පාර්ලිමේන්තු සතිය

ජනාධිපති රාම්නාත් කෝවින්ද්, මහජනතාවගේ අපේක්ෂාවල් කේන්ද්‍රියවුනු ශක්තිමත් ඒ වගේම සුරක්ෂිත සහ සමෘද්ධිමත් සමගින් සෑම දැයක්ම අන්තර්ගත ඉන්දියාවක් ගොඩනැගිමට භාරතිය ජනතා පාර්ටි පක්ෂය (Bharatiya Janata Party) ප්‍රධානත්වයෙන් යුත් එන්.ඩි.ඒ. (NDA) හෙවත් ජාතික ප්‍රජතන්ත්‍රවාදි සන්ධාන (National Democratic Alliance) රජය ඉදිරියට පියවර නගාගෙන යන බව යැයි ප්‍රකාශ කොට ඇත. “සබ්කා සාත්, සබ්කා විකාශ් සහ සබ්කා විශ්වාශ්” (Sabka Saath, Sabka Vikas and Sabka Vishwas) හෙවත් “සැමදෙනාව එක්කරගෙන සැම දෙනාටම සංවර්ධනය ලබා දෙමින් සහ සැම දෙනාගේම විශ්වාශය දිනාගෙන” යන උද්යෝග පාථයේ ජීවය පදනම් කරගෙන එම ගමනට පියවර තබාගෙන යන බව කෝවින්ද් මහතා තවදුරටත් සඳහන් කොට ඇත. පාර්ලිමේන්තු කේන්ද්‍රිය ශාලාවේහි ලොක් සභාව සහ රාජ්‍ය සභාව යන පාර්ලිමේන්තු සභාග දෙක ඒකාබද්ධ කරගනිමින් පිරනැමු තම දෙසුමින් ජනාධිපති වරයා, වැඩ භාරගත් ප්‍රථම දිනය සිට රජය අයථා පාලනය ඉවත් කොට දමමින් මහජනතාවගේ දුෂ්කරතා මගහරවා දෙමමිම, ලබාදිය හැකි සෑම පහසුකමක්ම ලබාදිම වැනි කාර්‍යන්හි කැපවි කටයුතු කරගෙන යන බව යැයි තවදුරටත් සඳහන් කොට ඇත. 

ඡන්දදායකයෝ ප්‍රථම පරිපාලන යුගයේ කටයුතු ගැන සෑහෙන්න සෑහිමට පත්වි වඩාත් ගැඹුරින් සළකා බලමින් මෙවර ලෝක් සභා මැතිවරණයේදි පාලක පක්ෂයව බහුතර බවකින් නැවත බලයේහි හොබවු බව ඉන්දිය ජනාධිපති වරයා තවදුරටත් පෙන්වාදි ඇත. පාර්ලිමේන්තු සභිකයින්ගෙන් විශාළ සංඛ්‍යාවක් ප්‍රථම වරට තේරිපත්වි සිටින පිරිසක් වු අතරට කාන්තාවන් විශාළ සංඛ්‍යාවක් ඊට ඇතුලත්වි සිටින බව එතුමන් පෙන්වාදි ඇත. රජය ග්‍රාමින ඉන්දියාව ශක්තිමත් කරගැනිමේ කාර්‍යට සැළකිල්ල දිගෙන යන බව කෝවින්ද් මහතා තවදුරටත් පෙන්වාදි ඇත. කාන්තාවන්ගේ තත්වය ඉහල නංවා ගැනිමේ කාර්‍යට රජය ප්‍රමුඛත්වය දිගෙන යන බව පැහැදිළි කල එතුමන් සාමාජිය සහ අර්ථික යන මේ සැම අංශයකටම ඔවුන්ගේ කාර්‍යශිළි සහභාගිත්වය ඉතාමත්ම වැදගත් කාර්‍යක් බව යැයි පෙන්වාදි ඇත. එයින් ජාතියේ ප්‍රගතිය විදහා දැක්වෙන බව එතුමන් ප්‍රකාශ කරයි. අග්‍රාමාත්‍ය වරයාගේ 'කිෂාන් සම්මාන් නිධි' (Prime Minister Kisan Samman Nidhi) මුලපිරුමින් රටේ සෑම ගොවියෙකුටම එයින් වාසි සළස්වාදිමට රජය ඉදිරිපත්වි සිටියි. 2022 වසරේදිම ගොවි ආදායම දෙගුණ කරදිමට රජය ඉලක්ක කරගෙන යයි. පසුගිය වසර පහ අතරතුරට ඊට අදාල පියවරවල් ගණනාවක් ක්‍රියාත්මක කරගෙන යයි. ඒ හැරුනු විට සෑම කඩකාරයෙකුටම සහ සිල්ලර වෙළෙන්දෙකුටම විශ්‍රාම දිමනාවක් ලබාදිමට රජය ගත් තීරණයටත් ජනාධිපති වරයා තම අතිශය පිලිගැනිම පුදකොට ඇත. 

