ට්‍රම්ප් නැවත වරක් ඇදහිය නොහැකි දෙයක් කරයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රමප් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සමගින් පවත්වන ලද හමුවේදි කාශ්මිර ප්‍රශ්ණයට මැදිහත් වෙමින් එම ප්‍රශ්ණයට මැදිහත් කරුවෙක් ලෙසින් කටයුතු කිරිමකට අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තමන්ගෙන් ඉල්ලා තිබුනු බව යැයි ඔහු ප්‍රකාශ කොට ඇත. කෙසේ නමුදු, එය කථාන්තරයේ අඩක් වන අතරට එක්සත් ජනපදය සහ පාකිස්තානය අතර ගෙනයන උපායමාර්ග සාකච්ජාවල් ගැන ඉන්දියාව වඩාත් සැළකිල්ලකින් පසුවියයුතුව ඇත. අනතුරුව එම ප්‍රකාශය ගැන පැහැදිලි කිරිමක් පිරිනමන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, කාශ්මිර ප්‍රශ්ණයට මැදිහත් විමකට එකස්ත් ජනපදය කිසිසේත් අපෙක්ෂා නොකරන බවත් ප්‍රකාශ කරමින් අනිත් අතට එය ඉන්දියාව සහ පාකිස්තානයේ ද්විපාර්ශ්වික ප්‍රශ්ණයක් ලෙසින් තවදුරටත් පෙන්වාදි ඇත.

එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට තම ප්‍රතිචාරය දක්වමින් ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්‍ය.එස්.ජයිශංකර්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇමරිකානු ජනාධිපති වරයාට එවැනි ඉල්ලිමක් සිදු කොට නොතිබුනු යැයි පැහැදිළි කොට ඇත.

ඉන්දිය අග්‍රාමාත්‍ය වරයා මෑතදි පවත්වන ලද පාර්ලමේන්තු මහ මැතිවරණයෙන් අතිවිශාල ජනවරක සමගින් ලද ජයග්‍රහණයත් සමගින් එකසත් ජනපද ජනාධිපති වරයා සහ අග්‍රාමාත්‍ය මෝදි අතර ජපානයේ ඔසාකාහි පසුගිය මස පවත්වන ලද G20 ශිඛර සමුළුව අතරවාරයේදි හමුවක් සිදුවිය. නායකයින් දෙදෙනා වොෂින්ටන් ඩිසිහි පැවැත්විමට යන එකසත් ජාතින්ගේ සංවිධානයේ මහ සැසිය මධ්‍යයේදිත් හමුවිමට අපෙක්ක්ෂා කරති. ජනාධිපති ට්‍රමප් නුදුරු දිනකදිම ද්විපාර්ශ්වික සංවාදයකට සහභාගිවිමට ඉන්දියාවට පැමිණිමට නියමිතය. දෙපාර්ශ්වයේ ගනුදෙනු අතිශය ඉහල මට්ටමකට පැමිණි තිබෙන මොහොතක මෙන්ම අතිශය සංවේදිය විෂයන් ගණනාවක් සාකච්ජා කිරිමට තිබියදි සිදුවුනු ජනාධිපති ට්‍රම්ප්ගේ එම නොමනා ප්‍රකාශණයෙන් දෙරට අතරට තරමක විවාදාත්මක පසුබිමක් මතුවඇත.

එකසත් ජනපදය ජුලි මස මුල් සතියේදි එක පැත්තකින් ඉන්දියාවට “නැටෝ මිත්‍ර රාජ්‍යයක හා සමාන තැනක්” (NATO like ally) පරිනැමිමේ යෝජනාවක් සම්මත කරගෙන සිටින ගමන්ම තවත් පැත්තකින් ඇෆගනිස්තානයට අදාල කලාපිය ප්‍රශ්ණ ගැන උපදේෂණ මට්ටමින් කරුණු හදාරගෙන යාම සිදු කරගෙන යයි. දෙරට ආරක්ෂක අංශයට අදාල කොන්ත්‍රත්තු ගණනාවකටත් අවශාන නිගමන වලට බැසගැනිමට නියමිතව ඇත. මෙවැනි පසුබිමකදි මෙන්ම කාශ්මිර ප්‍රශ්ණය ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් දෙකේ ද්විපාර්ශ්වික ප්‍රශ්ණයක් වග යන්න ගැන නිවරදි දැනුමක් තිබියදිත් මේ දක්වා එක්සත් ජනපදයේහි බලයට හොබවු සැම ජනාධිපති වරයෙකුම ඊට අතගැසිමට දක්වන කැමැත්ත දැක්විම සැබැවින්ම ඉනවදිල්ලියට අරුම දැයක්ද නොවේ.

එම සන්දර්භය යටතේ සාම්ප්‍රදායි රාජ්‍යතාන්ත්‍රික පිලිවෙත් එක්සත් ජනපදයට ඒ තරම්ම වැදගත් නොවිම පැහැදිළිව දක්නට ලැබේ. ඉන්දියාව සෑම විටකදිම කාශ්මිර ප්‍රශ්ණය 1972 වසර ගිවිසගත් :සිම්ලා එකඟතාවය' (Shimla Accord) යටතේ ද්විපර්ශ්වික මට්ටමින් කාශ්මිර ප්‍රශ්ණය විසඳා ගැනිමේ ස්ථාවර පිලවෙතකට එළඹි සිටින අතර ඊට තුන්වන බලවේගයක් එක්විම මුළුමණින්ම බැහැර කරයි. 1971 යුද්ධයේදි පාකිස්තානය පරාජයට පත්විමත් සමගින් හරියටම සතියකින් අනතුරුව ඉන්දියාව එම ගිවිසුම ඉදිරිපත් කොට තිබුනි.

