දුෂ්කරතාවයකට මැදිවේගෙන යන පාකිස්තානය

පාකිස්තානය දැන් ඉන්දිය ප්‍රදේශයක් වන ජම්මු සහ කාශ්මිරය තුළින් ප්‍රශ්ණයකට පැටලි සිටියි. ජම්මු සහ කාශ්මිරයට සුවිශේෂ බලතල පිරිනැමෙන විධියෙන් එම ප්‍රාන්තයේහි පනවාගෙනගිය ව්‍යස්වස්ථාදායානු අංක 370 නිති වගන්තිය ඉවත්කොට දමමින් එම ප්‍රදේශය අඛණ්ඩ තම භූමි ප්‍රදේශයක් ලෙසට ප්‍රකාශයට පත්තරමින් ඉන්දියාව එය මධ්‍ය රජයට අයත් පාලන ප්‍රදේශයක් ලෙසින් තවදුරටත් හඳුන්වාදි ඇත. පාකිස්තානය එතැන්පටන් ඊට තම නොසෑහිම පළකරමින් එම ප්‍රශ්ණය ජාත්‍යන්තරකරණයට හැරවිමටද ප්‍රයත්නයන්හි නිරත විය. ඉස්ලාමාබාදය ඉන්නොනැවති දැන් යුද්ධයකටද අරඅදිමින් සිටියි. මෙවැනි ප්‍රයත්නයන් මධ්‍යයේදිත් පාකිස්තානයට තම අපෙක්ෂා සපුරාගැනිමට නොහැකිවුවාය. පාකිස්තානයට බොහෝසේ පක්ෂපාති මැදපෙර දිග සහ බටහිර ආසියා කලාපයට අයත් රටවල් රැසිනුත් සහයෝගය දිනාගැනිමට අසමත්වුවාය. ඉස්ලාමිය “උම්මා” (Umma) කවය ප්‍රථම වරට ඊට නිහඬත්වය පලකොට ඇත. ජත්‍යන්තර සමාජය එම කාර්‍යය නවදිල්ලියේ අභ්‍යන්තර කටයුත්තක් ලෙසින් තවදුරටත් පෙන්වාදි ඇත.

කේවල මැලේසියාව සහ තුරුකිය පාකිස්තානයේ දුකගැනවිලි වලට තරමකින් හෝ සවන්දීම සිදුකොට ඇත. කෙසේනමුදු ක්වලාලම්පුරයට ඉන්දියාවෙන් පලාගිය ඉස්ලාමිය ධර්ම ප්‍රචාරක ජකිර් නයික් හේතුවෙන් සෑහෙන්න පමසුබැස්මකට මැදිවි සිටිමට සිදුවන මධ්‍යයේ එම පලායන ධර්මප්‍රචාරකයාට එරහිව සම්බාධ පනවන ලෙසින් ඉල්ලමින් මැලේසියානු සමාජය, ජම්මු සහ කාශ්මිරය සම්බන්ධවද කටවහගෙන සිටින ලෙසින් ආචාර්‍ය.මහතිර් මොහම්මද් රජයෙන් තවදුරටත් ඉල්ලා සිටියි.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජික රටවල් අතර මෙන්ම එ.ජා.සං.ආරක්ෂක මණ්ඩලයේත් චින සහ පාකිස්තාන් ප්‍රයත්නයන් සැළකිල්ලට නොගෙනිමත් සමගින් ඉස්ලාමාබාදයට නොකඩවාම පසුබැසුමට මැදිවිමට සිදුවුවාය. ඉස්ලාමාබාදයේ ප්‍රයත්නවල් අසාර්ථකවිමත් සමගින් තරමකින් වියරුවට පත්වි සිටින පාකිස්තාන් නායකයෝ දැන් තම පුරවැසියන්ව මුලාවට පත්කිරිමට ප්‍රයත්නයන්හි නිරතිවි සිටිති. පාකිස්තාන් ජනතාව කාශ්මිරය සමගින් යැයි ඉම්රාන් ඛාන් මහතා ප්‍රකාශ කලද කාශ්මිරයේ කුමන කොටස යන්න ගැනි සඳහන් කිරිම ඔහු බැහැරකොට තැබුනි. පාකිස්තානයේ අග්‍රාමාත්‍ය වරයා “ජිහාදයක්” ( jihad - ආගමික යුද්ධයක් ) ආරඹ කිරිමේ ඉල්ලිමකුත් ප්‍රකාශයට පත්කොට ඇත. කාශ්මිර ප්‍රහ්ණය ගැන ප්‍රතිචාරයක් දක්වන ඉම්රාන් ඛාන් මහතාගේ කැබිනට් සාමාජික මෙන්ම පාකිස්තානයේ දුම්රිය කටයුතු අමාත්‍ය සෙයික් රෂිද්, ඔක්ටෝබර් මස ඉන්දියාව සහ පාකිස්තානය අතරට යුද්ධයක් සිදුවිය හැකි බව අනාවැකි පිරිනමමින් කාශ්මිර ප්‍රශ්ණය අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සහ හමුදාපති ජෙනරල් බස්වාගේ නිල සමය අතතුරදිම විසඳාගත යුතු බවයැි පෙන්වාදි ඇත. මෙවැනි අමනෝඥ ප්‍රකාශණ තුලින්ම මුළු පාකිස්තානයම සිහින ලොවක මැදිවි සිටිනාකාරය විවෘතව දක්නට ලැබේ.