ජනාධිපති වරයා, 'එක රටක් එක මැතිවරණයක්' (one nation-one election) යන යෝජනාවටද සැළකිල්ල දක්වන ලෙසින් පාර්ලිමේන්තු සභිකයින්ගෙන් ඉල්ලා සිටියේය. රටේ සෑම සහෝදරියෙකුටම සහ දියණියකුටම සම අයිතිවාසිකම් ලබාදීම සහතික කිරිමට 'ත්‍රිපල් තලාග්' (Triple Talaq) සහ 'නිකා හලාල්' (nikah-halala) වැනි මුස්ලිම් දක්කසාද චාරිත්‍ර රටින් ඉවත් කොට දෙමිය යුතු බව එතුමන් තවදුරටත් අවධාරණය කොට ඇත. පාර්ලිමේන්තු ලොක් සභාවේ සාමාජික සංඛ්‍යාවෙන් කලබල නොවක ලෙසින් විපක්ෂයව දිරිමත් කරන අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි සංවාද වල විෂයන් වඩාත් වැදගත් වන බව පෙන්වා දිමත් සමගින් මෙවර 17 වන ලොක් සභාවේ අයවැය සැසිය ආරඹ විය. දේශිය බහුතර ජනතාවගේ සුබසාදන වැඩසටහන් සමුබන්ධයෙන් කෙරෙන සාකච්ජා සහ විෂයන් සැසියේහි වැදගත්වන බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය වරයා දේශපාලන පක්ෂ භේදයකින් තොරව ඒවාට සහයෝගය දක්වන ලෙසින් විපක්ෂ බලවේගවල් වලින් තවදුරටත් ඉල්ලා සිටියේය. ප්‍රජතාන්ත්‍රිය දේශපාලන පද්ධතියේහි ක්‍රියාශිළි විපක්ෂයක් අතිශයෙන් අත්‍යවශ්‍ය බවත් ඔහු තවදුරටත් පෙන්වාදි ඇත. මෙවර 17 වන ලොක් සභාවේ ප්‍රථම සැසිය අමතමින් අග්‍රාමාත්‍ය මෝදි විපක්ෂයට ඒ අයුරින් දැනුවත් කිරිම සිදු කොට ඇත. 

විපක්ෂයේ සෑම වචනයක්ම වැදගත් වන බව මෝදි මහතා ප්‍රකාශ කොට ඇත. රට ස්වාධිනත්වය දිනාගත්තායින් අනතුරුව ප්‍රථම වරට පසුගිය මැතිවරණයට විශාළ ඡන්දදායකයින් පිරිසක්ගේ සහභාගිත්වයක් දක්නට ලැබුනු බව පෙන්වා දුන් මෝදි මහතා විශාළ කාන්තා ඡන්දායකයින් පිරිසක් ඊට ඇතුලත්වි තිබුනු යැයි තවදුරටත් පෙන්වාදි ඇත. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජිතයින්ගේ සංඛ්‍යාව සෑහෙන්න ඉහල නැවිගිය බව ඔහු තවදුරටත් පෙන්වාදි ඇත. අළුතින් තේරිපත්වුනු පාර්ලිමේන්තු සභිකයින්ටත් තම සුබපැතුම් පිරිනමමින් මෝදි මහතා, රටට සේවය කිරිම සඳහා නව අපෙක්ෂාවල් සමගින් එක්වි සිටිනා බව යැයි පෙන්වාදි ඇත. 

