අග්‍රාමාත්‍ය වරයාගේ එක්සත් අරාබි එමිරේට් සහ බහරේන් චාරිකාවෙන් ද්විපාර්ශ්වික සබඳතා ප්‍රබෝධමත් කරලයි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය සති අන්තයේ එක්සත් අරාබි එමිරේටයට සහ බහරේනයට චාරිකාවකට නිරිතවිය. එක පැත්තකින් මෙය පසුගිය වසර සතර අතර සිදුවුනු එතුමන්ගේ තුන්වන එක්සත් අරාබි එමිරේට් චාරිකාව වන අතරට තව පැත්තකින් ඉන්දිය අග්‍රාමාත්‍ය වරයෙකු බහරේනයට පය තැබු ප්‍රථම අවශ්ථාවද වේ. වර්ධනවේගෙන යන ඉන්දියා සහ බටහිර ආසියා රටව්ල් අතරේ සම්බන්ධතාවය එම චාරිකාවෙන් තවදුරටත් විදහා දැක්වේ. මෝදි මහතා එක්සත් අරාබි එමිරේටයේහි අබුඩාබියේ කිරුළහිමි මොම්මද් බින් ජයෙද් අල් - නහයාන් කුමරා හමුවි සාකච්ජා පැවැත්විය. නායකයින් දෙදෙනාගේ සාකච්ජා මගින් දෙපාර්ශ්වයේ වැදගත් ද්විපාර්ශ්වික සම්බන්ධතා ගැන හැරුනු විට අන්න්‍යෝන්‍ය අවශ්‍යතා වලට අදාල කලාපිට සහ ජාත්‍යන්තර ප්‍රශ්ණ ගැනත් සැළකිල්ල දැක්විම සිදුකොට ඇත. මෙම චාරිකාව අතරතුර මෝදි මහතා අතින් දෙරටේ ද්විපාර්හ්වික සම්බන්ධතා සහ දෙරටේ නායකයින් අතර පවත්වාගෙන යන සුහදතාවය නොකඩවාම ඉදිරියට ගෙනයාමට දැක්වු කොටස්දායකත්වය වෙනුවෙන් 2019 වසර අප්‍රේල් මස එතුමන්ට පිරිනැමු “ඕඩර් ඔෆ් ජයේද්” (Order of Zayed) නැමති එක්සත් අරොබි එමිරේටයේ උච්ජතම සිවිල් සම්මානය පිලිගැනිමද සිදුවිය.

අග්‍රාමාත්‍ය මෝදි අතින් එක්සත් අරාබි එමිරේට්හි RuPay card පද්ධතිය දියත් කෙරුනු අතරට සිංගප්පුරුව සහ භූතානය හැරුනු විට එම ඉන්දිය මුල්‍ය ගනුදෙනු පද්ධතිය දැන් පිලිරැගෙන සිටන තුන්වන රට බටහිර ආසියාවේ එක්සත් අරාබි එමිරේටය වේ. අග්‍රාමාත්‍ය මෝදිගේ ප්‍රධානත්වයෙන් ඉන්දිය ජාතික ජාතික ගෙවිම් කටයුතු සංස්ථාව (National Payments Corporation of India), (NPCI) සහ එක්සත් අරාබි එමිරේටයේ මර්කරි පේමන්ත්ස් සර්විස් (Mercury Payments Services) යන මුල්‍ය සේවා සංස්ථා දෙක අතර RuPay card පතට අදාල “ නෝට්ටු වලින් තොරව මුල්‍ය ගනුදෙනු පවත්වා ගැනිමේ තාක්ෂණිකමය සහයෝගිතා ගොඩනගා ගැනිමේ ” අවබෝධතා එකඟතාවයකට දෙරට අත්සන් තබා ඇත. බහරේනයේ ශ්‍රීනාත්ජි කෝවිලෙන් 'ප්‍රසාද්' මිලදි ගන්නා විට එම RuPay card යොදවා ගැනිමටත් අවශ්ථාව සලස්වාදි ඇත.

