වසරක් පිරෙන ඉම්රාන් ඛාන්ගේ රජය: ප්‍රිති උත්සව සැමරුම් සහ විරෝධතා

පාකිස්තානයේ ඉම්රාන් ඛාන්ගේ රජය පසුගිය සතිය වනවිට වැඩ බාරගෙන වසරක් අංගසම්පුර්ණ කොට ඇත. ඉම්රාන් ඛාන්ගේ රජය එම විශේෂ දිනයේදි ස්තුතිය පුදකිරිමේ දිනයක් ලෙසින් ප්‍රීති උත්සව සැමරිම සිදුකොට ඇත. කෙසේ නමුදු එම සිදුවිම් ගැන නොසැහිම පලකරමින් විපක්ෂ කණ්ඩායම එදින එසේ නැත්න්ම් ජූලි 25 මුළු පාකිස්තානය පුරාම පාකිස්තාන් ඉතිහාසයේ 'කළු දිනය' ලෙසින් සමරා ඇත. PML(N) , PPP සහ JeI යන පාකිස්තානයේ ප්‍රධානතම විපක්ෂ බලවේග රැස ඇතුළුව අනිකුත් රජයට එරහි දේශපාලන පක්ෂ ලහොර්, කරච්චි, කෙත්ටා සහ අනිකුත් නගරවලත් ඒකාබද්ධව විරෝධතා දැක්විම් සිදුකොට ඇත. මරියම් නවාජ්, බිලවාල් භුත්තෝ ජර්ඩාරි සහ මව්ලානා ෆජ්ලුර් රැහමාන් යන නායකයෝ විපක්ෂය මඩගැසිම් සහ බලය යොදවා බලපෑම් සිදුකිරිම, ජනමාධ්‍යය යටපත්කර කර සිටිම, ආර්ථිකය පස්සට තල්ලුකොට මුළු රටම බංකලොත්තුවකට පත්කිරිම එක්සත් ජනපදයේ අණසක යටතේ කටයුතු කරගෙන යන බවත් ප්‍රකාශ කරමින් තවදුරටත් ඉම්රාන් ඛාන්ගේ රජයට විවේචන එල්ල කිරිම සිදුකොට ඇත. මෙම පිරිසගෙන් වැඩියෙන්ම සැඩ බවක් දැක්වු මව්ලානි ෆජ්ලුර් රෙහමාන් ක්ෂණිකව නිලයෙන් ඉල්ලා අස්වන ලෙසින් බලකරමින් අගෝස්තු මස ඊට ලබාදි තිබෙන අවශන් කාලසිමාව ලෙසින් අවධාරණය කොට ඇත. එසේ නොවුවහොත් මුළු ජාතියම ඉස්ලාමාබාදය කරා පියවර නගන බවත් බලයෙන් රජය ඉවත්කොට දමන බව යැයි තවදුරටත් අනතුරු හඟවා ඇත.

ඉම්රාන් ඛානුත් එවැනි එහා සමාන විධියෙන් රැලි පවත්වමින් වරක් නාස් සැරිෆ්ගේ රජය බිඬ දෙමිමේ ප්‍රයත්නයන්හි නිරත විය. ඉස්ලාමාබාදය කරා දිගු 'පාගමනක' නිරත වෙමින් ඔහු මාස සතරක් පමන මුළු ඉස්ලාමාබාද් නගරය ඇනහිටුමකට මැදි කරවිය. විපක්ෂ කන්ඩායමත් දැන් එවැනි හා සමාන විධියෙන් ඉම්රාන් ඛාන්ගේ රජය බිඬ දෙමිමට ප්‍රයත්නයන්හි නිරතවි සිටිති.

තරුණයින්ට රැකියා පිරිනැමිම්, ආර්ථික තත්වය යහපත් අතට හරවා ගැනිම සහ යහපාලනය වැනි කරුණු ඇතුලත් 'නයා පාකිස්තානයක්' (අළුත් පාකිස්තානයක්) (naya’ (new) Pakistan) ගොඩනගා ගැනිමේ ප්‍රතිඥා දෙමින් ඉම්රාන් ඛාන් බලයට පිවිසියේය. එහෙත් පාකතිස්තානයේ වැසියන්ට දැන් ඊට හාත්පසින්ම වෙනස් පසුබිමකට මැදිවිමට සිදුවි ඇත. පාකිස්තානයේ ආර්ථිකය දැන් මුළුමනින්ම බිඬ වැටි ගොස් තිබෙන අතරට එදිනදා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලත් අහස අසට නැගි ගොස් ඇත. තරුණයින්ටත් රැකියා අහිමිවි යාමකට මැදිවිමට සිදුවිය. හාෂ්‍යජනක දැය පාකිස්තානයේ අග්‍රාමාත්‍ය වරයා දැන් එරටේ වැසියන්ගේ එදිනදා ආහාරය වන රොටි (roti) සහ නන් (naan) මිලය පහත දමන ලෙසින් අදා පිරිසට නිරිදේශ කොට ඇත. ඉම්රාන් ඛාන් විපක්ෂ නායකයින්ව පාලනය යටතේ රඳවා තබා ගැනිමට නවාස් සැරිෆ්, අශිෆ් අලි ජර්ඩාරි සහ සහිද් ඛකන් අබ්බාසි වැනි හිටපු නායකයින්ව දූෂණ සහ වංචා චෝදනා යටතේ සිර අඩස්සියේහි රඳවා තැබිම සිදුකොට ඇත. ජර්ඩාරි මහතා පුර්ව පාකිස්තානයේ ජනාධිපති වරයෙකුත් වේ.

