේශ, ගොවියන් සහ දරිද්‍රතා රේඛාවෙන් පහතින්වන ජනතාව ඇතුළුව අඩුමතරමින් බිලියන 3.2 ක පමන පිරිසකට බලපැම් එල්ල කරලති. Land Degradation Neutrality පිලිවෙතින් මනා ඉඩම් පරිපාලනය සහ පිලිවෙත් ගැන සහතික කිරිමක් සිදුකරලයි. 

අග්‍රාමාතය නරේන්ද්‍ර මෝදි ඉන්දිය ගෝලිය ඉඩම් න්‍යාය පත්‍රයක් ගැන සහතික කරයි. ඉන්දියාව 2030 වසර විනවිටදිම තම ප්‍රථම ඉලක්කයවු හැක්ටර්යාර 21ට එහිව හැක්ටර්යාර මිලියන 26 ක පමන ඉඩම් ප්‍රමාණයක් ඛාදනයෙන් මුක්ත කරගැනිමට කැපිවි කටයුතු කරගෙන යයි. ඉන්දිය වර්තමාන COP 14 සමුළුවේ සභාපති රාජ්‍යය වේ. ඉන්දියාව වසර දෙකක් එම සමුළුවේහි සභාපතිධුරය හොබවිමට යයි. 

ඉඩම් සම්බන්ධ අනාරක්ෂිකත්වය, ස්ත්‍ර - පුරුෂ විෂමතා, කාබොන් ප්‍රදූෂණය සහ එම විෂයට රජය සහ රජය නොවන ආයතන් අතර පවත්වාගෙන යන සම්බන්ධිකරණය වැනි විෂයන් ගණනාවක ගැනත් එම හමුවෙන් සැළකිල්ල දැක්විම සිදුව ඇත. 

කාන්තාරකරණයෙන් සෞඛ්‍යය, සංවර්ධනය සහ සමෘද්ධියටද සිදුකෙරෙන බලපෑමේ යතාර්ථය ඊට සහභාගිවුනු රටවල් බොහෝමයක්ම පිලිරැගෙන ඇත. මානව වර්ගයාගේ සෞඛ්‍යයට මෙන්ම සුවසෙතට මෙන්ම පරිසරය යහපත් අතට හරවා ගැනිමට ඊට අදාල සැම නව මුලපිරුමකටම සහයෝගය දැක්විමට අමාතය පිරිස එකඟවි ඇත. සාමය සහ සුරක්ෂාවටත් එය අතිශය වැදගත් බව ඔවුන් තවදුරටත් පෙන්වාදි ඇත. 

කේන්ද්‍රිය රය මෙන්ම ප්‍රාන්තිය පරිපාලනත් සාමුහිකව එම විෂයට සැලික්ල්ල දැක්විමේ අවශ්‍යතාවයටත් එම හමුවෙන් අවධාරණයට ලක්කොටදිම සිදුවිය. 

UNCCD මණ්ඩලයේ ප්‍රධාන විධායක ලේකම්, Ibrahim Thiaw ට අනුව, දේශගුණ විපර්යාසය සහ විනාශයට පත්විගෙන යන විවිදාකාර ජිවින් ආරක්ෂා කරගැනිමේ එකම වැය අඩු විකල්පය මනාව ඉඩම් සම්පත් ආරක්ෂා කරගැනිම වන බවය. මුඩුවේගෙන යන සහ ඛාදනයවේගෙන යන ඉඩම් බේරා ගැනිම, දේශගුණය සහ ජෛව විවිධාකාරත්වය යන මේ සියල්ලක්ම ඊට අතිශයෙන් සම්බන්ධ විෂයන් යැයි ඔහු තවදුරටත් පෙන්වාදි ඇත.

පිටපත: ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදි, කේ.වි. වෙන්කතසුබ්‍රමනියම් 

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

නව රජය ගොවියන්ගේ සුබසාධනයට සැළකිල්ල යොමු කරයි

ඉන්දියාව සහ ඕමානය උපායමාර්ගික සබඳතා ශක්තිමත් කරගනිති