පාකිස්තානය එතැන් පටන් එම ප්‍රශ්ණයට තුන්වැනි රටක මැදිහත් විමේ යෝජනා ඉදිරිපත් කිරමේ රාජ්‍යතාන්ත්‍රික පිලිවෙතක් ගෙනයාම මුලපුරා ඇත. ඉන්දියාව මෙවරත් තම ස්ථාවර පිලිවෙත නොකඩවාම ප්‍රකාශ කරමින් ද්විපාර්ශ්වික මගකින් තොරව ඊට තුන්වන රටක මැදිහත්විම මුළුමණින්ම බැහැර කිරිම සිදුකොට ඇත.

එක්සත් ජනපදයේ ඒ සෑම ප්‍රයත්නයකින්ම දැක්වෙන්නේ දකුණු ආසියා කලාපයේ ඉන්දියාවේ ශක්තිය සමබරව රඳවා තබා ගැනිමට ඉස්ලාමාබාදය ඉත්තෙක් ලෙසින් යොදවා ගැනිමට යාමක්වේ. ඇෆ්ගනිස්තානයේ දශක දෙකක පමණ දිගු අසාර්ථක යුද්ධයත් සමගින් එයින් කිසිදු උපායමාර්ග වාසින් දිනා ගැනිමට නොහැකි එයින් මිදිමට සැරසෙන එකසත් ජනපදය දැන් නැවත වරක් ඉස්ලාමාදය සමගින් අත්වැල් බැඳ ගැනිමට මාන බලයි. එක්සත් ජනපදය එයින් නොනැවති ඊට අදාල වගකිම් රැසක් ඉස්ලාමාදයට පැවරිමට සැරසෙමින් සිටි. ඇෆ්ගනිස්තානයෙන් ඉවත්විමට යන එක්සත් ජනපදය අනතුරුව එය ඉස්ලාමාබාදයට බාර දිමට සැරසෙන විධියද දක්නට ලැබේ.

කාශ්මිරය සම්බන්ධයෙන් එකසත් ජනපද ජනාධිපති වරයා දැක්වු ප්‍රකාශණයට කාගෙත් අවධානය යොමුවුනු නමුදු එකසත් ජනපදය සහ පාකිස්තානය තවත් පැත්තකින් මාස ගණනාවක සිට සෑහෙන සංකිර්ණාත්මක සාකච්ජා සහ ගනුදෙනු පවත්වාගෙන යාම සිදුකරගෙන ගොස් ඇත. එක්සත් ජනපදයට ඕනෑ විධියෙන් කටයුතු කිරිම ආරඹ කරමින් පාකිස්තානය හෆිස් සයිද් වැනි තම භූමිවල ගෙවසෙන ත්‍රස්තවාදින්ව අත් අඩංගුවට ගැනිමද සිදුකොට ඇත. එකසත් ජනපදයටත් අවශ්‍ය වුයේ තමන්ට ඕනෑ විධියෙන් ඉස්ලාමාබාදය හසුරුවා ගැනිමය. එක්සත් ජනපදයට මෙවැනි පිලිවෙතකින් තම ආසියා පිලිවෙත් නැවත සමබර කරගැනිමට අපෙක්ෂා කරයි. ඉම්රාන් ඛාන් මහතා තම එකසත් ජනපද චාරිකාව නිමාවට පත්කරමින් සිය රටට ආපසු ගොඩබැස්ස විගස ඉදිරියේදි සිදුවිය හැකි දේවලුත් වාවෘතව දැක ගත හැකිය.

ඇමරිකානු ජනාධිපති වරයාගේ තරමක අසම්මත රාජ්‍යතාන්ත්‍රික පිලිවෙත් සහ මේතෙක් ඔහු සිදු කොට තිබුනු ගනුදෙනුනු මගින්ම විහේෂයෙන්ම න්‍යෂ්ටික විෂයන්ට ඔහු දක්වන සැළකිල්ල විහිදා දැක්වේ. ඔහුගේ ඒ සැම ජාත්‍යන්තර කාර්‍යක්ම ඉතිහාසය නැවත ලිවිමක් සිදුව ඇත. ඉන්දු - එකසත් ජනපද සම්බන්ධතා වලත් ඉන්දිය භෞමිය අඛණ්ඩතා වලට හානි සිදු නොකෙරෙන විධියෙන් කටයුතු කිරිමට වොෂින්ටනය මාන බලමින් සිටියි. විදේශ පිලිවෙත් මනා සංයමයකින් සිදුකරගෙන යායුතු දැයක් වන අතරට නොරිස්සුමකින් එය ගෙනයා නොහැකි බව යන යතාර්ථයත් වොෂින්ටනයට නිසි දැනුමක් ඇත. අඛණ්ඩ ඉන්දිය සැම රජයක්ම කාශ්මිර ප්‍රශ්ණය සම්බන්ධයෙන් ඒ සුපුරුදු ස්ථාවර පිලිවෙත්ම ක්‍රියාත්මක කරගෙන ගිය අතරට තුන්වැනි රටක් ඊට සම්බන්ධවිම මුළුමණින්ම බැහැර කරයි.

පිටපත: the HINDU පුවත් අයාතනයේ ජ්‍යෙෂ්ඨ වාර්තාකාර, කල්ලොල් භත්තාචාර්‍ය

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

නව රජය ගොවියන්ගේ සුබසාධනයට සැළකිල්ල යොමු කරයි

ඉන්දියාව සහ ඕමානය උපායමාර්ගික සබඳතා ශක්තිමත් කරගනිති