පසුගිය පාර්ලිමේන්තු සතිය

ජනාධිපති රාම්නාත් කෝවින්ද්, උප ජනාධිපති එම්.වෙන්කයියා නයිදු සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සාර්ථක චන්ද්‍රයාන් - 2 මෙහෙවරය සම්බන්ධයෙන් ඉන්දිය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානයේ කාර්‍යමණ්ලිය සාමාජිකයින් පිරිසට ඔවුන්ගේ සුභාසිංසණය පුදකිරිම සිදුකොට ඇත. එම ඓතිහාසික ප්‍රක්ෂේපණය සෑම ඉන්දියානුවෙකුටම ආඩම්බර ගෙනදෙන දෙයක් බව යැයි පෙන්වා දෙමින් කෝවින්ද් මහතා, එයින් නව ගවේෂණයන්ට යොමු කරවමින් දැනුම වඩවාලිමටද අතිශයෙන් ආධාරකාරි වන බව තවදුරටත් සඳහන් කොට ඇත. චන්ද්‍රයාන් - 2 සාර්ථක ලෙසින් ගොඩබැස්විමකින් ඉන්දියාවටද එවැනි හපන්කමක් සිදුකල සතරවන රට බවට පත්විමට අවශ්ථාව ගෙනදෙන බව උප ජනාධිපති නයිදු ප්‍රකාශ කොට ඇත. අග්‍රාමාත්‍ය වරයාත් තම පණිවිඩයෙන් ඉන්දිය අභ්‍යාවකාශ විද්‍යාඥයින් පිරිසගේ උත්සාහයන්ට අතිශය අගය කිරිම සිදුකරමින් ඔවුන්ගේ එම ආත්මවිශ්වාසය සහ හැකියාව මුළු ජාතියටම අගනා ආදර්ශයක් යැයි පෙන්වාදි ඇත.

පසුගිය පාර්ලිමේන්තු රාජ්‍ය සභා සැසියේහි ඉන්දියාව සහ පාකිස්තානය අතරේ ප්‍රශ්ණ ගැන කෙටි ප්‍රකාශයක් පිරිනමිමන් ඉන්දිය විදේශ කටයතු අමාත්‍ය ආචාර්‍ය.එස්.ජයිශංකර්, දෙපාර්ශ්වයේ සෑම ප්‍රශ්ණයක්ම ද්විපාර්ශ්වික මට්ටමින් පමණක් සාකච්ජා කෙරෙන බව අවධාරණය කොට ඇත. අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි කාශ්මිර ප්‍රශ්ණයට මැදිහත් වන ලෙසින් තමන්ගෙන් ඉල්ලා තිබුනු බවත් යැයි සඳහන් කරමින් එක්සත් ජනපද ජනාධිපති වරයා කල කථාව ගැන තම පැහැදිළි කිරිම සිදුකරමින් ජයිශංකර් මහතා අග්‍රාමාත්‍ය වරයා එවැනි ඉල්ලිමක් සිදුකොට නොතිබුනු තවදුරටත් පෙන්වාදි ඇත. ඉසලාමාබාදයත් සමගින් පවත්නා සෑම ප්‍රශ්ණයක්ම ද්විපාර්ශ්විකව විසඳා ගැනිම නවදිල්ලියේ ස්ථාවර පිලිවෙතක් බව ඔහු තවදුරටත් පෙන්වාදි ඇත. පාකිස්තානය සමගින් පවත්වන සෑම සාකච්ජාවක් අවශානයේදි අන්තර් දේශසිමා ත්‍රස්තවාදයෙන්ම අවශන් වියයුතු අතරට අනිත් අතට සිම්ලා ගිවිසුමින් සහ ලහෝර් ප්‍රකාශණයෙන් සෑම ප්‍රශ්ණයක්ම ද්විපාර්ශ්වික මට්ටමින් සාකච්ජා කොට විසඳා ගැනිමට අසල්වැසි රටවල් දෙකට අගනා මාර්ගය ලබාදි තිබෙන බව ඔහු තවදුරටත් සඳහන් කොට ඇත. එම ප්‍රකාශණයෙන් සෑහිමට පත්නොවුනු විපක්ෂ කණ්ඩායම් වල සාමාජිකයෝ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ප්‍රකාශණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය වරයා ප්‍රකාශයක් පිනැමිය යුතුයැයි පෙන්වාදි ඇත. විපක්ෂ කණ්ඩායම් වල සාමාජිකයෝ පාර්ලිමේන්තු ලෝක් සභාවේත් එම ප්‍රශ්ණයම මතුකොට ඇත. 

පාර්ලිමේන්තු ලොක් සභාවේහි එම විෂයට තම ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං, කාශ්මිර ප්‍රශ්ණයට තුන්වන කණ්ඩායමකගේ මැදිහත්විමක් කිසිසේත්ම අපෙක්ෂා නොකරන බවත් එවැනි දෙයක් සිදුවුවහොත් එය සිම්ලා එකඟතාවයට එරහිවිමක් බව යැයි තවදුරටත් පැහැදිළි කොට ඇත. ඔසාකාහි පසුගිය මස සිදුවුනු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හමුවේදි එවැනි දෙයක් සාකච්ජා කොට නොතිබුනු යැයි විදේශ කටයතු අමාත්‍ය ජයිශංකර් සබාබවට පැහැදිළිව ප්‍රකාශ කල බව සිං මහතා තවදුරටත් පෙන්වාදි ඇත. නායකයින් දෙනොගේ එම හමුවේදි ජයිශංකර් මහතා සම්බන්ධවි සිටිය බව ඔහු තවදුරටත් සඳහන් කර ඇත. පාකිස්තානය සමගින් පවත්වන ඕනෑම වර්ගයේ සාකච්ජාවක හුදු කාශ්මිරය සීමා නොකෙරෙන බවත් පාකිස්තානය බලයෙන් පාලන කරගෙන යන කාශ්මිර කොටසත් (Pak-occupied Kashmir) ඊට ඇතුලත් වන බව ආරක්ෂක කටයතු අමාත්‍ය වරයා තවදුරටත් පෙන්වාදි ඇත. 

