ජම්මු සහ කාශ්මිරයේ ඓතිහාසික පරිවර්තනය

ඓතිහාසික ජනාධිපති නිර්දේශයකින් ඉන්දිය ව්‍යවස්ථාව තුල ඇතුලත් අළුත් කරනලද අංක 370 වගන්තිය 2019 වසර අගෝස්තු 5 දා ප්‍රකාශයට පත් කලේය. ජම්මු සහ කාශ්මිරයට විශේෂ තත්වයක් ලබාදෙන ' තාවකාලික කොන්දේශි ' ඇතුලත් එම වගන්තිය දැන් මුළුමණින්ම ඉවත්තොට ගනිමින් ජම්මු කාශ්මිරයටත් දැන් ඉන්දිය අනිකුත් ප්‍රදේශ හා සමාන විධියෙන් ව්‍යවස්ථාදායානුකුලව ලැබෙන වරප්‍රසාද රැස පිරිනැමේ. එම ජනාධිපති නිර්දේශය යටතේ වසර 1954 යුගයේ ප්‍රාන්තයේ ස්ථීර වැසියන්ට සම්පත් තබාගැනිමේ සිමිත අයිතිය ප්‍රකාශ කෙරනෙ අංක 35 A නිති වගන්තියත් අවලංගු කොට දමා ඇත. පාර්ලිමේන්තු රාජ්‍ය සභාව හෙවත් ඉන්දිය පාර්ලිමේන්තු ඉහල මන්ත්‍රන සභාවේහි එදිනම මධ්‍ය රජයේ යටත් පාලන ප්‍රදේශ දෙකක් නිර්මාණය කිරිම සහ ජම්මු සහ කාශ්මිරයට පිරිනැමෙන විශේෂ තත්වය අවලංගුකොට දමමින් ප්‍රතිසංවිධාන නීති කෙටුම් පත සම්මත කරගැනිමට හැකිවිය. මෙම සංශෝදනය යටතේ ජම්මු සහ කාශ්මිරය ඉදිරියේදි ලුතිනන් ආණ්ඩුකාරයෙක් යටතේ ප්‍රාන්තිය මන්ත්‍රන සභාවකින් පාලනය කෙරේ. ඊට යාබඩ ලඩ්ඩාක් (Ladakh) ප්‍රදේශය මන්ත්‍රන සභාවකින් තොරවු මධ්‍ය රජයේ යටත් ප්‍රදේශයක් ලෙසට පාලනය කෙරේ.

පාර්ලිමෙන්තු රාජ්‍ය සභාවේහි එම විෂය සම්බන්ධයෙන් පවත්වන ලද විවාදයේදි තම ප්‍රතිචාරය දක්වමින් ස්වදේශ කටයුතු අමාත්‍ය වරයා, පාර්ලිමෙන්තුව යටතේ සම්මත කරගත් සෑම ඉන්දිය නිතියක්ම දැන් ජම්මු සහ කාශ්මිරයටත් බලපවත්වන බව යැයි පෙන්වාදි ඇත. සෑම දෙනාටම අධ්‍යාපනය සහ කාන්තාවන්ටද සම අයිතිවාසිකම් දිනා ගැනිමට ඉඩ ලබාදිම යන ජම්මු සහ කාශ්මිරයේ මහජනතාවට මෙතෙක් භුක්ති විඳිමට නොහැකිවුනු අයිතිවාසිකම් දැන් කිසිදු බේදයකින් තොරව දිනාගැනිමට අවශ්ථාව ගෙනදෙයි. නිශ්චල සහ චංචල දේපොළ අයිතිවාසිකම් සම්බන්ධ නිතිරීතිනුත් දැන් වෙනත්ප්‍රදේශ හා සමාන විධියෙන්ම බලපායි. ජම්මු සහ කාශ්මිරයේ වසර 6 න් යුත් පරිපාලන නිල කාලය වෙනුවට දැන් වසර 5 ලෙසින් වෙනස්කොට ඇත. ව්‍යවස්ථාවට ප්‍රමුඛත්ව පිරිනමමින් වෙනමම ධජයක් යොදවා ගැනිමත් බැහැර කරයි. ඉන්දිය දන්ඩණ නිති සංග්‍රහයම එම ප්‍රාන්තයේත් ක්‍රියාත්මක කෙරේ. එම ප්‍රදේශයේ ස්ථිර නොවන පදිංචි කරුවන්ටත් ජම්මු සහ කාශ්මිරයේහි දැන් ස්ථිරව පදිංචිවිමට අවශ්ථාව ගෙනදෙයි.