බහරේනය, ඉන්දිය අග්‍රාමාත්‍ය වරයාව අතිශය උණුසුමින් පිළිරැගෙන “ King Hamad Order of the Renaissance ” නැමති එරටේ උච්ජතම සිවිල් සම්මානය එතුමන්ට පුදකොට ඇත. බහරේනය විසින් පිරිනමන ලද එම උච්ජතම සිවිල් සම්මානය පිලිරැගෙන මෝදි මහතා, “වසර දහස් ගණන් ඉපැරැණි” දෙරටේ ඒ “සමිප සහ මිත්‍රශීලි සම්බන්ධතාවය” එම සම්මානයෙන් පිලිබිමු කෙරෙන බවයි පෙන්වාදි ඇත. බහරේනයේ හමාද් බින් ඉසා අල් - ඛලිෆා මහරජතුමා (King Hamad bin Isa al-Khalifa) මෝදි මහතාට පිලිගැනිමේ භෝජනසංග්‍රහයකුත් පිරිනමා ඇත. අග්‍රාමාත්‍ය මෝදි බහරේනයේ අග්‍රාමාත්‍ය ඛලිෆා බින් සල්මාන් අල් - ඛලිෆා සමගිනුත් සාකච්ජා පැවැත්වු අතර දෙදෙනාගේ සාකච්ජා මගින් ද්විපාර්ශ්වික, කලාපිය සහ ජාත්‍යන්තර ප්‍රශ්ණ ගැන සැලකිල්ල දැක්විම සිදුව ඇත.

අග්‍රාමාත්‍ය මෝදි බහරේනයේ නියෝජ්‍ය මහරජතුමා මෙන්ම කිරුළ හිමි සල්මාන් බින් හමාද් බින් ඉසා අල් - ඛලිෆා (Deputy King and Crown Prince of Bahrain Salman bin Hamad bin Isa al-Khalifa) සමගිනුත් සාකච්ජා පවත්වමින් ද්විපාර්ශ්වික සම්බන්ධතා ඉහල නංවාගැනිම සම්බන්ධව සැළකිල්ල දැක්විම සිදුකොට ඇත. මෝදි මහතා එම සිද්ධියට පෙර බහරේන් ජාතික ක්‍රීඩාගාරයේහි 15,000 ක් පමණ ඉන්දියානුවන් පිරිසක් අමතමින් රාජධානියේ ආර්ථික සංවර්ධන කාර්‍යන්ට මෙන්ම දෙරටේ ද්විපාර්ශ්වික සම්බන්ධතා ඉහල නංවාගැනිමටත් දැක්වු කොටස්දායකත්වයට අතිශය අගය කිරිම සිදුකොට ඇත. බහරේනයේහි 350,000 ක පමණ ඉන්දියානුවන් පිරිසක් විවිධ සේවාවන්හි නිරතවි සිටිති. එය වැඩියෙන්ම ඉන්දියානුවන් පිරිසක් ජිවත්වන රටක් ලෙසින් පිලිරැගෙන ඇත. බහරේනය එරටේ ආර්ථික අභිවෘද්ධියට එම ඉන්දියානුවන්ගෙන් සිදුකෙරෙන සේවාවන්ට අතිශය අගය කරයි.

බහරේනයේ අගනගර මැනමාහි (Manama) අග්‍රාමාත්‍ය මෝදි, ගල්ෆෟ කලාපයේ වසර 200 ක් පමණ ඉපැරැණි ශ්‍රීනාත් කෝවිල දැකබලා ගැනිමට ගියේය. එතුමන් එම කෝවිලේහි US$ මිලියන 4.2 ක් පමන වටිනා කෝවිල ප්‍රතිසංස්කරණ කාර්‍යය අංගසංපුර්ණ කිරිමේ ව්‍යාපෘතියකටද සම්බන්ධ විය. මොදි මහතා එම කෝවිලය බහරේනයේ බහුජනවාර්ගික සහ බහුසංස්කෘතික කැඩපත විදහා දැක්වෙන බව යැයි පෙන්වාදි ඇත.