නව පාර්ලිමේන්තු සැසියේ මුල්බාගයේදි තාවකාලිකව තෝරාපත් කොටගත් ලෝක්සභා කථානායක ආචාර්‍ය. විරේන්ද්‍ර කුමාර් මහතා ඉදිරිපිට අළුතින් තේරිපත්වි සිටින පාර්ලිමේන්තු සභිකයින්ගේ දිවුරුම් දීමේ කාර්‍යය සිදුවිය. ප්‍රථමයෙන්ම දිවුරුම් දුන් පුද්ගලයා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වේ. බදාදා පවත්වන ලද සැසියේදි ප්‍රථමයෙන්ම 17 වන ලොක්සභාව සඳහා ස්ථීර කථානායක වර‍යෙක් තෝරාපත්කොට ගැනිම කාර්‍යය සිදුකෙරුනි. ඕම් බිර්ලා මහතා ඒකච්ජන්දයෙන් 17 වන ලොක් සභාවේ කථානයක වරයා ලෙසට තෝරා පත්කර ගැනිමට හැකිවිය. අග්‍රාමාත්‍ය මොදි කථානායක තනතුර සඳහා ඕම් මහතාගේ නම යෝජනා කල අතර අමිත් ෂාහ්, රාජ්නාත් සිං සහ නිටින් ගඩ්කාරි යන මධ්‍ය රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය වරුන් පිරිස එම යෝජනාව ස්ථිර කොට ඇත.

අග්‍රාමාත්‍ය මෝදි අනතුරුව ගුජරාට් සහ උත්තරාඛන්ද් යන ප්‍රාන්ත දෙකේ ලොක් සභාවේ නව කථානායක වරයා ලෙසට තෝරාපත්කොටගත් ඕම් බිර්ලා මහතා අතින් සිදුකෙරුනු අගනා සේවාවල් ගැන පාර්ලිමේන්තු සභිකයින්ට සහ මුළු ජාතියට දැනුවත් කිරිම සිදු කොට ඇත. අනතුරුව පක්ෂභේදයකින් තොරව පාර්ලිමේන්තු සභිකයෝ නව කථානායක වරයාට සුභපැතුම් පිරිනැමිම සිදුකොට ඇත. ඕම් බිර්ලා මහතාත්, නව ලොක්සභාව කිසිදු බාධකයකින් තොරව ඉදිරියට ගෙනයමේ තම අපෙක්ෂා ප්‍රකාශ කරමින් සභාව සාර්ථක ලෙසින් ඉදිරියට ගෙනයාමට පාර්ලිමේන්තු සභිකයින්ගේ සහයෝගය නිතැතින්ම අත්‍යවශ්‍ය බව අවධාරණය කොට ඇත. එදිනම අග්‍රාමාත්‍ය වරයා අතින් පාර්ලිමේන්තුවේහි අළුතින් තේරිපත්වි සිටින පාර්ලිමේන්තු සභිකයින් පිරිස හඳුන්වාදිමේ කාර්‍යයත් සිදුවිය. “භාරත් මාතා කි ජයි” සහ “ජයි හින්ද්” යන උද්යෝගි දේශානුරාගි හඬවල් සමගින් එම සැසිය නිමාවට පත්විය.



පිටපත: ජනමාධ්‍යවේදි වි. මෝහාන් රාඕ ගෙන්

Comments

Popular posts from this blog

වර්ධනය වේගවත් කිරිම සඳහා චන නච සෘජු චිදේශ ආයෝජන ප්‍රතිපත්තිය

පාකිස්තාන දෙගිඩි ප්‍රතිපත්තිය හෙලිදරව් වේ

ICC ලෝක කුසලානය 2019 ආරම්භ වේ