පාර්ලිමේන්තු සතිය

පාර්ලිමේන්තු ලෝක් සභාවට (LokSabhaha) නවදිල්ලි ජාත්‍යන්තර ආරවුල් විසඳා ගැනිම සම්බන්ධ පනත, 2019, (New Delhi International Arbitration Centre Bill, 2019) සම්මත කරගැනිමට හැකි විය. මෙම පනතින් නවදිල්ලි ජාත්‍යන්තර ආරවුල් විසඳා ගැනිම සම්බන්ධ මධ්‍යස්ථානයක් ගොඩනගා ගැනිමට අවශ්ථාව ලබාදෙමින්ම එය ජාතික අයතනයක ලෙසට ප්‍රකාශයට කරමින් ආරවුල් විසඳා ගැනිමේ අතිශය වැදගත් කේන්ද්‍රස්ථානයක් ලෙසට තවදුරටත් ඉහල නංවා ගැනිමටත් අවශ්ථාව ගෙනදි ඇත.පාර්ලිමේන්තු ලොක් සභාවේහි බදාදා පවත්වන ලද ඊට අදාල විවාදයේහි තම ප්‍රතිචාරය දක්වමින් නිති කටයුතු අමාත්‍ය රවිසංකර් ප්‍රසාද් මහතා, රට ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ආරවුල් විසඳා ගැනිමේ කේන්ද්‍රස්ථානයක් ගෙසින් ගොනගා ගැනිමට රජය අපෙක්ෂා කරනා බව යැයි පෙන්වාදි ඇත.

පාර්ලිමෙන්තු සභාග දෙකේ පාකිස්තානය සිට ආනයන කරන මෙන්ම අපනයන කරන භාණ්ඩ වලට සියයට 200 න් අයබද්දක් පැනවිමට රැගත් ව්‍යවස්ථාදායානු යෝජනාවත් පිළිරැගෙන ඇත. සභාග දෙකේ සංශෝදිත first Schedule of Custom Tariff Act පනතත් සම්මත කරගැනිමට හැකිවිය. ඉස්ලාමාබාදය සිට අපනයන කරන භාණ්ඩ සඳහා අයකරන සියයට 200 ක මූලික අයබද්ද මෙම වසර පෙබරවාරි 16 දා සිට බල පවත්වන විධියෙන් ක්‍රියාත්මක කරගෙන යාමට නවදිල්ලිය නිර්දේශ කොට ඇත. මුදල් කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාග් ථකුරු විසින් එම යෝජනාවට සභාග දෙකට ඉදිරිපත් කොට ඇත.

කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා යන අංශ වල අභිවෘද්ධියට රජය කැපවි කටයුතු කරගෙන යන බව මුදල් කටයුතු අමාත්‍ය නිර්මලා සිතාරමන් මහත්මිය ප්‍රකාශ කොට ඇත. මහජනන වැය සම්බන්ධ සැක නොතකමින් ඊට යොදවාගෙන යන අරමුදල තවදුරටත් ශක්තිමත් කරගැනිමට රජය කැපවි සිටින බව ඇය තවදුරටත් පෙන්වා දුන්නාය. පාර්ලිමේන්තු ලෝක් සභාවේහි පසුගිය බදාදා මධ්‍ය රජයේ 2019-20 මහ අයවැය සම්බන්ධයෙන් වු විවාදයට සම්බන්ධ වෙමින් ඇය මහ අයවැයෙන් ප්‍රකාශයට පත්කරවන ලද යෝජනා මගින් රටට පරිවර්තනයක් සිදුකර දිමටත් අවශ්ථාව ගෙනදෙන බවයැයි සඳහන් කොට ඇත. තාවකාලික අයවැයෙන් දැක්වු සියයට 3.4 න් යුත් මුල්‍ය ශේෂයට එරහිව මධ්‍ය රජය එය සියයට 3.3 ක් ලෙසින් රඳවා තබා ගැනිමට රජය ඉලක්ක කරන බව යැයි ඇය තවදුරටත් පෙන්වාදි ඇත.

පාර්ලිමේන්තු ලෝකසභාවේහි ජම්මු සහ කාශ්මිරයේ සිදුකෙරෙන නිති විරෝධි අන්තර් දේශසිමා කඩා වැදිම් සිද්ධින් සම්බන්ධව පසුගිය අඟහරුවාදා සැසියට සහභාගි වෙමින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජි.කිෂන් රෙඩ්ඩි මහතා, 2018 වසර සිදුවුනු නිති විරෝධි කඩා වැදිම් සිදුවිම් හා සසඳා බලනවිට 2019 වසර ප්‍රථම භාගයේ එවැනි සිදුවිම් සියයට 43 පහත වැටිමක් සිදුවි තිබෙන බව යැයි සඳහන් කර ඇත. ප්‍රදේශයේ සිදුවුනු ත්‍රස්තවාද සිදුවිම් සියයට 28 න් පහත් වැටුනු බව අනාවරණය කල ඔහු, එම වසරේ ප්‍රදේශයේ තරුණයින් ත්‍රස්තවාදයට බඳවා ගැනිමේ සිද්ධිනුත් සියයට 40 න් පහත වැටී ගිය බව යැයි තවදුරටත් පෙන්වාදි ඇත. පාර්ලිමේන්තු රාජ්‍ය සභාවේ පසුගිය සඳුදින පවත්වන ලද විවාදයේදි ලිඛිත ප්‍රකාශයක් පිරිනමමින් ආරක්ෂක කටයුතු රාජ්‍ය අමාතය ශ්‍රිපද් මහතා, පසුගිය වසර ඉන්දු - පාකිස්තාන දේශසිමාව දිගේ සිදුවුනු සටන් විරාම උල්ලංගණ වාර 1629 ට එරහිව 2019 වසර ජුනි මාසය තෙක් සටන් විරාම උල්ංගණ වාර 1299 ක් සිදුවි තිබුනු යැයි පෙන්වාදි ඇත.

