ජපානය සහ දකුණු කොරියාව අතර සිදුවේගෙන යන වෙළඳ ආතතීන්

ජපානය සහ දකුණු කොරියාව යන ප්‍රධානතම නැගෙනහිර ආසියානු රටවල් දෙක මෑතදි සිට වෙළඳ යුද්ධයකට පැටලිගොස් ඇත. ජපානය තම ජාතික සුරක්ෂාව ගැන සැළකිල්ල දක්වමින් දකුණු කොරියාව සමගින් සිදුකරගෙනයන තම වෙළඳ පිලිවෙත් තරමකින් දැඩිකොට අධිතාක්ෂණ කාර්මික අංශයේහි යොදවාගන්නා හයිඩ්‍රොජන් ෆ්ලූරයිද් ගෑස් (hydrogen fluoride gas), ෆ්ලෝරනේටද් පොලිමයිද් (fluorinated polyimide) සහ ෆොටෝ රැසිස්ට් (photo-resists) යන රසායන වර්ග තුන අපනයනයට සම්බාධ පැනවිම සිදුකොට ඇත. 

ජපානය එම රසායන වර්ග තුන ගැන තම නොමඳ සැළකිල්ල දක්වමින් එය හමුදාමය අවශ්‍යතා අදාළ දැයක් ලෙසින් තවදුරටත් පැහැදිළිකොට ඇත. ටොක්යෝව දකුණු කොරියාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ සම්බාධ ක්‍රියාත්මක කරගෙන යන විධිය ගැන අතිශය සැළකිල්ල දක්වමින් අතිශය සංවේදිශිළි රසායන ද්‍රව්‍ය සම්බන්ධ ජාත්‍යන්තර අපනයන පරිපාලන රෙජිමයේ න්‍යාමයන් යටතේ කරගෙන යනවාද යන්න ගැන තරමක සැකය පහලකොට ඇත. ජපානය ඉන් නොනැවති, දකුණු කොරියානු අපනයන අංශයේ අතිශය සංවේදිශිළි භාණ්ඩ වර්ග 1,100 ක් ගැන දැඩි විමසුමකට ලක්කොට දෙමින් තම “ධවල නම් ලයිස්තුවෙන්” දකුණු කොරිව ඉවත්කොට දමමින් “විශ්වසනිය වෙළඳ හවුල්කරුවෙක්” ලෙසින් තබා තිබුනු පිලිගැනිමත් ඉවත්කරගෙන ඇත. ජපානය දකුණු කොරියාවට එරහිව ක්‍රියාත්මක කරගෙන යන සම්බාධ නොකඩවාම තිවුර කර ඇත. එයින් ගෝලිය සැපයුම් අංශයට අතිශය බලපෑම් ගොන්නක් එල්ලවි ඇත. 

දකුණු කොරියානු සමාගම් මුළුමණින්ම චිප්ස් (chips) සහ අතිශය වැදගත් නවින ස්ක්‍රීන (screens) වැනි රසායනික නිෂ්පාදන භාණ්ඩ සපයන ජපානය යටතේ රඳා සිටියි. වරත්මාන පසුබිමේහි ජපන් සමාගම් වලටත් එවැන් රසායනික භාණ්ඩ දකුණු කොරියාවට අපනයන කිරිමට ජපන් රජයෙන් අනුමැතිය ලබාගැනිමට සිදුව ඇත.ජපන් සමාගම් වලට ඊට අදාල අවසර පත ලබා ගැනිමට අඩුමතරමින් දින අනුවක්වත් ගතකෙරේ. දකුණු කොරියානු සමාගම් වලටත් අඛණ්ඩ උද්පාදනය පවත්වාගෙන යාම සඳහා ජපන් සමාගම් වල සැපයුම අතිශය වැදගත්වේ. රටවල් දෙකේ එම වෙළඳ යුද්ධය ඒ අයුරින් දුරදිග ගියහොත් ස්මාර්ට් ෆෝන්ස්, කොම්පියූටර්ස් සහ අනිකුත් ඉලෙක්ට්‍රෝනික්ස් භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේහි නිතැතින් අතිවිශාල ප්‍රශ්ණයක් මතුකරලිම බැහැරකල නොහැකි දැයකි. 

දකුණු කොරියාව එම පසුබිම මධ්‍යයේ තම “ධවල නාම ලයිස්තුවේහි” ජපනයව පහත තල්ලුකර දමමින් ජපානව ජාත්‍යන්තර වෙළඳ න්‍යාමයන් සහ අපනයන පිලිවෙත් ක්‍රියාත්මක කරගෙන නොයන රටවල් ගොඩට විසිකර දමා ඇත. තමන් එම ප්‍රශ්ණය ජාත්‍යන්තර ‍වෙළඳ සංවිධානයට කරුණු පැහැදිළි කිරිමට යන බවයැයි දකුණු කොරියාව තවදුරටත් අවධාරණ්‍ය කොට ඇත. දකුණු කොරියාව එම විෂය සම්බන්ධයෙන් ජාතයන්තර සහයෝගය අපෙක්ෂා කරයි. 

