ඉරානය න්‍යෂ්ටික ගනුදෙනුව යටතේ තමන් දැක්වු කැපවිම් පහත දෙමිමට තීරණය කරයි

ඉරානය ලෝකයේ බලවත් රටවල් රැස සමගින් 2015 වසර ගිවිසගත් න්‍යෂ්ටික ගිවිසුමට (Nuclear Deal) තමන් දැක්වු කැපවිම් වලින් ඉවත්වන බව ප්‍රකාශ කොට ඇත. ඉරානයේ එම තිරණයේ මුලික කාරණය යුරෝපා හවුල එම ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කොට තිබුනු ප්‍රතිඥා නිසියාකාරව සිදුනොකිරිම වු අතර ඉරානයත් එම ප්‍රතිඥා ඒ විධියෙන් ඉටුකොට තිබුනු විධිය දක්නට නොලැබේ. එක්සත් ජනපදය එම න්‍යෂ්ටික ගනුදෙනුවෙන් ඉවත්විමත් සමගින්ම එම න්‍යෂ්ටික ගිවිසුමින් ඉරානයට ලබාදිමට දුන් ආර්ථික ප්‍රතිඥා ඉටුකරදිමට සහ ඉරානයත් එම ගිවිසුම ඒ විධියෙන්ම පිලිපැදිමටත් එම ගිවිසුම ඉදිරියට ගෙනයාමට ඉරානය සහ යුරෝපා හවුල විශාළ ප්‍රයත්නයකට නිරිතවුවෝය. එම ගිවිසුමින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන් පහත දමාගැනිමකට යුරෝපා හවුල වැඩිදුරටත් අපෙක්ෂා කර ඇත.

ඉරාන න්‍යෂ්ටික බලශක්ති ඒජන්සියේ (Iranian Nuclear Energy Agency), අධ්‍යක්ෂක අලි අක්බර් සලෙහි (Ali Akbar Salehi), ඉරානය විසින් රැගත් එම තීරණයේ යුක්තිසහගතභාවය ගැන මේ අයුරින් පැහැදිළිකිරිමක් පිරිනමා ඇත. 'යුරෝපා හවුල විසින් පිරිනමාගෙන ගිය ප්‍රතිඥා නිසියාකාරව ඉටුනොකිරිම තුලින් තමන්ටද එම ගිවිසුම සම්බන්ධයෙන් පිරිනැමු කැපවිම් ක්‍රමිකව පහතදමා ගැනිමට අයිතිය තිබෙන බව' ඔහු පැහැදිළිකොට ඇත. ඒ අතරම එක්සත් ජනපදයේ සම්බාධවල් මගින් සිදුකෙරුනු ආර්ථික බාඩකවල් මගහරවා ගැනිමට දුන් ප්‍රතිඥා යුරෝපා හවුල නිසියාකාරව ඉටුනොකල බව ඔහු පෙන්වාදි ඇත. මේ නිසාම ඉරානයත් එම ගිවිසුමින් ඉවත්විමකට තීරණය රැගත් බව ඔහු තවදුරටත් ප්‍රකාශ කොට ඇත.

එම විෂය සම්බන්ධයෙන් පසුගිය සතියේ වාර්තාවක් පිරිනමා තිබුනු ඉරාන ප්‍රවෘත්ති ඒජන්සියකට අනුව, ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ජවාද් ජෆ්‍රි, ඉරානය රැගත් තීරණය ගැන යුරෝපා හවුලේ විදේශ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානියාට පැහැදිලි කිරිමක් සිදුකරමින් එයින් න්‍යෂ්ටික පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සිමා කරලිමකට තුඩුදිය හැකි බවය. ඉරානයේ මෙම නව පියවරය කෙසේ නමුදු IAEA මණ්ඩලයේ අධික්ෂණය යටතේ අතිශය සාමකාමිව සිදුවේගෙන යන අතරට යුරෝපා හවුල විසින් පිරිනමන ලද ප්‍රතිඥා ඉටුකලහොත් එම තීරණය ඉවත්කොට දෙමිමටත් ඉඩකඩ සතුව පවති.

