පිටපත: දේශපාලන කටයුතු විග්‍රහක, රත්තන් සල්දි ගෙන්

ඉන්දියාව සහ නේපාලය යන රටවල් දෙකේ අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා විඩියෝ සමුළුවකින් ඉන්දිය බිහාර් ප්‍රාන්තයේ මොතිහරි (Motihari) සිට නේපාලයේ අම්ලෙක්ගන්ජ් (Amlekhgunj) යන ප්‍රදේශ දෙක අතර ගොඩනගන ලද දකුණු ආසියාවේ ප්‍රථම අන්තර් දේශසිමා පෙට්‍රෝලියම් නල මාර්ගය ඒකාබද්ධව විවෘත කෙරුනි. එම සිද්ධිය සමගින් දෙරටේ ද්විපාර්ශ්වික සම්බන්ධතා නොසිතුවිරුවිධියෙන් ඉහලනැංවිමක් සිදුව ඇත. කි.මි. 69 ක් පමණ දිගු එම නලමාර්ගය කි.මි. 32.2 ක් ඉන්දියාව තුලද ඉතිරි කි.මි. 32.2 ක් නේපාලය තුල ගොඩනගා ඇත. මෙම නල මාර්ගයෙන් කිසිදු බාධාවකින් තොරව වාර්ෂිකව පිරිසිදු පෙට්‍රෝලියම් නිෂ්පාදන භාණ්ඩ ටොන් මිලියන දෙකක් නේපාලයේ ජනතාවට සපයා දිමට මාර්ගය පෑදි ඇත. 

එම ව්‍යාපෘතිය ඉන්දු - නේපාල් අතිශය සමීප ද්විපාර්ශ්වික සම්බන්ධතාවේ ඉතාමත් වැදගත් සළකුණක් ලෙසින් පෙන්වා දෙන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, මොටිහරි - අම්ලෙක්ගන්ජ් (Motihari-Amlekhgunj) නල ව්‍යාපෘතිය කලාපිය බලශක්ති සුරක්ෂාව ඉහලනැංවෙනවා පහමණක් නොව තෙල් ප්‍රවාහනය සඳහා සිදුකෙරෙන වැය පහත වැටියාමකටද තුඩුදියහැකි බව පෙන්වාදි ඇත. දෙරට අතර නිරන්තරව සිදුකෙරෙන අතිශය ඉහල මට්ටමේ දේශපාලනමය යාම් ඒම් මගින් ඉන්දු - නේපාල් හවුල්කාරත්වයට අදාල න්‍යාය පත්‍ර යටතේ අතිශය පුවග් මට්ටමකින් මාර්ග සිතියම් ගෝඩනගා ගැනිමටත් මාර්ගය පෑදි ඇත. 

නේපාලයේ අග්‍රාමාත්‍ය කේ.පි.සර්මා ඕලි මහතා මෙම බලශක්ති නල මාර්ග ව්‍යාපාතිය කත්මන්දුහි විවෘත කරමින් වෙළඳාම්, අන්තර් ප්‍රවාහන පද්ධතිය සහ අධෝව්‍යූහ පහසුකම් ඉඳිකිරිම් අංහයේ අගනා ආදර්ශාත්මක එකක් ලෙසින් පෙන්වාදි ඇත. සංවර්ධනය, සමෘද්ධිය සහ සතුට යන අතිශය ශක්තිමත් දේශපාලනමය කැපවිම් සහ පොදු දැක්මකින් දෙරටේ මහජනතාවගේ අපෙක්ෂා ඉටුකරදිමට ඉන්දියාවට සහ නේපාලයට හැකිවි ඇත. ඉන්දියාව සහ නේපාලය එම ඉලක්කය සපුරා ගැනිමට දැඩි අධිස්ඨානයකින් කටයුතු කරගෙන යයි. නේපාලයේ පෙට්‍රෝල් සහ ඩිසල් මිලය නේපාල රුපියල දෙකකින් පහත දෙමු බව අග්‍රාමාත්‍ය ඕලි නිවේදනය කොට ඇත. නේපාලයේ මහජනතාවට එයින් විශාල සහනයක් සැලසුනි. නල මාර්ගයෙන් ඉන්දියාවෙන් නේපාලයට තෙල් සැපයිමකින් තෙල් ප්‍රවාහනයට සිදුකෙරෙන වැය පහත වැටෙනවා පමණක් නොව තෙල් ප්‍රවාහන ටැංකර වලින් සිදුකෙරෙන පරිසර ප්‍රදූෂණය මගහරවා දෙමමිටත් මාර්ගය පෑදෙන බව එතුමන් තවදුරටත් පෙන්වාදි ඇත.