දෙරටේ එම වෙළඳ ආරවුල්ල දැන්මම විසඳා ගැනිමට නොහැකි වුවහොත්, ජපානයේ අපනයන පරිපාලන මණ්ඩලයෙන් උපායමාර්ග භාණ්ඩ සැපයුම් අංශයට නිතැතින් බලපෑම් එල්ලකෙරේ. මෙයින් කාර්මික අංශයට නොකඩවාම අනවශ්‍ය බලපෑම් වලට මැදිවිමට සිදුවනු ඇත. දකුණු කොරියාව 2.6-2.7 % ක් ලෙසින් පෙර දැක්වු ආර්ථික වර්ධන රිද්මයට එරහිව මෙම වසර එය 2.4-2.5% ත් ලෙසින් පැවතිමක ගැන අනාවැකි පලකොට ඇත. දකුණු කොරියානු රජය, ජපානයේ වර්තමාන වෙළඳ සම්බාධයෙන් මිදිමකට මෙන්ම තම කාර්මික අංශය දිරිගෙන්විමට US$ බිලියන 1.6 ක් පමණ විටිනා මුල්‍යයක් ප්‍රවේශ කිරිමට සැලසුම් යොදවාගෙන යයි. ජපානය වෙනුවට රසායනික කාර්මික ද්‍රව්‍ය චිනයෙන් ආනයන කිරිමටත් දකුණු කොරියාව දැන් සළකි බලාගෙන යයි. 

දකුණු කොරියාවට අනුව ජපානය දෙරට අතර පවත්නා ඒ ඓතිහාසිකමය ප්‍රශ්ණ ද්විපාර්හ්වික මට්ටමින් විසඳා ගැනිමට අසමත්විම තුලින් දෙරට අතරට මෙවැනි අනවශ්‍ය ප්‍රශ්ණ ඇදගෙන සිටින බවය. එහි තරමකින් දේශපාලනමය ඉලක්කවලුත් දක්නට ලැබෙන බව දකුණු කොරියාව තවදුරටත් පෙන්වාදි ඇත. දකුණු කොරියානු ශ්‍රේෂ්ඨාධිකරණය 2018 වසර ජපන් ආධිපත්‍ය යුගයේ සිදුවුනු බවත් යන කම්කරුවන්ව බලයෙන් සේවයේහි යොදවා ගැනිම් සහ කොරියානු කම්කර්වන්ගේ ශ්‍රමය සහ ධනය සූරාකෑම් සිද්ධින්ට වන්දි ගෙවන ලෙසින් ජපානයේ Mitsubishi Heavy Industries සමාගමට නිර්දේශ කොට තිබුනි. Nippon Steel Corp.සහ Nachi-Fujikoshi Corp යන සමාගම් දෙකටත් එවැනි හා සමාන ඉරණමකට මැදිවිමට සිදුවිය. ඊට ප්‍රතිචාර දැක්වු ජපානය දෙරටේ ප්‍රශ්ණ විසඳා ගැනිම සඳහා 1965 වසර ගිවිසගත් ගිවිසුමින් ප්‍රශ්ණ විසඳා ගැනිමට ඉදිරිපත් වෙමින් ආරවුල්ල මැදපවත්වාගෙන දෙරටේ සම්බන්ධතා සාමාන්‍ය අතට හරවා ගැනිමට ප්‍රයත්නයන්හි නිරතවිය. 

එක්සත් ජනපදයේ නැගෙනහිර ආසියානු අතිශය විශ්වසනිය සමිප මිත්‍ර රටවල් දෙක වන ජපානය සහ දකුණු කොරියාව අතර මතුවි ඇති එම ආරවුල්ලෙන් ආර්ථික ක්ෂේත්‍රයට පමණක් නොව සුරක්ෂා අවශ්‍යතා වලටත් බලපෑම් එල්ලව ඇත. දකුණු කොරියාව ජපානය සමගින් පවත්වාගෙන ගිය General Security of Military Information Agreement නැමති ගිවිසුම අවලංගු කොට දමා ඇත. ටෝකියෝවේ පිලිවෙතින් තමන්ට කිසිසේත්ම හමුදාමය තොරතුරු බෙදාහදා ගැනිම දුෂ්කර බව දකුණු කොරියාව තවදුරටත් පෙන්වාදි ඇත. උතුරු කොරියානු න්‍යෂ්ටික අභියෝගවල් වලට මුහුණදිමට දෙරටම එම ගිවිසුම ගොඩනගා ඇත. එම ගිවසුමට පෙර ජපානය සහ දකුණු කොරියාව එක්සත් ජනපදය මාධ්‍යයෙන් බුද්ධිමය තොරතුරු හුවමාරුකරගැනිම සිදුකොට ඇත. 

එකසත් ජනපදය සහ චිනය අතර වෙළඳ යුද්ධයක් සිදුවේගෙන යන යුගයක ජපානය සහ දකුණු කොරියාව අතරත් එවැනි හා සමාන අරවුල්ලක් ඇතිවිමකින් මුළු ලෝකයාටම බලපෑම් එල්ලවිම වැලැක්විය නොහැක. දෙරටම දේශපාලනමය අභලාෂයකින් ඊට විකල්පවල් සොයාගතයුතුය. 

ඉන්දිය 'නැගෙනහිර ප්‍රතිපත්ති පනත' (Act East Policy) යටතේ ජපානය මෙන්ම දකුණු කොරියාවත් නවදිල්ලියේ උපායමය අතින් අතිශය වැදගත් හවුල්කරුවන් දෙකක් වෙති. එම වෙළඳ ආරවුල්ල උස්සන්නවි යාම නිදහස් වෙළඳාමට මෙන්ම විවෘත වෙළඳ පොලටද අතශය අහිතකරය. 




පිටපත: නැගෙනහිර සහ අග්නිදිග ආසියා උපායමාර්ග කටයුතු විශ්ලේෂක, ආචාර්‍ය. ටිත්ලි බසු ගෙන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