න්‍යෂ්ටික ගිවිසුමට දක්වන කැපවිම් පහත දෙමිමට ඉරානය මෑතදි රැගත් තීරණයෙන් එය මුළුමණින්ම අවශන්වි යාමක් ගැන අපෙක්ෂා කල නොහැක. එක විධියකින් එය යුරෝපා හවුල දුන් ආර්ථික වාසින් ලබාගැනිමට ටෙහෙරානය ක්‍රියාත්මක කරගෙන යන උපායමාර්ගයත් ලෙසට පෙන්වාදිම වඩාත් නිවරදිය. විශේෂයෙන්ම ප්‍රංශය මෙම න්‍යෂ්ටික ගිවිසුම බේරාගැනිමට නිරන්තර ප්‍රයත්නයකට නිරතවි සිටින අතර පසුගිය මස ප්‍රංශයේ පැවැත්වු G7 ශිඛර හමුවිම තුලිනුත් අතිය සැලකිල්ල දැක්විම සිදුවිය. ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මක්‍රෝන්ගේ විශේෂ ආරාධනය යටතේ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ජවාද් ජෆ්‍රීත් ඊට සහභාගි වියි. ප්‍රංශයේ, බියර්රිට්ස් (Biarritz) නගරයේ පවත්වන ලද එම G7 ශිඛර හමුවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාත් සහභාගිවිය. ප්‍රංශයේ ජනාධිපති වරයා මෙවැනි පසුබිමක් ගොඩනැගු නමුදු එක්සත් ජනාධිපත් වරයා සහ ඉරානය අතරට සාකච්ජාවක් පවත්වා ගැනිමට හෝ එම ගිවිසුම බේරාගැනිමේ ප්‍රයත්නයක් ලෙසටද හුවාදක්වා නොමැත.

මෙවැනි පසුබිමක මධ්‍යයේ, පර්සියන් බොක්කේ තෙල් ප්‍රවාහන ටැංකර නව්කාවක් අත්අඩංගුවට ගැනිමත් සමගින් එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින නොසන්සුන්තා නොකඩවාම ඉහලනැංවි යාම සිදුව ඇත. රටවල් දෙකම එම ප්‍රශ්ණයෙන් ගොඩ ඒමට අවංක පියවරවල් ගැනිම බැහැර කරති. එකසත් ජනපදය අනිත් අතට ඉරානයට දැක්විය හැකි 'උපරිම බලපෑම් දැක්විමේ පිලිවෙත්' අනුගමනය කරගෙන යයි. එක්සත් ජනපදය ඉරානයෙන් තේ මිලදි ගන්නා රටවල් වලටත් බලපෑම් සිදුකිරිම ආරඹකොට ඇත. එක්සත් ජනපදය එම ගිවිසුමින් ඉවත්වි ගියද යුරෝපා හවුල අනිත් අතට එම ගිවිසුම බේරාගැනිමට නොමද ප්‍රයත්නයන්හි නිරතවි සිටියි. මෙයින් තරමක උභතෝකෝටික තත්වයක් මතුකොට ඇත.

ඉන්දියාව අනිත් අතට එම පරිවර්තනය ගැන දැඩි විමසුමකින් පසුවි සිටියි. ඉරානය අනිත් අතට ඉන්දිය බලශක්ති අවශ්‍යතා සපුරාගැනිමේ අතිශය වැදගත් රටක් වේ. ඉරානය ඉන්දිය අසල්වැසි රටකුත් වේ. කලාපයේ සාමය, සමෘද්ධිය සහ ස්ථාවරත්වය පවත්වා ගැනිමටත් ඉරානය අතිශය වැදගත් වේ. මෙම සන්දර්භය යටතේ ඉරාන න්‍යෂ්ටික අර්බුදය හැකි ඉක්මණින් විසඳා ගැනිම කාගෙත් අපෙක්ෂාවද වේ.

පිටපත: ඉරාන උපායමාර්ග කටයුතු විශ්ලේෂක, ආචාර්‍ය. අශිෆ් සුජාගෙන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