එවැනි ප්‍රකාශණයන් තුලින්ම පාකිස්තානයේ නායකයන්ගේ මානසික තත්වය තවදුරටත් විහිදා දැක්වේ. ඉන්දියාව, ජම්මු සහ කාශ්මිරය 1947 වසර ගණන්හි ඉන්දියාවට ඈඳුණුදා එය අඛණ්ඩව තම භූමි ප්‍රදේශයක් ලෙසට පිලිරැගෙන ඇත. පාකිස්තානය එම ප්‍රදේශයෙන් වර්ග කි.මි. 13,000 ක පමණ භූමි කොටසක් නිතිවිරෝධි ලෙසින් බලයෙන් යටපත් කරගෙන සිටියි. පාකිස්තානය ඉන් නොනැවති තවත් ඉන්දිය භූමි කොටස් ගණනාවක් නිති විරෝධි ලෙසින් චිනයට බාරදි ඇත. පාකිස්තානය නිති විරෝධි ලෙසින් තම පාලනය යටතේ රඳවාගෙන සිටින මේ සෑම භූමි කොටසක්ම ඉන්දියාවට බාර දියයුතුය. පාකිස්තානය විසින් නීති විරෝධි ලෙසින් පාලනය කරගෙන යන කාශ්මිර කොටස (PoK) ගැන හැරුනු විට වෙනත් කාශ්මිරයක් (Kashmir) ගැන සාකච්ජා කිරිමට ඉන්දියාව අපෙක්ෂා කොකරයි.

ඉන්දියාව මෙයට කලිනුත් එම කාරණය පැහැදිළිව ප්‍රකාශ කොට ඇත. පාකිස්තානය සමගින් කිසිදු විෂයක ගැනවත් සාකච්ජා නොකරන බව ආරක්ෂක කටයතු අමාත්‍ය රාජ්නාත් සිං තරයේ ප්‍රකාශ කොට ඇත. එවැනි පසුබිමකදි වුවද පාකිස්තානයට ඉන්දියාව සමගින් සාකච්ජා කිරිමට අවශ්‍යනම් ත්‍රස්තවාදය තම විදේශ පිලිවෙතේහි ආයුධයක් ලෙසට යොදවා ගැනිමේ පිලිවෙතින් අංගසම්පුර්නයෙන් ඉවත් වියයුතු බව ඉන්දියාව තරයේ ප්‍රකාශකොට ඇත.

