පාර්ලිමේන්තු සතිය


ඉන්දියාව නව තලයකට ප්‍රවේශ කරවා ගැනිමට රජය ප්‍රයත්න දරාගෙන යන බව පෙන්වාදෙන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, 'එක රටක් - එක මහ මැතිවරණයක්' (One Nation - One Election) පවත්වා ගැනිමේ කාර්‍යය සම්බන්ධයෙනුත් විපක්ෂයෙන් සහයෝගය දිනාගැනිමට ප්‍රයත්න දරාගෙන යන බව ප්‍රකාශ කොට ඇත. පාර්ලිමේන්තු සභාග දෙක ඒකාබද්ධ කරගනිමින් ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහාතා පිරිනැමු දේශනයට ස්තූතිය පුදකිරිමට ලෝක්සභාවේහි පවත්වන ලද විවාදයේහි තම ප්‍රතිචාරය දක්වමින් ඔහු එම ප්‍රකාශය සිදු කොට ඇත. පාර්ලිමේන්තුව කිසිදු බාදාවකින් තොරව ඉදිරියට ගෙනයාමට සහයෝගය දක්වන ලෙසින් එතුමන් විපක්ෂයෙන් තවදුරටත් ඉල්ලා සිටියේය. ප්‍රගතිය සහ සමෘද්ධිය සහතිකර ගැනිමට ඉන්දියාව කිසිදු වාසියක්වත් අත්හැර දොදෙමිය යුතු බව මෝදි මහතා තවදුරටත් පෙන්වාදි ඇත. රජය සහ විපක්ෂය සාමුහිකව රටට මැදිවිමට සිදුවන අභියෝගවල් වලට මුහුණ දියයුතු බව එතුමන් තවදුරටත් බළාපොරොත්තු පළකොට ඇත. ශක්තිමත්, සුරක්ෂිත සහ සෑම දැයක්ම අන්තර්ගතවු ඉන්දියාවක් ගොඩනගා ගැනිමේ ඉල්ලිමකුත් ඔහු ඉදිරිපත් කොට ඇත. දූෂණය සහ වංචාව මෙන්ම රැකියා විරහිතබාවයට සහ ගොවියන්ගේ ප්‍රශ්ණ ගැනිත් සැළකිල්ල දැක්වු ඔහු දුෂණයට රටේ කිසිදු තැනක් නොතිබෙන බව ප්‍රකාශ කරමින් රජය නොකඩවාම දූෂණයට එරහිව සටන් කරගෙන යන බව යැයි තවදුරටත් ප්‍රකාශ කොට ඇත. වර්තමාන ජල හිඟයටත් දැඩි ලෙසින් සැළකිල්ල දැකුවු අග්‍රාමාත්‍ය මෝදි සෑම නිවහනතටම බිමට ගන්නි ජලය සපයා දිම තම රජයේ තවත් මන්ත්‍රයක් බව අවධාරණය කොට ඇත.

පාර්ලිමේන්තු රාජ්‍ය සභාවේහි පැවැත්වු විවාදයේදි මතුවුනු ප්‍රශ්ණ වලට තම ප්‍රතිචාරය දක්වමින් මැතිවරණ පද්ධතියේහි ප්‍රතිසංස්කරණයක් ඇතිකර ගැනිමේ අවශ්‍යතාවයට සැළකිල්ල දැක්වු මෝදි මහතා, 'නව ඉන්දියාවක්' (New India) ගොඩ නැගිමේ සංකල්පයට ඕනෑකමින් සැළකිල්ල දක්වන ලෙසින් පාර්ලිමේන්තු සභිකයින්ගෙන් තවදුරටත් ඉල්ලා සිටියේය. රටවැසියන්ගේ ජිවන තත්වය තවදුරටත් ඉහල නංවමින් පහසුවෙන් ජිවත්විමට අවශ්ථාව ලබාදිමට රජය කැපවි කටයුතු කරගෙන යන බව තවදුරටත් පෙන්වා දෙන එතුමන් නව ඉන්දියාවක් ගොනගා ගැනිමේ එම ඉලක්කය සාර්ථක කරගැනිමට සාමුහිකව කටයුතු නරමු යැයි තයවදුරටත් පෙන්වාදි ඇත. අමෙරිකානු ඩොලර් ත්‍රියලනයක අගයකින් යුත් ආර්ථිකය ගොඩනගා ගැනිමට සැම දෙනාගේ සහයෝගය අතිශයෙන් අත්‍යවශ්‍ය යැයි ඔහු තවදුරටත් පෙන්වාදි ඇත.

නව ඉන්දියාවක් සහ රටේ එකම මැතිවරණ පද්ධතියක් ගොඩ නැගීමේ බි.ජෙ.පි. පක්ෂයේ සංකල්පයට විරෝධතා දැක්වු විපක්ෂ කොංග්‍රස් පක්ෂයටද මෝදි මහතා දැඩි ප්‍රතිචාරයක් එල්ල කර ඇත. පැරුණි ඉන්දියාව වඩාත් හොඳ යැයි ප්‍රකාශ කල කොංග්‍රස් පක්ෂයේ නායකයෙක් වන ගුලාම් නබි අජාදි මහතාගේ ප්‍රකාශයට දැඩි ලෙසින් වාග් ප්‍රහාරයක් එල්ල කරමින් අග්‍රාමාත්‍ය වරයා, කොංග්‍රස් පක්ෂයට අවශ්‍යව ඇත්තේ පැරැණි යල් පැනගිය ඉන්දියාවකට බව යැයි පෙන්වාදි ඇත. කොංග්‍රස් පක්ෂය මුළු රටම තමන්ගේ අභිමතාර්ථ සපුරා ගැනිමේ පෞද්ගලික නව්කාවක ලෙසට යොදවාගෙන ගිය බව ඔහු තවදුරටත් පෙන්වාදි ඇත.කොංග්‍රස් පක්ෂය මැතිවරණ කාර්යණ්හි යොදවාගෙන යන ඡන්ද ප්‍රකාශ කිරිමේ යන්ත්‍රයට පවා සැක කරනා බව ඔහු තවදුරටත් පෙන්වාදි ඇත.

