රජය ආර්ථික වර්ධන වේගය ගැන අවධානය යොමුකරයි
මෑතදි පවත්වන ලද ලෝක්සභා මහ මැතිවරණයෙන් අද්විතිය ජයග්‍රහණයක් දිනාගෙන දෙවන වරටත් කේන්ද්‍රයේහි බලයට හොබවි සිටින වර්තමාන එන්.ඩි.ඒ. (NDA) හෙවත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදි සන්ධාන රජය වැඩි වැඩියෙන් රැකියා නිර්මාණ කරගැනිම සහ මහජනතාවගේ ජිවන තත්වය ඉහල නංවා ගැනිම යන ඉලක්ක දෙකට සැළකිල්ල දක්වාගෙන ඉන්දිය ආර්ථික වර්ධන වේගය තවදුරටත් ඉහල නංවා ගැනිමට දැඩි ප්‍රයත්නයන්හි නිරතවි සිටියි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාත්, මන්දගාමිත්යට මැදිවි තිබෙන දේශිය ආර්ථිකය නැවත නගා සිටුවිමට තම රජය ප්‍රතිසංස්කරණ පියවරවල් ගණනාවක් ක්‍රියාත්මක කිරිමට යන බව ජාතියට පැහැදිළි කොට ඇත. මෑතදි පවත්වන ලද NITIAayog මණ්ඩලය හෙවත් ඉන්දිය ආර්ථිකවේදින්ගේ සහ විශේෂඥයන්ගේ කවය අමතමින් මෝදි මහතා, එෆ්.ඩි.අයි. (FDI) හෙවත් සෘජු විදේශ ආයෝජන (Foreign Direct Investment) ආකර්ශණ කරගැනිමට ඉන්දිය ආර්ථිකය තරඟකාරිත්වයකට පත්කර ගැනිමේ අවශ්‍යතාවයට දැඩි ලෙසින් අවධානයට ලක්කොටදිම සිදු කොට ඇත.
ලබන මස 5 දා ඉදිරිපත් කිරිමට යන නව රජයේ ප්‍රථම මහ අයවැයට කලින් පවත්වන ලද එම ආර්ථිකවේදින්ගේ සහ විශේෂඥයින්ගේ හමුවේදි කම්කරු සහ රැකියා, කෘෂි ක්ෂේත්‍රය, සෞඛ්‍යය සහ අධ්‍යාපනය යන අංශ ගණනාවකට සැළකිල්ල දක්වමින් මතිමතාන්තර ඉදිරිපත් කොට තිබුනු බව රජය ප්‍රකාශ කොට ඇත.
යෝජනාව සම්බන්ධව අවශාන නිගමනයකට බැස ගැනිම සහ ජල සම්පත්, අපනයනය, අධ්‍යාපනය සහ සෞඛ්‍යට යන ක්ෂේත්‍රයන්ට අදාල යෝජනා සහ මුලපිරුම් ක්‍රියාත්මක කරගැනිම ගැන අදහස් දැක්විමට හමුවට සහභාගිවුනු පිරිස කොටස් දෙකකට බැදි අදහස් දැක්විම සිදුකොට ඇත. එම සාකච්ජා යටතේ ඉහල ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යාම සහ රැකියා නිර්මාණයට අදාළ අර්ථවත් මාර්ග සිතියමක් ගොඩ නගා ගැනිම ගැන සැළකිල්ල දැක්විම සිදුකොට ඇත.
මොදි රජයේ ප්‍රථම පාලන කාලය අතරතුරු ඉන්දිය ආර්ථික වර්ධනය වේගවත් කරගැනිමේ කාර්‍යට ප්‍රමුඛත්වය ලබාදිම සිදුකොට ඇත. ඊට අදාළ ප්‍රතිසංස්කරණ පියවරවල් ගණනාවක් දියත් කොට ඇත. එම පියවරවල් යටතේ සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනිමට ඉන්දියාවට හැකි වුවාය. ඉන්දිය ආර්ථිකයත් දැන් ලෝකයේ වේගයෙන් වර්ධන වේගෙන යන ආර්ථිකයක් බවට පත්වි ඇත.
එන්.ඩි.ඒ. සන්ධාන රජය තම දෙවන නිල කාලය සඳහා වැඩ බාරගත් විගස ආර්ථික වර්ධන වේගය ඉහල නංවා ගැනිම සහ නව රැකියා නිර්මාණ යන විෂයන්ට ප්‍රමුඛත්ව දිම සිදුකොට ඇත. පසුබිම දැන් සෑහෙන්න ධනාත්මක බවකත් දක්නට ලැබෙන අතරට විදේශ ආයෝජන අංශයේත් දැන් විශාල වර්ධනයක් පෙන්නුම් කොට ඇත. යටිතලපහසුකම් ක්ෂේත්‍රයට වැඩියෙන්ම සැළකිල්ල දැක්විමකින් රජයට තම ඉලක්ක සපුරා ගැනිමට හැකිවි ඇත. යෝජති මහ අයවැයෙන් තවත් වැදගත් පියවරවල් ගනු ඇතුයි බොහෝ දෙනාගේ අපේක්ෂාව වේ.
