විදේශ කටයුතු අමාත්‍ය වරයා සබඳතා දිරිගන්වා ගැනිමට සිදුකල චින සංචාරය
ඉන්දිය විදේශ කටයතු අමාත්‍ය එස්.ජයිශංකර් මහතා, චින - ඉන්දිය සංස්කෘතික සහ මහජනතාව සහ මහජනතාව අතරට පවත්වාගෙන යන සබඳතාවයට අදාල අතිශය ඉහල මට්ටමේ යන්ත්‍රන හමුවිමට සහභාගිවිම සඳහා මෑතදි පෙයිජිං නගරයට නිල චාරිකාවකට නිරත විය. එය චිනයට අදාල අතිශය වැදගත් රාජ්‍යතාන්ත්‍රික පියවරක් ලෙසින් පෙන්වාදිම වඩාත් නිවරදිය. තව විධියකින් එය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමගින් පසුගිය 'වුහාන්' (Wuhan) අනියමිත ශිඛර සමුළුවට හා සමාන තව හමුවක් පවත්වා ගැනිමට මෙම වසර අග සිදුවිමට නියමිත චින ජනාධිපති ෂි ජින්පිංග් මහතාගේ ඉන්දිය චාරිකාව ගැන මුලික විධිවිධාන ගොඩනගා ගැනිමටත් ඉලක්ක කොට ඇත. ඉන්දියාව සහ චිනය දැන් දෙරට අතුර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ගොඩනගාගෙන වසර 70 පිරිමේ සිද්ධිය සමරමින් සිටිති. දෙරටේ විදේශ කටයුතු අමාත්‍ය වරුන් දෙදෙනාගේ සාකච්ජාවේදි ජම්මු සහ කාශ්මිරය සම්බන්ධයෙන් ඉන්දිය පාර්ලමේන්තුව තුල සිදුකොට තිබුනු ව්‍යවස්ථාදායානු වෙනස්කිරිම් ගැනත් සැළකිල්ල දැක්විම සිදුව ඇත.
ජයිශංකර් මහතා චීන උපජනාධිපති වං කිෂාන් සමගිනුත් සාකච්ජා පැවැත්විය. මෙම හමුවෙන් රටවල් දෙක පරිවර්තනවේගෙන යන ගෝලිය පසුබිම සැළකිල්ල යොමුකොට දෙමින් ඉන්දියාව සහ චිනය කලාපිය මට්ටමින් මෙන්ම ගෝලිය සුපිරි බලවතෙකු ලෙසින් නැගීගෙන එන යුගයක කුමන විධියෙන් බල සමබරතාවයක් රැකගෙන කටයුතු කරගෙන යායුතුද යන්න ගැනත් සාකච්ජා කලේය.
ඉන්දිය නව විදේශ කටයතු අමාත්‍ය වරයා යුගයක් චිනයේ ඉන්දිය තානාපති වරයා ලෙසින් සේවයකොට තිබුනද, විදේශ කටයුතු අමාත්‍යධුරයේහි හොබවිමෙන් අනතුරුව සිදුකරන මෙය ඔහුගේ ප්‍රථම චීන චාරිකාව වේ. ජයිශංකර් මහතාට චිනය ඒ තරම්ම නුහුරු නුපුරුදු තැනක්ද නොවේ.
ඔහුට චින විදේශ කටයුතු අමාත්‍ය වං යි සමගින් පුළුල් මට්ටමින් අතිශය ඵලදායි සාකච්ජාවක් පවත්වා ගැනිමට හැකිවිය. චින විදේශ කටයුතු අමාත්‍ය වරයා, එම සාකච්ජාවෙන් ඉන්දිය පාර්ලිමේන්තුවේහි ජම්මු සහ කාශ්මිරය සම්බන්ධයෙන් මෑතදි සම්මතා කරගත් යෝජනා ගැනත් චිනයේ සැළකිල්ල දැක්විම සිදුකොට ඇත. එය මුළුමණින්ම ඉන්දිය අභ්‍යන්තර විෂයක් ලෙසින් පෙන්වා දෙන ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය වරයා, අනිත් අතට එය ඉන්දිය ව්‍යවස්ථාව යටතේ ලබාදි ඇති වරමක් මෙන්ම දේශිය සුභසිද්ධියට ප්‍රමුඛත්වය ලබා දෙමින් ගත් පියවරක් ලෙසින් තවදුරටත් පෙන්වාදි ඇත. එය යහපාලනය ප්‍රවර්ධන කරගැනිමකට සහ ජම්මු සහ කාශ්මිරයේ සාමාජිය - ආර්ථික සංවර්ධනය ගැන සලකා බලමින් ගත් තිරණයක් ලෙසින් පැහැදිලි කරමින් අනිත් අතට ඉන්දියාව එයින් ජාත්‍යන්තර දේශසිමා හෝ ඉන්දිය සහ චින දේශසිමාව දිගේ නියමිත පාලන දේශසිමා උල්ලංගන කිරිමක් හෝ සිදුව නොතිබුනු බවත් ඉන්දිය විදේශ කටයතු අමාත්‍ය වරයා තවදුරටත් පැහැදිළිකොට ඇත.