ඉම්රාන් ඛාන් රූකඩ අග්‍රාමාත්‍ය වරයෙක් ලෙසින් චෝදනා එල්ල කරමින් විපක්ෂ කණ්ඩායම් සැබැව රට පාලනය කරන්නේ එරටේ සන්නද්ධ බලකාය වන අතරට මේ නිසාම 'තෝරාගත්' (selected) අග්‍රාමාත්‍ය වරයා යන ආරුඩ නාමයකුත් ඔහුට පටබැඳි තිබෙන බව තවදුරටත් පැහැදිළි කොට ඇත. එරටේ සන්නද්ධ බලකායේ ප්‍රධානියා වන ජෙනරල්. ඛමාර් ජවේදි බජ්වාව අළුතින් ගොඩනගාගත් පාකිස්තානයේ ආර්ථික සංවර්ධන මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙසින් ඇතුලත් කරගැනිමෙන්ම එම කාරණය සනාථ කරලයි. පාකිස්තාන් ඉතිහාසයේ ප්‍රථම වරට පාකිස්තාන් අග්‍රාමාත්‍ය වරයාගේ එක්සත් ජනපද චාරිකාවට පාකිස්තාන් හමුදාපති වරයාත් එක්වෙමින් එක්සත් ජනපද ජනාධිපති වරයා සමගින් වත්වන ලද සාක්ච්ජාවටත් සම්බන්ධ විය.

පාකිස්තානයේ හමුදාව එරටේ සිවිල් පරිපාලනයේ කටයතු වලට සිදුකන ඇඟිලි ගැසිම් තවදුරටත් සනාථ කරලයි. වසරකට පෙරදිත් ඉම්රාන් ඛාන් බලයේහි හොබවු විගස පාකිස්තාන් සම්භව්‍ය එක්සත් ජනපද ආර්ථිකවේදි අතීෆ් මියාන්ව ආර්ථික සංවර්ධන මණ්ඩලයට ප්‍රවේශ කරගැනිමට ප්‍රයත්න දැරු නමුදු පාකිස්තාන් සන්නද්ධ බලකායේ විරෝධතාවෙන් එම යෝජනාව පසැක දෙමිමට සිදුවිය. ඉන් අනතුරුව පාකිස්තාන් ආරක්ෂක හමුදාව පසැක නොබැලු අතරට නොකඩවාම රාජ්‍ය කාර්‍යන්හි ඇඟිලි ගැසිම් සිදුකරගෙන ගියේය.මේ අතර ඉම්රාන් ඛාන්ටත් විපක්ෂ බලවේගයේ බලපෑම් වලින් මිදිමකට එරටේ සන්නද්ධ බලකායේ සහයෝගය නැතිව බැරි අවශ්ථාවකට මැදිවි සිටි.

පාකිස්තානයේ ජනමාධ්‍යය මුළුමණින්ම රජයේ පාලනය යටතේ පසුවන අතරට විපක්ෂ රැලි හෝ විරෝධතා ප්‍රචාර කිරිම මුළුමණින්ම තහනම් කොට ඇත. එම ජනමාධ්‍යයම යුගයක් ඛාන් මහතාගේ ව්‍යාපාර වලට සහයෝගය දැක්වු නමුදු ඔහුට දැන් මුළුමණින්ම එම සිද්ධින් අමතකවි ගොස් ඇත. පාකිස්තාන් රජය ජනමාධ්‍යට එහිව කටයුතු කිරිමට මාධ්‍ය අධිකරණයක් හඳුන්වා දිමටත් යෝජනා කරගෙන යයි.

මෙවැනි පසුබිමක 'නව පාකිස්තායක්' ගොඩනගා ගැනිමේ ඉම්රාන් ඛාන්ගේ පැතුම දැන් ඔහුගේ අතින් මුළුමණින්ම ගිලිහි ගොස් ඇත. ඉම්රාන් ඛාන්ගේ රජය සහ විපක්ෂය අතර නුදුරු දිනකදිම සිදුවිය හැකි නව ගැටුම කිසිසේත්ම බැහැර කල නොහැක.


පිටපත: දේශපාලන කටයතු විග්‍රහක, අශොක් හන්දු ගෙන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