පාකිස්තානය නැවත වරක් හෆිජ් සයිද්ව ඇප පිට මුදවා හරියි !


පිටපත: අයි ඩි එස් එ (IDSA) අධ්‍යයන අයාතනයේ, දකුණු ආසියා කටයුතු අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධිකාරක, ආචාර්‍ය. අශෝක් බෙහුරියා ගෙන්

පාකිස්තානයේ යම් යම් වාර්තා වලට අනුව ලහෝර් නගරයේ, එ ටි සි (ATC) හෙවත් ත්‍රස්තවාද මර්දන උසාවිය (Pakistan anti-terrorism court) තහනමට ලක්කරවනු ලැබු ජෙ යු ඩි(JuD) හෙවත් ජම්මාත්-උද්-ඩාවා (Jamaat-ud-Da’awa) සංවිධානයේ ප්‍රධානියා වන හෆිජ් මුහම්මද් සයිද් ඇතුළුව ඔහුගේ ආධාරකරුවන් තිදෙනාව නැවත වරක් ඇපපිට මුදවා ගැනිමට අපෙක්ෂාවෙන් පසුවන බවය. එය ඒ තරම්ම අරුම පුදුම ආරංචියක්ද නොවේ ! JuD සංවිධානය තම අධ්‍යයන ආයතනය සඳහා නීතිවිරෝධි ලෙසින් ඉඩම් යොදවා ගැනිම සහ ත්‍රස්තවාදයට මුල්‍ය සහයෝගය ලබාදිම යන චෝදනා ගණනාවක් ඔහුට එරහිව එල්ලව ඇත.

හාස්‍යජනක දැය, මෙවැනි පසුබිමක වුවද සයිද් ඒ සමගින්ම ඔහුගේ සහහෝදර හෆිජ් මසූද්, අමිර් හම්ජා සහ මලික් ජෆර් යන ලස්කර්-එ-ටයෙබා (Lashkar-e-Taiba), (LeT), සංවිධානයේ සම නිර්මාතෘන් දෙදෙනා සමගින් මුළු චුදිතයින් සතර දෙනාව පාකිස්තාන් මුදලින් PKR 50,000 ක් පමණ වටිනා දඩ මුදලක යටතේ ඇපපිට මුදවා හැර දෙමිම වේ.

හම්ජා සහ ජෆර් (Hamza සහ Zafar) යන දෙදෙනාම JuD සංවිධානය සඳහා සම්මාදම් රැස් කිරිමේ කාර්‍යන්ට වගකිවයුතුව ඇත. ස්ථීර නොකල වාර්තාවකට අනුව හම්ජා 2018 වසර මාර්තු මස LeT සංවිධානයෙන් ඉවත් වි ජයිස්-එ-මන්කාෆා (Jaish-e-Manqafa) යන නමින් අළුත් ත්‍රස්තවාද සංවිධානයක් ගොඩනගාගෙන තිබුනු බවය.

පාතිස්තානයේ ත්‍රස්තවාද මර්දන දෙපාර්තමේන්තුව (Counter Terrorism Department), (CTD) ජූලි මස පළමුවන සතියේදි, එරටේ ජාතික ක්‍රියාකාරි සැළසුම (National Action Plan), (NAP) යටතේ ජාතික සුරක්ෂා කටයුතු කමිටුවේ (National Security Committee), (NSC) නිර්දේශය පිට 2019 වසර පෙබරවාරි මස ලහෝර්, ගුජ්ජරන්වාලා, මුල්තාන්,ෆයිසලාබාද් සහ සර්ගොඩා යන CTD පොලිස් මධ්‍යස්ථාන රැසේ JuD සංවිධානයට අයත් නායකයින්ට එරහිව FIRs චෝදනා 23 ක් එල්ලකොට තිබුනු බවත් දක්නට ලැබුනි. FIRs චෝදනා එල්ලකොට තිබුනු චූදිතයින් අතරට JuD සංවිධානයේ ඉහල තනතුරු හොබවන බලධාරින් 13 කුත් ඇතුලත්ව ඇත. සයිද්ගේ බෑනාවු අබ්ඩුල් රෙහමාන් මක්කි සහ JuD සංවිධානයේ අනිත් ජ්‍යෙෂ්ඨ නායකයෙක් වු මොහම්මද් ශාහ්භාස් යන දෙදෙනාවත් එම චෝදනා යටතේ අත් අඩංගුවට රැගෙන ඇත.