බැංකු සේවා ප්‍රගතියට ගැනත් රජය පියවරවල් ගණනාවක් රැගෙන බංකලොත්තු නිති සංග්‍රහයකුත් පිරිනමා ඇත. එයින් බැංකු සේවා ක්ෂේත්‍රයේහි ප්‍රගතින් ගණනාවක් දිනා ගැනිමට හැකිවිය. එම ප්‍රගතින් ඉදිරියට ගෙනයාමට නව මුදල් අමාත්‍ය වරියගේ යම් යම් පිලිවෙත් ගැන මුළු ජාතියම දැන් අපෙක්ෂාවෙන් පසුවේ.
ඉන්දියාව තම ආර්ථික වර්ධන වේගය 7 % ක් ප්‍රතිසතයක යටතේ රඳවාගෙන යාමට සැළසුම් කරගෙන යන අතරට තවත් පැතතකින් ලෝකයේ වේගයෙන් වර්ධනවේගෙන යන ආර්ථිකයක තත්වය ඒ විධියෙන් රඳවාගෙන යාමටත් අපෙක්ෂා කරයි. කෙසේ නමුදු ආර්ථික වර්ධන මන්දගාමිත්වය ආර්ථික වර්ධනයට දැනුනුත් විශාළ අභියෝගය ලෙසට මුහුණ දිමට සිදුව ඇත.
රජය මෙම පසුබිම මධ්‍යයේ දෙවන අදියරයේ ආර්ථික ප්‍රතිසංස්කරණ කාර්‍යය දියත් කරගෙන යායුතු යැයි යෝජනා කොට ඇත. මහජන සංස්ථා (PSU) නිර්යායෝජනය, GST හෙවත් භාණ්ඩ සහ සේවා අයබදුකරණය තවදුරටත් සරල කරගැනිම, කාර්මික අංහයට අඛණ්ඩ අරමුදල් ලැබෙන්නට සැළස්විම්, ආනයන තීරුබදු පහත දෙමිම් සහ එක්සත් ජනපද - චින වෙළඳ යුද්ධය අතරතුර පසුබිමන් වාසින් දිනා ගැනිම සහ අපනයනය ඉහල නැංවිම් වැනි කරුණු ගණනාවක් එම දෙවන අදියරයේ ප්‍රතිසංස්කරණ පියවරවල් යටතේ සැළකිල්ල දැක්විමට සැළසුම් කරයි.
ඉන්දිය රජය තම ආර්ථික වර්ධන වේගය ඉහල නංවා ගැනිමට නොනැවති ප්‍රයත්න දරාගෙන යන මධ්‍යයේ ඉන්දිය ආර්ථිකයට ගෝලිය ආර්ථිකයේහි පස්වන ස්ථානයේහි රැඳි අතිඹය ශක්තිමත් ආර්ථිකයක් ලෙසින් ඉදිරියට පියිවර තබාගෙන යාමට මාර්ගය පෑදි ඇත. අළුතින් ආර්ථික ප්‍රතිසංස්කරණ පියවරවල් ගණනාවක් පිරිනැමිමට ඉදිරිපත්වි සිටියි. ඉන්දියාව පෞද්ගලික අංහයටත් ද්වාරය විවෘත කරමින් 1991 වසර සිට ආර්ථික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයට මුලපුරා ඇත.
ඉන්දියාව තම මීළඟ ආර්ථික ප්‍රතිසංස්කරණ අදියරය යටතේ ඉඩම්,ක්ම්කරු සහ මුල්‍ය වෙළඳ පොළ වැනි විෂයන්ට අවධානය යොමුකර දිමට යයි. එම ක්ෂේත්‍රයන්හි ප්‍රතිසංස්කරණ සිදුකිරිමකින් තොරව ඉන්දිය කාර්මික අංශ වලට හෝ සේවා අංශ වලටද ගෝලිය මට්ටමින් ඉදිරියට පියවර තබාගෙන යා නොහැකි බව ආර්ථිකවේදින්ගේ සහ විශේෂඥන්ගේත් මතය වෙති.
ඉඩම් ක්ෂේතයේ වෙළඳ පොළට අදාල ප්‍රශ්ණ නිරාකරණය කරගන්නා තෙක් ඉන්දිය නිෂ්පාදන අංහයට කිසිසේත්ම ගෝලිය මට්ටමින් තරඟකාරිත්වයට මුහුණදිය නොහැකි බව බොහො දෙනාගේ විශ්වාසය වේ. කම්කරු වෙළඳ පොළෙත් තරමක නම්‍යතාවයක් තිබිය යුතු බව පෙන්වා දෙන ඔවුන් එයින් නිෂ්පාදනය ඉහල නංවාගෙන කම්කරු ප්‍රශ්ණ ගණනාවක් විසඳා ගත හැකි බව පෙන්වාදි ඇත. කෘෂි ක්ෂේත්‍රයේත් වෙළඳපොළ කේන්ද්‍රිය ප්‍රතිපත්ති හඳුන්වාදිමට යෝජනා කොට ඇත.
ආර්ථික ප්‍රතිසංස්කරණ පියවරවල් මගින් ආර්ථිත තත්වය ශක්තිමත් කරගෙන වර්ධනය තවදුරටත් ඉහල නංවා ගැනිමට මෙන්ම නව රැකියා නිර්මාන කර්‍යයටද නිතැතින් වැදගත් කාර්‍යභාරයක් ඉටු කෙරේ.
Comments
Post a Comment