ඉන්දියාව අනිත් අතට එම පියවරවල් යටතේ කිසිදු වර්ගයේ නව භෞමිය අයිතිවාසිකම් කියාපෑමක් සිදුකොට නොතිබුනු අතරට චිනයේ ඒ සෑම සැකයක්ම ඒ අයුරින් දුරු කර දෙමිමට හැකිවුවාය. ඉන්දියාව සහ චිනය තම දේශසිමා අවුල් 2005 වසර ගිවිසගත් දේශපාලනමය පරමිතිය සහ ප්‍රතිපත්ති මගපෙන්විම් යටතේ සාධාරණ, වගකිවයුතු විධියෙන් සහ අන්න්‍යෝන්‍යව පිලිගත හැකි විධියේ විසඳුමක් සොයා ගැනිමට වැඩිදුරට එකඟත්වයට පත්වි සිටිති. ජම්මු සහ කාශ්මිරයේ වර්තමාන පරිවර්තන සම්බන්ධයෙන් චින විදේශ කටයුතු අමාත්‍ය වරයා විමසු ප්‍රශ්ණ වලට තවදුරටත් පැහැදිළි කරමින් ජයිශංකර් මහතා, එය කිසිසේත්ම පාකිස්තානයට අදාල දෙයකුත් නොවන බවත් එය මුළුමණින්ම ඉන්දිය අභ්‍යන්තර ප්‍රශ්ණයක් යැයි තවදුරටත් පෙන්වාදි ඇත.
සාකච්ජා මාධ්‍යයෙන් දෙරටේ ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කරගෙන ඉදිරියට ගෙනයාමට දේශසිමා දිගේ සාමය සහ සංහිඳියාව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයද ඉන්දියාව සහ චිනය සැළකිල්ල දක්වා ඇත. අනතුරුව ද්විපාර්ශ්වික වෙළඳ සහ ආර්ථික සමබන්ධතා ගැනත් සැළකිල්ල යොමුකරමින් ඉන්දියාව සහ චිනය දෙරටේ ආර්ථික සම්බන්ධතා දැනට සෑහෙන්න වර්ධනවිගෙන යාමක් සිදුව තිබුනද ඉන්දියාවට එරහිව ඇති වෙළඳ ශේෂයට නවදිල්ලිය සෑහෙන්න ගැඹුරින් සළකා බැලිම සිදුකොට ඇත. ඉන්දිය ඖසධ නිෂ්පාදන කාර්මික අංශය, පුවත් තාක්ෂණ ක්ෂේත්‍රයට අදාල නිෂ්පාදන චින වෙළඳපොළ ප්‍රවේශයට චිනය සැළකිල්ල දැක්විය යුතු බව ඉන්දියාව බලකර සිටියාය.
ඉන්දියාව සහ චීන සම්බන්ධතා අන්න්‍යෝන්‍ය විශ්වාසය යටතේ මෙන්ම එකිනෙකා දක්වන සැළකිල්ල යටතේ රඳා තිබෙන බව පෙන්වා දෙන ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය වරයා එය ස්වාභාවික සම්බන්ධතාවයක් ලෙසින් තවදුරටත් පැහැදිළි කොට ඇත. රටවල් දෙකම සංවර්ධනවේගෙන යන විශාළ ආර්ථික බලවේගවල් දෙකක් ලෙසින් පෙන්වාදෙන ඔහු සම්බන්ධතාවේහි යම් යම් ප්‍රශ්ණ මතුවිම සාමාන්‍ය දෙයක් යැයි තවදුරටත් පෙන්වාදි ඇත. දෙරටේ නායකයන් දෙදෙනා එකඟත්වයට පත්වු විධියෙන් ඒවා ප්‍රශ්ණ ලෙසට හරවා නොගත යුතුයැයි ඔහු තවදුරටත් ප්‍රකාශ කොට ඇත. මෙයින් දෙරටේ මෝරුනු ගතිය තවදුරටත් විදහ දැක්වෙන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.
ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය වරයාගේ එම චාරිකාව මධ්‍යයේ දෙරට අතරට අවබෝධතා එකඟතා පහකට අත්සන් තැබිම සිදුව ඇත. 2020 වසර ද්විපාර්ශ්වික සම්බන්ධතා සහයෝගිතා, ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහයෝගිතා, චින සහ ඉන්දිය ජාතික කෞටුකාගාරය අතරට සංස්කෘතික කටයතු හුවමාරු, සාම්ප්‍රදායි ඖසධ අංශයේ සහයෝගිතා සහ ඉන්දිය ජාතික කෞටුකාගාරය සහ චින හුපෙයි ප්‍රාදේශිය (Hubei Provincial) කෞටුකාගාරය අතර සහයෝගිතා යන කරුණු එම අවබෝධතා එකඟතා පහට ඇතුලත්ව ඇත.
පිටපත: චින උපායමාර්ග කටයුතු විශ්ලේෂක, ආචාරය. රූප නාරායන් දාස් ගෙන්
Comments
Post a Comment