පාකිස්තාන් මාධ්‍ය වල වාර්තාකොට තිබුනු විධියට අනුව, JuD සංවිධානය ගැන සිදුකරන ලද පුළුල්වු පරික්ෂණයකින් අනතුරුව NSC කමිටුව JuD සංවිධානය සහ ඊට අනුබද්ධ Falah-i-Insaniyat (FiF) පුඤ්ඤායතනයත් තහනමට ලක් කොට දි ඇත. පාතිස්තානයේ ත්‍රස්තවාද මර්දන දෙපාර්තමේන්තුව (CTD), අනුව JuD සංවිධානය FiF ඇතුළු Al-Anfaal Trust, Dawat-ul-Irshad Trust සහ Muaz Bin Jabal Trust යන පුඤ්ඤායතන යටතේ විශාළ අරමුදල් රැස්කර ගනිමින් ත්‍රස්තවාදින්ට අනුග්‍රහය දැක්විම සිදුකොට තිබුනු බවය. පාකිස්තාන් රජය දැනටමත් එම සංවිධාන තම පාලනය යටතේ රැගත් බව එම වාර්තා මගින් තවදුරටත් අනාවරණය කොට ඇත.

මෙවැනි පසුබිමක මධ්‍යයේ ලහොරයේ ATC අධිකරණය JuD සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයින් තිදෙනෙක් ඇප පිට මුදවා හැර ඇත. මෙයින්ම එරටේ අධිකරණය හෝ නිති ක්‍රියාත්මක කරන බලධාරින් හෝ ත්‍රස්තවාද මර්දන කාර්‍යන්හි ඔවුන් දක්වන නොසැලකිල්ල වැඩිදුරටත් විදහා දැක්විම සිදුව ඇත.

ලහොරයේ අධිකරණය මෙයට කලිනුත්, 2017 වසර නොවැම්බර් මස හෆිජ් සයිද්ව මාස 10 ක් නිවාස අඩස්සියේහි රඳවා තබමින් අනතුරුව මුදවා හර දමා ඇත. ත්‍රස්තවාද මර්දන කාර්‍යන්ට පාකිස්තානය දක්වන දැඩි නොසැළකිල්ල එයිනුත් විදුහා දැක්වේ. පාකිස්තානය ජාත්‍යන්තර සමාජය මුලාවට ලක්කොටදිමට ඔවුන් ඉදිරිපිට යම් යම් ව්‍යාජ පියවරවල් රැගෙන ගියද තම භූමි වල ක්‍රියාත්මක වේගෙන යන ත්‍රස්වාද කණ්ඩායම් වලට එරහිව සැබෑව ශක්තිමත් යමක් ක්‍රියාත්මක කරගෙන යන බවක් දක්නට නොලැබේ.

ඒ අතරම පාකිස්තානය ත්‍රස්තවාදයට එරහිව යම් යම් දේ කලද ඒවා සියල්ලක්ම ජාත්‍යන්තර සමාජයේ බලපෑම් යටතේ වේ. එක්සත් ජනපද, ඔර්ලන්ඩෝවේ පසුගිය මස පවත්වන ලද මුල්‍ය කටයතු ක්‍රියාකාරි කාර්‍යසාදක බලකායේ (Financial Action Task Force), (FATF) විමර්ෂණ සැසියේදි තම 'අළු පැහැ ලයිස්තුවේහි' (grey-listed) ඇතුලත් පාකිස්තානය දැසට සැහෙන්න සැළකිල්ල යොමුකරවමින් එරටට දි තිබුනු නිර්දේශ සහ කොන්දේශි මෙන්ම ක්‍රියාකාරි සැළසුම් අංගසම්පුර්ණ විධියෙන් නිසියාකාරව ක්‍රියාත්මක නොකළහොත් ඊට එරහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව යන්නැන් අනුතුරු හඟවා ඇත. එම ක්‍රියාකාරි සැළසුම අංගසම්පුර්ණ කරගැනිමට පාකිස්තානයට ලබාදි තිබුනු නියමිත කාල සිමාව 2019 වසර නොවැම්බර් මස වුවද එය දැන් මෙයි මස දක්වා පසුවට කල් දමා ඇත.