ලොක් සභාවට 2019 විශේෂ ආර්ථික කලාප සංශෝධන පනත (Special Economic Zone Amendment Bill, 2019) සම්මත කරගැනිමට හැකි විය. මෙයින් ආයෝජිකයින්ට විශේෂ ආර්ථික කලාප ගැන විශවාසයක් ඇති කරගැනිමට හැකිවිය. අනතුරුව ආධාර සහ අනිකුත් නීති (සංශෝධන) පනත, 2019 (Aadhaar and Other Laws (Amendment) Bill, 2019) නිති කටයුතු අමාත්‍ය රවි සිංකර් ප්‍රසාද් මහතා අතින් පාරග්මේන්තු සභිකයින් අතරට හඳුන්වා දිම සිදුවිය. එම නව පනතින් ආධාර හැඳුනුම් අංකයට අදාළ නිති රිති උල්ලංගණය කරන පිරිසට දැඩි මුදල් ගෙවිමට පවා සිදුවනු ඇත. වයස අවුරුදු 18 වියට පා ගැබු යෞවනයින්ට ස්වේච්ජාවෙන් එම එම බයෝමැට්‍රික් හැඳුනුම් වැඩසටහනින් (biometric Identification programme) ඉවත්විමටත් එම නිතියෙන් වරම පිරිනමා ඇත. බයෝමැට්‍රික් හැඳුනුම් අවශ්‍ය නම් එය ලබාගත හැකි වන අතරට විකල්පයක ලෙසින් තෝරාගත හැකිය. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජි. කිෂන්බ රෙඩ්ඩි මහතා අතින් ජම්මු සහ කාශ්මිර ආරක්ෂණ (සංශෝධන) පනත 2019 ඉදිරිපත් කෙරුනි. මෙයින් ජම්මු සහ කාශ්මිර අරක්ෂණ පනත, 2004 තවදුරටත් සංශෝධන කිරිමට මාර්ගය පෑදි ඇත. මෙයින් ජාත්‍යන්තර දේශසිමාව සිට කි.මි. 10 ඈතින් ජිවත් වන පිරිසටද අධ්‍යාපන සහ රැකියා ක්ෂේත්‍රයෙන් ආරක්ෂණ පිරි නැමිම සිදු කෙරේ.

ලොක් සභාවේහි ලිඛිත ප්‍රකාශයකින් කරුනු දැක්වු විදේශ කටයුතු පිලිබඳව රාජ්‍ය අමාත්‍ය වි. මුරලිදරන්, අන්තර් දේශසිමා ත්‍රස්තවාදය ගැන ද්විපාර්ශ්වික, කලාපිය සහ ජාත්‍යන්තර වේදිකා වලත් ජාතයන්තර සමාජයට නිරන්තරව සැළකිල්ල දක්වමින් ත්‍රස්තවාද මර්දනය සහයෝගයකින් කිරිමේ අවශ්‍යතාවය හුවා දැක්වු බව යැයි පෙන්වාදි ඇත. ඉන්දිය දැඩි සැළකිල්ල තුලින් පාකිස්තානයෙන් මතුවන ත්‍රස්තවාදය ගැන ජාත්‍යන්තර සමාජය අතරද දැන් සෑහෙන්න අවධානය ගොදුරුවිගෙන යන බව එහු තවදුරටත් පෙන්වාදි ඇත. තම භූමි ප්‍රදේශ කිසිදු වර්ගයේ ත්‍රස්තවාද කාර්‍යකට වුවද යොදවා නොගන්නා ලෙසින් ජාත්‍යන්තර සමාජය දැන් පාකිස්තානයට බල කර සිටින බව ඔහු තවදුරටත් පෙන්වාදි ඇත. එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයත් පුල්වාමා (Pulwama) ත්‍රස්තවාද ප්‍රහාරයත් සමගින්ම ඊට දැඩි හෙලා දැක්විම සිදුකල බව ඔහු තවදුරටත් පෙන්වාදි ඇත.

පාර්ල්මේන්තු රාජ්‍ය සභාවේහි රටට මැදිවිමට සිදුවි තිබෙන ජල ප්‍රශ්ණයට අතිශය සැළකිල්ල දැක්විම සිදුව ඇත. ඊට අදාළ විවාදයේහි තම ප්‍රතිචාරය දැක්වු 'ජල් ශක්ති' කටයුතු අමාත්‍ය (Jal Shakti Minister), ගජේන්ද්‍ර සිං සේඛවත් මහතා, විශේෂයෙන්ම බිම් යට ජල සංරක්ෂණ කාර්‍යට රජට අතිශය සැළකිල්ල දක්වාගෙන යන බව යැයි පෙන්වාදි ඇත.

පිටපත: ජනමාධ්‍යවේදි, වි.මොහන් රාඕ ගෙන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