එක්සත් ජනපද - ඉරාන නොසන්සුන්තා උස්සන්විගෙන යන මධ්‍යයේ සහ කලාපිය භෞගෝලිය-දේශපාලනමය පසුබිම අතිශය සංවිදිය පසුබිමක පත්විගෙන යන සමයක සිදුවුනු ඉන්දිය අග්‍රාමාත්‍ය වරයාගේ එම තුන්දින ගල්ෆ් රාජ්‍ය චාරිකාව අතිශය වැදගත් තැනක් උසුලයි. ගල්ෆ් කලාපයේහි සිදුවියහැකි කිසියම් අනවශ්‍ය සිදුවිමකින් හෝ වේවා ඉන්දියාවට මෙන්ම එම කලාපය අවට ජිවත්වන සිය දහස් ගණන් ඉන්දියානුවන්ටද සෘජුව බලපෑම් එල්ල කෙරේ. විශේෂයෙන්ම ඉන්දිය බලශක්ති සුරක්ෂාවට එයින් විශාල තර්ජනයක් සිදුවිම වැලක්විය නොහැකි යථාර්තයද වේ. ඉන්දියාව මේ නිසාම සංයමයකින් කටයුතු කරන ලෙසින් කලාපයේ රටවල් රැසින් ඉල්ලා සිටියි.

මෙම චාරිකාවෙන් දකුණු ආසියාවේ මෑතදි සිදුවුනු පරිවර්තන වලටද අතිශය වැදගත් වේ. නවදිල්ලිය ජම්මු සහ කාහ්මිරයේ සහ ලඩ්ඩාක් යන ප්‍රදේශයන්ට පිරිනමන ලද විශේෂ බලතල අහෝසි කොට දමමින් J&K සහ Ladakh මධ්‍ය රජයේ පාලන බල ප්‍රදේශ දෙකක් ලෙසට නිර්මාණ කිරිමකින් නොසතුට පත්වුනු පාකිස්තානය නොකඩවාම ඉන්දියාවට එරහිව එදිරිවාදි කටයුතු කිරිම මුලපිරුවද ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ පිලිවෙතක් රැගෙන එක්සත් අරාබි එමිරේට්, බහරේන් සහ සව්දි අරාබියාව ඇතුළුව ඉදිරිපෙලේ අතිශය වැදගත් ගල්ෆ් රටවල් ක්ණ්ඩායම එය “ඉන්දිය අභ්‍යන්තර ප්‍රහ්ශ්ණයක්” ලෙසින් පෙන්වාදි ඇත.

අග්‍රාමාත්‍ය මෝදිගේ එම ගල්ෆ් චාරිකාව ඉන්දියාව සහ ගල්ෆ් රටව්ල අතරට පවත්වාගෙන යන දේශපාලනමය, ආර්ථික සහ සුරක්ෂා ක්ෂේත්‍රයේ සමිප සම්බන්ධතා තවදුරටත් ඉදිරියට ගෙනයාමට අතිශය ආධාරකාරිවි ඇත. විශේෂයෙන්ම එක්සත් අරාබි එමිරේටය පසුගිය වසර පහ අතරතුරු ඉන්දිය අතිශය වැදගත් හවුල්කරුවෙක් බවට පත්ව ඇත.

පිටපත: බටහිර ආසියා උපායමාර්ග කටයුතු විශලේෂක, ආචාර්‍ය. මොහම්මද් මුද්දස්සිර් කුවමාර් ගෙන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

නව රජය ගොවියන්ගේ සුබසාධනයට සැළකිල්ල යොමු කරයි

ඉන්දියාව සහ ඕමානය උපායමාර්ගික සබඳතා ශක්තිමත් කරගනිති