සැබෑ යථාර්තයේහි මෙයින් අතිශය ධනාත්මක පරිවර්තනයක් මෙන්ම වාසි සැළසිය හැකි බව පෙන්වා දෙන ස්වදේශ කටයතු අමාත්‍යවරයා පවසා සිටියේය. එම ප්‍රාන්තයට පිරිනමන ලද විශේෂ තත්වයෙන් වසර 70 ක පුරාම හුදු දේශපාලන කවයේ පවුල් අතලොස්සකට පමණක් එයින් වාසි සැළසුනු බව ඔහු තවදුරටත් පැහැදිළි කොට ඇත. දත්තා වලට අනුව ඉන්දිය අනිත් පලාත් වලට පිරිනැමු අරමුදල් සමගින් සසඳා බලන විට ජම්මු සහ කාශ්මිරයට ලබාදුන් ආධාර සතර ගුණයකින් වැඩිබවය. දූෂණ සහ වංචා හේතුවෙන් ජම්මු සහ කාශ්මිරයේ වැසියන්ට ලැබිය යුතු වාසිනුත් මගහැරි ගොස් ඇත. දුෂණ සහ වංචා ඉවත්කොට දෙමිම සඳහාම එම ප්‍රාන්තයට විශේෂ තත්වය පිරිනැමුවද එයිනුත් කිසිදු වාසියක් සළසා ගැනිමට නොහැකි විය. මේ අමිහිරි පසුබිම පසැක දමමින් ජම්මු සහ කාහ්මිරයටත් දැන් අනුකුත් ප්‍රදේශ හා සම විධියෙන් සංචාරක, අධ්‍යාපනය සහ රැකියා ලබාදිම් වැනි මාර්ග සළසා ගනිමින් සංවර්ධනය කරා පියවර තබාගෙන යාමට අවශ්ථාව ගෙනදෙයි.

යුගයක් ඉසුරුමත් රාජ්‍යයක් ලෙසින් පැවතුනු ජම්මු සහ කාශ්මිරය 1947 ඔක්ටෝබර් මස ඉන්දිය සමුහාණ්ඩුවට ඈඳිමේ කාර්‍යය හයිද්‍රබාදය, මයහිසොර් සහ ජුනගර් වැනි අනිත් රාජ්‍ය හා සමාන විධියෙන්ම සිදුකෙරුනි. කෙසේ නමුදු අංක 370 නීති වගන්තියෙන් ජම්මු සහ කාශ්මිරය අනිකුත් ප්‍රදේශ හා සමාන විධියෙන් සාමාන්‍ය තත්වයට පත්කර ගැනිමට අසමත්විය. හුදු පෞද්ගලික වාසින් උදෙසා කටයතු කරන ආත්මාර්ථකාමි දේශපාලඥන් මගින් මුළු ප්‍රාන්තයම විනාශයට පත්ව ගියාය. මේ නිසාම ප්‍රදේශයේ වැසියනුත් කොයි පැත්ත විශ්වාසය තැබිය යුතුද යන්න ගැන විශාළ ප්‍රශ්ණයකට මැදිව ගියේය.

මෙම ප්‍රදේශයේ විනාශයේ මූලික කාරණය ත්‍රස්තවාදයම පව පෙන්වා දෙන ස්වදේශකටයතු අමාත්‍ය වරයා, ප්‍රාන්තය පිරිනමන ලද විශේෂ තත්වය අවලංගු කොට දෙමිම සහ ප්‍රාන්තය දෙකට කෙඩිම මෙන්ම ත්‍රස්තවාදයට එරහිව ගෙනයන සටනත් එකට සිදුකරගෙන යන බව පෙන්වාදි ඇත. ප්‍රජාතන්ත්‍රවාදි ඉන්දිය අනිකුත් ප්‍රදේශ හා සමාන විධියෙන් ඡන්ද බලයෙන් මුලධර්මවාදය අතුගා දමන බව ඔහු තවදුරටත් සඳහන් කොට ඇත.

ජම්මු සහ කාශ්මිරය රටේ අනිකුත් ප්‍රදේශ ලෙසින් පත්කර ගැනිමකින් ප්‍රදේශයේ වැසියන්ටම වාසි සැළසෙන බව පෙන්වාදෙන ස්වදේශ කටයතු අමාත්‍ය වරයා, ජිවන තත්වයත් සමගින්ම ප්‍රදේශයේ සංවර්ධනයත් එක හා සමාන විධියෙන් ඉහල නැංවෙන බව තවදුරටත් පැහැදිළි කොට ඇත. ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන පද්ධතිය මෙන්ම ආර්ථික සංවර්ධනය එකහා සමාන විධියෙන් ඉදිරියට ගෙනයායුතු බව ඔහු පවසයි.

ජනාධිපති නිර්දේශය යටතේ අළුත් කරගත් ව්‍යවස්ථාවෙන් ප්‍රාන්තය දැන් පාලනය කෙරෙන අතරට මධ්‍ය රජයට විශේෂයෙන්ම ත්‍රස්තවාදය නැමති උමතුව ප්‍රදේශයෙන් ඉවත් කොට දෙමිමට නිතැතින් දැඩි ක්‍රියාමාර්ග ගැනිමට සිදුවේ.

සම්ස්තයක් ගත් කල මෙම විෂයට මිශ්‍ර ප්‍රතිචාර පළව ඇත.පාලක පක්ෂයේ මෙම ක්‍රියාමාර්ගයට විශාළ සහයෝගයක් ලැබි තිබෙන නමුදු විපක්ෂ කණ්ඩායම තම නොසෑහිම පලකරමින් මෙම පරිවර්තනයට දැඩි ලෙසින් විවේචන කර ඇත. පාලක පක්ෂය රැගත් එම පියවරය කාලෝචිතද නැද්ද යන්න ඉදිරිකාලයේදිම අපට දෙසින්ම දැකගත හැකිය.

පිටපත: හිටපු SAARC සංවිධානයේ මහලේකම්, රාජ්‍යතාන්ත්‍රික. ශිල් කාන්ත් සර්මා

Comments

Popular posts from this blog

ඉන්දු - ප්‍රංශ සබඳතා ඉහල නැංවිමකට

නව රජය ගොවියන්ගේ සුබසාධනයට සැළකිල්ල යොමු කරයි

ගල්ෆ් රටවල් පාකිස්තානව නොතකා හරියි