ඔසාකාහි සිදු කෙරුනු ඉන්දු - එකසත් ජනපද සංවාදය

දින තුනක් තිස්සේ ඔසාකාහි පැවැත්වුනු ජි 20 ශිඛර සමුළුව (G20 Osaka Summit) අතරතුර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, (ඔස්ට්‍රේලියාව, බ්‍රසිලය, ජර්මනිය,ඉන්දුනිසියාව,ජපානය,දකුණු කොරියාව, සව්දි අරාබියා, තුර්කි සහ එක්සත් ජනපදය යන රටවල් සමගින්) ද්විපාර්ශ්වික මට්ටමින් හමුවිම් නවයකුත් ඒ සමගින් (ජපානය, ඉන්දියාව සහ එක්සත් ජනපදය යන රටවල් තුන සහ රුසියාව,ඉන්දියාව සහ චිනය යන රටවල් තුන සමගින්) ත්‍රෛපාර්ශ්වික මට්ටමින් හමුවිම් දෙකක් සහ   BRICS කවයේ නායකයින් සමගින් අනියමිත හමුවිකුත් පැවැත්විය. ගෝලිය ආර්ථිකය, වෙළඳාම් සහ භෞගෝලිය - දේශපාලනමය අන්තර් සම්බන්ධතා සහ අන්ණ්‍යෝන්‍යායත්තතාවය ජි 20 ශිඛර සමුළුවේ න්‍යාය පත්තරය යටතේ අතිශය ප්‍රමුඛත්වය ලබාදිම සිදුව ඇත. ඉන්දු - එක්සත් ජනපද සාකච්ජාවන්හි වෙළඳාමය වැඩියෙන්ම ප්‍රමුඛත්වය ලබාදුන් විෂය විය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ට්‍රම්ප් අතර පැවැත්වු ද්විපාර්ශ්වික මට්ටමේ හමුවිමේදිත් වෙළඳාම් වලට අදාල ප්‍රශ්ණ වලට ප්‍රමුඛත්වය ලබාදිම සිදුව ඇත.
ජි 20 ශිඛර සමුළුවෙන් ලද වැදගත්ම ප්‍රතිඵලය චීනය සහ එක්සත් ජනපදය අතර මතුවුනු වෙළඳ යුද්ධය තරමකින් හෝ සමථයකට පත්කර ගැනිමට හැකිවිමය. ඉන්දියාව අනිත් අතට එක්සත් ජනපදය සහ තම අතර මතුවි තිබෙන අයුබදු ක්ෂේත්‍රයේ පරතරය ගැන ගනුදෙනු පවත්වාගෙන යමින්ම දෙපාර්ශ්වයේ වෙළඳ පරතරය මග හරවා ගැනිමට එක්සත් ජනපදය සහ චින ගෙනයන ගනුදෙනු ගැන මනා සෝදිසියකින් පසුවුවාය. ඉන්දිය ඉහල තිරුබදු පිලිවෙතට විවේචන එල්ල කරන ජනාධිපති ට්‍රම්ප් නවදිල්ලිය තම වෙළඳ පරතරය පහත දමා ගතයුතු යැයි පෙන්වාදි ඇත. ඉන්දියාව තම නම එක්සත් ජනපදයේ වඩාත් ප්‍රියතම භාණ්ඩ නාම ලයිස්තුවෙන් ඉවත් කොට දෙමිම නිසා ඊට එරහිව ප්‍රතිචාර දක්වමින් එකසත් ජනපදය අපනයන කරන ඇල්මොන්ද්, වියලි ධාන්‍ය සහ ඇට ආහාර, වොල්නට්ස් ඇතුළුව තවත් භාණ්ඩ වර්ග 28 ට එරහිව තිරිබදු ඉහල නැංවිම සිදුකොට ඇත. ඉන් නොනැවතුනු ඉන්දියාව වානේ සහ ඇළුමිනියම් සම්බන්ධයෙන් ලෝක වෙළඳ සංවිධානයේ (WTO) අර්බුද නිරාකරණ යාන්ත්‍රනය (dispute settlement mechanism) යටතේ දුක් ගෙනිවිලි ඉදිරිපත් කොට ඇත. ජි 20 ශිඛර සමුළුවට පෙර සිදුවුනු එකසත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝගේ කෙටි ඉන්දිය සංචාරය අතරතුරද ඉන්දියාව එම ප්‍රශ්ණය මතු කොට තිබුනාය. නුදුරු දිනකදිම සිදුවිමට නියමිත එකසත් ජනපද ඉන්දිය වෙළඳ කටයුතු අමාත්‍ය වරුන් දෙදෙනාගේ හමුවිමේදි එම විෂය ගැන අවශාන නිගමනයකට බැසගැනිමට නවදිල්ලිය සහ වොෂින්ටනය තවදුරටත් අපෙක්ෂා කරයි. 
ඉන්දිය අග්‍රාමාත්‍ය වරයා සහ එක්සත් ජනපද ජනාධිපති වරයා අතර පැවැත්වු සාකච්ජාවන්හි වෙළඳාමය හැරුනු විට, 5-G තාක්ෂණය, ආරක්ෂක සම්බන්ධතා සහ ඉරානය ගැනත් සැළකිල්ල දැක්විම සිදුව ඇත. ඉරානය සම්බන්ධයෙන් ඉන්දිය ආකල්පය පර්සියන් ගල්ෆ් කලාපයේ ස්ථාවරත්වයට සහ සාමය වේ. කෙසේ නමුදු දැන් කලාපයේහි මතුවි ඇති නොසන්සුන්තා යටතේ ඉන්දිය නිව්කා වලට නිදහසේ යාත්‍රා කිරිම සහතික කිරිමට ඉන්දිය නාවික හමුදාව එම සාගර කලාපයට පිටත් කොට යෙවිම අත්‍යාවශ්‍ය දැයක් වි ඇත. ඉන්දියාව රැගත් එම පියවරට අතිශයෙන් අගය කරන එක්සත් ජනපදය ඉන්දියාවට කරන තෙල් සැපයුම් වලට කිසිදු බාධා එල්ල නොකෙරෙන බව යැයි තවදුරටත් සඳහන් කොට ඇත. 