FATF සංවිධානය පාකිස්තානයේ එම ක්‍රියාකාරි සැළසුම 2019 වසර ඔක්ටෝබර් මස වන විට අංගසම්පුර්ණ කරගන්නා ලෙසින් තවදුරටත් ඉල්ලා ඇත. එම කාර්‍යය සඵළ නොවුවහොත් ඊට බරපතල විපාක සමගින් දැඩි පිලිවෙත් අනුගමනය කිරිමකට පවා පසුබට නොවන බව යැයි අවධාරණය කොට ඇත. පාකිස්තානයට සමහරවිට එම සංවිධානයේ 'කළු පැහැ ලයිස්තුවට' (black-listing) ඇතුලත් කරවිම පවා බැහැර කල නොහැකිය.

මේ නිසාම පාකිස්තානය දැන් ත්‍රස්තවාදයට මෙන්ම ත්‍රස්තවාදින්ට එරහිව නිසි ක්‍රියාමාර්ග ගැනිම සහ අධිකරණයත් තම රාජකාරිය නිසියාකරව කරමින් නිවසේ කටයුතු නිසියාකාරව හැඩගසා යුතුව ඇත. පාකිස්තානයේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරියෝත් තම යුතුකම් සහ වගකිම් ඉටුකිරිම අතශයෙන් වැදගත් වේ.

දැනුනුත් සයිද් ඇතුළුව ඔවුන්ට එරහිව එල්ලකොට තිබෙන චෝදනා ඉතාමත් සැහැල්ලවෙන් නොසැලකිල්ලෙන් සිදුකොට තිබෙන බව දක්නට ලැබේ. පාකිස්තානයේ පරික්ෂණ බලධාරියොත් චූදිතයින් ගැන නිවරදි විධියෙන් ලියකියවිලි ගොනුකොට නොතිබිමත් එක් වැදගත් කාරණයක් ලෙසට දක්නට ලැබේ. සයිද්ගේ සගියින්ව 2002 වසර සිට තහනමට ලක්කොටදි තිබුනු LeT සංවිධානයේ සාමාජිකයින් ලෙසින් සඳහන් කොට තිබිමෙන්ම එම බලධාරින්ගේ නොසැළකිල්ල තවදුරටත් සනාථ කරළයි.

FATF සංවිධානයේ බලපැම් හැරුනු විට මෙම සතියේ අග සිදුවිමට යන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ එක්සත් ජනපද චාරිකාව යන හේතුන් යටතේ අධිකරණය රැගත් එම තිරණය අතිශයෙන් කාලෝචිතය. ජාත්‍යන්තර සමාජයේ සහ එක්සත් ජනපදයේ සැළකිලි වලට පාකිස්තානය අවධානය ලක්කොටදිමක් එයින් විදහා දැක්වේ.

පාකිස්තානය සහ එරටේ හෙවන රැගෙන සිටින ත්‍රස්තවාද කණ්ඩායම් අතර පවතින සමීප සම්බන්ධතාවය අතිශයෙන් ශක්තිමත් මෙන්ම එය බිඬ දෙමිමට දුෂ්කර එකකි. මේ නිසාම හෆිජ් සයිද් වැනි එවැනි ත්‍රස්තවාද කණ්ඩායම් සමගින් සම්බන්ධකම් පවත්වාගෙන යන පුද්ගලයින්ට එරහිව දැඩි ක්‍රයාමාර්ග ගැනිම ගෝලිය ත්‍රස්තවාදයට එරහිව ගෙනයන සටනේ එක් වැදගත් කොටසක්ද වේ.

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