අනතුරුව ඉන්දිය 'ගගන්යාන් ව්‍යාපෘතිය' (Gaganyaan project) ගැන ප්‍රකාශයක් පිරිනැමු පරමාණු බලශක්ති කටයතු රාජ්‍ය අමාත්‍ය ආචාර්‍ය. ජිතේන්ද්‍ර සිං මහතා, ඉන්දිය 75 වන නිදහස් දිනයට පෙර හෝ ඊට කලින් එය සැබෑව ක්‍රියාත්මක කරගැනිමට යන බවයැයි අනාවරණය කර ඇත. ඊට අදාල තාක්ෂණික සැළසුම් මුළුමණින්ම අංගසම්පුර්ණ කොට හමාර යැයි ඔහු තවදුරටත් පෙන්වාදි ඇත. ඊට සම්බන්ධ විමට යන ගගනගාමින්ගේ පුහුණු කටයුතු සහ ක්‍රායෝජනික් එන්ජිමේ අත්හදා බැලිම් කටයුතුත් ආරඹ කොට හමාර බව ඔහු තවදුරටත් පෙන්වාදි ඇත. පාර්ලිමේන්තු රාජ්‍ය සභාවේ පසුගිය බ්‍රහස්පතින්දා සැසියේදි එම කාරණය ලිඛිතව තවදුරටත් පැහැදිළි කල රාජ්‍ය අමාත්‍ය වරයා, එම ව්‍යාපෘතිය විධිමත්ව ක්‍රියාත්මක කරගැනිමට රජය විවිධ අධ්‍යයන ආයතන සහ කාර්මික ආයතන වල සාමාජිකයන්ගෙන් සමන්විත 'ගගන්යාන් ජාතික උපදේශණ මණ්ඩලයකුත්' (aGaganyaan National Advisory Council) ගොඩනගාගත් බව යැයි පෙන්වාදි ඇත.

බැංකු ගිනුම් සහ මොබයිල් දුරකථන සේවා පහසුකම් ලබා ගැනිමට 'ආධාර' (Aadhaar) හැඳුනුම් අංක සහිත අනන්‍යතා පත්‍රයත් ස්වේච්ජාවෙන් භාවිතා කලහැකි බව යන යෝජනාව පාර්ලිමේන්තුවේහි සම්මත කරගැනිමටත් හැකි විය. එම කාරණය ගැන තවදුරටත් පැහැදිළි කල නිති කටයුතු අමාත්‍ය රවිසංකර් ප්‍රසාද් මහතා, රජය නුදුරු දිනකදිම දත්තා ආරක්ෂා කරගැනිම සම්බන්ධ ශක්තියක් පනතක් (Data Protection Act) පාර්ලමේන්තුවට ඉදිරිපත් කිරිමට යන බව යැයි පෙන්වාදි ඇත. මුළු ලෝකයාම ඉන්දිය දත්තා සුරක්ෂා විධින් ගැන සැළකිල්ල දිගෙන යන බව ඔහු තවදුරටත් පැහැදිළි කොට ඇත. ඉන්දියාව සෑම ක්ෂේත්‍රයක්ම අන්තර්ගතවු පරිවර්තනයකට සහ බලය පැවරිමකට පියවර තබාගෙන යන බව ප්‍රසාද් මහතා තවදුරටත් පෙන්වදි ඇත. 'ආධාර' (Aadhaar) සමබන්ධව සහ අනිකුත් නීති රීතින් උල්ලංගණය කරන පිරිසට සම්බන්ධයෙන් වන පනතින් රුපියල කෝටියක දඩයක් නියම කරමින් සිර දඬුවට පවා මැදිවිමට සිදුව විධියෙන් සංශෝධිත පනතථ 2019 න් බලයක් ලබාදි තිබෙන බව යැයි ඔහු තවදුරටත් පැහැදිළි කොට ඇත. 'ආධාර' (Aadhaar) හැඳුනුම් අංකය අයථාභාවිතයෙන් මුදවා ගැනිමට එවැනි දැඩි නීතියක් ක්‍රියාත්මක කරගැනිමට යන ඉන්දිටයාව එම හැඳුනුම ස්වේච්ජාවෙන් ඉදිරිපත් කිරිමට අවශ්ථාව ලබාදි ඇත. කිසිවෙකුට වුවද එම සුවිශේෂ පෞද්ගලික හැඳුනුම් අංකය බලයෙන් ලබාගැනිමට ප්‍රයත්නයන්හි නිරතවිම මුළුමණින්ම බැහැර කොට ඇත.

පාර්ලිමේන්තුවේ සභාග දෙකේත් කර්නාතක ප්‍රාන්තයට මැදිවිමට සිදුවුනු දේශපාලන අර්බුදය විවෘතව දක්නට ලැබුනි. විපක්ෂ කණ්ඩායම් එම විෂය ගාවාගනිමින් පාර්ලිමේන්තු කටයුත වලට නොකඩවාම බාධා කිරිම් සිදුකොට ඇත. මෙම කලබල සහ විරෝධතා මධ්‍යයේ විපක්ෂයේ චෝදනා බැහැර කරමින් මධ්‍ය රජයේ ආරක්ෂක කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා මධ්‍ය රජය කර්නාතක ප්‍රාන්තයේ දේශපාලන අවුලට කිසිසේත්ම ගෑවි නොසිටින බව යැයි පෙන්වාදි ඇත.


පිටපත: ජනමාධ්‍යවේදි, වි මෝහන් රාඕ නේ

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