පාකිස්තානයේ 'එදිරිවාදි', 'උසිගන්වනසුළු' සහ 'වගකිමකින් තොරවු' ප්‍රකාශණයෙන්ම ඉස්ලාමාබාදයේ 'අපරිණිතභාවය' විදහා දැක්වෙන බව ඉන්දියාව තවදුරටත් පැහැදිළිකොට ඇත. අනිත් අතින් එය ඉන්දිය අභ්‍යන්තර ප්‍රශ්ණ වලට ඇඟිලි ගැසිමක්ද වේ. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය පාකිස්තානයේ නායකයින්ගේ අමනෝඥ ප්‍රකාශ වලට තරයේ නින්දාකොට ඇත. ජාත්‍යන්තර ත්‍රස්තවාද සංවිධානවල් සමගින් ගෙනයන සම්බන්ධතා ක්ෂණිකව බිඬ දමමින් ත්‍රස්වාද කාර්‍යන්හි නිරත්වුනු පුද්ගයින්ව නීතිය යටතට පමුණුවන ලෙසින් නවදිල්ලිය ඉස්ලාමාබාදයෙන් තවදුරටත් ඉල්ලා සිටියේය.

පාකිස්තානයට දැන් මැදිවිමට සිදුවි තිබෙන ප්‍රශ්ණ ගැන මුළු ලෝකයාට රහසක්ද නොවේ. ආර්ථික ක්ෂේත්‍රයෙන් මුළුමණින්මබන්කලොත්තුවට වැටි සිටින පාකිස්තානයට තම අග්‍රාමාත්‍ය කාර්‍යාලයට ගෙවියයුතු විදුලි බල ගාස්තුව ගෙවා දෙමිමට පවා දුෂ්කර තත්වයකට මැදිවිමට සිදුව ඇත. ගෙවියයුතු පාකිස්තානි රුපියල ලක්ෂ 15 නොගෙවුවහොත් අග්‍රාමාත්‍ය ගේකම් කාර්‍යාලයේ විදුලිබල සැපයුම කපාහරින බව ප්‍රකාශ කරමින් ඉස්ලාමාබාද් විදුලිබල සැපයුම් සමාගම රජයට තවදුරටත් අනතුරුහඟවා ඇත. හාශ්‍යජනක දෙය එවැනි දේවල් සිදුවන්නේ පාකිස්තානයේ පමණක් වේ!

පාකිසිතානායේ සාමාන්‍ය පුරවැසියන්ට ගෙවියයුතු මුලදට වඩා ගෙවන්නට සිදුවන අතරට ඔවුන්ට සැම දුකක්ම විඳින්නට සිදුවි ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සංවිධානයත් (IMF) පාකිස්තානය විසින් ගත් ණය වලට කොන්දේශි නිකුත්කිරිම මුලපුරා ඇත. ත්‍රස්තවාද කාර්‍යන්ට මුළ්‍යමය අනුග්‍රහය දක්වන රටවල් , කණ්ඩායම් සහ පුද්ගලයන් ගැන අවධානයකින් පසුවන ජාත්‍යන්තර සංවිධානය වන මුල්‍ය ක්‍රියාකාරි කාර්‍යසාදක බලකාය (Financial Action Task Force), (FATF), සංවිධානයේ ආසියා පැසිෆික් කණ්ඩායම (Asia Pacific Group), (APG) විසින් පාකිස්තානයට පිරිනමන ලද කොන්දේශි 40 න් 32 ක්වත් ඉටුකොට නොතිබුනු බවයැයි පෙන්වාදි ඇත. මේ නිසාම එම සංවිධානය පාකිස්තානයට එරහිව දැඩි නිති ක්‍රියාත්මක කිරිමට තිරණය කොට ඇත. එම සංවිධානයේ 'අළු පැහැ' (grey-list) නාම ලයිස්තුවේහි ඇතුලත්වි තිබෙන පාකිස්තානයේ නම නුදුරු දිනකදිම 'කළු පැහැ' (black-list) නාම ලයිස්තුවේහි ඇදවැටෙනු ඇත. එවැන්නක් සිදුවුහොත් පාකිස්තානයට ආර්ථික දුෂ්කරතාවෙන් මිදුමකට අතිශය දුෂ්කරවනු නියතය.

මෙවැනි පසුබිමක පාකිස්තානයේ රජය කලයුත්තේ අසල්වැසි රටවල් වල අභ්‍යන්තර ප්‍රශ්ණ වලට ඇඟිලි ගැසිම වෙනුවට බුද්ධිමත්ව එරටේ පුරවැසියන්ගේ සුබසාදනයට සැලකිල්ල දැක්විම වේ.


පිටපත: දේශපාලන කටයුතු විග්‍රාහක, ජෙ.එල්. ජලාලි

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