ලෝක් සභාවට කොංග්‍රස් පක්ෂය ප්‍රධානත්වයෙන්යුත් විපක්ෂ බලවේගයේ දැඩි විරෝධතා සහ සභා ගැබෙන් ඉවත්ව යාම් වැනි සිදුවිම් මධ්‍යයේ (සංශොදිත) 2019, නීති විරෝධි කටයතු (වලක්වා ගැනිමේ) පනත, සම්මත තරගැනිමට හැකිවිය. එම පනත සම්බන්ධයෙන්වු විවාදයේදි තම ප්‍රතිචාර දක්වමින් ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාහ්, ත්‍රස්තවාද කාර්‍යන්හි නිරතවුනු සහ සම්බන්ධවුනු මෙන්ම ත්‍රස්තවාද කාර්‍යන්ට සුදානම්වුනු සහ ත්‍රස්තවාද කාර්‍යන් දිරිගෙන්වු පුද්ගලයින්ව ත්‍රස්තවාදින් ලෙසට හංවඩු ගැසිමට එම නීතියෙන් අවශ්ථාව ගෙනදෙන බව යැයි පෙන්වාදි ඇත. ඊට අමතරව එම නීතියෙන් NIA හෙවත් ජාතික අපරාධ පරික්ෂණ ඒජන්සියට (National Investigation Agency) ත්‍රස්තවාද කාර්‍යන්හි නිරතවුනු චූදිතයින්ගේ දේපොල් නිශ්ක්‍රියකොට දෙමිමට සහ ඊට අදාල පරික්ෂණ දියත් කරගෙන යාමටත් බලය පැවරෙන බව ඔහු පාර්ලිමේන්තු සභිකයින්ට තවදුරටත් පෙන්වාදි ඇත. 

පාර්ලිමේන්තු රාජ්‍ය සභාවට බාල ළමුන්ව මැදිවිමට සිදුවන (සංශෝදිත) 2019 වසර ලිංගිකමය අතවර මගින් මුදවා ගෙනිම පනත (Protection of Children from Sexual Offences (Amendment) Bill, 2019), සම්ම්ත කරගැනිමට හැකිවිය. කුඩා ළමුන්ට එරහිව සිදුකෙරෙන ලිංගිකමය අපරාධ සහ එවැනි අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින්ට මරණ වැනි බරපතල දඬුවම් ලබාදිමට අදාල බලධාරින්ට එම පනතින් බලය පවරාදි ඇත. එම පනත සම්බන්ධයෙන් පවත්වන ලද විවාදයේහි තම ප්‍රතිචාර දක්වමින් කාන්තා සහ ළමා සංවර්ධන කටයුතු අමාත්‍ය, ස්මෘති ජුබින් ඉරානි අතරමැද ඇනහිටුනු නඩුහබ අප්‍රමාදව ඉදිරියට ගෙනයාමට fast track අධිකරණ 1023 ක් හඳුන්වාදි තිබුනු බව පෙන්වාදි ඇත. 

ලොක් සභාවට, 2019 වසර, මුස්ලිම් කාන්තා (විවාහ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනිමේ) පනත හෙවත් 'ත්‍රිත්ව තලාග් පනත' (Triple Talaq Bill) පාර්ලිමේන්තු සභිකයින්ගේ වාචික ඡන්ද ප්‍රකාශයකින් සම්මත කරගැනිමට හැකිවිය. එම පනත සම්බන්ධයෙන්වු විවාදයට සහභාගි වෙමින් මධ්‍ය රජයේ නීති කටයතු අමාත්‍ය රවිශංකර් ප්‍රසාද්, 2017 වසර ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දුව යටතේත් එම චාරිත්‍රය මුළු රටපුරාම නොකඩවාම පවත්වාගෙන පැමිණි තිබුනු බවත් ඒ නිසාම එය තහනමට ලක්කර දියයුතු යැයි අවධාරණය කොට ඇත. රටේ විවිධ පලාත් වල දැනුනුත් එම චාරිත්‍රය අනුගමනය කරගෙන යන බව අමාත්‍ය වරයා තවදුරටත් පෙන්වාදි ඇත. ඊට අදාල සිදුවිම් ගණනාවක් වාර්තාවි තබුනු බව ඔහු සඳහන් කර ඇත. එම පනත කිසිදු සමාජයකට හෝ ආගමකට එරහිව හඳුන්වා නොදුන් බව ඔහු පැහැදිළි කලේය. මුස්ලිම් කාන්තාවන්ට යුක්තිය, සමානාත්මතාවය සහ ආත්මගරුත්වය ලැබෙන්නට සැළස්විම එම පනතේ ඉලක්කය බව නීති කටයුතු අමාත්‍ය වරයා තවදුරටත් පෙන්වාදි ඇත. රටවල් ගණනාවක් 'ත්‍රිත්ව තලාග්' චාරිත්‍රය බැහැර කර තිබෙන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කොට ඇත. 


පිටපත: ජනමාධ්‍යවේදි, වි.මොහන් රාඕ ගෙන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