5-G තාක්ෂණය ඉන්දු - එක්සත් ජනපද සාකච්ජාවන්හි සැබැවින්ම සෑහෙන්න ප්‍රමුඛත්වය ලබදිම සිදුව ඇත. එකසත් ජනපදය Huawei සමාගම සමගින් ගනුදෙනු පැවැත්විමට ඇමරිකානු සමාගම් වලට නැවත ඉඩ ලබාදි ඇත. ඉන්දියාව 5-G තාක්ෂණය ගැන සෑහෙන්න සැළකිල්ල දැක්වුවද සුරක්ෂාව සම්බන්ධයෙන් එක්සත් ජනපදය දක්වන සැළකිලි ගැනත් අධ්‍යනයන්හි නිරතවි සිටියි. එකසත් ජනපදය තම නව තාක්ෂණ සංවර්ධන කරගනිමින් එම දැනුම ඉන්දියාව සමගින් බෙදා හදා ගැනිමට අපෙක්ෂා කරන නමුදු ඉන්දියාව අනිත් අතට ව්‍යාපාර සමගින් තාක්ෂණ ක්ෂේත්‍රයේ වාසින් ගැන මෙන්ම සහයෝගිත්වයෙන් තාක්ෂණ දැනුම ඉහල නංවා ගැනිමට බළාපොරොත්තු වේ. ඉන්දියාවට බිලියනයක පමන පරිශිළිකයින් සංඛ්‍යාවක් පිරිනමමින් ගෝලිය මට්ටමින් මාර්ග දිසාවක් යොමු කරවිමටද හැකියාව සතුව ඇත.  “Make in India” ව්‍යාපාරය යටතේ 5-G තාක්ෂණ ඩිසයින්ස් සහ තාක්ෂන මෙන්ම මෘදුකාංග තත්වය ඉහල නංවා ගැනිමට ඉන්දියාව තවදුරටත් බලාපොරොත්තු වේ. මෙවැනි පසුබිමකින් දෙරටේ ආණ්ඩු දෙක අතර පවත්වාගෙන යන සමිප සම්බන්ධතාවය ඔබ්බෙන් ගොස් ඉන්දියාව සහ එකසත් ජනපදය යන රටවල් දෙකට ව්‍යාපාර සහ කාර්මික ක්ෂේත්‍රයේහි සහයෝගයෙන් කටයුතු කිරිමට තවදුරටත් අවහ්ථාව ගෙනදෙයි.
දෙරටම සැළකිල්ල දැක්වු අනිත් වැදගත් අංශය ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගිතා වේ. ඔසාකා හමුව මධ්‍යයේ එම විෂය සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්ජා කිරිම සිදුවි නොතිබුනද ඉන්දු - එක්ස්ත ජනපද ආරක්ෂ සහයෝගිතාවය දැන් සෑහෙන දුරට ශක්තිමත්වි ගොස් ඇත. ඉන්දු - පැසිෆික් කලාපිය ආරක්ෂක සහයෝගිතා ක්ෂේත්‍රයේ දෙපාර්ශ්වයේ ගනුදෙනු නොකඩවාම ඉහළ නැංවි ගොස් ඇත. ඉන්දිය අග්‍රාමාත්‍ය වරයා එක්සත් ජනපද ජනාධිපති වරයා සමගින් සහ ජපන් අග්‍රාමාත්‍ය වරයා සමගින් පැවැත්වු දෙවන JAI ත්‍රෛපාර්ශ්වික හමුවෙදිත් (Japan America India) එම ප්‍රශ්ණය සෑහෙන්න සැළකිල්ලට යොමු කෙරුනු සාකච්ජාව වි ඇත. එම ත්‍රෛපාර්ශ්වික හමුවෙන් කලාපයේ විශාල මට්ටමින් සංවර්ධනයක් ඇතිකර ගැනිමට සම්බන්ධතා සහ යටිතලපහසුකම් ක්ෂේත්‍රයෙත් සහයෝගයෙන් කටයුතු කිරිම ගැනවු මාර්ග දිසාව පෙන්වාදිම සිදුව ඇත. එම ඉලක්කය සපුරා ගැනිමට කලාලපයේහි සාමය සහ සුරක්ෂාව සහතික කරගැනිම රටවල් තුනේ පොදු ඉලක්කය වේ. ඉන්දිය සාගර ක්ෂේත්‍රයේ සාගරමය අංශයේ පවත්නා අන්න්‍යෝන්‍ය සහයෝගිතා තවදුරටත් ශක්තිමත් කරගැනිමට වාර්ෂිකව ශිඛර හමුවිම් පවත්වා ගැනිමටත් රටවල් තුන එකඟත්වයට පත්ව ඇත. කලාපයේහි වර්ධනවේගෙන එන චින බලපෑම් ගැන සළකා බලන විට මෙම හමුවිම් සෑම ක්ෂේත්‍රයකින්ම වැදගත් වේ.

පිටපත: ඇමරිකානු කටයුතු උපායමාර්ග විශ්ලේෂක, ආචාර්‍ය. ස්තූති බැනර්ජි ගෙන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