නේපාලය 1973 වසර සිට තමන්ට අවශ්‍ය මුළු තෙල් තොගය ඉන්දියාවෙන් ආනයන කරයි. තෙල් ප්‍රවාහන ටැංකර යොදවාගෙන ඒවා ප්‍රවාහන කරගනියි. Indian Oil Corporation සහ Nepal Oil Corporation යන මහජන සමාගම් දෙක අතර ගිවිසගත් ගිවිසුම නැවත දිර්ග කරගැනිමකින් අනතුරුව 2022 වසර වනතෙක් ඉන්දිය Barauni සහ බිහාරයේ Raxaul Depot යන තෙල් පිරිපහදුගාරය සිට නේපාලයට තෙල් සපයාදිමට ඉන්දියාව ඉදිරිපත්වි සිටියි. 

1996 වසර යෝජනාකොට තිබුනු Motihari-Amlekhgunjතෙල් සැපයුම් නලමාර්ග ව්‍යාපෘතිය වසර ගණනාවක්ම ඔහේ පල්වෙවි තිබුනි. කෙසේනමුදු 2014 වසර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා බලයේහි හොබවිමත් සමගින් එම ව්‍යාපාතිය නැවත පණගන්වා ගැනිමට ප්‍රයත්නයකට නිරතවිය. සිමාසහිත Indian Oil Corporation Limited සහ the Nepal Oil Corporation යන සමාගම් දෙක අතර වසර 2015 දි ගිවිසගත් ගිවිසුමකින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක තත්වයකට පත්කොට ගැනිමට ඉදිරිපත්වුවොය. අනතුරුව මෝදි මහතා සහ ඕලි මහතා අතින් පසුගිය වසර නවදිල්ලිය සිට දූරසඤජාණ කොන්ට්‍රෝල මාධ්‍යයෙන් ඊට මුල්ගල තැබිම සිදුකෙරුනි. 

එම ව්‍යාපෘතිය අංගසම්පුර්ණ කිරිමට ලබාදි තිබුනු නියමිත කාලසිමාව මාස 30 ක් වු නමුදු දෙරටේ බලධාරින්ගේ දැඩි කැපවිම් සහ උනන්දුවෙන් නියමිත කාලසිමාවට කලින් අංගසම්පුර්ණ කරගැනිමට හැකිවිය. එය ඉන්දියාව නේපාලය වෙනුවෙන් වැඩිම වේගයෙන් අංගසම්පුර්න කරගත් ව්‍යාපෘතිය වේ. මෙයින් ඉන්දියාවට එරහිව එල්ලවි ඇති ප්‍රමාදය ගැනවු චෝදනා මගහරවා ගැනිමට හැකිවුවාය. රටවල් දෙකම දැන් එම ව්‍යාපාතිය ගැන නිරන්තර ඉහල මට්ටමේ හමුවිම් පවත්වාගෙන යයි. දෙරටේ අග්‍රාමාත්‍ය වරුන් දෙදෙනා එම ව්‍යාපෘතියේ ප්‍රගතියට අතිශය සෑහිම පළකර සිටිති. නේපාලයට 2015 වසරදි මැදිවිමට සිදුවුනු ඒ අතිශය බිහිසුණු භූමිකම්පනයට මැදිවුවන් සඳහා ඉන්දියාව නිවාස 50,000 ක් ගොඩනගා ඇත. අග්‍රාමාත්‍ය ඕලි එම කාරණයටද තම දැඩි කෘතඥතාවය පලකර සිටියේය.

පිටපත: දේශපාලන කටයුතු විග්‍රහක, රත්තන් සල්දි ගෙන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

නව රජය ගොවියන්ගේ සුබසාධනයට සැළකිල්ල යොමු කරයි

ඉන්දියාව සහ ඕමානය උපායමාර්ගික සබඳතා ශක්තිමත් කරගනිති